𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
📱WHATSAPP TRICKS & TIPS📱
📱Smart Phone use කරන හැමදෙනාම වගේ බාවිතා කරන app එකක් තමයි whatsapp කියන්නේ. Messaging app එකක් විදියට මුළු ලෝකයේම ප්‍රසිද්දම app එක කිව්වොත් නිවැරදියි. Facebook සමාගම හිමිකම් කියන මෙම WhatsApp හි Tips සහ Tricks 10 පිළිබඳව තමයි අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ.
🔵අදාල Message එකට Reply කරමු
Whatsapp conversation එකක් කියන්නේ ඉතින් ඉතාමත් දිගු එකක්. සමහර Message වලට Reply එක දාන්න පරක්කු උනාම බලන කෙනාට හොයාගන්නත් බෑ ඒ Reply එක මොන Message එකට ආපු Reply එකක්ද කියලවත්. නමුත් ඔබට Whatsapp එකේ අදාල message එකට පමණක් reply කරන්න පුළුවන්. ඔබට reply කරන්න අවශ්‍යය message එක click කරගෙන ඉඳල එන option වලින් ඔබට එයට පමණක් reply කරන්න පුළුවන්.
🔵වැදගත් Chat උඩට Pin කරගනිමු
Whatsapp එක තුළින් ඔබ බොහෝ විට contacts රාශියක් සමග chat කරනවා. ඉතින් සමහර වෙලාවට ඔබට වැදගත් chat එකක් හොයාගන්න එක අමාරු වෙන්න පුළුවන්. එකට විසඳුමක් ලෙස ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි chat එක උඩ click කරගෙන ඉදලා popup වෙන option තුළින් ඔබට එම chat එක උඩටම pin කරගන්න පුළුවන්.
🔵Chat Background එකට wallpaper එකක් දාගමු
හැමදාම එකම background එකක් බලාගෙන chat කරන එකත් එපා වෙනවා නේද. එත් එහෙම නෑ ඔයාලා කැමති wallpaper එකක් chat background එකට දාගන්න පුළුවන්
Settings > Chats > Chat Wallpaper > Choose Wallpaper Library ගිහින් ඔබට wallpaper එකක් change කරගන්න පුළුවන්.
🔵හොයාගන්න අමාරු Message Search කරමු
Chat එකේ අවශ්‍යය message එකක් හොයාගන්න ගියාම ගොඩාක් උඩට scroll කරන්න ඕන. එත් ඉතින් whatsapp වල එහෙම කරන්න ඕන නැහැ. Whatsapp එකේ chat එක උඩ ඔබට search icon එකක් බලාගන්න පුළුවන්. එතන ඔබට හොයාගන්න අවශ්‍යය message එකට අදාල සහ ඔබට මතක කොටසක් තිබෙනවා නම් එය search bar එක මත type කරලා අදාල message එක හොයාගන්න පුළුවන්.
🔵Live Location එක Whatsapp වලින් share කරමු
Whatsapp එකේ message type කරන text box එක අසල ඔබට “Plus mark icon” එකක් හෝ “attachment pin icon” එකක් බලාගන්න පුළුවන්. එය click කිරීමෙන් open වන tab එක තුළ ඇති location click කර ඔබ සිටින live location එක යහළුවන් සමග share කරන්න පුළුවන්.
🔵Chat සඳහා ඔබ වැය කර ඇති Data ප්‍රමාණය සොයාගමු
Settings > Data and Storage Usage > Storage Usage වෙත ගොස් ඔබ එක් එක් පුද්ගලයා සමග chat කිරීමට වැය කල ඇති Data ප්‍රමාණය බලාගන්න පුලුවන්. Text, Images, GIF , Videos, Documents වලට වැය වී ඇති Data ප්‍රමාණය මෙහි පෙන්නුම් කරනු ලබයි.
🔵Text Bold, Italic, Strikethrough සහ Monospace කරලා Message යවමු
ඔබට text එක Bold කරන්න ඕන නම් text එක දෙපසට “ * ” icon එකතු කරන්න
ඔබට text එක italic කරන්න ඕන නම් text එක දෙපසට “_” එකතු කරන්න (_text_)
ඔබට text එක Strikethrough කරන්න ඕන නම් text එක දෙපසට “~” එකතු කරන්න (~text~)
ඔබට text එක Monospace කරන්න ඕන නම් text එක දෙපසට “`” 3ක් එකතු කරන්න.
🔵රහසිගතව ආරක්ෂිතව chat කරමු
ඔබ යම් කෙනෙකු සමග සිදු කරන chat එක රහසිගතව හෝ ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍යය නම් ඔබට එම අදාල chat එක archive කරගත හැක. Chat එක මත long click කරගෙන සිටින විට ඉහල open වන archive icon එක click කිරීමෙන් ඔබට එම අදාල chat එක archive කරගත හැකියි.
🔵Group එකක Message එකකට Private Reply කරමු
Group chat එක තුළ ඔබට private reply කරන්න අවශ්‍යය message එක මත long click කරගෙන සිටින්න. එවිට open වන tab එක තුල reply privately කියන එක බලාගන්න පුළුවන්. එතන click කරල ඔබට ඒ අදාල message එකට private reply කරන්න පුළුවන්.
🔵Photos , videos auto download වෙන එක නවතා data ඉතුරු කරගනිමු
Whatsapp බාවිතා කරන අයට තියන ප්‍රශ්ණයක් තමයි whatsapp එකට එන photos, video auto phone එකට download වීම. ඉතින් ඒක අපිට නතර කරගන්න පුළුවන්. Settings > Data and Storage Usage > Media Auto-Download වෙත ගොස් photos, videos, documents select karala කරලා තියනවා නම් එවා unselect කරලා auto download වෙන එක නතර කරන්න පුළුවන්.
🔴ලිපිය පිළිබඳ ඔයාලගේ අදහස්, ප්‍රශ්ණ පහළින් Reply කරන්න. ඔබට දැනගන්න අවශ්‍යය තවත් කරුණු තිබේ නම් එයත් පහළින් Reply කරන්න. යහළුවන්ටත් බලන්න සහ අපිටත් දෙන Support එකක් විදියට Article එක Share කරන්න.
*🌐Tech News🌐*
WhatsApp සේවාවේ අලුත් Privacy Policy එකට එකඟ නොවූවන් හට සීමාවන් පැනවීම සිදු නොකරන බව WhatsApp සමාගම නිවේදනය කරය
WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ privacy policy එක update කිරීම සඳහා ගත් උත්සාහය පසුගිය මාස කිහිපය තුළ ක්‍රමයෙන් ව්‍යර්ථ වෙමින් යන බව අපට දැකගත හැකි වුණා.
මූලිකව මෙම කොන්දේසි සමඟින් එකඟ වීම සඳහා කුඩා කාළසීමාවක් ලබාදීමට කටයුතු කළ අතර, එයට එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම කාළ සීමාව දිගු කිරීමටත්, ඉන් පසුව එයට එකඟ නොවන්නන් හට සීමා පනවනු ලබන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.
කෙසේ නමුත් මෙම මස මුලදී එලෙස පනවනු ලැබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටි WhatsApp ආයතනය මේ වන විට එලෙස functionality එක සීමා කිරීම සිදු නොකරන බව නිවේදනය කර තිබෙනවා.
මේ වන විට පරිශීලකයින් බොහෝ දෙනෙකු එම නව කොන්දේසි වලට එකඟ වීමට කටයුතු කර ඇති බවත්, එලෙස එකඟ නොවූ පරිශීලකයින් හට ඒ පිළිබඳව වරින් වර මතක් කිරීමට කටයුතු කරනු ලබන නමුත්, WhatsApp සේවාවේ options සීමා කිරීම හෝ WhatsApp ගිණුම් මකා දැමීම සිදු නොකරනු ලබන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම Facebook සේවාවේ සහාය ලබාගනු ලබන WhatsApp Business account සමඟින් chat කිරීමේදී මෙම කොන්දේසි පිළිබඳව නැවත නැවත මතක් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බව සඳහන් වෙනවා.
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
🍁DRAK SCOITEY 🍁 chanel link
https://t.me/DARKscoitey
Android Apps සහ Games පරිගණකයේදී භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව දැනගනිමු
සමහර Mobile Games, Apps වගේ දේවල් අපි භාවිතා කරන Smart Phone එකේ RAM එක, GPU එක වගේම Storage වගේ දේවල් මදිකම නිසා අපේ Device එකේ භාවිතාකළ නොහැකි වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇති.
ඒ වගේම නිතරම ඔයා Computer එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ Laptop එකෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අත්‍යවශ්‍ය වගේම කැමතිම Apps වගේ දේවල් භාවිතා කරන්න Mobile එක දිහා නිතර බලන්න වෙන එක ටිකක් කරදර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
අවශ්‍යය නම් අපිට Android-x86 හෝ RemixOS වගේ Android මෙහෙයුම් පද්ධතිය Laptop එකේ හරි Desktop පරිගණකයේ හරි මෙහෙයුම් පද්ධතියක් විදිහට install කරගැනීමේ හැකියාවක් ද තිබෙන නමුත් බොහෝ වෙලාවට අපිට එදිනෙදා වැඩ කරගන්න Windows, Linux හෝ macOS වගේ පරිගණක වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු Operating system එකක් භාවිතා කරන එක අපිට ලොකු පහසුවක් වෙනවා.
ඉතින් මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට Android emulators භාවිතා කරන්න අපිට පුලුවන්. සරළව කිව්වොත් emulator එකෙන් කරන්නේ ඔයාගේ Computer එකේ සාමාන්‍ය Software එකක් වගේ Run වෙලා ඔයාගෙ PC එක ඇතුළෙම Android Environment එකක් එහෙමත් නැතිනම් Android Run කරන්න පුලුවන් පරිසරයක් හදන එක.
ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතා කරන වගේම භාවිතයට ගොඩක් හොද Features තියෙන emulators කිහිපයක් විදිහට Bluestacks, NoxPlayer, Memu වගේම බොහෝ දෙනා PUBG mobile වගේ Android ගේම්ස් Play කරන්න භාවිතා කරන Tencent Gaming Buddy හදුන්වාදෙන්න පුලුවන්.
සමහර වෙලාවට අපේ පරිගණකයේ යම් යම් දේවල් අත්හදා බලන්න ඕන වුණාම virtual machine නිර්මාණය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Android Emulators එක එක නම් වලින් තිබුණත් හැම emulator එකකම වගේ වෙන්නේ වෙන්නෙත් මෙන්න මේ වගේම දෙයක්.
සාමාන්‍යයෙන් Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යය විදිහට run වෙන්න නම් අවම තරමින් අපිට ඒකට dedicated 1GB වත් RAM එකක් දෙන්න වෙනවා. ඒ වගේම Processor එකෙන් core එකක් හෝ කිහිපයක් වගේම CPU Virtualization කියන feature එකත් මෙතනදී performance වලට ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් මේ දේවල් වලට ඔයාගේ PC එකේ අඩු තරමින් 2GB RAM එකක් වගේම 4GB වගේ space එකක් තියෙන්නත් වුවමනා වෙනවා. ඒ වගේම ඔයා games play කරන්න බළාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ graphic drivers ගැනත් අවධානය යොමු කරන්න ඕන වෙනවා.
මේ දෙවල් ටික සම්පූරණ නම්, පහත තියෙන website වලින් එකකට ගිහින් ඔයා කැමති emulator එකක් download කරලා install කරගන්න පුළුවන්.
Bluestacks
NoxPlayer
Memu
Tencent Gaming Buddy
ඒ වගේම ඔයා PUBG, Free fire වගේ Play කරන්න නම් Tencent gaming buddy වගේ emulator එකක් ගන්න එක මොකද ඒ emulator එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේ PUBG වගේ Games Play කරන්නමයි.
⚜හදවත් ❤️ දෙසීයට ලගයි කියලා මට දැනෙනකොට හරිම සතුටුයි.....
⚜link එක share කරපු නොකරපු
හැමෝටම ස්තුතියි.....
⚜හැමදාමත් අපේ චැනල් එකත් සමග රැදී සිටින්න.............
*ඔයාගේ පරිගණයකට MacOS එකේ පෙනුම සහ Linux වල power එක අරගෙන එන ElementaryOS
අපේ ප්‍රියතම operating system එක Windows වුණත්, සමහර වෙලාවට එකම විදිහට computer එක use කරලා ඇති වෙනවා, එහෙමත් නැතිනම් අපේ තියෙන පරිගණකයේ hardware පරණ නිසා Windows run වෙන්නේ ඉතාමත් අපහසුවෙන් වෙන්නත් පුළුවන්.
ඒ වෙලාවට අපිට අලුත් දෙයක් උත්සාහ කරලා බළන්න ඕන නම්, ඊළඟට තියෙන ලේසිම option එක Linux මෙහෙයම් පද්ධතියක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
කොහොම වුණත් සාමාන්‍යයෙන් Windows වල ඉඳන් පළවෙනි වතාවට Linux පාදක කරගත් OS එකකට මාරු වෙනකොට අපිට මූලිකව ඉගෙනගන්න වෙන දේවල් ටිකක් තිබෙනවා. ගොඩක් වෙලාවට non-technical user කෙනෙක් නම්, ඒ ගැන ඉගෙනගන්න, ඒකට හුරු වෙන්න ටික දවසක් යනවා.
ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට Elementary OS එක භාවිතා කරන්න ඔයාට අවස්ථාව තිබෙනවා.
භාවිතා කරන්නාට ඉතාමත් පහසුවෙන්, අවම මූලික දැනුමකින් මේ OS එක භාවිතා කරන්න පුළුවන් වෙන්න තමයි මේ අය මේ OS එක නිර්මාණය කරලා තියෙන්නේ.
බැළු බැල්මටම මෙයට MacOS එකට සමාන පෙනුමක් තිබුණත් මේ OS එක නිර්මාණය කරන්න පාදක කරගෙන තිබෙන්නේ අපි කවුරුත් දන්න Ubuntu කියන Linux distribution එකයි.
Linux වලට ආවම ගොඩක් අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපිට ඕන නැති Software ගොඩක් pre-installed විදිහට එනවා වගේම, අලුතින් software install කරන්න ගියාම විවිධ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙන එක.
නමුත් මේ Elementary OS එකේ මූලිකව install කරලා තියෙන්නේ අපිට එදිනෙදා ඕනම වෙන music player එකක්, web browser එකක්, file explorer එකක් වැනි කුඩා මෘදුකාංග ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ඔයාට තව softwares install කරගන්න ඕන නම්, එයාලගේම App Center එක හරහා ඔයාට ඕන කරන විදිහේ මෘදුකාංග install කරගන්නත් ඔයාට අවස්තාව ලැබෙනවා.
ඒ වගේම මේ OS එක ඔයාගේ එදිනෙදා වැඩ කරගන්න වගේම ඔයා programming වලට කැමැත්තක් දක්වනවා නම්, ඒ වගේ වැඩ වලටත් ගැලපෙන apps එකතු කරන්නට ඔවුන් අමතක කරලා නැහැ.
මේ Elementary OS එක අපේ privacy එක ගැන හිතනවා වගේම අනිත් free services වල වගේ අපි ගැන තොරතුරු වෙනත් පාර්ශව වලට විකුණලා මුදල් උපයන්න එයාලා උත්සාහ කරන්නේ නෑ.
මෙයාලගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ OS එක ගන්න වෙලාවට කවුරුහරි කෙනෙක් ඒ වෙනුවෙන් කැමැත්තෙන් ලබා දෙන මුදල් හෝ AppCenter එක හරහා සිදු කරනු ලබන මිලදීගැනීම හරහා ලැබෙන ආදායම බව ඔවුන් ප්‍රකාශ කරනවා.
*කොහොමද මේක Download කරගන්නේ?*
මේ Elementary OS එක free and opensource මෘදුකාංගයක් වගේම මේකට මිලක් නියම කරන්නත් ඔවුන් කටයුතු කරලා නැහැ. ඒ කියන්නේ ඔයාට සල්ලි තියනවා නම්, ඔයා කැමති ගාණක් ගෙවලා මේක download කරගන්න පුළුවන්.
ඒත් ඔයාට මේ වෙනුවෙන් වියදම් කරන්න තරම් වත්කමක් නැතිනම්, ගෙවීමක් කරන්නේ නැතිව නොමිලයේම මෙය download කරගැනීමේ අවස්ථාව ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා. ඒකට කරන්න තියෙන්නේ මේක download කරන තැන තිබෙන Custom amount එකක් enter කරන තැනට 0 ලෙස ඇතුලත් කරන එකයි.
මේ Elementary OS එක සඳහා අවම system requirement එකක් සඳහන් කර නැති වුණත්, මෙහි හොඳම අත්දැකීම ලබා ගන්න නම් dual core හරි i3 වගේ processor එකක්, 4GB RAM එකක් සහ SSD එකක 15GB පමණ ඉඩකුත් සෑහෙන බව ඔවුන් සඳහන් කරනවා.
කොහොම නමුත් ඉහත සඳහන් කර තිබෙන system requirements වලංගු වෙන්නේ මේ OS එක භාවිතා කරන්න ඕන කරන උපරිම spec එක වන අතර ඔයාගේ පරණ පරිගණකයකට වුණත් මේ OS එක දාලා එදිනෙදා වැඩ කරගන්න ඔයාට තවමත් අවස්ථාව තිබෙනවා.
ඉතින් ඔයා මේ OS එක භාවිතා කරන්න උත්සාහ කරනවා නම්, ඒ පිළිබඳව ඔයාට තිබෙන ගැටළු, අදහස් වගේම අපිට මඟහැරුණු - නමුත් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Group එකට ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
යාලුවන්ටත් දැනගන්න link එක share
කරන්න...😍😍😍😍😍😍😍😍😍😍
කට්ටිය add කරන්න පුලුවන් අය හා
ලිපි සපයන්න පුලුවන් අය මේකට inbox කරන්න....
@chamimanodtha
