es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
අපි පහුගිය lesson එකෙන් Hacking කියන්නේ මොකක්ද සහ Hacker වරුන්ගේ වර්ගීකරණය පිලිබඳ ඉගෙනගත්තා.. අද අපි බලමු Cybercrime සහ Ethical Hacking කියන්නේ මොකක්ද කියලා.. Cyber crimes කියන්නේ මොකක්ද පරිගණක පද්ධති සහ Network hack කරමින් වෛරසයන් පැතිරවීම, දත්ත සොරා ගැනීම, බැංකු ගිණුම් වලින් මුදල් සොරකම් කිරීම මෙම Cybercrimes ලෙස නම් කරනු ලබනවා.. බොහෝ cyber crimes සිදුවන්නේ chat apps සහ දුරකථන හරහා වේ. Cybercrimes වර්ග කීපයක් තිබෙනවා, Computer Fraud: පරිගණක පද්ධති බාවිතයෙන් පුද්ගලික වාසි ලබා ගැනීම සඳහා හිතාමතා රැවටීම. Privacy Violation: පුද්ගලික  email, Mobile number, පුද්ගලික ගිණුම් දත්ත සමාජ මාධ්‍ය තුල සහ වෙබ් අඩවි තුල ප්‍රචාරය කිරීම. Identity Theft: යමෙකුගේ පුද්ගලික තොරතුරු සොරා ගනිමින් එම පුද්ගලයා ලෙස පෙනී සිටීම. Sharing Copyrighted Files/Information: Copy Right Contents බෙදා හැරීම. උදාරහරණයක් ලෙස පරිගණක වැඩ සටහන්, Copyright Files ආදිය හුවමාරු කරගැනීම. Electronic Funds Transfer: පරිගණක බැංකු ජාල වල හොරෙන් ඇතුළු වී එහි මුදල් තම පුද්ගලික ගිණුව වලට රහසේ හුවමාරු කර ගැනීම. Denial of Service Attacks: සේවාදායකයන් වසා දැමීමේ අදහසින් විවිධ ස්ථානවල  පරිගණක භාවිතා කර සයිබර් ප්‍රහාර එල්ල කිරීම මෙයට සම්බන්ධ වේ. Spams: අනවසර ඊමේල් යැවීම. මෙම ඊමේල් වල සාමාන්‍යයෙන් දැන්වීම් අඩංගු වේ. Ethical Hacking කියන්නේ මොකක්ද ? අවසරයෙන් පරිගණක පද්ධති හෝ පරිගණක ජාලවලට ඇතුළුවී එහි ඇති දුර්වලතා හඳුනා ගැනීම සහ දුර්වලතා ආරක්ෂා කරන පිළියම් යෙදීම Ethical Hacking ලෙසින් හඳුන්වනු ලැබේ. Ethical හැකර්වරු පහත සඳහන් නීති රීති පිළිපැදිය යුතුය. ඇතුළුවීමට පෙර පරිගණක පද්ධතියේ හෝ පරිගණක ජාලයේ හිමිකරුගෙන් ලිඛිත අවසරයක් ලබා ගැනීම. සංවිධානයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. පරිගණක පද්ධතියේ හඳුනාගෙන ඇති සියලුම දුර්වලතා විනිවිදභාවයෙන් ආයතනයට වාර්තා  කිරීම. හඳුනාගත් දුර්වලතා පිළිබඳ දෘඩාංග හා මෘදුකාංග අයිතිකරුවන්ට දැන්විය යුතුයි.  දත්ත යනු ආයතනයකට හෝ පුදගලයෙකුට වැදගත්ම කරුණු ගොන්නක් වේ.. ඉතින් මේම දත්ත Hack නොවී ආරක්ෂා කරගැනීමට White Hat Hackers ලොකු පිටුවහලක් වී තිබෙනවා.. ඒ හැකර්වරු පරිගනක පද්ධති සහ ජාල වල අදාල දුර්වලතා හඳුනාගනිමින් එවාට පිලියම් යොදා අවදානම අඩු කර ඇති නිසාය. ඉතින් එම නිසා අදාල සමාගම් වලට ලොකු මුදලක් ඉතිරි කරගත හැකි වේ. Ethical Hacking සඳහා නීතිමය අවසර ඉහත සඳහක් කර ඇති නීති උපදෙස් අකුරමට පිලිපදින්නේ නම්  International Council of E-Commerce Consultants ආයතන මෙහෙයවන ලද පරීක්ෂණයකට පෙනි සිට ඔබ එයින් සමත් උනොත් පමණක් ඔවුන් ඔබට නීතිමය අවසර සහිත සහතිකයක් ලබා දෙනු ලබනවා. ඉතින් අද අපි කතා කලේ Cyber Crimes සහ Ethical Hacking පිලිබඳවයි. Coming soon next letter..............

Funny videos & posts බලන්න කැමති අය සෙට් වෙන්න අපිත් එක්ක..😁😁😁 👉 @veryfunnylk 👉 @Funny_Gang_Posts

දෙවෙනි පෘතිවිය මේ අද අහම්බෙන් දැකපු වෙළද දැන්වීමක් . https://earth2.io/ මෙයාල කියන විදිහට ඔවුන් අද පෘතිවියටම සමාන , ඒ සියලු දේ තියෙන පෘතිවියක් සයිබර් වඅකාශයේ නිර්මාණය කරනවා . ඊට පස්සේ එයාලා ඒකේ ඉඩම් විකුණනවා. ඔකේ බලන්න කියලත් ඇති සම්පූර්ණ මැන්හැට්න් එකම ගත්තොත් කොච්චර ආඩම්බරයක්ද වගේ කියලා :D ඩෙමෝ එකක් ඇති බලන්න. මට හිතා ගන්න බැරි මේක බොහොම හොද බිස්නස් කන්සෙප්ට් එකක්ද නැද්ද කියන එක . පස්සෙ කාලෙක GTA වගේ ඕපන් වර්ල්ඩ් ගේම්ස් වලට තමුන්ගේ ඉඩම රෙන්ට් කරන්න වගේ පුලුවන් නම් ඉතින් ගැටලුවක් නෑ නේද ? :D

🔥All Songs 320kbs High Quality ❤️ English ❤️ Sinhala ❤️ Hindi 🔊 Trance 🔊 New Release All Songs @edm_music_song @edmgangx ❣
🔥All Songs 320kbs High Quality ❤️ English ❤️ Sinhala ❤️ Hindi 🔊 Trance 🔊 New Release All Songs @edm_music_song @edmgangx ❣️උබලට ඕන සිංදු තියනවනම් Group එකෙ Message එකක් දාල ඉල්ලන්න...

⚜පරිගණකයේ පරිනාමය⚜ සියවස් ගනනාවකට ඉහතදී සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව මහත් උනන්දුවෙන් අධ්‍යනය කළේය. අතීතයේ සිටම මිනිසුන් සිදු කල අත්හදා බැලීම්හි ප්‍රතිපලයක් ලෙස අද වන විට මේ තත්වය දක්වා ලෝකය දියුණු වී තිබේ. ඉතාමත් සෙමින් මුල කල දියුණු වූ පරිගණකය 19 වෙනි සියවසෙන් පසුව ඉමහත් දිය්නුවක් ලබා ගත් බව පෙනේ.. පරිගණකයේ පරිනාමය ප්‍රධාන ලෙස පහත පරිදි කාලවකවානු 4කට බෙදා දැක්විය හැක. 🔅පූර්ව යාන්ත්‍රික යුගය= 1450ට පෙර 🔅යාන්ත්‍රික යුගය= 1450-1840 🔅විද්‍යුත් යාන්ත්‍රික යුගය= 1840-1940 🔅විද්‍යුත් යුගය= 1940ට පසු මෙම ලිපියෙන් අද මේ දක්වා දියුණු වූ පරිගණක වලට අඩිතාලම වූ මුල් කාලීන පරිගණක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු. 🔘ඇබකසය(abacus) මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී. 🔘ආකලන යන්ත්‍රය(adding maching/pascaline) 1642 දී බ්ලේස් පැස්කල්‍ විසින් ගණිත කර්ම පහසුවෙන් සිදු කල හැකි යන්ත්‍රයක් නිපදවීය. මෙය ආකලන යන්ත්‍රය ලෙස හැදිනිවේ. මෙමගින් එකතු කිරීම හා අඩු කිරීම පමණක් සිදු කල හැකි විය. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය ලෙස සලකනු ලබයි. 🔘stepped reckoner 1964 දී ජර්මන් ජාතිකයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් පැස්කලයින් යන්ත්‍රය වැඩි දියුනු කර ගුන කිරීම/ බෙදීම වැනි ගනිත කර්ම සිදු කල හැකි මෙම යන්ත්‍රය නිපදවීය. 🔘සිදුරු කාර්ඩ් පත් සංකල්පය(punch card) ප්‍රංශ ජාතික ජෝශප් ජැකුවාඩ් විසින් රෙදි විවීමේ කාර්‍ය පහසු කර ගැනීම සදහා 1801 දී පමන මෙම සංකල්පය සොයා ගන්නා ලදී. මෙය යාන්ත්‍රික යුගයෙ පරිගනක සදහා මහත් ලෙස බලපෑවේය. 🔘Difference engine 1822 දී චාල්ස් බබේජ් විසින් "ලොව ප්‍රථම යාන්ත්‍රික පරිගණකය " සදහා අවශ්‍ය කරන අකෘතිය ඉදිරිපත් කලහ . එය difference engine නම් වේ.. 🔘ඇනලිටිකල් යන්ත්‍රය (analytical engine) චාල්ස් බබේජ් විසින් 1833 දී නිර්මාණය කල ඇනලිටිකල් යන්ත්‍රය සදහා මූලික අඩිතාලම වැටුණේ සිදුරු පත් සංකල්පයයි. මෙහි විශේශත්වය වනුයේ එහි දත්ත අදානය, සකස් කිරීම, ප්‍රතිදානය යන කාර්‍යන් කිරීමට අවශ්‍ය උපාංග එහි තිබීමයි. මෙම සංකල්පය නිසා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හදුන්වයි. තවද මෙහි වැඩසටහන සකස් කල ඇඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta) මැතිනිය ලොව පලමු වැඩසටහන් ශිල්පිනිය ලෙස හදුන්වයි . 🔘වැකියුම් ටියුබ් (vacuum tube) 1906 දී ෆොරස්ට් විසින් එලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගැනීම නූතන පරිගණකය දක්වා පරිගනක පරිනාමයට මහත් පිටිවහලක් විය.😚 🔘MARK 1 1937 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝවර්ඩ් එයිකන් චාල්ස් බැබේජ්ගේ සංකල්පය වැඩි දියුණු කරමින් MARK 1 යන්ත්‍රය නිපදවීය. මෙහි දත්ත ඇතුලු කිරීමට යතුරු ලියනයක් ද, සිදුරු පත් ද, භාවිතා කලහ. මෙය වසර 15කට වැඩි කාලයක් පරිගනක ලොව තුල භාවිතා විය. 🔘ENIAC(Electronic Numerical Integrator and Calculator) 1946 දී john mauchly (ජෝන් මෞක්ලි) සහ J. Presper Eckert විසින් නිපදවූ එනියැක් යන්ත්‍රය ලොව පලමු පොදු කාර්‍යය එලෙක්ට්‍රොනික අංකිත පරිගණකය නම් වේ. 🔘EDSAC (Electronic Delay Storage Automatic Computer) 1947 දී Mourice wilkes විසින් නිපදවන ලද EDSAC යන්ත්‍රය ගබඩා කල ක්‍රමලේක යොදා ගත් මුල්ම අංකිත පරිගණකයයි. 1948 දී නිපදවන ලද EDVAC යන්ත්‍රය ද ගබඩා කල ක්‍රමලේක සංකල්පය මත නිපදවන ලදී.

නැනෝ තාක්ෂණය යනු මිනිස් ඉතිහාසය තුල තාක්ෂණික ලෝකයේ මිනිසා සොයාගත් විශිෂ්ටතම තාක්ෂණයකි. එයින් මිනිසාට ලැබෙන ප්‍රතිලාභ බොහෝය. නැනෝ යන වචනයෙහි අර්තය අගුටුමිට්ටා යන්නයි. අපි එදිනෙදා ජීවිතයේ දුර මැනීමට විවිධ පරිමාණ භාවිතා කරයි. මීටර(m), කිලෝ මීටර (km) සහ සෙන්ටි මීටර (cm) යනු එවැනි කිහිපයකි. නැනෝ මීටර (nm) යනු එවැනිම ඉතාමත් කුඩා පරිමාණයකි. 1nm = 0.000000001m =1×10-9m වේ. දල වශයෙන් මෙය හිසේ කෙස් ගහක අරයෙන් 800000 න් පන්ගුවක් පමන වෙයි. අවකාශයේ ඉඩක් ගන්නා දෑ පදාර්ථ ලෙස හදුන්වයි. මෙම පදාර්ථය නැනෝ පරිමාණයෙන් හැසිරවීම නැනෝ තාක්ෂණය ලෙස සරලව හැදින්විය හැක. නැනෝ තාක්ෂණයේ ප්‍රතිලාභ. 1)    කුණු නොවදින ඇදුම් නිපදවීමට. 2)    විද්‍යුත් උපකරණ වල transistors , IC වැනි කොටස් නිපදවීමට. 3)    නැනෝ රොබෝවරු මගින් වෛද්‍ය ප්‍රතිකාර කිරීමට. 4)    බල ශක්තිය ගබඩා කරන උපකරණ නිපදවීමට   මෙසේ හොද ප්‍රතිඵල මෙන්ම ආයුධ නිපදවීම වැනි නරක ප්‍රතිඵලද නැනෝ තාක්ෂණයේන් ලැබෙන බව අප සිහියේ තබා ගත යුතුය.

💢💢💢💢💢💢💢💢💢💢 Hi යාලුවනේ... මම සිතුම්... මතක ඇති කියලා හිතනවා කට්ටියටම..😊 මං අලුත් වැඩක් පටන් ගත්තා..😌 මං ඔයාලට ගෙනාපු සියලුම ලිපි අතුලත් කරලා මම bot කෙනෙක් හැදුවා ඔයාලා වෙනුවෙන්..😋 ඒ bot ගේ tech article විතරක් නෙමෙයි.. තව ඔයාලට වැදගත් දේවල් ගොඩක් අන්තර්ගත කරලා හදලා තියෙන්නෙ... මේ bot සෑම දවසකම මොහොතින් මොහොත නව ලිපි සමග update කරනවා...😋 ඔයාලට ඕනි වෙලාවක පහසුවෙන් මේ bot හරහා ඕනිම ලිපියක් ලබා ගැනීමේ හැකියාවක් තියනවා.. මේකේ ඔයාලට ඕනි ලිපිය නැත්තම් admin වරයෙක් සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය දේ කිව්වොත් අපි ඒ ලිපිය දවසක් ඇතුලත ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..❤️ ඉතින් මේ ඉන්නේ අපේ bot..👇👇 👉 https://t.me/Turning_point21bot 👈 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Start කරලා හොද නරක කියා ගෙන යන්න...😁

⚜ANDROID Operating system⚜ ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.    ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.   ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින්  තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ.  දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.   2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක   ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance  කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.    2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ. ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM  කියන ස්මාර්ට් ෆෝන් එක... -තොරතුරු අන්තර්ජාලයෙනි- සිතුම් අයියා 🥳

🙄 උඩ telegraph එකේ හොද නරක comment කරන්න චැනල් එක සම්බන්ධ අදහස් හා යෝජනා comment කරන්න

නව්‍යකරණයේ පුරෝගාමියාගේ නවතම වැඩසටහන් සමඟ එකතු වන්න ❤️:🌼 කෙටි කතා,නව කතා කියවන්න... ❤️:🌼 Motivation ❤️:🌼 ආදරය,සිනහව,දැනුම,හාස්‍ය ඔබ නොදුටු සුන්දර තැන් සජීවී Fm කරණය

Vps ගැන post එකක් ඉක්මනට බලාපොරොත්තු වන්න ........ 🙄
Anonymous voting

අවුරුදු දාහතරෙදි මෙච්චර දුරක් එයි කියලා හිතුවේ. නෑ 🙄 ලංකාවේ techNews . lk website එකකට තමන් ම post දාන්න ලැබීම ගොඩක් වාසනාවන
අවුරුදු දාහතරෙදි මෙච්චර දුරක් එයි කියලා හිතුවේ. නෑ 🙄 ලංකාවේ techNews . lk website එකකට තමන් ම post දාන්න ලැබීම ගොඩක් වාසනාවන්තයි.......🌸 සුබ පැතුම් සහෝදරයා ........👊 අපේ පන්තියට එහා පන්තියේ උනත් අපේ පන්තියේ වගේ... 👊

"TikTok app එක downloads වාර බිලියන 3 ඉක්මවූ පළමු Non-Facebook app එක බවට පත්වෙයි ලොව පුරා බොහෝ සෙයින් ජනප්‍රිය TikTok app එක මේ වනවිට downloads බිලියන 3 සීමාව පසු කළ පළමු non-Facebook app එක බවට පත්වී තිබෙන බව Sensor Tower blog අඩවියේ නවතම වාර්තා මගින් පෙන්වා දෙනවා. TikTok Becomes the First Non-Facebook Mobile App to Reach 3 Billion Downloads Globally Sensor Tower data reveals that TikTok has now surpassed 3 billion installs globally, the first non-Facebook app to do so. Sensor Tower Blog Stephanie Chan මෙලෙස downloads වාර බිලියන 3 පසු කල Facebook සමාගමට අයත් නොවන පළමු app එක TikTok app එක වෙනවා මෙන්ම, downloads වාර බිලියන 3 පසු කල පස්වෙනි non-gaming app එක බවට පත්වීමටද TikTok app එකට හැකියාව ලැබී තිබෙනවා. මීට පෙර downloads වාර බිලියන 3 පසු කළ Non-Gaming apps හතරම Facebook ආයතනය සතු WhatsApp, Messenger, Facebook සහ Instagram යන apps වෙනවා. Sensor Tower Store දත්ත මගින් පෙන්වා දෙන ආකාරයට, TikTok app එක 2021 මුල් භාගයේදී ගෝලීය වශයෙන් වැඩිම downloads ප්‍රමාණයක් සහ වැඩිම ආදායමක් උපයාගත් non-game app එක වන අතර 2021 මුල් භාගයේදී TikTok app එක downloads මිලියන 383 කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙනවා. මෙම දත්තවලට අනුව, TikTok හි adoption rate එක 2021 වසරේදී ඉහළ ගොස් ඇති අතර first-time downloads ප්‍රමාණය 2020 සිව්වන කාර්තුවේ සිට 2021 පළමු කාර්තුව දක්වා 17% කින්ද, 2021 පළමු කාර්තුවේ සිට 2021 දෙවන කාර්තුව දක්වා 16% කින්ද ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත්, 2020 මුල් භාගයේ ලබාගත් downloads මිලියන 619 ට සාපේක්ෂව මේ වන විට TikTok app එකේ download ප්‍රමාණය වසරින් වසර 38%කින් පහළ වැටී තිබෙන අතර එයට ප්‍රධානතම හේතුව වූයේ TikTok app එක ඉන්දියානු app store එකෙන් ඉවත් කිරීම බව වැඩිදුරටත් වාර්තා වෙනවා. ගෝලීය වශයෙන්, TikTok හි consumer spending මේ වනවිට ඩොලර් බිලියන 2.5 ඉක්මවා ඇති අතර 2014 වසරේ සිට මේ දක්වා ඩොලර් බිලියන 1 කට වැඩි දළ ආදායමක් උපයා ඇති non-game apps 16 ක් පමණ ඇති අතර ඉන් ඩොලර් බිලියන 2.5 කට වඩා වැඩි සීමාවකට ළඟා වී ඇත්තේ Tinder, Netflix, YouTube සහ Tencent Video යන apps පමණයි."

"ලෝකයේ දුර්වලම Mobile අන්තර්ජාල වේගයන් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්වී ඇති බව 2021 ජූලි Ookla Speed Test වාර්තාව පෙන්වා දෙයි ලොව පුරා අන්තර්ජාල වේගය පිළිබඳ දත්ත සපයන සුප්‍රකට Ookla වාර්තා මාලාවේ 2021 ජූලි මාසයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර එයට අනුව ලොව දුර්වලතම Mobile අන්තර්ජාල වේගය සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ශ්‍රේණිගත වී තිබෙනවා. Speedtest Global Index – Internet Speed around the world – Speedtest Global Index Find out which countries have the fastest internet speeds in the world. View global monthly comparisons of fixed and mobile internet speeds. Speedtest Global Index මෙම රටවල් 10 අතරට එකතුවී ඇති අනෙක් රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ, සුඩානය, ඝානාව, සෝමාලියාව, ටැන්සානියාව හා සැම්බියාවයි. එයිනුත් 2020 වසරට සාපේක්ෂව අන්තර්ජාල වේගය තවදුරටත් අඩු වීමක් පෙන්නුම් කරන්නේ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාවෙ පමණක් වන අතර අනෙක් රටවල් 8ම, අන්තර්ජාල වේගය දුර්වලම රටවල් 10 අතරට එක් වී වී තිබුණත්, එම රටවල් පසුගිය වසරට සාපේක්ෂව වේගයේ වර්ධනයක් පෙන්වා තිබීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජූලි වන විට Mobile internet වේගය 15.7% කින් අඩුවී ඇති අතර, සිම්බාබ්වේ රාජ්‍යයේ එම අගය 15% ක් පමණ වෙනවා. අන්තර්ජාල වේගය වැඩිම රටවල් 10 ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, කටාර්, නෝර්වේ, සයිප්රසය, චීනය, සෞදි අරාබිය, කුවේටය, ඔස්ට්‍රේලියාව හා Luxembourg යන රටවල් දැකගැනීමට හැකියාව තිබෙනවා."