cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ධම්මො හවෙිි රක්‍ඛති ධම්ම චාරි☸☸

නමො බුද්ධාය

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
194
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🟢චක්‍ර‍වර්ති රජු හා සෝවාන් පුද්ගලයා 🔘“කිඤ්චාපි භික්ඛවෙ, රාජා චක්කවත්ති චතුන්නං දීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙත්වා, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, දෙවානං තාවතිංසානං සහව්‍යතං සො තත්ථ නන්දනවනෙ අච්ඡරාසංඝා පරිවුතො දිබ්බෙහි පඤ්චකාමෙහි සමප්පිතො සමංගිභූතො පරිවාරෙති, සො චතූහි ධම්මෙහි අසමන්නාගතො, අථ ඛො සො අපරිමුත්තොව නිරයා, අපරිමුත්තො තිරච්ඡාන යොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා, අපරීමුත්තො අපායදුග්ගතිවිනිපාතා. 🔘කඤ්චාපි භික්ඛවෙ අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති, නන්තකානි ධාරෙසි, සො චතූහි ධම්මෙහි සමන්නාගතො, අථ ඛො සො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා, -පෙ-” (සෝතාපත්ති සංයුත්ත) 🔘මෙහි අදහස මෙසේ ය :- චක්‍ර‍වර්ති රජ තෙමේ මෙලොව සතර මහාද්වීපයට අධිපති කම් කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපදනේ ය. හේ එහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලදුව නන්දන වනයෙහි පඤ්චකාමයෙන් උසස් ලෙස ඉන්ද්‍රියයන් පිනවන්නේ ය. පඤ්චකාමයෙන් සන්තෝෂ වන්නේ ය. එහෙත් හේ අපායට නො යන ගුණ ධර්ම සතරින් යුක්ත නො වන්නේ ය. එබැවින් හේ නරකයෙන් මිදුණෙක් නො වේ. තිරිසන් බවින් මිදුණෙක් ද නො වේ. ප්‍රේත භාවයෙන් මිදුණෙක් ද නො වේ. ඔහු එහි දෙව් සැප විඳින්නේ මරණින් මතු අපායට යා හැකි ස්වභාවය තිබියදී ම ය. 🔘ආර්‍ය්‍යශ්‍රාවකයා පිඬු සිඟා ජීවත් වන කෙනෙක් වූයේ ද, වැරහැලි හැඳ සිටින කෙනෙක් වූයේ ද, හේ මතු අපායෙහි නූපදනා ගුණාංග සතරින් යුක්ත ය. එබැවින් ආර්‍ය්‍යශ්‍රාවකයා නරකයෙන් මිදුණේ ම වේ. තිරිසන් යෝනියෙන් මිදුණේ ම වේ. ප්‍රේත භාවයෙන් මිදුණේ ම වේ. මෙසේ සතර අපායයෙන් මිදුණු කෙනෙක් ව විසීම සෝවාන් පුද්ගලයාගේ උසස් බව ය.
Mostrar todo...
🔆නො දීමේ වරද හා දීමේ අනුසස්🔆 “යස්සෙව භීතො න දදාති මච්ඡරි තදේව දදතො භයං ජිගච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ජරි තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච” තේරුම - මසුරා යමකට බියෙන් නො දේ ද, නො දීමෙන් ඔහුට වන බිය ද එය ම ය. සා ගින්නය පිපාසාවය යන යමකට මසුරා බිය වේ ද, එය ම ඒ බාලයාට මෙලොව දී ද පරලොව දී ද (දන් නොදීම නිසා) පැමිණේ. “ආදිත්තස්මිං අගාරස්මිං - යං නීහරති භාජනං තං තස්ස හොති අත්ථාය - නො ච යං තත්ථ ඩය්හති එවමාදිපිතො ලොකො - ජරාය මරණෙන ච නීහරෙථෙව දානෙන - දින්නං හොති සුනීහතං දින්නං සුඛ ඵලං හොති - නාදින්නං හොති තං තථා චොරා හරන්ති රාජානො - අග්ගි ඩහති නස්සති අථ අන්තෙන ජහති - සරීරං සපරිග්ගහං එතදඤ්ඤාය මෙධාවි - භුඤ්ජෙථ ච දදෙථ ච” තේරුම ගෙයක් ගිනි ගත් කල්හි යම් භාජනාදියක් ඉන් බැහැර කෙළේ නම් එය ඔහුගේ ප්‍රයෝජනය පිණිස වේ. යමක් බැහැර නො කරන ලද ද එය එහි දැවෙන්නේ ය. එ මෙන් ලෝකය ජරාවෙන් හා මරණයෙන් ඇවිල ගත්තේ වේ. එ බැවින් දන්දීම් වශයෙන් තමන් සතු වස්තුව දැවෙන ලෝකයෙන් බැහැර කර ගනිව්. දෙන ලද දෙය බැහැර කර ගන්නා ලද්ද වන්නේ ය. දුන් දෙය සැප විපාක ඇති කරන්නේ වේ. නො දෙන ලද්ද වැඩීමක් නො වී එහි ම නැසෙන්නේ ය. එය සොරු ද ගනිති. රජහු ද ගනිති. ගින්න ද දවයි. විනාශ ද වෙයි. ඉක්බිති ඉතිරි වස්තුව සහිත වූ ශරීරය ද මරණයෙන් හැර දමන්නට සිදු වන්නේ ය. එය දැන නුවණැත්තේ වස්තුව අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. - “දදං පියෝ හෝති භජන්ති නං බහුං කිත්තිං ච පප්පොති යසොභි වඩ්ඪති අමඞ්කුභුතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච්ඡරි තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්‍ය මච්ඡෙර මං සුඛෙසනො තේ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා තිදිවානං සහව්‍යතං ගතා රමන්ති.” තේරුම දෙන තැනැත්තේ ලෝකයාට ප්‍රිය වේ. බොහෝ දෙනා ඔහු භජනය කරති. හේ කීර්තියට පැමිණේ. ඔහුට පිරිවර වැඩේ. හේ නිර්භීත වූයේ පිරිස් මැදට යේ. නො මසුරු මිනිස් තෙමේ සතුටින් වෙසේ. එ බැවින් සැප සොයන්නා වූ නුවණැත්තෝ මසුරු මලය දුරු කොට දන් දෙති. ඔවුහු බොහෝ කල් දෙව් ලොව සිටියාහු දෙවියන් හා එක්වීමට ගියාහු සතුටු වෙති. “එවං චෙ භික්ඛවෙ, සත්තා ජානෙය්‍යුං දාන සංවිභාගස්ස විපාකං යථා අහං ජානාමි න අදත්වා භුඤ්ජෙය්‍යුං, න ච නෙසං මච්ඡෙර මලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය යො පි නෙසං අස්ස චරිමෝ ආලොපො චරිමං කබලං තතො පි න අසංවිභජිත්වා භුඤ්ජෙය්‍යුං. තේරුම මහණෙනි, මම යම් සේ දානයාගේ විපාක දනිම් ද මේ සත්ත්වයෝ එසේ දනිත් නම් දන් නොදී තුමූ නො වළඳන්නාහ. මසුරු මලය ඔවුන්ගේ සිත, යට කරගෙන නො සිටින්නේ ය. ඔවුන්ට යම් අන්තිම බත් පිඩක් වේ නම් එයින් ද දන් දී වළඳන්නාහු ය. මෙතෙකින් දාන කථාව නිමියේය.
Mostrar todo...
ඔබෙි මගේ ජීවිතයට ඉතා වටිනා දේශනාවක් |Balangoda Radha Thero| Ama Dora Viwara Viya
Mostrar todo...
ඔබෙි_මගේ_ජීවිතයට_ඉතා_වටිනා_දේශනාවක්_Balangoda_Radha_The_7_nhj9sPtp0.ogg22.57 MB
✳️තමාගේ හා අන්‍යයන්ගේ ද යහපත පිණිස පිළිපන් උපාසකතුමා✳️ “යතො ඛො මහානාම උපාසකො අත්තනාව සද්ධා සම්පන්නෝ හොති. පරඤ්ච සද්ධා සම්පදාය සමාදපෙති. අත්තනාව සීලසම්පන්නො හොති පරඤ්ච සීල සම්පදාය සමාදපෙති. අත්තනාව චාගසම්පන්නො හොති. පරඤ්ච චාගසම්පදාය සමාදපෙති. අත්තනාව භික්ඛුනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛුදස්සනෙ සමාදපෙති. අත්තනාව සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච ධම්මස්සවනෙ සමාදපෙති. අත්තනාව සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති, අත්තනාව ධතානං ධම්මානං අත්ථුපපරික්ඛී හොති, පරඤ්ච අත්ථුපපරික්කාය සමාදපෙති, අත්තනාව අත්ථ මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්ම පටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම උපාසකො අත්තහිතාය ච පටිපන්නෝ පරහිතාය චා ති.” මෙහි අදහස මෙසේ ය: 1. මහානාමය! මේ සස්නෙහි උපාසක තෙමේ ශ්‍ර‍ද්ධාවෙන් යුක්ත වූයේ අනුන් ශ්‍ර‍ද්ධා සම්පත්තියෙහි පිහිටවා ද, 2.තෙමේ ද, සිල් ඇත්තේ අනුන් ද සීලසම්පත්තියෙහි පිහිටවා ද, 3.තෙමේ ද දෙන ස්වභාවයෙන් යුක්ත වූයේ අනුන් ද දෙන ස්වභාවයෙහි පිහිටවා ද, 4.තෙමේ ද භික්ෂූන් දකිනු කැමැත්ත ඇත්තේ අනුන් ද භික්ෂූන් දැකීමෙහි යොදවා ද, 5.තෙමේ ද සදහම් අසනු කැමැත්තේ අනුන් ද දහම් ඇසීමෙහි යොදවා ද, 6.තෙමේ ද ඇසූ ධර්මයන් දරන ස්වභාවය ඇත්තේ අනුන් ද දහම් දැරීමෙහි යොදවා ද, 7.තෙමේ ද දරන ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නේ අනුන් ද ධර්මයේ අර්ථ පරීක්ෂාවෙහි යොදවා ද, 8.තෙමේ ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යෙදුණේ අනුන් ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යොදවා ද, මහානාමය, මෙතෙකින් උපාසක තෙමේ තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. මෙරමාගේ යහපත පිණිස ද පිළිපන්නේ වෙයි.
Mostrar todo...
🔶ධර්ම රත්නය🔶 ▪️සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍ර‍ය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්‍මරත්න ය යි. ▪️එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්‍ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය. ▪️පටකත්‍ර‍ය යනු විනය පිටකය, සූත්‍ර‍ පිටකය, අභිධර්ම පිටකය යන තුන ය. ▪️එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්‍ර‍කරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි. ▪️සත්‍ර‍ පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර‍ පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ. ▪️එහි දීඝ නිකාය සූත්‍ර‍ සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර‍ එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර‍ සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර‍ නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍ර‍න්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්‍ර‍කරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍ර‍පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. ▪️බදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්‍ර‍කරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.
Mostrar todo...
🔰FOLLOW & SHARE NOW ; http://www.instagram.com/_buddha_philosophy_/ `BUDDHA PHILOSOPHY ☸️_Buddhism that calms the mind_A group Dhamma alms. ☸️ _හිත නිවන බුදු දහම_සමූහයේ ධර්ම දානයකි. 🔅OUR GROUP: t.me/hithanivanabududahama , 🔊OUR CHANEL: https://t.me/HITHANIVANABUDUDAHAM
Mostrar todo...
VID-20210523-WA0002.mp42.90 MB
TV Derana | බහුජනහිතාය | Ep: 04 | Ven.Kirulapana Dhammawijaya Thero
Mostrar todo...
TV_Derana_බහුජනහිතාය_Ep_04_Ven_Kirulapana_Dhammawijaya_h0eGcywJOUs.ogg19.20 MB
🔥ඉරිසියාව නැතිකර ගන්නේ කොහොමද?🔥 💫දේශකයාණෝ අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ💫
Mostrar todo...
AUD-20210727-WA0002.mp312.13 MB
දෑත දෙපය වාරැ තියන වෙලාවෙි මෙි දේවල් ජීවිතයට ගලපා ගන්න|Balangoda Radha Thero| Ama Dora Viwara Viya
Mostrar todo...
දෑත_දෙපය_වාරැ_තියන_වෙලාවෙි_මෙි_දේවල්_ජීවිතයට_ගලපා_ගන්න_U66e5itrFNA.ogg20.64 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.