cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

GLOBAL NEWS SRI LANKA 🇱🇰

ශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි..

Mostrar más
Publicaciones publicitarias
747
Suscriptores
+124 horas
+227 días
+4330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
ප්‍රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක යුගදිවියට ? කලාත්මක කටයුත්තක් සඳහා සිදුකරන රූගත කිරීමක් වෙනුවෙන් ප්‍රකට රංගන ශිල්පී රන්ජන් රාමනායක විවාහවීමක් රඟදක්වා ඇති බව වාර්තාවේ. මෙම අවස්ථාවට අදාළ ඡායාරූප හා වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ අදාළ නිර්මාණය ප්‍රවර්ධනය වෙනුවෙනි. කෙසේ වෙතත් ඒ සමග සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නේ රන්ජන් සැබෑ ලෙසම විවාහ දිවියට ඇතුළත් වූ බවට වැරදි ආරංචි කිහිපයකි.
Mostrar todo...
හෙට රට පුරා සියලුම විද්‍යාපීඨවලට යුධ හමුදා ආරක්ෂාව සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස නවක සිසුන් බඳවා ගැනීමෙන් ඉවත්ව සිටින කථිකාචාර්යවරුන් සිසු ගැටුම් නිර්මාණය කර බඳවා ගැනීමේ කටයුතු කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක නියැලෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ද සඳහන් කරමින්, ලේකම්වරිය මෙම ඉල්ලීම කර ඇත.
Mostrar todo...
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්නව පවතිනවා.
Mostrar todo...
ඩෙන්මාර්කය සහ හංගේරියාව සමගත් ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුමකට ශ්‍රී ලංකාව සූදානම්
Mostrar todo...
හර්බජන් හා ඉන්දීය ක්‍රීඩකයන් තුනකට දිල්ලි පොලිසියේ පැමිණිල්ලක් දාලා ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රචාරය කරන ලද වීඩියෝවකින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස කළේ යැයි චෝදනාව මත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්බජන් සිං, සුරේෂ් රයිනා හා යුවරාජ් සිංට එරෙහිව නවදිල්ලියේ අමර් ජනපද පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
Mostrar todo...
ක්ලබ් වසන්තගේ ඝාතකයින් රටින් පලා යයි? ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද තුවක්කුකරුවන් දෙදෙනා රටින් පලායන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි. මොවුන් මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවක් මගින් රටින් පලායන්නට ඇති බවටත් සැක ඇතිව තිබේ. ඒ අනුව ඔවුන් රටින් පැනගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කර තිබේ. නමුත් ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් මේ වනතෙක් සොයා ගැනීමට හැකිවී නැත. මෙම ඝාතනය සිදුකරන ලද වෙඩික්කරුවන් ආරක්ෂක අංශවලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් යැයි සැක කරන බවත් ඔවුන් අදාළ වෙඩි තැබීම් සිදු කළ ආකාරයෙන් එය පැහැදිලි වන බවත් පොලිසිය කියා සිටී.
Mostrar todo...
ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද තුවක්කුකරුවන් දෙදෙනා රටින් පලායන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි. මොවුන් මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවක් මගින් රටින් පලායන්නට ඇති බවටත් සැක ඇතිව තිබේ. ඒ අනුව ඔවුන් රටින් පැනගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කර තිබේ. නමුත් ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් මේ වනතෙක් සොයා ගැනීමට හැකිවී නැත. මෙම ඝාතනය සිදුකරන ලද වෙඩික්කරුවන් ආරක්ෂක අංශවලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් යැයි සැක කරන බවත් ඔවුන් අදාළ වෙඩි තැබීම් සිදු කළ ආකාරයෙන් එය පැහැදිලි වන බවත් පොලිසිය කියා සිටී.
Mostrar todo...
වෙඩිකා මියගිය ක්‍රිකටර් ධම්මිකට ඩුබායි පාතාල සබඳතා ඊයේ (16) රාත්‍රියේ ගාල්ල අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය වීම පසුපස පාතාල සබඳතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.
Mostrar todo...
00:19
Video unavailableShow in Telegram
රාජස්ථාන් දුම්රිය පාලමක් මත සිටගෙන ඩ්‍රෝන ඡායාරූපකරණයක් කරමින් සිටියදී දුම්රියක් පැමිණීමත් සමඟ, ඉන් බේරීම සඳහා එක්වරම අඩි 90 ක පමණ ප්‍රපාතයකට පැනීම හේතුවෙන් අලුත විවාහ වූ යුවළක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනව.
Mostrar todo...
1.48 MB
ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. http://sinhala.adaderana.lk/news.php?nid=198904
Mostrar todo...

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.