es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

අනන්තය | Ananthaya 🖋️🍃

අනන්තය | Ananthaya 🖋️🍃

Ir al canal en Telegram

සිතුවිලි නිසල නොවන ලෝකයක, අකුරු කරන නිසදෙස් සහ නොකියවුණු මතවාදයන්ගේ නවාතැන්පොළ.. 🖋️ සිතුවිලි වලට පියාපත් දෙන ඉම. ​නව යොවුන් වියේ නැවුම් හීන 🌿 සහ මැදි වියේ අත්දැකීම් 📖 එකිනෙක හමුවන අපූරු මංසන්ධිය - අනන්තය. ​සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️

Mostrar más
1 510
Suscriptores
Sin datos24 horas
-87 días
-2630 días
Archivo de publicaciones
තේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුය. අපිව දැනගත් මිනිසුන් බොහෝය, නමුත් අපිව තේරුම් ගත් මිනිසුන් අතලොස්සකි. 🤍🥺🍃
තේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුය. අපිව දැනගත් මිනිසුන් බොහෝය, නමුත් අපිව තේරුම් ගත් මිනිසුන් අතලොස්සකි. 🤍🥺🍃

පොඩි කාලේ ඉදන් මට හිටියේ Pressure එකක් නොදුන්න අම්මෙක් තාත්තෙක් , පවුලක් !! - පුළුවන් විදියට ලියලා එන්න පුතේ -පුළුවන් විදියට
පොඩි කාලේ ඉදන් මට හිටියේ Pressure එකක් නොදුන්න අම්මෙක් තාත්තෙක් , පවුලක් !! - පුළුවන් විදියට ලියලා එන්න පුතේ -පුළුවන් විදියට මූණ දීලා එන්න පුතේ -පුළුවන් විදියකට කරන්න පුතේ -අනිත් අය ඕන දෙයක් කියාපුදෙන් ඔයාට ඕනි විදියට, ගැලපෙන විදියට ඉන්න පුතේ. -ඔයා හැමදාම අපිට අපේ දරුවා. -ඔයා ආස පැත්තකින් ඉගෙන ගන්න පුතේ. -කවදාවත් ඔයාව අපි ඉන්නකන් තනිකරන්නේ නැහැ. - ඔයා පටන් ගන්න අපි ඉන්නවා උදව්වට. මේ වගේ පවුලක් කියන්නේ හරිම වාසනාවක්

* ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු .. * ඕනෙම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු .. * කිසිදෙයක් බලාපො
* ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු .. * ඕනෙම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු .. * කිසිදෙයක් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු .. * නිතරම කතා නොකලත් කාලෙකින් කතාකරනකොට හරි ලෙන්ගතුකමින් කතාකරන මිනිස්සු... * නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු .. * හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු .. අනිවාර්යයෙන්ම ජීවිතේ , එකම එක වතාවකදි හරි ඔයාට එහෙම මිනිස්සු මුණගස්සනවා .. මඟහැරගන්නෙපා ! එයාලා තමයි ඇත්තම ආදරණීය මිනිස්සු !! 🤍 🍃 -Single romeo

විශ්වාස කරපන්! ඇතා වෙනුවෙන් පොස්ට් එකක් දාගන්න මේ රටේ ජනාධිපතිට හයියක් නෑ!🥲🙂

📢 අපගේ වන සම්පත රැකගැනීමට එකතු වන්න! 🇱🇰🐘 කාවන්තිස්ස වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු. ❤️🙏 Voice for Kavantissa මුහුණුපොත පිට
📢 අපගේ වන සම්පත රැකගැනීමට එකතු වන්න! 🇱🇰🐘 කාවන්තිස්ස වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු. ❤️🙏 Voice for Kavantissa මුහුණුපොත පිටුව සහ සමාජ මාධ්‍ය මෙහෙයවන්නේ අපේ Buddika Roshan අයියා. වනසතුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් හඬනඟන ඒ මහඟු කාර්යයට අපිත් එකතු වෙමු. තේක්ක ඇතා, භාතිය, සහ කාවන්තිස්ස වැනි අපේ අභිමානවත් හස්තීන්ට සිදු වූ ඛේදනීය තත්ත්වය ආයේ කිසිම දවසක වෙනත් කිසිම වනසතෙකුට සිදු වීමට අප ඉඩ නොතබමු! #helaasipatha #voiceforkavantissa #justiceforkavanthissa

​⚡ ඔබගේ ප්‍රදේශයට දැනට විදුලිය (Current) තිබේද? 🔌
Anonymous voting

“අපි ජීවත් වෙන්නේ හරි පුංචි කාලයක්. සමහර දේවල් අවශ්‍යම වෙලාවේ කරන්න බැරි වුණාම, පස්සේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා...” “මට තේරෙන්නේ නෑ හලෝ, මම කොහොමද ආයෙත් සැරයක් එයා ළඟට ගිහින් කතා කරන්නේ කියලවත්. අනික, මම එයාව මගේ මුළු අනාගත සැලසුම්වලින්ම අයින් කරලයි තිබුණේ...” “ජීවිතේ අපි කොච්චර සැලසුම් හැදුවත්, දෛවය ඒ හැමදේම වෙනස් කරනවා. සමහර වෙලාවට අපි අපේ සැලසුම්වලින් මිනිස්සුන්ව අයින් කරනවා... ඒත් දෛවය අපේ සැලසුම්වලින් අපිවම අයින් කරන්න කලින්, ජීවිතේ අපිට දෙන අවස්ථාවල වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්න... සමහරවිට අපිට අහිමි වුණා කියලා හිතන දේවල්ම, ජීවිතේ අපිට ආයෙත් ලැබෙන්න තියෙන ලස්සනම අවස්ථා වෙන්න පුළුවන්...” ❤️‍🩹 සමහර කතා අවසන් වෙන්නේ ආදරය නැති නිසා නෙවෙයි. ඒ ආදරයත් එක්ක ජීවත් වෙන්න දන්නේ කොහොමද කියලා දෙන්නම නොදන්න නිසා. 💔 #අසංධිමිත Shalani Tharaka ITN Sri Lanka

The Voice Teens Sri Lanka S3, Who Will You Crown?
Anonymous voting

" ඔයා මේ දවස් ටිකේම අවුලින් හිටියෙ. අපි කොෆී එකක් බොන්න යමු ද. ? " මිත්‍රත්වය වේවා, ප්‍රේමය වේවා.. බැඳීම් අතරෙ ආදරණීය කෙනෙක්
" ඔයා මේ දවස් ටිකේම අවුලින් හිටියෙ. අපි කොෆී එකක් බොන්න යමු ද. ? " මිත්‍රත්වය වේවා, ප්‍රේමය වේවා.. බැඳීම් අතරෙ ආදරණීය කෙනෙක් වෙන්න. බැඳීම් අතරෙ හිතවතෙක් වෙන්න. !💆🏻‍♂️🫂 - Ukey

ඒ සම්බන්ධතාවයේ අවසානයේ එයා මගෙන් ඇහුවා, “ඔයා මම වෙනුවෙන් මොනවද කරේ?” කියලා. ඒ වෙලාවේ මම මුකුත්ම කිව්වේ නැහැ. සිනහවකින් පිළිතු
ඒ සම්බන්ධතාවයේ අවසානයේ එයා මගෙන් ඇහුවා, “ඔයා මම වෙනුවෙන් මොනවද කරේ?” කියලා. ඒ වෙලාවේ මම මුකුත්ම කිව්වේ නැහැ. සිනහවකින් පිළිතුරක් දීලා එතනින් අයින් වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළේ තිබුණේ වෙනම ප්‍රශ්නයක්… “මම ඔයා වෙනුවෙන් මොනවද නොකරේ?” සමහරවිට එයා දන්නේ නැතුව ඇති, එයා වෙනුවෙන් මම කොච්චර කැපකිරීම් කරාද කියලා. ඒවා හැමෝටම පෙනෙන දේවල් නොවුණාට, එයාට මාව අවශ්‍ය වුණු හැම තැනකම මම හිටියා. මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය, මම පුළුවන් තරම් නොවෙයි… මට පුළුවන් උපරිමයෙන්ම කරා. ඒ නිසා එදා මම නිහඬව හිටියේ, මට පිළිතුරක් තිබුණේ නැති නිසා නෙවෙයි… මගේ හිත ඇතුළේ තිබුණු එකම පිළිතුර, “ඔයා මම වෙනුවෙන් මොනවද කරේ?” නෙවෙයි… “මම ඔයා වෙනුවෙන් මොනවද නොකරේ?” කියන එකයි.

යාලුකමට එහා ගිය… ආදරයක් කියලා නමක් දෙන්න බැරි තැනක නතර වුණු බැඳීමක් ඔයාගේ ජීවිතෙත් තියෙනවද? හිතේ තියෙන දේ කිව්වොත්, අද තියෙන
යාලුකමට එහා ගිය… ආදරයක් කියලා නමක් දෙන්න බැරි තැනක නතර වුණු බැඳීමක් ඔයාගේ ජීවිතෙත් තියෙනවද? හිතේ තියෙන දේ කිව්වොත්, අද තියෙන මේ ලස්සන බැඳීමත් නැතිවෙයි කියන බයට ඒ හැඟීම හිත ඇතුළෙම හංගගෙන ඉන්නවද…? ඒත් ජීවිතේ කොච්චර දේවල් වෙනස් වුණත්, ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම හැමෝටම කලින් එයා ඔයා ළඟ ඉන්නවා කියලා ඔයා දන්නවා… සමහර බැඳීම්වලට නමක් නැහැ. ඒත් සමහර වෙලාවට, නමක් තියෙන ආදරයකටත් වඩා ඒ බැඳීම ගැඹුරුයි. 🤍 “අසංධිමිත” සංයමක් නොමැතිව නිර්මාණය වු මිනිසුන්ගේ රතුඑලිය 💫

මේ ඉටිපන්දම ඔයා හොයපු විදිහේ සුවඳ ගහන ඉටිපන්දමක්.. 🕯️ 🤭 අඳුරේ ඔබ තනිවෙලා කියල හිතුනොත් ඈත ඉදන් මම ඉටිපන්දමක් ඔසවන්නම් ඔබට ආ
මේ ඉටිපන්දම ඔයා හොයපු විදිහේ සුවඳ ගහන ඉටිපන්දමක්.. 🕯️ 🤭 අඳුරේ ඔබ තනිවෙලා කියල හිතුනොත් ඈත ඉදන් මම ඉටිපන්දමක් ඔසවන්නම් ඔබට ආලෝකය වෙන්න.. ලෝකෙ කොහේ හිටියත් මම පොරොන්දු වුනා මම ඉදිරියේදි ඔබට පුංචි සීරිමක් හෝ වෙන්න නොදෙන බව එය ඔබට අමතක වුනත් මම හැමදාම මතකයේ තබාගන්නම්… කවුරුන් ඔබට නැතිවුණත් මම ඔබට ඉන්න බව මට මතකයි…❤️ තවත් දවසක මේ වගේ සීතල රාත්‍රියක කහ පාට එලි මැදින් පුංචි සයිකලයක ඔබත් සමඟ ඉදිරියට ඇදෙන්න මම බලාගෙන ඉන්නවා…💫 Crash landing on you හිත නිවන කතාවකට ඉඩදෙන්න..👌

+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. - ඒ කිවේ ?? ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න.. ඔයා ආස ගෙදරට වෙලා බුද
+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. - ඒ කිවේ ?? ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න.. ඔයා ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න.. ඔයා ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න.. ඔයා ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න.. ඔයා ආස Public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ Privateව ජීවත් වෙන්න.. ඔයා ආස බල්ලොන්ට උනාට, සමහරු ආස පූසොන්ට.. සරලවම.. ඔයා ආස එකකට.. මිනිස්සු ආස වෙනමම දෙයකට.. ඔයාවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා.. මිනිස්සුන්ට ආදරේ කරන්න.. මිනිස්සුන්ව විනිශ්චය නොකර, මිනිස්සුන්ට ඉන්න දෙන්න ! 🤍 - Mr. Asii - අසී

"ඉතිං ඒ ඍතුව කොයිතරම් දුශ්කර උණත් කමක් නෑ, මම, මාව බලාගන්නවා. !"🤍🥺🌼
"ඉතිං ඒ ඍතුව කොයිතරම් දුශ්කර උණත් කමක් නෑ, මම, මාව බලාගන්නවා. !"🤍🥺🌼

සම්බන්ධතාවයක පදනම සංවාදය වුණත්, අද අපි කරන්නේ එක ළඟ ඉඳන් වෙන වෙනම තිර දිහා බලාගෙන ඉන්න එක විතරයි.. අපි වචන අහනවා, හැබැයි එකින
සම්බන්ධතාවයක පදනම සංවාදය වුණත්, අද අපි කරන්නේ එක ළඟ ඉඳන් වෙන වෙනම තිර දිහා බලාගෙන ඉන්න එක විතරයි.. අපි වචන අහනවා, හැබැයි එකිනෙකාගේ හදවතට සවන් දෙන්නේ නැහැ... මේ යාන්ත්‍රික ලෝකය වෙනස් කරන්න නම්... අපිට සිද්ධ වෙනවා අතීතයේ වගේම ගිනිමැලයක් වටා එකතු වී හෘදයාංගමව කතාබහ කරපු ඒ අතීතයට නැවතත් පියනගන්න. 🌌🔥

අතින් අල්ලන් ඉන්න එක ද ආදරේ? 🌸♥️ මට නම් ආදරේ කියන්නෙම අතින් අල්ලන් ඉන්න එක, අත් නොහැර ලඟ ඉන්න එක! 🤍🌸 පොතකින්.

අපේ ජීවිතේට කොච්චර මිනිස්සු ආවා ගියත් අන්තිමට ඇත්තටම ආදරේ ය අපි ළඟ නතර වෙනවා ! 🥹🤍💫🕊🍃

🔴. "බොරු ලස්සනට රැවටිලා පස්සේ කාලෙක පසුතැවෙනවට වඩා, අද මේ ඇත්ත තේරුම් අරන් උඹේ අනාගතය බේරගනින්. 🔥උඹත් කෙල්ලෙක් ගැන හිතන්න කලින්, මේ "රහස්" ටික දැනගනින්: 01. ලස්සනට වඩා "චරිතය" හොයපන් 🧠 ලස්සන කෙල්ලෙක්ට උඹේ අවධානය ගන්න පුළුවන්, හැබැයි උඹේ හිතට සැනසීම දෙන්න පුළුවන් ඇයගේ "චරිතයට" විතරයි. තරහ ගිය වෙලාවට ඇය හැසිරෙන්නේ කොහොමද? කවුරුත් නැති වෙලාවට ඇය අනුන්ට සලකන්නේ කොහොමද? ඒ පුංචි පුංචි දේවල් තමයි ඇයගේ ඇත්තම මූණ. 02. කරුණාවන්ත හදවතක් තියෙනවාද බලපන් ❤️ කරුණාව කියන්නේ දුර්වලකමක් නෙවෙයි මචං, ඒක මානසික පරිණතකම. උඹව පහත් නොකර, උඹට රිදවන්නේ නැතුව උඹේ වැරදි පෙන්වලා දෙන්න දන්න කෙල්ලෙක් උඹේ ලෝකයම එළිය කරනවා. රණ්ඩු වෙද්දී පවා අනුකම්පාව තියෙන කෙල්ලෙක් තමයි ඇත්තටම වටින්නේ. 03. ප්‍රශ්න වලදී ඇය "ෆෝල්ඩ්" වෙනවද බලපන් 🌪️ ඕනෑම කෙල්ලෙක්ට ජීවිතේ සැපට තියෙද්දී රෝස මලක් වගේ ඉන්න පුළුවන්. හැබැයි කරදරයක්, ප්‍රශ්නයක් ආපු වෙලාවට ඇය ඒක "හැන්ඩ්ල්" කරන්නේ කොහොමද? ප්‍රශ්න වලදී පීචං වෙන්නේ නැති, උඹවත් පිස්සු වට්ටන්නේ නැති, "කූල්" එකේ ඉන්න දන්න කෙල්ලෙක් කියන්නේ උඹේ ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදයක්. 04. ඇයගේ "Loyalty" එක වචන නෙවෙයි, ක්‍රියාවක් වෙන්න ඔනෙ🤝 විශ්වාසය කියන්නේ වචන වලට නෙවෙයි, ඇයගේ දෛනික හැසිරීමට. උඹ නැති තැනත් උඹේ ගෞරවය ආරක්ෂා කරන කෙල්ලෙක් හොයාගනින්. උඹේ හිතට නිදහසක් දෙන, සැකයක් ඉතිරි නොකරන කෙල්ලෙක් කියන්නේ පිරිමියෙක්ට ලැබෙන ලොකුම තෑග්ගක්. 05. තමන්ට ගරු කරන කෙල්ලෙක් තෝරගනින් 👑 තමන්ට ගරු කරන කෙල්ලෙක් ලෝකෙට පේන්න Attention හොයන්නේ නැහැ. ඇය දන්නවා ඇයගේ වටිනාකම. ඇය තමන්ගේ තත්වයට ගැලපෙන විදියට හැසිරෙනවා. තමන්ට ම ගරු කරන කෙල්ලෙක් තමයි උඹටත් ගරු කරන්නේ. 06. තමන්ගේ වැරදි පිළිගන්න පුළුවන්ද බලපන් ⚔️ වැරදි කරන්නේ නැති මිනිස්සු නැහැ. හැබැයි වැරැද්දක් වුණාම යුද්ධයක් ප්‍රකාශ නොකර "මගේ අතින් වුණේ වැරැද්දක්" කියලා පිළිගන්න පුළුවන් කෙල්ලෙක් රත්තරන් මචං. තමන්ගේ වැරදි වහන්න බොරු කියන, දඟලන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන එක හිරගෙයක ඉන්නවා වගේ වැඩක්. 07. ඇය උඹේ ජීවිතයට "සාමය" ගේනවාද? 🌅 හොඳ සම්බන්ධතාවයක් කියන්නේ හැමදාම රණ්ඩු වෙන, වලි දාගන්න තැනක් නෙවෙයි. ප්‍රශ්න තිබුණත්, ඇය ළඟ ඉද්දී උඹේ හිතට සැනසීමක් දැනෙනවා නම්, උඹේ මොළේ කලබල වෙන්නේ නැත්නම් — ඒක තමයි උඹේ "Green Flag" එක. 08. ජීවිතේ "ගොඩදාන්න" උදව් කරන කෙල්ලෙක් වෙන්න ඕනේ 🏗️ නියම කෙල්ලෙක් උඹව දුර්වල කරන්නේ නැහැ, උඹව තවත් ශක්තිමත් කරනවා. උඹේ හීන වලට හිනාවෙන්නේ නැතුව, උඹේ "Purpose" එකට සහයෝගය දෙන කෙල්ලෙක් තෝරගනින්. ලස්සන විතරක් බලන්න එපා, හෙට දවස ලස්සන කරන්න උදව් කරන කෙල්ලෙක්ව තෝරගනින්. 🤫කොල්ලෝ... කෙල්ලෙක් තෝරගන්න එක උඹේ මුළු ජීවිතේම තීරණය කරනවා. ඒ නිසා ඉක්මන් වෙන්න එපා. උඹේ අධිරාජ්‍යය හදන්න උදව් කරන නියම "Queen" කෙනෙක් හොයාගනින්. මේ කරුණු 8 න් උඹට දැනටමත් හම්බවුණු වටිනාම කරුණ මොකක්ද? සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️

Girl : අයෙත් බොන්න පටන් ගත්තද ..? Boy : ඔව් Girl : ඔයා මට පොරොන්දු උනා 🗣 Boy : ඔයගේ පොරොන්දු ඔයා රැක්කද..? Girl :ඔව් එත් අපිට අපි ගලපා ගන්න බැරි වුණා Boy : මිනිස්සු ගලපන්න බැ කවදාවත් මිනිස්සු ගැලපෙන්නෙත් නැ දෙන්නෙක් එකට ඉන්නේ තෙරුම් ගැනිම මත නොගැලපෙන දෙවල් ගලපා ගන්න එක නෙවේ තෙරුම් ගන්නයි ඔනි කරුමෙට ඔයා මව තෙරුම් ගත්තේ නැ 😔 Girl : එහේනම් නැකිටින්න Boy : මට නැකිටින්න ඔයා මට අයේ ඔනි ඔයට පුලුවන්ද..? Girl : මන් නිසා ඔයා වැටෙන්න එපා ඔයා ඔයව නැති කරගන්න එපා Boy : නැ මන් වැටිලා ඉවරයි මට මව නැති වෙලා ඉවරයි 💔 Girl : කොහොම හරි දැන් ඒ දෙවල් වෙලා ඉවරයි එහෙමයි කියලා ඔයා ඔයාව විනාශ කර ගන්න එක හරියන්නැ Boy : ඔයා මගේ ජිවිතේට අවේ මන් ගැන හොදටම දැනගෙන ඒ වගේම ඒ තිබ්බ ජිවිතේ හින පෙන්නල ඔයා හරි ලස්සනට හැදුවා හදලා කලින් තිබ්බටත් වඩා විනාශ කරලා ඔයා වෙන කෙනෙක් ගවට යන්න ගියා 🤍💔 Girl : මට සමාවෙන්න Boy : දැන් සමාව ඉල්ලලා වැඩක් නැ මට දැන් ජිවිතයක් නැ මගේ ජිවිතේ වුනේ ඔයා මගේ ලොකේම වුනේ ඔයා ඔයා ලෙසියෙන්ම වසර ගානක මතක මකලා වෙන කෙනෙක්ගේ වුණා මට දැන් ඔනි මේ ජිවිතේන් සමු දෙන්න 🗣🎚️ Girl : ඔයට පිස්සුද අපිට අපේ වෙන්න බැරි වුණා එත් ඔයට පුලුවන් ඔයගේ වෙන කෙනාට අදරේ කරන්න Boy : 🗣🙇‍♂ එ වගේ පහත් වැඩක් ඔයට කරන්න පුලුවන් වුනාට මට කරන්න බැ සුදු ඒක ඔයගේ ජෙනුයින් එක ඔයා වෙනුවෙන් සදහටම තනි වෙලා බලන් ඉන්න එක මහේ මහත්මා ගතිය 🙇‍♂ Gir : හුම් 🤍 Boy : හිත රිදුනනම් සමාවෙන්න මන් කිවේ ඒ මගේ ගතිය ..😔💔 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️

මිනිස් ජීවිතයක් කියන්නෙ feelings මහ ගොඩක එකතුවක්. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඒ දේවල් කොහොමත් හම්බ වෙනවා... අපි practic
මිනිස් ජීවිතයක් කියන්නෙ feelings මහ ගොඩක එකතුවක්. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඒ දේවල් කොහොමත් හම්බ වෙනවා... අපි practice කරන්න ඕනෙ අපිට දැනෙන ඒ හැම හැඟීමකටම මුහුණ දෙන්න... ඊළග දේ ඔය අපිට හම්බෙන අවුල් feeling හැම එකක්ම fix කරන්නත් අපිට අමාරුයි. සමහර දේවල් එහෙමම තියෙනවා, අපි අපිට කැමති සනීප feelings එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. -SAN සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️