cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

STORY TELLER OFFICIAL🇱🇰

Publicaciones publicitarias
1 212
Suscriptores
Sin datos24 horas
-47 días
-1130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ජිවිතේ දින්නම.. උබ පවුලේ අයගෙන් යැපෙන එක නතර උන දවසක.. උඹ උබේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අම්මා තාත්තා , පවුලේ හැමෝටම උබ ගානේ වෙලක් හරි කන්න දුන්න දවසක් ගැන හීන දකින්න. උඹ ගැන ආඩම්බර වෙයි. උබ මොන වගේ තැනක හිටියත්.. උබ ගැන ආඩම්බරෙන් කතා කරන දවසක් ගැන හීන දැකපන්.. ටාගට් වලට යමන්.. එහෙම හිනත් ලස්සනයි. ගැලපෙන හීන තියනවා. පාට පාට හීන තියනවා එකක් තොරගෙන පාට කරන්න ගන්න. දැන්ම්ම ම.. බැරි නෑ අපිට..❤️😌🤟 **************************** ඉතින් කලින් එකවුන්ට් එක දැන් නෑ.. ඒකාලේ මම ෆේක් එකේ ගොඩක් අයව විශ්වස කරලා ජිවිතේ අනාගත්ත හැටි මේ උඩම ටික කියෙව්වම තෙරුන අය කීපදෙනෙක් ඇති.. ඇත්තටම මම ඒ කලේ හෙන මෝඩයි...😡 කොහොම උනත් වරදින තැනින් පාඩමක් ඉගෙන ගන්න.. ඒ ඇති.. ඒකත් පාඩමක් ඉගෙන ගෙන වැරදි තෙරුන් අරන් ඉන්නවා දැන්.. ඒකයි මේක කියන්න වගෙම මේ කතාවට මම මේ තරම් කැමති ඒකයි.... ජිවිතේ කියලා දුන්නා කතාවක් මේක... කොහොම උනත් මම ඒක දැන් නම අමතක කරපු කතාවක්. එකවුන්ට් එක නැති උනා.. ඔයාලා වෙනුවෙන් නෙවෙයි, මං වෙනුවෙන් ආයේ ආවා.. තනියම ලියනවා.. මම ෆේක් ආවේ තනිකම දරාගන්න බැරි නිසා.. මම අද ෆේක් ඉන්නෙත්.. ලියන්නෙත් තනිකම, කාන්සිය යන්න ඔනේ නිසා... පරන කතා වලට ගොඩක් ආදරෙයි ඔයාලා වගේම මාත්.. වෑකන්ද තමයි මාව ගොඩම් පාඨකයෝ අතරට ගෙනිච්චේ.. හිරුතිමිරෙන් තමා ලියන්න ආස උනේ ගොඩක්... ඒවට ආදරෙයි තාමත් ඒත් මටත් ටාගට් එකක් තියනවා.. ඉස්සර වගේ ටයිම් නැහැ ලියන්න... පුළුවන් පැයේ හරි ලියනවා ඉතින් මොනා මොනා හරි... වෑකන්ද වලව්ව 💙 හිරුතිමිර ❤️ දෙහදක පැතුම් 🤟 ඒ කතා තමයි මං ගාව නැත්තේ.. ඕනත් ඒ කතා බව දන්නවා. සමාවෙන්න ඇත්තටම ආපහු ඒවා ලියන්න වෙලා නැහැ.. ඒත් දලා යන්නෑ ඔහේලව.. ටිකක් වයසට ගිහින් හරි එනවා මේ පැත්තේ, uncle 's love story වගේ සීන් එකක් අරන්...හාද? 😁 ඔව් දැන් ඉතින් ටිකක් වයසයි..👻 ඉතින් කතාවෙන් ගන්න දෙයක් හොඳ දෙයක් තිබ්බ නම් ගන්න.. පරිස්සමින් ඉන්න ඉතින් හැමෝම.. ආදරෙයි හැමෝටම.. ✌️💙 මම - සකූ ✌️❤️
Mostrar todo...
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]

Cast | Hemal Ranasingha / Manoja Fernando Lyrics | Abhisheka Wimalaweera Melody | Tharindu Priyankara De Silva Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva Music | Lahiru De Costa Strings Arrangements | Lahiru De Costa Violin | Rukshan Gunawardhana Guitars | Buddhika Perera Flute | Sajeewa Rangana Gurusinghe Mixed & Mastered | Lahiru De Costa @LAV Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera මතක - on Spotify -

https://open.spotify.com/album/65rh6p0aiKiBlrtzFyNLre

මතක - on Deezer -

https://www.deezer.com/us/album/208379242

පද රචනය / Lyrics ඇය- මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුනෙ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා ඔහු - මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා ඔහු - පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා ඇය- තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා........................................ Director & Cinematography | Rangana S. Bandara (Ranga SB) Editor | Shanaka Nimesh Assistant Director | Eranda Jayawardane Art Director | Aruna Dias Colorist | Hasitha Jayasanka Makeup | Chalani Wijerathne Choreography | Shashika Jones/Buddhika Jayakody Production Manager | Eranda Dewanarayane Hair by | Asanka Weerasekara (Aweera) Graphic Designer | Thiruna Fernando Editing Studio | Niks Moving Images / Niks Studio Still Photography | Prauda Buwaneka Thumbnail | Thush @ Favorite Music Special Thanks | Up Town Kandy | Nishadi Bandara (SHALYA) | Cape Bridal Ridi ridee (රිදි රිදී)

https://youtu.be/Waplml8Q4Gs

Nissara | (නිස්සාර) :

https://youtu.be/ii-Wgr6Qt_c

Nethra (නේත්‍රා) :

https://youtu.be/-7bTUGp7uUY

Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R :

https://youtu.be/Pk_uyClLc-M

Narasiha Gatha(නරසීහ ගාථා) :

https://youtu.be/JkSTzNKudZw

Wahi Kawiya(වැහි කවිය) :

https://youtu.be/7yxI7okloq0

Sabandini(සබඳිනී ) :

https://youtu.be/iguJnMW7sGg

Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) :

https://youtu.be/aCbh3NCCqZA

#Mathaka #AbhishekaWimalaweera #SinhalaSongs #KarunaratnaDivulgane

12🔥 3👍 2
- ආදරණීය චරිත්, ඔයාට නම් පරක් තෙරෙක් නැතුව කියන්න දේවල් ඇති.. එහෙම නේද...? ..................................................................... ......................................................................................................................................... හැමෝගෙන්ම නම අහලා අහද්දි මොනාම හරි කිව්වා.. ඒත් චරිත් කියන නම කිව්වට කවුරුවත් කතා කලේ නෑ.. චරිත්ට කතා කරන්න පුලුවන් නම්..මට විශ්වසයි මේ වෙලාවේ චරිත් කියාවි මෙන්න මේ වචන ටික.. "තනිය හුරු මට මගේ ලෝකේ... තනිය තනි නොකරන්න තිබුනා... එදා ඔය ඇස් දිහා නොබලම... බිම බලාගෙන යන්න තිබුනා..." (අහලා බලන්න... අභිශේකා විමලවීර කියන මතක සින්දුව. එකාහන්න අභීගේ වොයිස් එක ඇස් පියාගෙන චරිත්ව හිතින් මවාගෙන.. ඇහෙනවනම් දෙයක් ඒ ඔයාලට ඇහෙන්න චරිත්ව.. Link එක...👇 https://youtu.be/NcISyEJgVq0 ) ඉතින්.. පසුවදනින් ඔයාල ලගට හැමෝම එක්ක ආව.. චරිත්ව එක්ක එන්න නම් බැරි උනා. සමාවෙන්න.. එහෙනම් මම නවතින්නම්. මට ආදරේ කරපු.. මාව විශ්වාස කරපු මගේ කතාවට ආදරේ කරපු.. කතව දිගටම කියවපු හැමෝටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී... නිවඩු කාලේ ඉඩක් ලැබුන නිසා ලිව්ව...ඒකට මට ලැබුන හොදම සම්මානේ ඔයලා.. මම ඒ සම්ම්මානේ සතුටින් බාර ගන්නව. යන්නම් ඉතින්... අවසාන වතාවට කතාව දැනුන විදිහ.. ඔයලට මොනාද ඒකෙන් ගන්න තිබුනා නම් මොනාද ඒ.. වගේම අඩු පාආඩු.. හොද නරක සියල්ලම මම බාර ගන්න ලෑස්තියි.. පුලුවන් නම් ඔයාට දැන්න දේ කියාගෙන යන්න.. එක තමා මම ලබන තෘප්තිය ❤️✌️ ************************************************ ඉතින් ඔන්න කියවපු නැති අය වෙනුවෙන් කලින් ලියපු කතාවක් ආයෙ ඔයාලට අරන් ආවා. දෙයක් කියන්න තියනවා.. ඇත්තටම මම ෆේක් එන්නේ ආදරයක් හොයාගන්න , යාලුවො හොයාගන්න නෙවෙයි. ඒත් මුලින්ම ආවේ ඒකට තමයි.. මම ෆේක් එන්න හේතුව ගොඩක් අය නොදන්නාවා ඇති. "උත්තරීතර" මගේ කතාව කිව්වොත් හරි.. කියවපු ඇති අය හොයන් කියවන්න.. ආදරයක් ලැබිලා ඒක නැති උනාම දැනෙන වෙදනාව දරාගන්න අමාරුයි. ඒ දුක නිවාගන්න ෆේක් ඇවිත් යාලුවො හෙව්ව, පස්සෙ ආදරෙත් කලා. නැත්තේ නෑ. තාමත් උන්ට ආදරෙයි. උන් මාව දලා ගියාට. ඒත් පොදුවේ ගත්තොත් ලංකාවේ gay කියන්නේ sex. (බහුතරය ගැන මම මේ කියන්නේ.) ඉතින් කාලයක් ඉදපු නිසා කියන්නේ.. අලුතින් එන අය මේක රියල් කර ගන්න හදන්න එපා. මේක ෆේක් විදිහටම තියාගන්න.. මේකේ යාලුවෝ තරහා කරගන්න එපා. ජිවිතේ බෙදාගන්න හදන්නෙපා අනන්‍යතාවයක් නැත්තම්. අපි වැරදි නොවුනත් අපි වැරදි කලා වෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ. ඉගන්න ගන්න පොඩි උන් මම කීපදවසක් දැක්කා මේකේ ඉන්නවා. මේ කතාත් කියවනවා.. පිං සිද්ද වෙයි මල්ලිලා. ඉගෙනගනිල්ලා.. මේකෙන් ලැබෙන ගොඩක් දෙවල් ජිවිතේ ඇත්තටම ඉතුරු වෙන්නෙ නෑ. තමන්ට තමන් විතරයි.. මම මේකට ආවේ කැම්පස් එකේ ඉද්දි.. ඒ ජිවිතේ මෙහෙමයි කියලා ලියන්න බැ.. කොහොම හරි ෆේක් එන්නෙ දුක බෙදාගන්න. මම දුක බෙදාගන්න ආසම විදිහ මේක. ලැබෙන වෙලාවකට ලියනවා.. ලියන දෙවල් වලින් නරක දෙවල් ඈත් කරලා හොද දේවල් ගන්නලා කියවන හැමෝම.. ෆේක් ෆේක් විදිහටම තියාගන්න.. වැරදි නොකර ඉන්න. ජිවිතේ දිනන්න.. ඒකට ටාගට් එකක් හදාගන්න.. අම්මට තාත්තට සලකන ගමන් ජිවිතේ දිනන එකෙක් වෙන්න. වගකීමක් නම් ඒක අනිවා කරන්න.. වැරැද්දක් නම් කතා කරන්න.. ඔයාට හැමෝම නැතිවෙයි.. ඒත් වැරැද්ද වැරැද්ද විදිහටම දකින්න.. අනිත් අයගෙ වචනත් අහන්න පුරුදු වෙන්න.. ඉවසන්න.. හිනාවෙන්න.. ඔක්කොමලා සතුටින් තියන්න.. ඔයාට බැරිනෑ... හැබැයි ඒකට 💰 ඕනේ නේ.? එකයි කිව්වෙ ටගට් එකක් හදාගන්න, ඒකට වැඩ කරාම ඔයාගෙ හීනේ ඔයාම දැක්කම... ඔයා හොයන ගොඩක් දේවල් ඔයාට ලැබෙයි ඉබේම.. වටින දේවල් නැතිකර ගන්නැතුව ඉන්න.. දවසක දිනලා ආපහු හැරිලා බලද්දි වටින දේවල් අපිට ඇත්තටම ආදරේ කරන කෙනා එක්ක බෙදාගත්තා කියලා මතක් වෙද්දි.. කාටද මතක මහීමව..? මාහීම ට ගිවන්ත යොෂේන් ආදරේ කරන්න පටන් ගන්න හේතුව කාටද මතක.? එහෙම හීනයක් දකින්න.. ඒ දවස ගොඩක් ඇත්තටම ලස්සනයි.. ඒ හීනත් ලස්සනයි.. කොන්ද කෙලින් තියන් තිරණයක් ගන්න ලංකාවේ නම් අමාරුයි. ඒත් හැමෝම ගැන හිතුවොත් ඒ හීන දකින්නත් බෑ.. ඒකට අවශ්‍ය පසුභිමක් නැත්තම්.. තමන්ට හදාගන්නත් බෑ නම්. පිට රටකට හරි යමන්.. ඒත් ඇත්තටම ආදරේනම් විතරක්.. පිට රටක ඒ ජිවිතේ හොරෙන්ම විදපන්.. කවදාවත් මැරිකරන්න බලන් කොල්ලෙක් ගැන හිතන්නවත් එපා..
Mostrar todo...
5👍 1
මොකද මම කතාව නවත්තලා ඉද්දි එයා තමා මුලින්ම ඇවිත් ලියමු මල්ලි ලියමු මේක හිට් එකක් වෙනව කිව්වෙ.. ඇත්තටම අක්කා මාව පුදුම විදිහට මොර්ටිවේට් කලා.. අනිත් අයත් ඒ විදිහයි.. හැමෝටම ස්තූතී වන්ත වෙන්න ඔනේ මට වචනෙකින් හරි ලියන්න හිතෙන විදිහට අදහසක් දුන්නට.. ඇත්තටම මට ලයික් වැඩක් නෑ. මට ඕනේ කමෙන්ට්ස්.. මොකද මම ඒව කියවලායි සතුටක් ලබනව නම් ලබන්නෙ.. මට මුලදි ඒ සතුට ලැබුනේ නෑ. ඒත් මම හිතා ගත්තා. බැරි දෙයක් නෑ කියලා. මට වැරදුන තැන ඉදන් මම අපහු හදාගන්න උත්සහ කලා.. ගොඩක් අය මාව දලා ගියා මුලදි. ඇත්ත මම පිළිගන්නව, මුලදි කතව රහ නෑ.. ඒත් ඒ ටික නොලියා මේ වගේ එන්ඩින් එකකට එන්න ලෙසියෙන් බැහැ. එකයි.. ඒක නොතෙරුන ගොඩක් අය..මාව මුලින් දැක්ක විදිහට නොපෙනුන නිසා මැසෙන්ජර් වල මැසේජ් පවා දැන්මා.. කතාව ගතියක් නෑ කියලා. මම එයාලට ගොඩාක් ස්තූති කරනව එයාලා නිසයි මම මාව තෙරුම් ගත්තේ. මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ කියලා මට තෙරුනේ... මම christine අක්කට එදා කිව්ව, අක්ක මම මේ වෑකන්ද වලව්ව තරම් රැල්ලක් කරන්න බැරි වෙයි. ඒත් මම කියවන්නේ 100ක්ද ඒ 100ම අඬවනව කියලා.. මම හිතනව මම ඒක කලා.. තව දෙයක් කියන්න ඕනේ කතාව කියවලා ඔයාලා අඬන්න කලින් අඬපු කෙනෙක් ඉදියා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. සකුන්ම තමා. මම ලිව්වෙත් අඬන ගමන්... මම මේ කතවට ෆට්ටෙටම ආදරෙ කලා. මොකද මේක තමා සකුන් කියන්නෙ කවුද කියලා අදුරගන්න ලැබුන එකම කතාව... ඒ වගේම මේ කතාව නිසා මට ලැබුණ ආදරණීයම මතක සම්මාන ගොඩක් ලැබුනා.. ඒව මම කියන්න යන්නේ නැහැ මෙතනදි.. ඉතින් කියන්නම් පෙරවදනට වඩා වෙනස් විදිහට මේක එන්ඩ් කරන්න උනාට මට සමාවෙන්න.. හැමදාම වගෙ මාව විශ්වස කරලා මං එක්ක ඉඳපු හැම කෙනාටම සතුටු වෙන්න පුලුවන්.. මම මේ තැන අද ඉන්නෙ ඔයාලා නිසා.. ගොඩාක් පිං මාව ගොඩක් අය දලා යද්දි මං එක්ක ඉදියට..❤️🙏 වැඩි කතා ඔනේ නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය ඔයලට කතා කරන්න බලන් ඉන්නව... එහෙනම් මම එයාලට ඉඩ ලබා දෙනවා ඔයලගෙ හිත් අමතන්න අන්තිම වතාවට.. මම - සකුන් විරාජ් එදිරිමාන්න ❤️✌️ ___________________________________________ * නුවන් ඉන්ද්‍රජිත් වර්ණකුලසූරිය * - ඔයාට මොනාද කියන්න තියෙන්නෙ මේ කතාව සම්බන්ධයෙන්.. මෙහෙමයි.. කතාව ඇතුලේ මාව ඔයාල දැන ගත්තේ ගොඩක් පහු වෙලා.. ඇත්තටම මම දෙයක් කියන්න ආවේ මගෙ දෙවනි තාත්තා වෙනුවෙන්.. සමාවෙන්න අඬන්නේ නැහැ.. ඒත්.. මට මේ කිසිම දෙයක් දරාගන්න හයියක් නෑ. අයියා නැතුව මට පිටකොන්දක් නෑ වගේ දැනෙනවා.. මගේ අයියා තමයි මේ ලොකේ හොදම අයියා.. මං දන්නව අයියා අපිව දාලා ගියේ නෑ ඔයලා අපි ගාවම ඉන්නව.. අයියා මට කිව්ව එක දෙයක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.. "මල්ලි හොඳ අය නරක අය කියලා කවුරුවත් නෑ.. හැමෝම මිනිස්සු.. අපි කරන දෙවල් එක්කයි අපි හොඳ හෝ නරක වෙන්නෙ. ඉතින් හැමවෙලාවෙම මනුස්සයෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න.. හිනාවක් ගේන්න අපිට පුළුවන් නම් අන්න ඒකයි වැදගත්.. වැරදි අඩුවෙන් කරන්න.. කරපු වැරදි ආයෙ නොකර ඉන්න.. හැගීම් වලට ඔයාගෙ ජිවිතෙ තිරණේ කරන්න දෙන්න එපා.. හැගීම වලට ඕනේ නම් අපි එක්ක ජිවත් වෙන්න කියන්න.. මොලෙන් ජිවත් වෙන්න.." මම හැමදාම කලේ අයියව ගනන් නොගත්ත එක. අයියා හැමදාම කලේ මට බැන්න එක. මට සීමාවන් දාපු එක.. ඒත් මගේ සෙට් එකේ හැම එකාම ඕලෙවල් ෆේල් වෙද්දි මම පාස් උනා. මට මතකයි අයියා එදා ඇඬුව.. මම එතකොටත් ඉදියේ අයියා එක්ක තරහ වෙලා.. රිසාල්ට් කිව්වෙත් අයියට මම නෙවෙයි අක්කා.. වෙනදා මට ගහන එකා එදා මාව බදාගෙන වඩා ගත්තා.. "මගෙ මල්ලි මට ඕනේ උනේ මෙච්චරයි උබෙන්.. උබට මොලේ තියාන්වනේ දැන්. උබ කැමති විදිහට ජිවත් වෙයන් මම හොයන්නෑ..." ඒත් ඒ වෙද්දි අයියා දිනාල ඉවරයි. මොකද මම ජිවත් වෙන්න කැමති විදිහ වෙලා තිබ්බේ අයියගේ විදිහමයි. අයියා තාත්තා මට කෙනෙක් වගේ කිව්වෙ ඒකයි... තාත්තා, අම්මා නැති අපිට ඒ හැමදේම අඩුවක් නැතුව දුන්නේ මගෙ අයියා.. ඒත් මට අයියා නැති අදයි වටින්නේ. අපි පරක්කු වැඩී... මට තිබ්බා අයියට මීට වඩා සතුටක් දෙන්න.. මට සමාවෙයං මගෙ අයියේ... මම - නුවන් ඉන්ඳ්‍රජිත් (මල්ලි) ------------------------------------------------- * අකේන් ප්‍රතාප් ලියනගොල්ල * -ආදරණීය චූටි.. ඉතින්, කොහොමද මොනාද කියන්න තියෙන්නෙ ඔයාට මේ ඔයාගේ කතාව ගැන...? ඇත්තටම කිව්වොත් මට මේ උන කිසි දෙයක් හිතා ගන්න බෑ.. චරිත් අයියට මෙහෙම ලෙඩක් හැදුන බවක් අපි දැනන් ඉදියේ නෑ.. මටයි අයියටයි ගොඩාක් උදව් උනේ චරිත් අයියා... මම කැමතිම උනේ අයියලා දෙන්නම එකට ඉන්නව දකින්න.. මම අයියගෙ ජිවිතේට එන්න කලින් අයියගෙ හොදම යාලුවා චරිත් අයුයා.. මට ඔනේ උනේ ඒ බැදීම හැමදාම තියා ගන්න.. එත් චරිත් අයියා එයට තියන ප්‍රශ්න අපි එක්ක බෙදාගත්තේ නෑ.. ඒ ගැන ගොඩක් දුකයි.. අපිට උදව් කරන්න බැරි උන එක ගැන.. එත් චරිත් අයියා හැම වෙලාවෙම කිව්වෙ...
Mostrar todo...
2🥰 1
"අකේන්, මල්ලි මේ අහපං.. අපි මොනාම හරි කාත් ක්ක හරි ප්‍රශ්නයක් තියනම් ඒක කතා කරලා විසද ගන්න ඔනේ.. හිතේ තියාගෙන පැහැව පැහැව ඉදලා ලැබෙන දෙයක් නෑ. අපි ජීවත් වෙන්නෙ හරි පොඩි කාලයයි.. ඒ කාලෙන් අපි පැයක් දුක් වෙනව නම් අපි ගොඩක් පරාදයි. ඒ දෙවල් කතා කරලා විසද ගනිල්ලා.. අනිත් එක තෙරුම් ගන්න බලපන් අනිත් කෙනාව. එකට ගමනක් යන්න පුළුවන් එතකොට විතරයි..." මගේම අයියා වගේ හැමදේකටම මට ඉදියේ චරිත් අයියා.. ඒ පිනම ඇති චරිත් අයියේ උඹට.. මම - අකේන් (චූටී) --------------------------------------------------- * නෙහාන් සඳමංතලාව...* - ඉතින් නෙහාන්.. කළු චරිතයක්. ඉතින් මොනාද කියන්න තියෙන්නේ අන්තිම වචාවට.. මෙහෙමයි සකුන්.. මාව හැමෝටම කලු චරිතයක් වෙන්න ඇති.. අනේක බැනුම් ඇහුවා ඒත්.. ඔයා මගෙ කතාව කලින් ලියලා තිබ්බ නම් කිසි කෙනෙක් මට බනින එකක් නෑ.. මොකද මමත් මනුස්සයෙක්. මටත් හැගීම් දැනීම් තියනව.. ඉතින් අර කියමනක් තියනවනේ "පිරිමිද ගෑණුද නෑ.. උබ නැවතියන් උබේ හිත නවතින තැන කියලා.." ඒත් ඒක හැමෝටම හරි යන්නේ නෑ සකුන්. සමහර විට එ හිතේ අපිට ඉඩක් නැතුව ඇති. ඉතින් ඉස්සෙල්ලම නවතින්න කලින් ඒ හිතේ අපිට ඉඩක් හදා ගන්න ඔනෙ. අන්න ඒකට මහන්සි වෙන්න ඕනේ අපි කලින්. නැතුව හිත නැවතුන පලියට නවතින්න ගියිත් ඔහ හැමෝටම වෙන්නෙත් මට උනා වගේ තමා.. මම දන්නෑ. පෙර පිනක් කරල තිබ්බ නිසා වෙන්න ඇති චරිත් අයියා ආවේ මාව හොයාගෙන.. ඒ හැමදේම ඇහුවම එයා පෙන්නපු හැමදෙම බැලුවම.. මගේ ආදරෙයි එයාගෙ ආදරෙයි අහසට පොලව වගේ.. ආදරේ කියන්නේ මොකද්ද කියලා මම තෙරුම් ගත්තේ චරිත්ගෙන්.. ඇත්තටම ඌ නිසා මම හෙට මේ ලංකාවෙන් යන්න ඉන්නෙ අම්මා ගාවට.. මේ ලංකාව මට කළු රටක්. මට සතුටක් නැති.. රෑට විතරක්මාව හොයන මගේ බාප්ප නිසා දුකින් පිරුණ ජිවිතයක් එක්ක ජිවත් වෙන රටක්.. මම මේ හැමදෙම ඇතෑරලා යන්න තිරණේ කලේ ඒකයි.. මම ජාති ජාතිත් පිං දෙනව චරිත්ට.. ඌ නිසා අද මම කිසිම දෙයක් නැතුව උනත් හිත නිදහසින් යනව... මම - නෙහාන් ( ඔයාලා මට කතා කරපු නම ඇත්තටම මට මෙතන කියන්න බැහැ..) ----------------------------------------------- * ශාලිය ඉඳුනිල් දහනයක * - ඉතින් ශාලිය.. ඔයාට නම් ගොඩක් දේවල් කියන්න ඇති. එහෙම නේද.. නෑ සකුන්.. මට කියන්න කිසි දෙයක් නෑ වගේ මට හිතෙන්නෙ. මම හිස් මිනිහෙක් වගේ මට දැනෙන්නෙ.. මේක හීනයක් වගේ.. කිසි දෙයක් හිතා ගන්න බෑ.. මින් ඉස්සරහට මම කොහොමද ජිවත් වෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ.. චරිත් උබ හිතනව නම් උබ දින්න කියලා උබ වැරදී බං.. මම උබෙන් ඉල්ලුවෙ මගෙම කියලා ජිවිතයක් විතරයි. ඒත් උබ දුන්නේ ඒ වෙනුවට උබේ ජීවිතේ..මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.. මම දැනන් ඉදියේ නෑ උබේ ජිවිතේම කියන්නේ මම කියලා... මට ජිවිතේ ආපස්සරට යන්න පුළුවන් නම් මම යනව චරිත්.. මට වැරදුන තැන ඉදන් මම හදා ගන්නව.. උබව දැක්ක දවසෙම මම උබ ගාවට ඇවිත් කියනව.. "චරිත් මම උබට ආදරෙයි කියලා.." එහෙම කියලා උබට කිසි දුකක් නොදී මම උබේම වෙනවා.. මට උබ තරම් ආදරෙ කරපු කෙනෙක් කවදාවත් ලැබිලා නෑ චරියා.. උබ ලෙඩක් ඉස්සරහට දාගෙන ඔය දෙවල් හිතේ හංගගෙන ඉදලා උබ මොනාද බලාපොරොත්තු උනෙ. මගෙ සතුටද.. නුවන්ට පිං සිද්ද වෙන්න මම උබේ පොත බැලුවේ... නැත්තම් මම අදටත් දන්නෙ නැහැ උබ ගැන.. උබ විදවන්න ඇති. ඊට වඩා දාස් ගුණයක් මම විදවනව බං උබ නැති මේ ජිවිතේ.. මට මම දන්නැ චූටි ගාවට ලං වෙන්න පුළුවන්ද කියලා වෙනදා වගෙ.. ඒත් උබේ ජිවිතෙ කැප කරලා මට දීපු උබේ ජිවිතේට මම වරදක් කරන්නෙ නෑ. මම කොහොම හරි සතුටින් ඉන්න බලන්නම්.. මට දුක එකම එක දෙයයි.. උබ.මට මෙච්චර ආදරෙ කරලත්.. මට බැරි උනා උබේ කණට ඇහෙන්න ඒ වචන ටික නිකමට හරි කියන්න.. මට කියා ගන්න බැරි දුකක් විතරයි තියෙන්නෙ චරියා.. මම පොරොන්දු වෙනවා... මෙ අත්මේ නැත්තත් උපදින හැම ආත්මෙකදිම මම උබේ වෙන්න බලාගෙන ඉන්නව.. මට ඉඩක් තියපං ඔය හිතේ ඇති තරම් ආදරේ කරන්න උබ මගෙ තුරුල්ලටම අරන්.. මම ඉල්ලන්නෙ එච්චරයි උබෙන්.. මම ආසම සිංදු කීපයක් තියනවා සකුන්... මම දන්නෑ මම ඒවට ආස උනේ ඇයි කියලා. ඒත් දැන් මම මේ සිංදු ආගමක් වගේ අදහනව.. හැමදාම අහනව.. මම පොඩි කෑලි ටිකක් කියන්නම් ඒවගෙන් අමතක නොවෙන.. මටම ගැලපෙන.. බලපන් බොරුද කියලා.. "යලි කවදාවත් හමු නොවෙනා බව.. මම පවනක් හිස අත ගා කීවද... අදහා ගන්නට නොහැකිය කිසි දින.. ඔබ යලි නොඑතැයි ගිම්මානෙට පෙර.." ------------------------ " වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ. සීනා පහන් වැට නිවී ගියා.. සැඩ සුලගේ ඔබට මා... ආදරය කල බව මෙතරම්.. මා දමා ඔබ දුරු රටයන තුරු නොදනිම්. ------------------------ " සිතුවිලි සිතුම් සැඳැල්ලේ.. ලතැවී රැදී නිඳැල්ලේ... මිහිරක් කොහේද ඇත්තේ... කිව මැන මටත් වසන්තේ... මිහිරැති වසන්ත කාලේ.... කිව ඔඹ මෙතෙක් නොආවේ.. ගිම්හානයේ ගිලන් වී... තනි වේමි මේ වෙදනාවෙන්.. මිහිරැති වසන්ත කාලේ.... ------------------------ මම - උබේ ශාලිය. ( පොඩීයා ) ------------------------------------------------------- * චරිත් මධුන් වර්ණකුලසූරිය...*
Mostrar todo...
1
Photo unavailableShow in Telegram
#පසුවදන...✌️❤️ ඉස්සෙල්ලම ස්තූතී වනත වෙනව ඔයාලා හැමෝටම මං එක්ක රැඳිලා හිටියට.. මොකද මේක වෙනස්ම කතාවක් උනා.. මොකද කිව්වොත් මේක මගේ ඔලුවට ආව කතාවක් නෙවෙයි කෙනෙක් කියපු කතාවක්. කොහොම නමුත් කතාවෙ මැදක් හරියට යද්දි මට විස්තර ලැබුනෙ නෑ. එයා ෆේක් එකෙන් ගිහින් තිබුනා.. මට විස්තර නැතුව අතරමං උනා. මොකද කතාව ගලපගන්න අමාරු උන නිසා. දවස් 4ක් විතර කතව නොදා ඉද්දි මාව විශ්වස කරපු අය මං එක්ක ඉදියා.. කතාව ගැන ඇහුව. මම එදා හිතුවා එයාලා වෙනුවෙන් මම මෙ කතාව මගේ විදිහට end කරනවා කියලා.. ( මෙතන තිබ්බ වැරදි වචන ටිකක් කපලා අයින් කලා.. ඒ පුද්ගලයා ගැන ඇත්තටම මම මෙතන සදහන් කරන්න කැමති නෑ.. මගෙ අතින් වැරදිමකින් ඒ නමත් එක්කම upload උනා..)
Mostrar todo...
2
එතනින් එහා කිසි දෙයක් ලියලා තිබ්බේ නෑ.. නෑ වෙන්න් බෑ චරිත් උබ හැමදේම මටකිව්වෙ නෑ.. කෝ මොකද්ද උබට තියන අසනීපේ.. මම ආපහු පොතේ මුලට දිව්ව. මම උඩින් පල්ලෙන් පිටි අතර දිව්වෙ හරි විශ්වාසෙන්.. මොකද මට අකුරක් නෑර මතකයි.. මම ඒත් බැලුවේ කොහේ හරි එහෙම දෙයක් සදහන් කරලා තිබ්බද කියලා එහෙම දෙයක් තිබ්බේ නෑ... ඒත් එක දෙයක් මම පොත තුන් හතර වතාවක් පෙරලද්දි දැක්කා.. එක තැනක පිටුවක් ඉරලා අරන් තිබුනා.. චරිත් ලියද්දි පෑන තද කරලා ලියන බව මම දන්නව.. උගේ කැම්පස් නෝට් වල පවා නොලියපි පිටු වල පවා කලින් පිටුවෙ ලියපු අකුරු ඇදපු පෑන් තුඩේ පාර හිටිනවා. මම බැලුවේ ඊලග පිටුව.. ඔව් එතන පිටුවෙ මොනා හරි ලියලා අයින් කරපු බව පේන්න තිබුනේ ඒ වගේම තද කරලා ලිව්ව පෑන් තුඩ පාරෙන්. ඒත් කියවලා තරම් ගන්න තරම් ඒව සටහන් වෙලා තිබ්බෙ නෑ.. මම බැලුවේ වෙලාව... පාන්දර 5ටත් ලගයි..නුවන්ට කෝල් කලා..ෆෝන් වැඩ නෑ. පාන්දර වෙනකම්ම මම කලේ ඒ පොතේ එහා මෙහා ගිය එක.. අන්තිම වචන ටික මට ආයේ අයේ ඇහෙන්න ගත්තා.. නෑ එහෙම වෙන්නෙ නැ චරිත්.. උබට මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.. මගෙ තොල් මැතිරුවෙ එච්චරයි... *********************** "කොහෙද ඉන්නෙ මල්ලි.." "ගෙදර.." "මම එන ගමන්.. මට උබව හම්බෙන්න ඕනේ.." මම උදේම නැගිටලා ලෙස්ති වෙලා එලියට බැස්සෙ චූටි වචනක්වත් නොකියයි.. සෙනසුරදා නිසා චූටි වැඩිපුර නිදා ගත්ත නිසා මට පැනගන්න ඒක ලේසි උනා. ඒත් මේ දෙවල් කවදහරි දැන ගත්තොත්.. කියන බයක් මට තිබුනා.. ඒ හැමදේකටම වට මට වටින්නේ මේ වෙලාවේ මොකද්ද මම ඒක කලා.. මම චරිත්ලගේ ගෙදරට ගිහින් නුවන්ගේ කමරෙට ගියා.. නංගිවත්, මල්ලිවත් පෙන්න හිටියේ නැ.. අවසර ගන්න පිට ගෙයක්ද...? මම ගේ ඇතුලට ගිහින් නුවන්ගෙ කාමරේ අව්ස්සන්න ගත්තා.. "පො .. පොඩි අයියේ.." කටහඩින් ඇදිනුවා. ඒ නුවන්. මූන හෝදන් ඇවිත්. හොස්පිටල් යන්න වෙන්න ඇති.. මම අපහු පාඩුවේ කරපු දේම කලා. නුවන්ගේ පොත් ගොඩ අවුස්සන්න ගත්තා.. "මොනාද හොයන්නේ.." "කො අර පොතෙ ඉතුරු ටික.." "මම දන්නෑ... මං ගාව කොහෙන්ද.." "බොරු කියන්නෙපා නුවන්.. ඒකේ පිටුවක් අඩුයි.." "ඒක දැන් දැන ගත්තත් එකයි නොගත්තත් එකයි.. ඒක මම අයින් කලේ ඒ ඇත්ත දැනගෙන, ඔයා පොත බලන්න ඔනෙ නැති නිසා.. අනික එකක් නෙවෙයි පිටු දෙකක්.." "දෙකක්..? " "ඔව්.. මුල පිටුවකුයි.. අන්තිම පිටුවයි.." "උබ ලෙස්ති වෙයං.. මට දීපං මල්ලි ඒක මම එතකන් බලන්නම්.." මම නුවන්ව බදාගත්තා ගිහින්.. "හොද මල්ලිනේ. මොනද තවත් හංගන්නේ බං මට.. මත් මිනිහෙක් බං.. පපුවෙ ලේ දුවන. මං හරි අසරණයි මල්ලි... උඹ කාටම හරි අදරේ කරලා ඇතිනේ.. ඒ වෙදනාව අංශුවක් හරි දැනිලා ඇතිනේ. මට මෙහෙම කරන්න එපා නුවන්. උබෙ අයියා හිටියා නම් උඹ මැරුම් කාලා.. ඌ මට කවදාවත් දුකක් දීලා නෑ බං.." නුවන් මාව ඈත් කරලා උගේ පර්ස් එක අරං දෙකට තුනට නවපු කොල දෙකක් දුන්නා.. මම ඒක දිගෑරියෙ හදිස්සියෙන්.. 2015 : 03 : 20 මම පහු ගිය ටිකේම මාරු උන නිසයි හොස්පිටල් ඇඩ්මිල් කලේ.. මම හොස්පිටල් එකෙන් කිව්ව කතාව කවදාවත් විශ්වා කරන එකක් නෑ පොඩී උබ.. උබ මගෙ සත්තුවට ඉන්නැද්දි මට කියන්න හිතුනා බං මට ආදරේ කරපන් මම ඉන්නෙ හරි පොඩි කාලයයි කියලා.. ඒත් මට එහෙම උබේ ආදරේ ඕනේ උනේ නෑ.. මම බලගෙන ඉන්නව.. උබ කවදහරි මං ගාවට ඒවි.. ඒ විශ්වාසේ මට තියනවා. මගේ හිත කියනවා උබ කවදහරි මම මැරෙන්න කලින් මං ලගට ඇවිත් උබ මම ආසම වචන ටික කියාවි... "චරිත් මම උඹට ආදරෙයි ගොඩාක්.. උඹ අද ඉදන් මගේ බං..." ඒ වචන ටික මට උබේ කටින් ඇහුනාම මම අඩයි බං..ඒත් මට දරා ගන්න බැරි වෙයි.. ඒ නිසා උබ මාව එදාට බොළදයි කියලා හිතන්න එපා.. මොකද මම අවුරුදු ගානක් බලන් ඉදියා බං.. ඒ වචන මට හීනයක්.. මේ පිලිකාව උඩු දුවන්න කලින් උබ එනවද මාව බලන්න.. මං ගාවට ඇවිත් කියනවද මම ආසම වචන ටික... චරිත් ඇයි බං මේ තරම් දේවල් මට හැංගුවෙ... උබට පිලිකාවක්.. ඇත් හත්දෙයියනේ මට නොකිව්වෙ.. ඇයි බං ඒම කලේ, උබේ පොඩී සතුටින් ඉදීවිද බං මේක දැන ගත්තම.. ඇස් තෙමුන හැටි මට කියන්න ඔනේ කමක් නෑ.. මම බාදා කරන කදුලු විතරක් මම පිහගෙන ඉතුරු පිටුව දිගෑරගත්තා.. 2017 : 11 : 26 (මීට දවස් 2කට කලින්) ජිවිතේ ගොඩාක් වෙනස් වෙලා පොඩී.. උබ මේක කියවන්නේ කොච්චර කාලෙකින්ද කියලා මම දන්නෑ.. සමහර විට මම මැරිලා දැන් අවුරුදු ගානක් වෙනවා ඇති.. ඒත් විශ්වාස කරපන් පොඩී.. මම අදත් ඉදියා නම් උබට විතරමයි ආදරේ කරන්නේ.. මගේ ලොකේම උනේ උබ විතරමයි පොඩී.. උබ දැන් වයසට ගිහින්ද.. චූටි හොදින් ඉන්නවද...
Mostrar todo...
3🥰 2
මම මේ ලියන්නේ මේ මගේ පොත මම ආයෙම පාරක් බලලා.. මම ඉස්සර උබෙන් ඉල්ලපු වචන ටික මට අද වෙද්දි අහන්න අසවක් නෑ.. හොදින් සතුටින් ඉන්න.. මට ආදරෙයි නම්.. මේ දැන් ඉදන් මට ආදරේ කරන්න එපා.. මාව මතකයක් වගේ අමතක කරලා දන්න.. අවුරුදු ගානක් ජිවත් උනා වගේ ජිවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න.. මම යන්නම්.. ඉන්න බෑ මට.. යන්නම වෙනව... යන්න ඕනේ නෑ බං මට.. ඉන්න බැරි කමක් තියෙන්නේ අම්ම වෙනුවෙන් කාලයක් ඉවසගෙන ඉදියා, ඒ ඇස් වලට පෙනි පෙනී මට මැරිලා යන්න බැරි නිසා.. මං දෙවියන්ගෙන් ඉල්ලපු දෙවල් වලින් ලැබුන එකම දේ ඒක... අද මම දෙවියන්ට පිං දෙන්වා..ඒ දේ හරි මට දුන්නට.. ඉතින්.. ගිහින් එන්නම් රත්තරං.. ඔය මූණ මේ වගේ දවස් ටිකක වත් බලන්න ආසාවක් තිබ්බත්.. මම ඒ දේවල් අමතක කලේ, නිදහසේ ඇස් පියා ගන්න ඔනේ නිසා.. යන්නම් මහත්තයො.. උබ දුන්න හැමදේටම මම උබට ගොඩක් ආදරෙයි.. මට ආදරේ එපා.. ඒක මට වඩා වටින්නේ චුටිට. ඒකයි මම ඒක එදාම දුන්නේ.. නවතින්නම්.. සදහටම.. ආයේ දකින්න එන එකක් නෑ මම උබව.. හිටියා වගේ සතුටින් ඉදපං පොඩී.. මට හැමදාම ඕනේ උනේ එච්චරයි මම - චරිත්... හිත කෑ ගැහුවා.. මම ඒ කොලේ නවලා සක්කුවේ දා ගත්තා.. නුවන් ම ලගට ආවේ ඊට පස්සේ.. නුවන් මාව බදාගත්තා.. "මට සමාවෙයන් අයියේ.. අයියා මගෙන් ඉල්ලපු එක දෙයක් තිබ්බා.. ඒක මට කරන්න හිතක් දුන්නෙම නෑ.." "මොකද්ද මල්ලි.." "අයියා කිව්ව...මේ පොත් පරිස්සම් කරලා තියාගෙන උබට පස්සෙ අවුරුදු ගානක් ගිහින් හරි කමක්නෑ දෙන්න කියලා. එතකන් දෙන්න එපා කිව්ව.." "ඇයි බං මේ තරම් දුකක් දුන්නේ අපිට ඌ.." "මම එක දෙයක් ඉල්ලන්නද අයියගෙන්.." "මොකද්ද.." "මගෙ අයියා යන්න කලින් එයා ආසම වචන ටික අයියගේ කණට ඇහෙන්න කියපං අයියේ.. මට ඕනේ එචචරයි.." "යමං මහත්තයො... මටත් ඕනේ එච්චරයි .." මගදි වෙන පාරකට දාල යන්න කිව්ව නිසා මම නවත්තලා ඇහුවේ ඒඇයි කියලා.. "අයියා මහර ගම අපේක්ෂා එකේ ඉන්නෙ.. ඊයේ හවස මාරු කලා.. මම ඊයේ දවසෙම ඉදියේ එහේ.." ඇස් තවත් බර දෙලා ගියා.. මම තවත් වේගෙන්ම ගියේ මහරගම අපේක්ෂා එකට... හිතට බයක් දැනුනා.. අඩියක් අඩියක් ගානේ හිතර බරක් දැනුනා.. මින් පස්සෙ කෝමද මම ජීවත් වෙන්නේ.. ඇයි චරිත් මේ තරම් ආදරයක්.. මම කොහොමව දරාගන්නේ බං.. මම නුවන් පස්සෙන්ම ගිහින් වාට්ටුවකට ඇතුල් උනා.. නුවන් හරි ඉක්මනින් වාට්ටුව ඇතුලේ ඇවිද්ද.. නුවන් ඇදක් ගාව නැවතුනා.. මමත් එතනට ගියා.. වැහැරිලා යන්න ගත්ත අත පය දැක්කම වවන්න නැතුව ගියා. පපුව ඇතුලෙන් ආව ගිණ්දර ඇස් වලින් පිට උනේ වැස්සක් වගේ.. මං වෙනුවෙන් වලි වලදි මට කලින් ඉසාරහට පැනපු චරියගේ අත පය, ඉන්න හැටි දැක්කම විශ්වස කරන්න පුළුවන් කමක් උනේ නෑ..ලස්සනට පිරපු කොන්ඩේ නනලට උඩින් හිස් වීගෙම ඇවිත් තියෙද්දි ඉස්සරට වඩා මට ලස්සනට පෙනුනා. මම චරිත් ලගට පාත් වෙලා චරිත්ට කතා කලා.. චරිත් ලොකූ නිදක.. මම ඒ ඇස් දිහා බලන් ඉදියා. ඒත් ඒ පිය උනඇස් දිහා බල බලන්න බය හිතුන්නා. මම එක පාරටම අවදි කලේ එකේයි.. ඒත් චරිත්ගේ පණ නැති අත පය එල්ල හැලෙන්න ගත්තා.. මේ දකින්නේ ඇත්තම දෙයක්ද.. මට කෑ ගැහුනේ ඉබේටම "නැගිටමපං හු#තො.. ආත්ල් දෙනවද උබ.." නුවන් කලබල වෙලා බලද්දි සෙනිකව එනතම ඩොක්ටර්ස්ලා වට උනා. අපිව අල්ලලා ඈත් කලේ කවුද කියන්න දන්නේ නෑ.. අපිව අල්ලගෙන ඉදියේ ඇටෙන්ඩර්ස්ලා දෙන්න ඇති.. ඩොක්ටර්ස්ලා චරිත්ව පරික්ෂා කරලා කිව්වෙ බොරුවක්.. "දිස් පේෂන්ට් ඊස් ඩෙඩ් " එහෙම්ම ඩොක්ටර්ස්ලා යන්න ගියා. මම චරිත් ගාවට ගියේ හෙමින්.. මම පරක්කුයි.. මෙච්චර කාලයක් මං ගාවම දැවටි දැවටි ඉදපු.. මගෙන් දෙයක් කට ඇරලා නොයිල්ලපු උබ අද මෙහෙම මාව දලා යයි කියලා මම කවදාවත් හිතුවේ නෑ රත්තරං.. මම ඉල්ලන්නේ එක දෙයයි.. ඉපදෙන හැම ආත්මෙකදිම මගේ වෙයං. මේ අත්තේ විතරක් උබේ පොඩීට සමාවෙයන් චරිත්... මගේ වචන ටික අහන්න නෙදෙයි. මට සමාව දෙනවද කියලා කියන්නවත් නැගිටපන්, මගේ රත්තරං චරිත්නේ උබ.. ඒදා කොච්චර පොඩී කෑ ගැහුවත් එදා එයාගෙ චරිත් ඇස් ඇරියෙ නෑ... නුවන් එයාගෙ මල්ලි කොයි තරම් කෑ ගැහුවත් එයාලට තාත්තා කෙනෙක් උන එයාගෙ අයියා ඇස් ඇරියේ නෑ... චරිත් පුළුවන් හැමදේම කරලා, මේ ලොකේ ලස්සනම ආදරේ පොඩීට දීලා එයාගෙ ඉරණම විදිහට ඈ පියා ගත්තා.. සදහටම... ****** මින් පෙර කිසිදාක මම නුඹේ නොවුනාට.. නුඹ සිටියේ හැමදාම #ඔබ_මගේ_වෙලා...******* ------------------ සමාප්තයි --------------------- #පසුවදන බලාපොරොත්තු වන්න...✌️ මම - සකුන් විරාජ් එදිරිමාන්න ❤️✍️
Mostrar todo...
😭 10😢 6 1
මම පොතත් අරන් කමරෙන් ඇවිත් නුවන්ව හෙව්ව.. ඒත් ඌ පේන්න හිටියේ නෑ.. මම පොතත් අරන් බයික් එක ගාවට ආවා.. මං කරන්න ඕනේ මොකද්ද.. මට උනේ මොකද්ද කියලා කිසි දෙයක් හිතා ගන්න බෑ.. මම බයික් එකට නැගෙගේ කොහේ යන්නද කියලා වත් අරමුණක් නැතුව.. "අයියේ.." මං ගාවට ආව නුවන්ව මම බදා ගත්තා.. *මට සමාවෙයන් නුවන්.. මම උබගේ අයියට මොනාද බං මේ කරලා තියෙන්නේ.. ඌ මගේ හොදම යාලුවා බං.. ඌ හැමදාම කිව්වෙ ඒ ටික විතරයි නුවන්.. ඌ ඊට එහා කිසි දෙයක් මට කිව්වෙ නෑ රත්තරනේ.. ඇයි මට එහෙම නොකිව්වෙ.. උබට ඒ කිසි දෙයක් කිව්වෙ නැද්ද.. ඇයි මේ පොතේ අනිත් ටික නැත්තෙ.. මට දැන ගන්න ඔනේ නුවන්.. උබගෙ අයියා මට තාම ආදරෙයිද.. ඒත් මම මොනාද දැන් කරන්නේ බං.. මම.. මට... * නුවන්ව බදාගෙන කියන්න හිතුන හැමදේම මම හිත ඇතුලෙන් කියව කියව ඌව බාදාගෙන ඉදපු එක විතරක් කලා.. පපුව ඇතුලෙන් තණි ගිණ්නදටක් විතරක් දැනුණා.. කරන්නෙ මොකද්ද කිසි දෙයක් මට තෙරුනේ නෑ.. නුවන් මාව උගේ ඇකයෙන් ඈත්කරද්දිමට නුවන් දිහා බලන්න බැරි කමක් දැනුන නිසා මම මගේ චරිත්ගේ චරිත පොත දිහා බලා ගත්තා.. "මේ අහ්න්න අයියේ මම කලේ වරදක්.." "මොකද්ද.." "ඔය පොත ඔයාට දුන්න එක.." "මට කියපන් මල්ලි. අයිය ඇයි හොස්පිටල් ඉන්නෙ.. මට අයියව බලන්න ඕනේ.." "ප්ලීස්.. ඒ දේ කරන්නා එපා ශාලිය අයියේ..." "බෑ නුවන්.. මට බෑ.. මට අයියට මොකද උනේ කියලා දැන ගන්නවත්..." "දැනගත්තා කියලා මොනා කරන්නද.. ඔයාට මගෙ අයියට ආදරේ කරන්න. පුළුවන්ද..?" නුවන් මගෙන් ඇහුවෙ මම ගොළුවෙන ප්‍රශ්නයක්.. "අහ් පොඩි අයියේ, උත්තරක් තියනවද ඔයාට.." "එහෙම කියන්න එපා මල්ලි.. මාව අයියා ගාවට එක්ක පලයන්.." "ඔයාට මතකද මම ඔයාට දවසක් කෝල් කලා.." "ම්.. කවද්ද?.." "ඔයාට මතකත් නෑ.. මතක්ද තුම්මුල්ලේ ඉද්දි, ඔෆිස් ගිහින් ගන්නම් කිව්වෙ..?" "අහ් ඔව්.." "එදා.. ඔයා නිකමට ඇහුවද ආයේ මම ගත්තේ ඇයි කියලා.. අඩුම ගානේ මම ඔයාට වෙන්දට කෝල් කරලා තියද..? ඔයාට ඒ මගේ කෝල් එක විශේෂ උනේ නැද්ද..?" "මම.. වැඩක ඉදියෙ මල්ලි.. උබත් ආපහු නොගත්ත නිසා මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. මට සමාවෙයං රත්තරෙනේ..." "ඔව්.. මගේ අයියව උබලා හැමෝටම මිස් උනා.. මගෙ අයියා මේ තරම් දුකක් විදපු බවක් මම දැනන් ඉදියේ නෑ... දැන ගත්තා නම් මේ දෙවල් මේම වෙන්න දෙන්නෙත් නෑ.. දැන් මගෙ අයියා මල මිනියක් වගේ විදවනවා.. මට බලන්න බෑ යකෝ... ඒ මගේ තාත්තා.. ඒ මගෙ අක්කගෙ තාත්තා.. උබ ඒ දුකක් දුන්නේ අපේ තාත්තා වගේ අපිව බලා ගත්ත අපේ පවුලේ එකම හයිය බං අයියේ.. ඇයි අපිට එහෙම කලේ, ඌ උඹට ආදරේ කියලා නොකියා වද නොදී පැත්තකට වෙලා උබේ සතුට වෙනුවෙන්ම ඉඳපු එකටද... අහ් පොඩි අයියේ.. කියහං අයියේ.." "අනේ මම දැනන් ඉදියා නම් මේ දෙවල් වෙන්නෑ බං මගෙ රත්තරං මල්ලි.." "මම ඔය පොත කියෙව්ව බං අයියේ.. අකුරක් නෑර.. කවදාවත් අහපුවත් නැති ආදරයක් ඒක.. උබට ඌ එක්ක කමරේ නිද ගනිද්දි නැතත් පහුවදාවත් උගෙ හිත හැදෙන්න වචනයක් කතා කලාද..? නෑනේ..? උබේ වචනයක් ගානේ මේ පොතේ ලියලා තියනවා.. ඒත් ඌට හැමදාම දුක විතරයි..? දැන් දුක විතරක් නෙවෙයි ඌට ලැබිලා තියෙන්නේ.." "මම වැදලා කියන්නම්.. මට අයියව බලන්න යන්න දීපං මල්ලි.. අපි යමු.. මේ දැන් යමු.. නැගපන්.. අපි යං මල්ලි.." මම පිස්සුවෙන් වගේ නුවන්ව බයික් එකට උස්සලා තියලා බයික් එකට නැග්ගා.. ඒත් මම කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියන දේට වඩා මට ඕනේ උනේ චරිත්ව බලන්න.. මට ඒ ඇස් මැවිලා පෙනුනා.. මං පස්සෙන්ම ඉදපු හැටි.. හැමදේම බෙදාගත්ත හැටි.. කැම්පස් එකේ ඉදන්ම ඌ මාව කේයා කරපු හැටි... අම්මගෙන් කෝල් එද්දි මග් ගාවට එද්දි මම අම්ම නිසා ඌට බැනලා එලව ගත්ත හැටි.. හොස්ටල් පාටි වලදි උනත් බීලා බීලා වැඩි උනාම මම හෙව්වෙ උගේ උකුල... මම ඔහේ සිංදු මුමුණද්දි කාටත් හොරා මගෙ ඔලුව අතගාපු එකා මට මතක් වෙද්දි මට දැනුනේ පිස්සුවක් වගේ හැගීමකින් ඌව බලන්න යන්න විතරයි.. මම බයික් එක ස්ටාර්ඩ් කරලා යද්දි නුවන් බයික් එකෙන් බැහැලා ඉදියා.. "ඔහොම්ම ගෙදර යන්න අයියේ.." "අඩෝ බෑ බං.. යමන් හොස්පිටල් යන්න ඔනේ මට.." "විකාරද.. දැන් රෑ වෙලා.." "ඇයි බං මේම දුකක් දෙන්නෙ මට.." "උබට අයියේ මේ පැය ගාන ඉවසන්න බැරුව ඔහොම නම් මගෙ අයියා උබට ආදරේ කර කර.. උබේයි අකේන්ගෙයි ආදරේ ඇස් වල පෙනි පෙනි කොහොම ජීවත් වෙන්න ඇද්ද..? එක වචනෙකින් වත් උබලට ඊර්ෂ්‍යාවක් කලාද.. මේ පොතේ ලියලා නෑ එහෙම. උබනේ අයියේ දන්නේ. මගෙ අයියා ඒම කලාද උබලට.." "මම පිලිගන්නව මල්ලි. උබේ අයියගෙ ආදරේ තරම් ආදරයක් මට කවදාවත් දැනිලා නෑ.. එත් අයුයා මට ඒක කියලා නෑ බං.. මම කොහොමද මගේ ලග ඉන්න, මගේ හැමදෙටම ඉන්න එකාට ආදරේ කරන්නේ.. මම බය උනා ඌ මට නැති වෙයි කියලා.. අනික එහෙම වෙද්දි මම ගොඩක් දුර ඇවිත් නුවන්.. ඒවයි වැඩක් නෑ.. නැගපං අපි යං, මට මගෙ එකා බලන්න ඕනේ. පිස්සු හැදෙයි නුවන් මට.." "බෑ අක්ක විතරයි ගෙදර..." "අක්කටත් එන්න කියපන්. තුන් දෙනාම යමු.." "හදිස්සි වෙන්නෙපා.. හෙට යමං අයියේ. දැන් ගෙදර යන්න.."
Mostrar todo...
🥰 2👍 1 1
මම කොච්චර කිව්වත් නුවන් ආවෙ නැ.. මම එහෙම බයික් එක පැද්දෙ හොස්පිටල් එකට. ඇතුලට යන්න දුන්නෙ නෑ මට.. මම කොයිතරම් කෑ ගැහුවත් මට ඇතුලට යන්න අවශ්තාවක් ලැබුනේ නෑ.. "මේන්න මේ සල්ලි තියාගන්නව.. මට යන්න දෙනවා.." "යන්න දෙන්න බෑ මහත්තයා.. ඔනෙ නම් මොනා හරි තියනම් ගිනිහින් දෙන්නම්.." මම ලග නයිට් කඩේකට දුවලා අවශ්‍ය වෙයි කියලා හිතෙන හැමදේම මල්ලකට දලා ගෙනිහින් සිකුරුටි ට දුන්නා.. ටිකකින් ඌ ආවේ මල්ලත් උස්සගෙන.. "එහෙම කෙනෙක් නෑ මහත්තයා.." "නැති වෙන්න බෑ අයියේ.. අනේ ඕකවත් දෙන්න.. නැත්තම් මට එන්න දෙන්න එකම එක පාරක්. දෙන්නම බලලා නැත්තම් එමු..." "බෑ සර්.. දැන් මටත් බැන්නා මේ ටික අරන් ආවා කියලත්.." "වාට්ටුව 20, ඇද 17.." "ඔව් සර්.. මම බැලුවා එකේ ඉදියේ නෑ.." "මොකුත්ම විස්තරයක් දුන්නෙ නැද්ද.." "නෑ. මම ඇහුවේ නැ.. සමහර විට ලෙඩාව වෙන වාට්ටුවකට මාරු කරන්න ඇති සර්.." "හරි හරි.. කමක්නෑ..." "සර් මේ බඩු ටික..?" මම ඒ මොකුත් නෑහුනා වගේ මම එන්න ආවා.. සමහර විට චරිත්ව වෙන වාට්ටුවකට මාරු කරන්න ඇති.. මොකද්ද අමාරුව.. ගොඩක් අමාරුද මගේ එකාට.. මට හිතුනෙම ඔය වගේ දේවල්ම විතරයි.. පිස්සෙක් වගේ මම පාර දිගේ ආවේ පයින්.. ඇස් වලින් කදුළු බේරිලා ගියා මට මතක් උනේ චරිත් එක්ක බොඩිමේ ඉදපු දවස් කීපයක්.. ඒ අතරිනුත් මම චරිත්ව මරලා දාපු දවසක්.. "යන්නෙපා..." "අඩෝ පොඩී.. මට යන්න දියං.." "යන්නෙපා බං.." "උබට දැන් හොදටම වැඩී.. උබ දැන් නිදා ගනින්.." "ඉතින් එනවා.." "හරි.. හැබැයි නිදා ගන්න ඔනේ.. වද නොදී.." "හා.." මම චරිත් ලගට ආවම ඔහේ අනිත්පැත්ත හැරිලා නිදා ගත්තා. ඊට පස්සෙ ටිකකින් මම බලද්දි චරිත් මං දිහා බලාගෙන ඉන්නවා.. මට ඌ එදා පෙනුනේ මගේ යාලුවා විදිහට නෙවෙයි. චරිත් දෙහි හරි මොනා හරි මගේ ඔලුවේ ගානව දැනුනා. මම චරිත්ගෙ අත් වලින් අල්ල ගත්තා.. එපා කියද්දිම මම චරිත්ගේ කට වැහුවෙ මගේ තොල් වලින්.. විනාඩි කීපයක් හෙල්ලෙන්නෙවත් ගල් ගැහුන චරිත්ව මම ඇදට අරන් ඌ මගේ කර ගත්තේ හොද සිහියක් කියලා නාමයක් නැතිව.. උබ එපා බෑ කියලා කෑ ගහද්දි මගේ හිත කිව්වෙම තව පාරක් ට්‍රයි කරපං කියලමයි.. මම උබේ බෙල්ල අස්සෙ මූණ තියාගෙන උබව ඉල්ලුවෙ ඉස්සරහා ගැන කිසි දෙයක් නොහිතාමයි.. උබත් මාව හෙව්වා වගේ ටිකකින් පාඩුවේ ඉද්දි උබත් එ හැගීම මං වගේම ආදරෙන් විදිද්දි මම උබ මගේම කර ගත්තේ ආයේ දවසක් ගැන නොහිතමයි. ඒ උනත් මම දැනගෙන ඉදියේ නම් නෑ චරිත් මගේ හිතට දැනුන හැගීම් එක්ක සෙල්ලම් කලා උනාට උබ මේ තරම් විදිහට මං ගැන හිතන් ඉදපු බවක් මට කීයටවත් හිතුනෙ නෑ.. මට අපෙ වචනෙන් කිව්වොත් ඕනේ උනේ ෆන් එකක් ගන්න.. ඒත් හිතේ හැමදෙම හංගගෙන ඉදලා.. හැමදේම ඉවර උනායින් පස්සෙ උනත් මට හැමදේම දීලා සද්දෙ නොකර යන්න තරම් උබ නිහතමානී උනේ කොහොමද චරිත්.. උබ වගේ ජිවත් වෙන්න කියලා දීපු උබ. උබේ හැම හොද ගතිගුණයක්ම කියලා දීපු උබ මේ තරම් දුකක් දරා ගන්න හැටි කියලා නොදුන්නේ ඇයි.. උබ නැතුව මේ දෙවල් දරා ගන්නේ කොහොමද බං.. එදා ඉදන් උබ ඒ දවස ගැන වචනයක් වත් කතා නොකර ඉවසගෙන ඉන්න තරම් උබට කොහෙන්ද ශක්තියක් ආවේ.. ඔව් බං චරිත්.. උබ තරම් මම ශක්තිමත් නෑ.. උබ තරම් මට ඉවසන්නත් බෑ.. මම පරක්කු වැඩීයි බං.. ඒත් උබව මට ඕනේ චරිත්.. මට දැන් මේ දේවල් දරාගෙන ජීවත් වෙන්න බෑ... "උබට හිතුනේ නැද්ද... උබ මෙච්චර මට ආදරේ කලා නම්...මේ දේවල් මම දැන ගත්ත දවසට මම කොහොම ජීවත් වෙයිද කියලා... උබ දවස ගානේ විදපු දුක් කදනාවම මම වික්ටෝරියා ඇල ඇරියා වගේ එන දුක් කන්දනාව එක මොහොතකින් කොහොමද බං දරා ගන්නෙ. උඹ දන්නවා පොඩී ගැන.. උබ දන්නවා චරිත්.. මට බෑ බං.... මට මේක දරා ගන්න බෑ..." මම මහ රෑ කලුවරේ පාරේ ඉදන් කෑ ගහ ගහා කියව කියව පාර දිගේ ආවේ බයික් එකවත් මතක නැතුව... මට කෝල් එකක් ආව නිසා මම අන්ස්වර් කලා.. "ශාලිය අයියේ කොහෙද ඉන්නෙ.." "උබට එන්න බෑනෙ මම ආව අයියව බලන්න.." "අයියව හම්බුනාද.. නෑනේ..?" "නෑ කෝ බං අයියා.." "විකාර නොකර ගෙදර යන්න.. " "මට බෑ බං.." "මගේ අයියා වගේම මතක තියා ගන්නව තමුසෙට ආදරේ කරන තව එකෙක් ඉන්නව කියලා.." මට අකුණක් ගැහුව වගේ උනා..මම බැලුවෙ පෝන් එක.. චූටිගෙන් මිස් කෝල් හෙන ගොඩක් තිබ්බා.. වෙලාව 8ත් පහුයි.. "යනව ගෙදර අයියේ.. විකාර කරන්නෙපා.. හෙට උදේම යන්.." "අයියව බලන්න දෙනවද මට.." "දෙන්නම්.." "මට සමාවෙයන් මල්ලි.." "ඒවා දැන් හිතන්න එපා.." "අයියට මොකද වෙලා තියෙන්නෙ කියපං දෙයියෝ මට එහෙනම්.." "ලෙඩ වෙලා.. හෙට බලමු.." නුවන් ෆෝන් එක තිබ්බම මම හරි සිහියට ආව.. මම චූටිට ගන්න ගමන් ආපහු ගියේ බයික් එක ගන්න.. මම කිලෝමිටර් බාහයකටත් වඩා පයින් ඇවිත්.. "කොහෙද අනේ ඉන්නේ.." "එන ගමන්.." "මොන ලොකෙද ගියේ. ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ..." "හරි එන්නම්.." "අහපු දේට කියනවා, ඉන්නෙ කොහෙද...? " "මම එන්නම් චූටි.. තියන්න..." "බිව්වද තමුසේ.. බීලනම් පැත්ත පලාතක එන්නෙපා..ඉන්නව ගිය හිදාම.." "බිලා නෑ.." "හරි එනවකො.. මම බලා ගන්නම් බිපු නොබීපු ඒවා.. බීලා තිබ්බොත් යන්න බලන් එනවා, හරිද.."
Mostrar todo...
🥰 2 1
මට චූටිට නෙවෙයි.. කිසිම හිතකට කෑ ගහන්න බය හිතුනා. ආදරේ නිසා විදින දුක.. මට චරිත්ගෙන් හොදට දැනුනා. මම චරිත්ගෙ පොත බයික් එකේ පිටි පස්සෙන් තියලා බැදගෙන ආපහු ගෙදර ගියා.. ************************ "මොන මගුලෙද ගියේ කියනවකො.." "බඩගිණි.." "කනවා බෙදාගෙන.." මම කුස්සියට ගියා.. චූටි උයපු දෙවල් බෙදාගෙන කුස්සියටම වෙලා කෑව.. මට මතක් උනේ බත් කටක් කද්දිම චරිත්ව.. චරියා කාලද දන්නෑ.. හොස්පිටල් එකේදි මට බත් කවපු එකා ලග මම අද නෑ... මාව බලා ගත්තා.. මගේ හැම දේම කරපු එකා ලග අද මම නෑ.. මම මහපව්කාරෙයෙක් කියලා මට දැනුනා..මම මොකද්ද කරන්නේ කියලා මට තෙරුනේ නෑ.. මට බඩගිණ්නක් දැනුනත් මම නොකාම පිගානේ බත් ටික ඩස්බින් දාන්න යද්දියි මම දැක්කෙ චූටි මං දිහා බලන් ඉන්න බව.. මම බත් පිගාන විසි නොකර එහෙම්ම තියලා තව පිගානකින් වහලා අත හෝද ගත්තා.. "මොකද්ද ඒ කරන්න හැදුවේ.." "කන්න බෑ.." "ඇයි ඒ, හේතුව..? " "කන්න බෑ අප්පා.. වද දෙන්නෙපා චූටි ඔයත්...." "ඔයත්? කවුද දැන් තව වද දුන්නේ.." "අයියේ මේ.. ඕයි.." "ඉඳ ගන්නව. කන්න බැරි හැටි මම පෙන්නන්නම්.." මම බය උනේ චූටි මාව තෙරුම් ගත්තද කියලා...ඒත් කන්න එද්දි මූණ කට හෝදන් ඇවිත් කන්න ගත්ත නිසා චූටිට මූනෙ වතුරයි ඇස් වල කදුළුයි තොර බේර ගන්න බැරි වෙන්න ඇති.. මාව පිටුවෙන් වාඩි කරවලා චූටි කවන්න ගත්තා.. "ඇති.." "හා හා.. උයලා උයලා අහක දාන්න බෑ...මොකටද බෙදාගත්තේ කන්න බෑ නම්.." මට චූටි ගැනත් ආදරේ උතුරලා යන්න ගත්තා.. මොකුත්ම දන්නෙ නැති මේක දැන ගත්තොත් මොනව වෙයිද.. කියන බය මට දැනුනා.. ඇස් වලට කදුලු ආවේ චූටි ගැනත් හිතේ කොණකින් හිතෙද්දියි.. මම කාගෙ පැත්තද ගන්න් දෙයියනෙ.. ----------------------------------- රෑ නින්දක් තිබ්බෙම නෑ. මම හෙමින් නැගියලා එලියට ගිහින් චරිත්ගේ දින පොත මම අරන් ආව. මම කලින් ඕක ගෙට නොගෙනාවේ චූටි නිසා.. මම ඒක ආපහු කියවන්න ගත්තා.. දැනුනේ හිතට දුකක් විතරයි.. මම නවත්තපු තැන ඉදන් කිසි දෙයක් ඉස්සරහට ලියලා නෑ වගේ පොටු 10ක් විතට පෙරලලා බැලුවා.. එක පිටුවක මොනවදෝ ලියලා තිබ්බා.. "මගෙ අම්මා මාව දාලා ගිය දවස.." මේක ලියලා තියෙනේ මල ගේදර දවස්වල.. සමහර පිටුවල දින මොකුත් සදහන් නොකර කවි ලියවිලා තිබ්බා.. "උබ මිරිඟුවක්... ලගට යන්න යන්න තව දුරස් වන.. උඹ මිරිගුවක්... ඒත් අනිත් හෑමොටම අල්ලන්න, දැනෙන.. මට විතරක් මායාවක් උන උබ අරුම පුදුම මිරිඟුවක් .." "මම දැකපු ලස්සන හීන අතරෙ මම පතපු උඹ ලස්සන හීනයක් වෙලා.. හීනයකදි විතරක් වත් මම කැමතී බං ඔය පපුවට තුරුල් වෙන්න.. සමාවෙයන්, මම බොළදයි ඒත් මම ආසයි.. උබේ ඔය නපුරු කමට... උහුලන්නම් හැමදාම... ලැබෙනව නම් උබව.. උබේ හැමදේම.. කියනව නම් ආසයි මම එකම එක දවසක් හරි.. "මම උබට හරි ආදරෙයි බං..." ඒ මම ආසම වචන ටික.. කවදාවත් අහන්න බැරි වෙන... මම උබේ චරිත්.." එක එක විදිහේ වචන කෑලි කොහෙන්දෝ අමුණලා ඒකේ එක එක පිටුවල ලියලා තිබ්බා.. ඇස් වලින් වැටුන කදුළු වලට මට සමාවක් නෑ. මම දන්නව.. මම තව දුරටත් පිටු පෙරලගෙන පෙරලගෙන ගියේ ඒ වචන වගේ පපුවට වද දෙන්න ගත්ත නිසා.. 2017 : 11 : 13 උබ දුක් වෙනවා මට බලන් ඉන්න බෑ පොඩී.. මම නෙහාන්ට කතා කලා.. උන්ගෙ ගෙදර ගියා.. මම විශ්වස කරනව ඌ ආයේ උබල දෙන්නට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.. සතුටින් හිනා වෙලා ඉදපන් මොකද මට වැඩි කාලයක් නෑ බං... 2017 : 11 : 17 අද නංගියි මල්ලියි ගන්ගාරාමේ ගියා.. මටඕනේ උනේ උන් එක්ක සතුටින් ඉන්න.. උන් දෙන්නගෙ සතුට දැක්කම් මට ඊට වඩා දෙයක් නෑ.. උබලා ගාව අයියා නැති වෙයි හෙට අනිද්දට... උබලා වැරදි කරන එකක් නෑ. මට විශ්වසයි.. කියලා දුන්න විදිහට අයියා වගේ නැතුව ඊට වඩා ඉස්සරහට යන්න ඕනේ හොදද මගෙ නංගියි මල්ලියි.. උබලා තමා මගේ ජිවිතෙම බං... 2017 : 11 : 23 මට ගොඩක් මහන්සී බං.. උබ හිතනවා ඇති මම ඔෆිස් එන නොඑන එක ගැන.. මට දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න බෑ බං... තලවතුගෙඩට මාරු කරයි කියලා හිතුවේ නෑ.. මට දුකක් නෑ.. මට දුක අන්තිම දවස් ටිකේවත් උබේ මූණ බලා ගන්න බැරි වෙන එක පොඩි.. ඒ ඇරෙන්න මට වෙන දුකක් නෑ.. ඒත් මම ඉවසනවා.. උබේ මතකයන් මං ගාව ඕනේ තරම් ඇති. මට ඒ ටික ඇති මේ අන්තිම දවස් ටික ගෙවලා දන්න.. මගේ හිතට නිදහස් මම හැමදේමකිව්ව.. හංගගෙන ඉදපු හැමදේම මම පුළුවන් විදිහට මේ පොතේ ලිව්ව.. මට ඒ ඇති හොදටම ඇස් පියා ගන්න...
Mostrar todo...
😭 2👍 1 1🥰 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.