cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🎼ගීයක මහිම🎼

🎼ඇසූ ගීයක නොඇසූ පැත්ත සොයා යන්නට🎼 🎧සාහිත්‍ය රසය හදුනන බුද්ධිමත් මතු පරපුරක් උදෙසා🇱🇰 🌑🌘🌗🌖🌕 Group - https://t.me/GeeyakaMahima

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
1 157
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

බස් එකක, කඩමණ්ඩියක නිතර ඇහෙන ගීතයක්. ඒත් ඒ වචන දිහා බලන්න සිතුවිල්ලක් මට පහල වෙන්නෙ ඉතාම ළඟදි. මගේ අර්ථකතනය ඔස්සේ ගත්තාම මේ ලංකාවේ හැදිච්ච අව්‍යාජම ප්‍රේම ගීතය ද? අහිංසකම ප්‍රේම ගීතය ද කියලත් නොහිතෙනවා නොවේ. රත්තරන් මාලයක සාඩම්බර හිමිකාරියක් වෙන්න ඕන කෙනෙක් කැමතියි. ඒත් ඒ කැමැත්ත හීනයක් විදියටම තියන් ඉන්න අයත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. එහෙම අයට තමන්ගේ කන කර පාලු නොවෙන්න තියනවා "ඉමිටේෂන් මාල" ඉමිටේෂන් මාලයක් ගෑවෙන ගෙලක තියන අව්‍යාජ සුන්දරත්වය පිටිපස්සේ තියනවා අසුන්දර කතා කෝටියක්. "ඉමිටේෂන් මාල පොටේ" ගීතය මම දකින්නේ නිර්ධන පාංතික යුවලකගේ ආදරය සහ එහි සුවිශාලත්වය මොනවට කියා පාන අපූරු ආමන්ත්‍රණයක් විදියට. පෙම්වතාට තමන්ගේ පෙම්වතියගේ ගෙලේ රන් පළඳන්න වත්කමක් නැති වුවත්, ඔහු ඇගේ ගෙල පාලු නොකර පලඳන ඉමිටේෂන් මාල පොට ඈගේ මූණේ මවන ලෝකේ තියන නිර්ව්‍යාජම සිනහවන්ගෙන් එකක් බොහොම අපූරු ලෙස පලමු පද දෙකෙන්ම අපිට විඳින්න ලැබෙනවා. රන් ගෙලේ පළඳන්න බැරි වුණාට, ඉමිටේෂන් මාල පොට ගෙලේ ගෑවෙනකොට ඈගේ මූණෙ මැවෙන සිනහව අස්සෙ හැංගිලා තියන සැබෑම රත්තරන් පැහැයත් තුන්වෙනි පදයෙන්ම මතු කරල පෙන්වන රචකයා ඉතාම සරලව සහ කෙටිම ආකාරයකින් අනිර්වචනීය හැඟීම් සමුදායක් මවන්නේ ඉතාම සුහුරු ලෙස භාෂාව හසුරවමින්. ඉමිටේෂන් මාල පොට පළඳවන පෙම්වතාගේ අහිංසක කැපකිරීමත්, ඉමිටේෂන් මාලය පැළඳ ඉත සිතින් තුටු වෙන පෙම්වතියගේ ද කැපකිරීම හරිම සෞම්‍ය මෙන්ම ආදරණීය ලෙස මම මෙතනදි විඳිනවා. මුලින් සඳහන් කරපු විදියටම මේක අහිංසකම ආදර ගීය, එහෙම නැත්නම් ආදරණීයම, නිර්ව්‍යාජම ආදර ගීය විදියට මවිසින් නම් කිරීමට ඔබ එතරම් අමනාප නොවනවා ඇති බවට විස්වාසයි. "ඉමිටේෂන් මාල පොටේ, පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම්.. හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්" සැබෑම රත්තරන් තියන්නේ කොතනද අන්න එතන අපමණ ප්‍රේමයක් ද නිසැකව ම ඇත. සියලුම රත්තරන් දිලිසෙන්නේ ද නැත. ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් ....// සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්දු බින්දු සරා සඳ වෙලා මගේම සිත් මල තුරුළට දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක් අරං ඇවිල්ලා ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් ....// ගායනය - අතුල අධිකාරී පද - චන්න ජයනාත් තනුව - ජයසිරි අමරසේකර
Mostrar todo...
ඉමිටේෂන් මාල පොටේ | Imitation Mala Pote by Athula Adhikari | #AthulaAdikari
Mostrar todo...
Imitatioin මාල පොටේ - Athula Adhikari.mp33.53 MB

Kadamandiye_Dola_Ayne_Nanda_Malini.hd.mp35.22 MB
Photo unavailableShow in Telegram
ජීවිතය කියන්නේ හරිම දිග ගමනක්.. ආරම්භය දැන ගෙන හිටියත් අවසානය කොතනද කියලා කෙනෙකුට හිතා ගන්න බෑ.. ඉතින්.. දිග ගමනේ කවදා හරි කොතැනක හරි නවාතැන්පොළක නතර වෙන්න හැම කෙනෙකුටම සිද්ද වෙනවා.. ඒත්.. මේ දිග ගමනේ කෙළවර නොදැන සදාකාලිකවම නවාතැන්පොළක නතරවෙන්න කෙනක් හිතනවා නම් ඒක ලේසි පහසු තීරණයක් නම් නෙමෙයි.. ජීවිත ගමනේ විඳින්න ලැබෙන හැම අත්දැකීමක් එක්කම ස්ථිරවම එකම තැනක රැදෙනවා කියන්නේ සරල වගේම පහසු දෙයක් නෙමෙයි.. මෙතන නවාතැන්පොළ කියන්නේ කෙනෙකුගේ ප්‍රේමය නම් ස්ථිරසාරවම එතැන රැඳෙනවා කියන්නෙම ඒ ප්‍රේමය ඉතාම ගැඹුරු දෙයක්.. සරල දෙයක් නම් නෙමෙයි.. මේ වගේ අර්ථයක් තියෙන හරිම සංවේදී ගීතයක් ගැන මේ කියන්න යන්නේ.. පද රචනය සුනිල් ආරියරත්න, සංගීතය එච් එම් ජයවර්ධන, ගායනය නන්දා මාලිනී.. "නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි.. ජීවිතේ දිගු වන්දනා ගමනේ...." ජීවිතය කියන්නේ වන්දනා ගමනක් වගේ ඉතාම දීර්ඝ ගමනක් නම් ඒ ගමන ඇතුලේ නතරවෙන නවාතැන්පොළ ඔබයි.. ඒ කියන්නේ දීර්ඝකාලීනව රැඳෙන නොවෙනස් ප්‍රේමය ඔබයි කියන එක.. "ආලයේ.. වන බිඟුන් බමනා ස්නේහයේ.. ජල තරඟ බිදෙනා නිල්ල දිළෙනා නිම්නයේ ගරා නොවැටෙන නවාතැන ඔබ..." මේ ප්‍රේමය කියන නවාතැන්පොළ ගරා වැටෙන එකක් නම් නෙමෙයි.. හරිම සුන්දර තැනක්.. එතැන ආලවන්ත බඹරු පියඹනවා.. ප්‍රේමයේ ජලය ගලා හැලෙනවා.. වටපිටාව නිල් පාටට දිලිසෙන ඉතාම සුන්දර නිම්නයක් වගේ... "දයාවේ සඳ සිසිල ලබනා සාමයේ මඳ පවන රඳනා හිම මිදෙන මිටියාවතේ සදා උණුසුම් නවාතැන ඔබ..." මේ කියන නවාතැන්පොළේ රඳෙන ඇය විටෙක දයාව කියන සඳ එළියේ සිසිල ලබනවා.. තවත් වෙලාවක සාමයේ මඳ පවන ලබනවා.. ඒ කියන්නේ මෙතන අඬ දබර නෑ කියන එක.. මේ ප්‍රේමය කොයිතරම් වටිනවද කියනවා නම් හිම මිදෙන මිටියාවතක පවා සදාකාලිකවම උණුසුම ලබා දෙන නවාතැන්පොළ මේ.. ඉතින්..මේ ගීතය ඇතුලේ කියවෙන්නේ ජීවිත කාලය පුරාවටම නොවෙනස්ව ස්ථිරසාරවම පවත්වාගෙන යන්න කෙනෙක් ප්‍රාර්ථනා කරන විදිහේ ප්‍රේමයක් ගැන.. එහෙම ප්‍රේමයක් ලබන විඳින කෙනෙක් ජීවිතය හරිම සුන්දර තැනක් වෙන එක අහන්න දෙයක් නෙමෙයි...
Mostrar todo...
නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ.....❤❤❤❤👫
Mostrar todo...
නවාතැන්පොළ_ඔබයි_ඔබගේ_සිනාවයි_ජීවිතේ_දිගු_වන්දනා_ගමනේ_WO3B_EBS6t0.mp36.60 MB
Photo unavailableShow in Telegram
Yanni albums p:02
Mostrar todo...
Chameleon Days ( 1988 ).zip36.42 MB
Niki Nana ( 1989 ).zip35.50 MB
Reflection of Passion ( 1990 ).zip55.45 MB
Out Of Silence ( 1987 ).zip40.12 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.