Crypto
Ir al canal en Telegram
You can easily get special events and news happening in the crypto market through this channel.
Mostrar más1 177
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
1 177
Justin bieber ගෙ NFT එකට උන වැඩේ.
අපි හැමෝම දන්න ඒ වගේම ලෝකප්‍රසිද්ධ පොප් ගායකයෙක් තමයි ජස්ටින් කියලා කියන්නෙ. මේ ජස්ටින් කොල්ලා 2022 ජනවාරි මාසෙදි ජනප්‍රිය NFT එකක් වෙච්ච Bored Ape NFT එකක් ඩොලර් මිලියන $1.3 කට මිලදී අරගෙන තියනවා.
හැබැයි FTX එකේ සිද්ධියත් එක්ක මේ වෙනකොට ඒ NFT එකේ වටිනාකම ඩොලර් 70000$ වගේ වෙනකන් අඩුවෙලා තියනවා. NFT Price Flow එකට අනුව - 95% පමන අඩුවීමක් වෙලා තියනවා.
ජස්ටින් කොල්ලා මේක ගත්තෙ ETH 500 දීලා. ඒත් දැන් NFT එකේ වටිනාකම ETH 58 යි.
FTX එකේ බිදවැටීම Crypto market එකට වගේම NFT Market එකටත් ලොකුවටම බලපෑවා. Market Crash එකත් එක්ක NFT Owners ලා එයාලගෙ NFT Sell කරගන්න ගත්තා. තවත් Crash වෙන එකෙන් වලක්වගන්න.
විවිධ ඇදුම් ඇදගෙන ඉන්න වදුරො ඉන්න NFT 10000 කින් හැදුනු Collection එකක් තමයි මේ Bored Ape NFT කියලා කියන්නෙ.ඩොලර් බිලියන ගනනක් වටින වඩාත්ම සාර්ථක උනු NFT එකක් තමයි මේ.
ඒ වගේම මේ Crash එකත් එක්ක මිල පහත වැටුනු එකම NFT එකත් මේ APE විතරක් නෙමෙයි. අපි දන්න තවත් NFT වලත් මිල පහල ගියා.DeGods = -58%, Crypto punks = -37%
වත්කම් පෙන්නන්න ගියපු ජස්ටින්ට උනු වැඩේ.
Thev yugan Nanayakkara
1 177
ADA වල පලවෙනි Stable Coin එක එලි දක්වයි.
EMURGO කියලා කියන්නෙ ADA Blockchain එකේ ආරම්භක ආයතනය. මෙයාලාගෙ අලුත්ම වැඩේ තමයි US Dollar එකට පිටුබලව Stable Coin එකක් නිකුත් කරන එක. හරියට USDT,USDC,BUSD,UST වගේ..
මේ Stable Coin එකේ නම තමයි USDA ඒ කියන්නෙ Cardano System එකේ පලවෙනිම Fiat වල ආභාශයත් එක්ක ඉස්සරහට නියාමනය වෙන Stable Coin එක තමයි USDA කියන්නෙ.
මෙයාලා කියලා තියන විදියට 2023 මේවා Market එකට නිකුත් කරනවා.මේ ව්‍යාපෘතියෙ අරමුණ තමයි. Market එක විවිධ අස්ථාවරයන්ගෙන් ආරක්ශා කරගන්න එක. ඒ වගේම Cardano වල ආරක්ශාව තව දුරටත් වැඩි කරන එක.
Market එකේ ස්ථායිතාවය ආරක්ශා කිරීම වගේම ආයෝජනය කරන අයගෙ වත්කම් US Dollar එකට සාපේක්ශව 1:1 අනුපාතයකින් පවත්වාගෙන යාම තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නෙ. පරිසර දූශනය, යටිතල පහසුකම් වල ප්‍රමාදය නිසා ගනුදෙනු ප්‍රමාධ වීම වලක්වාගෙන ඉතාමත් වේගයෙන් ගනුදෙනු සිදු කිරීම ඉතාමත් වැදගත් දෙයක් කියලා මෙයාලා කියනවා.
EMURGO මුදල් තැන්පතු රදවාගන්න US පදනම් කරගෙන නියාමනය වෙන මූල්‍ය සේවා සමාගමක් එක්ක හවුල් වෙලා තමයි මේ USDA 2023 දි අපිට ලබාදෙන්නෙ.
🟢 අපේ රටේ කවදා මේවා වෙයිද මන්දා
Thev yugan Nanayakkara
1 177
El Salvador වල ලොක්කා Nayib Bukele twitter එකක් දාලා නිවේනයක් දිලා තියනවා.
ඒකෙන් කියන්නෙ එයාලා හෙට ඉදලා දිනපතාම Bitcoin මිලදීගන්න ආරම්භ කරනවා කියලා. ඒ කියන්නෙ හැමදාම එයාල BTC buy කරනවා.
මේවා Buy කරන්නෙ Long term holding වලට. ඒක Market එකට ගොඩක් හොදයි. ඒ වගේම Market එකේ ඉදිරිය ගැන සුභ ලකුනු මේවගේ දේවල් වලින් එලියට එන්න පටන් අරන් තියනවා.
1 177
මෑතකදි කරපු විවිධ ප්‍රසිද්ධ වාර්ථා වලට අනුව. අපි කවුරුත් දන්න Sony සමාගම 2021 දි වීඩියෝ ක්‍රීඩා වල ඩිජිටල් වත්කම් අධයනය කරන්න බ්ලොක්චේන් තාක්ශනය යොදාගෙන තියනවා. ඒ වගේම NFT භාවිතා කරන System එකකට පේටන්ට් බලපත්‍රයක් ඉදිරිපත් කරලා තියනවා.
ඒ පේටන්ට් පලපත්‍රය ප්‍රසිද්ධ උනේ 2022 නොවැම්බර් මාසෙ 10 වෙනිදා..
සූදු ක්‍රීඩාවන් වලින් අතිවිශාල ලාභ උපයාගන්න පුළුවන් නිසා. Sony සමාගම මෙන්න මේ උපක්‍රමය යොදාගන්නවා.
Customers ලා කැමති එහෙමත් නැත්තම් එයාලගෙ ආකර්ශනීය නලු නිලියො,ක්‍රීඩකයො,විවිධ පෞරුෂයන් තියන උදවිය , විනෝදාංශ වගේ තරමක් Sensitive දේවල් උපයෝගී කරගන්නවා.
ඊට පස්සෙ ඒ ආශ්‍රිතව විවිධ NFT නිශ්පාදනය කරනවා. එ වගේ NFT අයිතිකරගන්න මිනිස්සු හරිම කැමතියි කියල Sony සමාගම දන්නවා.
NFT වේවා Crypto currency වේවා. මේ හැමදෙයක්ම යන්නෙ Sensitive දේවල් එක්ක. ඒක නිසයි Psychology කියන එක මේ Market වලදි ගොඩක්ම වැදගත් වෙන්නෙ.
NFT වේවා Crypto වේවා මේ Market RUN වෙන්නෙ අපි හැමෝටම තේරුම්ගන්න අමාරු Psychology මත. ඒ නිසා කිසිම කෙනෙක්ට බැහැ මේ Market වල සිදුවෙන දේවල් 100% නිවැරදි විදියට කියන්න.
1 177
LFG එහෙමත් නැත්තම් Luna Fundation Guard වලින් විගණන වාර්ථාවක් එලියට දාලා තියනවා.
ඒ වාර්ථාවට අනුව 2022 මැයි 16 වෙනිදා UST ආරක්ශා කරගන්න එහෙමත් නැත්තම් ස්ථාවර කරගන්න ඩොලර් බිලියන $2.8 පමණ වටිනාකමක් තියන, බිට්කොයින් 80,081 ක් සහ Stable Coins මිලියන 49.8 ක් වියදම් කරලා තියනවා.
ඒ වගේම TFL අමතරව ඩොලර් මිලියන $613 මේ සදහා වැය කරලා තියනවා.
අපි හැමෝගෙම වීරයා 😂 Do Kwon කිව්වෙ මෙන්න මෙහෙම දෙයක්.
" ඔබලාගෙන් බොහේ දෙනෙකුට UST විශාල මුදලක් අහිමි උනා. ඒ ගැන මට කණගාටුයි. මේ System එක Transparent සහ Open source වගේම මේකෙ නිර්මාතෲ විදියට මේකෙ අවධානම මීට වඩා හොදින් තේරුම් අරගෙන ඔයාලට සන්නිවේදනය කරන්න මට තිබුනා. මම ඒ ගැන පසුතැවිලි වෙනවා."
" UST මගේ ජීවිතයේම විශාල වගකීමක් උනා. ඒකට විශාල Holders ලා ප්‍රමාණයක් සහ Market එකේ වෙගයෙන් ප්‍රසාරණය උනා. නමුත් මේකෙ අභය්න්තර අවධානම් ගැන මාහට අවබෝධයක් තිබුනේ නැහැ. කිසිවෙකුට UST වලක්වන්න බැහැ කියලා හිතාගෙන මම මගේ කාර්‍යන් කරා"
ඔන්න ඔය දේවල් Crypto Market එකේ මේ වෙලා තියන Crash එකට සෘජුවම බලපාලා තියනවා. මේ දේවල් ඔයාලට ඉගෙන ගන්න ඕනි නිසයි හොයලා මෙහෙම කියලා දෙන්නෙ.
Thev yugan Nanayakkara
1 177
සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන Cristiano Ronaldo ගේ පලමු NFT Collection එක බහුවසරක හවුල්කාරීත්වයක කොටසක් විදියට Binance සමාගම සමග එකතුවෙලා 2022/11/19 වෙනිදා Market එකට නිකුත් කරන්න තීරණය කරලා තියනවා.
නොවැම්බර් 18 වෙනිදා පෙ.ව 9 UTC වලදී අපි හැමෝටම NFT Collection එක බලාගන්න පුළුවන්.
මොකක්ද මේ NFT වල විශේශත්වය.
මේ හැම NFT එකක්ම රොනාල්ඩොගෙ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ Collection එක හැදිලා තියෙන්නෙ මෙන්න මේ Rarity Levels වලින්.
Super Super Rare ( SSR )
Super Rare (SR )
Rare (R)
NFT (N)
රොනාල්ඩෝගේ කුඩාකාලයේ සිට සිදුවුනු වැදගත්ම සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරලා තියන මේ Collection එක අනිවාර්යයෙන් බලන්නම ඕනි එකක්.
🟢 හරියට හිතුවොත් අපිටත් මේවගේ NFT ව්‍යාපෘතියක් එලියට දෙන්න පුළුවන්.