1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
මානසික වෛද්‍යවරුන් පවසන පරිදි , ගෙදරක අම්මා , තමන්ගෙ දරුවන්ට නිතරම බැණ වැදීම , කෑගැසීම හා පහර දීම , එම දරුවන්ගේ මානසික මට්ටම කෙරේ මහත් බලපෑමක් කරනව.
ඒ වගේම , දරුවන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීම තුළින් සහ ප්‍රශ්න නිරාකරණය කරගැනීමේදී ඉතාමත් මෘදු පියවර ගැනීම තුළින් , මව්වරුන්ට හැකියාවක් ලැබෙනවා , තම දරුවන්ගේ ආකර්ශණය දිනාගන්න වගේම දරුවන්ගේ මානසික මට්ටම කෙරේ යහපත් බලපෑමක් ඉටු කරන්න.
-----------------------------------------
Admin Note :
මම දන්න එක්තරා ළමයෙක්ට පොඩි කාලෙදි , එයාලගෙ ගෙදරින් එයාට ගොඩක් බලපෑම් කරල. ගොඩක්ම අම්මා. වැඩ කරන්න කියල සහ ලකුණු අඩු උනාම පහර දීල. දවසක් ඒ අම්මා අඩිකෝදුවකින් පහරදෙනකොට අත්වැරදීමකින් අඩිකෝදුවේ කොනක් කැඩිලා , ඒකට ඒ ළමයගෙ පිට තුවාළ වෙලා.
අන්න ඒ කලු පැල්ලම නිසා මෑතක් වෙනකංම , ඒ ළමයා අම්මට වෛර කලා. කොටින්ම අම්මට මරණ තර්ජන පවා කලා. ඒ ළමය පිට මිනිස්සුන්ට සෑහෙන හොඳයි. ගෙදර අයව දැක්කත් කේන්ති යනව. විශේෂයෙන්ම අම්මව දැක්කම ගොඩක් කේන්ති යනව.
අන්තිමට මානසික වෛද්‍යවරයෙක් හම්බුනාම , එතනදි තමා අනාවරණය වෙලා තියෙන්නෙ ඒ ළමයගෙ හැසිරීම් වලට හේතුව , අර පොඩි කාලෙදි වෙච්ච තුවාලය කියල.
ඉතින් මෝහනය කිරීමක් මගින් කරුණු පැහැදිලි කරල , එක එක දේවල් මනසට කාවද්දල තමා , ඒ ළමයව ආපහු යහපත් අතට ගත්තෙ.
දෙමාපියන්ගෙන් වෙන බලපෑම අවුරුදු කීපයක් උනාට , ඒක , ඒ දරුවගෙ මුලු ජීවිතකාලයටම බලපානව. ඒ නිසා දෙමාපියෙක් වෙන එක සුලුවෙන් තකන්න එපා.
#Psycho_Facts ♡ @LearnBits
1 305
Venezuelan poodle moth
Venezuelan poodle කියන්නෙ 2009 අවුරුද්දෙ Dr. Arthur Anker විසින් පළමු වරට සොයාගත් සලඹ විශේෂයක්.
#Knowledge ♡ @LearnBits
1 305
පර්යේෂණ වලින් පෙන්නල දීල තියෙනව , ක්‍රීඩා වල නිරත වීම තුළින්,
- වඩා හොඳ සමාජ කුසලතා වර්ධනය කර ගැනීම
- ආත්ම අභිමානය වැඩිදියුණු කරගැනීම
- ආත්ම විශ්වාස වැඩිදියුණු කරගැනීම
- ස්වයං පාලනය,
වැනි ප්‍රතිලාභ අත්කරගන්න පුලුවන් කියල.
ඒ වගේම ක්‍රීඩා වල නිරත වෙන පුද්ගලයන්ට මානසික අවපීඩන , කාංසාව වගේ රෝග ලක්ශණ අඩුයි කියලත් තහවුරු වෙලා තියෙනව.
ඒ නිසා දිනපතාම සුලු ව්‍යායාමයක් හෝ කරන්න. විනාඩි 20ක් වත්.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයා දන්නවාද?
කොමඩු වල තියෙනවා ඇමයිනෝ අම්ලයක් CITRULLINE කියල. මේ සංයෝගයෙන් රුධිර සංසරණ පද්ධතියට යහපත් බලපෑමක් වෙනව වගේම , ලිංගික ආශාවන් ඉහළ නැංවීමටත් බලපානව.
#Knowledge ♡ @LearnBits
1 305
දවසක ඔයා තේරුම් ගනීවි....
සතුට කියන්නෙ ඔයාගෙ ජොබ් එකවත් , ඔයාගෙ උපාධියවත් , ඔයාගෙ ආදර සම්බන්ධතාවයවත් ගැන දෙයක් නෙවෙයි. ඒ වගේම ඔයා වෙන කෙනෙක්ගෙ අඩිපාරක ගියා කියල සතුට ළඟා කරගන්නත් බෑ.
සතුට කියන්නෙ කවදාවත් , "වෙන කෙනෙක් වගේ" වීමට නෙවෙයි.
දවසක ඔයා තේරුම් ගනීවි. සතුට කියන්නෙ , ඔයාගෙ බලාපොරොත්තුවලට , ඔයාගෙ හදවතට සවන් දීමට , හදවතට එකඟව වැඩ කිරීමට කියල. කොටින්ම සතුට කියන්නෙ ඔයා ඔයාටම කරුණාවන්ත වීමටයි. ඔයා පත්වෙමින් ඉන්න පුද්ගලයාව ආදරයෙන් වැළඳගැනීමටයි.
සතුට කියන්නෙ , ඔයා ඔයා එක්කම ජීවත් වෙන ආකාරය ඉගෙන ගැනීමටයි. ඔයාගෙ සතුට , කිසිමවෙලාවක වෙන කෙනෙක් ගාව තිබුනෙ නෑ. ඒක තියෙන්නෙ ඔයා ගාවමයි. ඔයාගෙ සතුටේ උල්පත ඔයාමයි. ඔයාගෙ සතුටේ වගකීම තියෙන්නෙ ඔයා අතේමයි..
#Morning_Thoughts ♡ @LearnBits
1 305
#Channel_Log
- Channel DP changed
- Get the previous one's Template here
- New Channel created for maintan the website
- Join @LearnBitsCode
That's all for now. See ya..!✌️
Thank you for joining with LearnBits
1 305
සෙනසුරු ග්‍රහයාත් , සූර්යයාට දෙවනි නොවන උෂ්ණත්වයක් පිට කරනවා. විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ , හීලියම් වායුව සෙමෙන් සෙමෙන් ද්‍රව හයිඩ්‍රජන් තුළින් ග්‍රහයාගෙ අභ්‍යන්තර ඇතුලට ගිලෙමින් පවතින නිසා බවයි.
ඇස්තමේන්තු කර ඇති ආකාරයට සෙනසුරු අභ්‍යන්තර උෂ්ණත්වය 21,150°F (11,700°C) පමණ වේ.
#Facts ♡ @LearnBits
1 305
පිළිතුර:- 45
පැහැදිලි කිරීම:-
සාමාන්‍යෙන් පොතක එක කොළයක් කියන්නෙ පිටු දෙකක්.
ඔයාල පොතක් දිහා බැලුවම දැකල ඇති 1,2 පිටු කියන්නෙ එක කොළයක් කියල. ඉතින් මේකෙ කියන විදිහට,
3,4 පිටු එක කොළයක්,
25,26 පිටු එක කොළයක්,
75,76 පිටු එක කොළයක්,
97,98 සහ 99,100 කියන්නෙ තවත් කොළ දෙකක්.
එතකොට සම්පූර්ණ කොළ 5ක් අඩු වෙනව.
ප්‍රශ්නෙන් අහන්නෙ කොළ ගාන මිසක් පිටු ගාන නෙවෙයි.
ඒ නිසා පිටු 100ක පොතක කොළ 50යි.
ඒ අනුව කොළ 5ක් අඩු උනාම , ඉතුරු කොළ 45 යි.
විභාගෙකදි ප්‍රශ්නෙ හරියට කියවන්නැතුව , දන්නම කරුණුත් වරද්දගන්නෙ මෙහෙම තමයි අපි.😁
@LearnBits
1 305
Direct Question from subscriber
මම මේ පෝස්ට් එකේ කිව්වා නිවුන් දරුවන්ට වෙනස් පියවරුන් ඉන්න පුලුවන් කියල. ඉතින් LearnBits සාමාජිකයෙක් ඒ ගැන ප්‍රශ්නයක් යොමු කලා.
Question - නිවුන් දරුවන්ට එහෙම වෙනස් පියවරුන් ඉන්න පුලුවන්ද. ඒක වෙන්නෙ කොහොමද?
Answer
පිළිතුර ඔව්. එහෙම වෙන්න පුලුවන්. මෙතනදි වෙන්නේ කාන්තාව සතියක් වගේ කෙටි කාලයක් ඇතුලත ඩිම්බ දෙකක් මුදාහරිනවා. ආර්තව චක්‍රයේ බලපෑමක් නිසා හෝ වෙනත් බලපෑමක් නිසා.
ඉතින් එතකොට ඒ කාලසීමාව ඇතුළත අර මුදාහැරපු ඩිම්බයන් දෙක , එකිනෙකට වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුගේ ශුක්‍රාණු එක්ක සංසේචනය වෙන්න ඉඩකඩක් තියෙනව.
මේකට කියන්නෙ heteropaternal superfecundation සංසිද්ධිය කියල.
2011 ඉඳන් මේ දක්වා මෙහෙම සිදුවීම් 7 ක් පමණ සුලු ප්‍රමාණයයි වාර්තා වෙලා තියෙන්නෙ. ඉතින් මේක ගොඩක් දුර්ලභ සිදුවීමක්. නමුත් විය හැකි දෙයක්.
චැනල් එකේ පළ කරපු දෙයක් ගැන හෝ , වෙනත් දැනගන්න දෙයක් තියෙනව නං අහන්න.
#LearnBits_Q_A @LearnBits
1 305
පොතක පිටු 100ක් තියෙනව. ඒකෙන් 3, 4, 25, 26, 75, 76, කියන පිටු සහ 97 සිට 100 දක්වා පිටු ඉරල ඉවත් කරනව.
දැන් පොතේ සම්පූර්ණ කඩදාසි කොළ කීයද?
1 305
💓 ඔයාට දිනපතා කතා කරන,
💓 ඔයාව දිනපතා දිරිමත් කරන,
💓 ඔයාගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන,
💓 ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උදව් කරන,
💓 ඔයා ගැන නිතරම හොයල බලන,
💓 ඔයාට නිතරම කන්න බොන්න මතක් කරන,
💓 ඔයාගෙ පරිස්සම ගැන වධවෙන,
💓 ඔයාට ශක්තියක් වෙන,
කෙනෙක් ඉන්නව කියන්නෙ ඒක ලොකු ආශිර්වාදයක්!
හැමෝටම ඒ වගේ කෙනෙක්ව අත්‍යවශ්‍යයි ජීවිතයට. හැමෝටම ඒ වගේ කෙනෙක්ව ලැබෙන්නත් ඕනෙ.
#MidDay_Thoughts ♡ @LearnBits
1 305
නිතරම රතු පැහැ අඳින ගැහැණුන් වෙත පිරිමින්ගේ ආකර්ශණය වැඩි බව සොයාගෙන තියෙනව. ඒ වගේම පිරිමින් , එහෙම ගැහැණුන් එක්ක සබඳතාවක් ඇති කරගැනීමට උත්සාහ කිරීමට වැඩි සම්භාවිතාවක් තියෙනව.
#Psycho_Facts
1 305
මේ දේවල් හැමෝටම කියන්න යන්න එපා
1. ඔයාගෙ අනාගත සැලසුම්
2. ඔයාගෙ ජීවන රටාව
3. ඔයාගෙ සම්පූර්ණ ආදායම
4. ඔයාගෙ විශිෂ්ටත්වය. ඔයාගෙ යහපත් ගතිගුණ.
5. ඔයාගෙ නිවසේ හෝ පවුලේ ප්‍රශ්න.
#Life_Tips ♡ @LearnBits
1 305
ගැහැණිය : ඔයා මට කොච්චර ආදරෙයිද කියල , උදාහරණයකින් කියන්න.
පිරිමියා : මගේ හදවත ෆෝන් එක නං , ඔයා තමා සිම් එක.
ගැහැණිය : අනා.... so sweet අනේ...
පිරිමියා : (සිතමින්) එයා දන්නෑනෙ ඒක dual sim ෆෝන් එකක් කියල.
#Fun ♡ @LearnBits
1 305
ඔයාට දැනගන්න ඕනි නං කෙනෙක්ගෙ මනසෙ තියෙන්නෙ මොනවද කියල , එයාගෙ වචන වලට හොඳින් සවන් දෙන්න.
ඔයාට දැනගන්න ඕනෙ නං කෙනෙක්ගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල , එයාගෙ ක්‍රියාවන් වලට අවධානය දෙන්න.
#Psycho_Facts ♡ @LearnBits
1 305
සමහර කාල එනවා , ඔයා ලෝකය ගැන ගොඩක් දේවල් දැනගන්න. ලෝකය ගැන හිතන් හිටපු විදිහ සහ ඇත්තටම ලෝකය කොහොමද කියන එක අතර තියෙන මහා හිඩැස දැක්කම , ඔයාට එතනදි දැනෙනවා , පරාජිත බවක්.
මේ දේ සියලුම මිනිසුන් අත්විඳින දෙයක්.
සමහර මිනිසුන් මේ වගේ දේවල් ඉතා සාර්ථකව ජයගෙන ලෝකයට අනුව ඉක්මනින් හැඩගැහෙනව. එයාලා සාර්ථක වෙනව.
ඒ වගේ අයට අපි කියනව , "සිහින ජයගත් මිනිසුන්" කියලා.
-Tsugumi Ohba
#Saying ♡ @LearnBits
