cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

Mostrar más
Publicaciones publicitarias
1 599
Suscriptores
Sin datos24 horas
-97 días
-5330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

𝗥𝗮𝘁𝗲 𝘂𝘀 🌍🚀Anonymous voting
  • ⛧⛧
  • ⛤⛧⛧
  • ⛧⛧⛧⛧
  • ⛧⛧⛦⛧⛧
0 votes
💥 හායි 😌 අද අපේ Owner අයියගේ උපන්දිනේ අද එය ONLINE එන්නේ නෑ මොකද එයා ගෙදර නෙවෙයි ඉන්නේ 🧧 හැමෝම 🎊 Happy birthday 🪅 කියල සුභ පතන්න
Mostrar todo...
අද කතා කරමු ඔයාගේ PC එකට Stable Diffusion හරි විදියට Install කරන එක ගැන. * මේ Article එක වැදගත් වෙන්නේ මේක 2GB VGA එකක පවා කිසිම අවුලක් නැතුව run කරන්න පුළුවන් විදියට මම ඔයාලට කියලා දෙන නිසා. (කවුරුත් කියලා දීලා නෑ මෙව්වා මමම හොයාගත්තුවා 🙃) Stable Diffusion ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඇස් දෙක වහගෙන ඕනිම රූපයක් මවාගෙන, ඒ මවාගත්තු රූපයේ details ටික හරියටම Stable diffusionට කිව්වොත්; එයා ඔයාගේ හිතේ තියෙන රූපය ඒ විදියටම Generate කරලා දෙනවා. ඒ වගේම මම ඔය උඩ remaster කරලා තියෙන photos හදලා තියෙන්නෙත් stable diffusion එකෙන් 😗 මම මේක install කරන්න විතරයි කියලා දෙන්නේ, ඒ වගේම මම ඉගෙන ගත්තු sources ටිකකුත් දෙන්නම්, ඒත් මම ඔයාලට කියලා දෙන්නෙනම් නැහැ මොකවත්. ඔයාලා තනියෙන් හොයාගෙන, experiments කරලා ඉගෙන ගන්න 🙂❤️‍🔥 මෙන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනි අවමම අවම Specs ටික : - A CPU with at least 2 cores with 4 threads - Nvidia modern family GPU with minimum 2GB of VRAM ( AMD, Intel බුදුසරණයි) - At least 12GB of RAM (16GB Recommended) - At least 256GB NvMe SSD (or a Sata SSD with over 400Mb/s R/W speed) - Internet connection with 40GB Data (for downloading models and requirements) - Have a brain and patience Lets begin boys..! 01. මුලින්ම Python 3.10.6 Version එක install කරගන්න ඕනි. වෙන එව්වගෙන් බෑ මේ වැඩේ කරන්න. පණ්ඩිතකම් වලට newer versions දාලා data නාස්ති කරගන්න එපා. Python install කරද්දි මතක ඇතුව "Add to path" කියන tick එක දාලා install කරගන්න. 02. Git for Windows install කරගන්න. 03. CMD එක open කරලා "pip install xformers" කියලා ගහන්න. process එක ඉවර වෙනකන් ඉන්න. 04. Desktop එකේ Stable diffusion කියලා folder එකක් හදලා ඒක ඇතුලේ cmd එක open කරන් "git clone https://github.com/AUTOMATIC1111/stable-diffusion-webui.git" කියලා ගහලා enter දෙන්න. එතකොට අපේ Stable diffusion GUI එකේ source code එක ඔයාගෙ pc එකට එනෝ. 05. එතන ඇති පත files ගොඩක්. එතනින් "webui-user.bat" කියන file එක notepad එකෙන් open කරගන්න. 06. ඒකේ ඇති "COMMANDLINE_ARGS=" කියලා එකක්. ඒක ඉස්සරහින් මෙන්න මේ values ටික දාන්න ඕනි. උදා 1 : ඔයාගේ තියෙන්නේ 2GB,4GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --lowvram --opt-split-attention උදා 2 : ඔයාගේ තියෙන්නේ 4GB - 8GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --medvram --opt-split-attention උදා 3 : ඔයාගේ  තියෙන්නෙ 8GB + VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers කෝම හරි ඒක edit කරාම අවසානෙදි එන්න ඕනි මෙන්න මේ වගේ පේලියක් : "set COMMANDLINE_ARGS=--xformers --lowvram --opt-split-attention" (මම පාවිච්චි කරන්නේ මේක.) 07. ඔන්න දැන් තමා models download කරන වැඩේ. මම recommend කරන්නේ Stable Diffusion 1.5 එක. ඒකෙන් නරක පොටෝ හදන්න පුළුවන් ඒයි. මේකෙන් dl කරගන්න : https://huggingface.co/runwayml/stable-diffusion-v1-5/resolve/main/v1-5-pruned-emaonly.ckpt 08. ඊටපස්සෙ ඒ file එක models\Stable-diffusion කියන folder එක ඇතුළට දාගන්න. 09. දැන් webui-user.bat කියන file එක උඩ double click කරලා open කරගන්න. දැන් 10GB වගේ requirements download වෙයි. තේකක් බොන්න ඒක ඉවර වෙනකන්. ඔයා හරියට වැඩේ කරානම් කිසිම අවුලක් එන්නේ නැහැ. Model එක load උනාම මෙන්න මේ වගේ Link එකක් cmd එකේ වැටෙයි : http://127.0.0.1:7860/ ඕක Web browser එකේ ගහලා Stable diffusion Enjoy කරන්න..! Completly Written by @Ravindu_Deshan | Join my blog for more stable diffusion tips : @Ravindu_D ❤️ #AI #tutorial #StableDiffusion
Mostrar todo...
🙂 Comment , Reaction කෝ..... ⌛️
Mostrar todo...
Photo unavailable
නව MacBook Air පරිගනකයේ මිල ගණන් හැබැයි ලංකාවේ අපිට මෙව්වා ගන්න එක හීන තමා . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Meta #Data #GDPR Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Mostrar todo...
Photo unavailable
Intel chipset එකකින් බලගැන්වුනු වේගවත්ම MacBook Air එක මෙන් 12 ගුණයක වේගවත් බවකින් යුතු මේ නව MacBook Air එකෙහි තිරයේ සැබෑ ප්‍රමාණය අඟල් 15.3ක් වන අතර 500 nits brightness එකකින් සමන්විත වනවා. ඊට අමතරව මෙම තිරය 1 billion color සඳහා සහය දකවනු ලබනවා. මීට අමතරව Mics 3කින් සහ speakers 6කින් සමන්විත වන මෙම MacBook Air එක spartial audio සඳහාද සහය දක්වනු ලබන බව Apple සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා. වෙළඳපලේ අලෙවිය සඳහා ඇති අනෙකුත් අඟල් 15 ලැප්ටොප් පරිගණක වලට වඩා 40%ක සිහින් බවකින් යුතුව මෙම පරිගණකය නිපදවීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. නව අඟල් 15 MacBook Air එක අද දි​න සිට ඇමරිකානු ඩොලර් 1,299කට ඇණවුම් කිරීමට හැකියාව පවතින අතර ඒත් සමඟම අඟල් 13 M2 MacBook Airහි මිල ඇමරිකානු ඩොලර් 100කින් අඩු කිරීමටද Apple සමාගම කටයුතු කරනු ලැබුවා. නව MacBook Air පරිගනකය ලබන සතියේ සිට වෙළඳ පලට නිකුත් කිරීමට නියමිත අතර එය midnight, starlight, silver, ස​හ space gray යන වර්ණයන්ගෙන් යුතු වනවා.
Mostrar todo...
Photo unavailable
Apple සමාගම අඟල් 15ක තිරයකින් යුතු MacBook Air එකක් එලිදක්ව​යි Apple සමාගමේ WWDC 2023 event එකේදී Apple සමාගම විසින් අඟල් 15ක් තිරයකින් යුත් MacBook Air එකක් එලි දැකිවීමට කටයුතු කරනු ලැබුවා. Apple සමාගම විසින් සිදු කල මෙම එලි දැක්වීමත් සමඟ ලොව ඇති සිහින්ම අඟල් 15 ලැප්ටොප් පරිගණකය ලෙසින් නව අඟල් 5 MacBook Air එක කිරුළු පලදිනවා. M2 chip එකකින් බල ගැන්වෙන මෙම MacBook Air එක සතුව පැය 18ක ජීව කාලයක් සතු බැටරියක් පවතිනවා. Apple සමාගම මෙහිදී ප්‍රකාශ කල ආකාරයට ඔවුන්ගේ M2 MacBook Air එක ලොව හොඳම අලෙවිය සහිත ලැප්ටොප් පරිගණකය බවට පත්ව තිබෙනවා. මෙම අඟල් 15 නව MacBook Air එක එලිදැක්වීමත් සමඟ එය තවත් ඉහළ නංවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. නව MacBook Air එක සතුව MagSafe connector එකක්ද, Thunderbolt ports දෙකක්ද සහ headphone jack එකක්ද වනවා.
Mostrar todo...
Photo unavailable
එලෙස පරිශීලක දත්ත නියාමනය කරන්නා වූ සංවිධානයක් වන අයර්ලන්තයේ Data Protection Commission (දත්ත ආරක්ෂණ කොමිසම) විසින් මෙම ක්‍රියාමාර්ග ලබාගෙන ඇති අතර Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි. මෙම හේතුව නිසා Facebook හි හිමිකාරී සමාගම වන Meta සමාගම වෙතට මෙම යුරෝ බිලියන 1.2 ක දඩ මුදලක් නියම කර ඇත. මෙය වාර්තා වන්නේ EU හි සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (General Data Protection Regulation (GDPR)) නීතිය යටතේ නියම කර ඇති විශාලතම දඩ මුදල ලෙසයි. කෙසේ වෙතත් මෙලෙස පරිශීලක දත්ත යුරෝපයෙන් පිටතට නිරාවරණය වීම ඔවුනගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව සඳහන් කර ඇති පසුබිමක Meta සමාගම සඳහන් කරනු ලබන්නේ මෙලෙස ලබාගත් "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවයි. . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Meta #Data #GDPR Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Mostrar todo...
Photo unavailable
අනිසි පරිහරණ කිරීම හේතුවෙ​න් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක් අප විසින් එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය සහ අනෙකුත් යෙදවුම් සහ සේවාවන් මගින් පරිශීලක දත්ත ලබාගැනීම සිදුවන බව ප්‍රකට රහසක් වූවත් විවිධ රටවල් මගින් එම දත්ත පරිහරණය කිරීම නියාමනයකට ලක් කිරීමට අවශ්‍ය වන නීති සම්පාදනය කර තිබේ. එලෙස නීති සම්පාදනය කිරීම මගින් විවිධාකාරයෙන් පරිශීලක දත්ත ලබාගන්නා සමාගම් එම දත්ත පරිහරණය කරන්නේ කෙසේද යන්න නිරික්ෂණය කරනු ලබයි.
Mostrar todo...
Twitter සමාගමේ CEO ලෙස ඇමරිකානු ජාතික කාන්තාවක් පත් කිරීමට Elon Musk කටයුතු කරයි ඔහු විසින් මේ වන විට නව Twitter CEO ලෙස පත් කිරීමට නියමිත කාන්තාවක් කවුරැන්ද යන්න ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙලෙස Twitter සමාගමේ CEO ලෙස පත් කර ඇත්තේ ඇමරිකානු ජාතික කාන්තාවක් වන Linda Yaccarino මහත්මියයි. ඇය විසින් Twitter සමාගමේ CEO තනතුර හෙබවීමට නියමිත අතර ඇය විසින් Business Operations පිළිබඳව ද කටයුතු කිරීමට නියමිත වනවා. මීට අමතරව තමන් විසින් Product design , New technology අංශය තුළ සහ Executive Chairman ලෙස කටයුතු කිරීමටත් නියමිත බව Elon Musk විසින් තම Twitter සටහන ඔස්සේ වැඩි දුරටත් දක්වා තිබෙනවා. Linda Yaccarino Linda Yaccarino වයස 59 හැවිරිදි (November 27, 1963) ඇමරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇය NBC Universalහි Head of Advertising ලෙස කටයුතු කර තිබෙනවා. ඇය විසින් මීට පෙර Peacock Streaming Service එක ආරම්භ කිරීමට සහ Snapchat, YouTube සහ Twitter ආදි තාක්ෂණික සමාගම් ගණනාවකම විවිධ තාක්ෂණික කටයුතු සඳහා හවුල්කාරීත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ඇය NBC Universal හි සේවය කිරීමට පෙර Turner Entertainment හි වසර 15 ක් පමණ සේවය කර තිබෙනවා. . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Twitter #CEO #LindaYaccarino Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Mostrar todo...
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01