ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
මිනිසෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ , ඒ කෙනා කවදාවත් අසාර්ථක නොවුන නිසා නෙවෙයි. මිනිසෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ , අසාර්ථකත්වයට ඒ කෙනාගේ ගමන නතර කිරීමට නොහැකි වූ නිසයි. #Quotes ♡ @LearnBits

කාට බොරු කලත් , තමන්ටම බොරු කරගන්න එපා. තමන්ටම බොරු කියාගෙන තමන්ගෙම බොරු වලට ඇහුම්කන් දෙන මිනිසා , තමා තුළ හෝ තමන් වටා ඇති සත්‍යය වෙන් කර හඳුනාගත නොහැකි තැනට පත් වෙනවා. කෙටි කාලෙකින්ම එවැනි පුද්ගලයන් , තමන්ට සහ අනුන්ට තියෙන ගෞරවය විශ්වාසය නැති කරගන්නවා. ඒ වගේම ඒ කෙනා ලෝකයට ආදරය කිරීම නවත්තනවා. තමන්ගේම බොරු වලින් අන්ධ උන ඒ මිනිසා ඇත්තටම තනිකම වැළඳගන්නවා. ඒ කෙනාගෙ ජීවිතය හිස් දෙයක් වෙනවා. - Fyodor Dostoevsky #Saying ♡ @LearnBits

ඔයා කොහේ ගියත් කොහේ හිටියත් ඔයාට අසතුටක් දැනෙනව නම් , ප්‍රශ්නය තියෙන්නෙ ඔයා ඉන්න තැන නෙවෙයි. ගැටලුව ඔයාගෙ මනසයි. ඔයාගෙ හිතේ තමයි ලොකුම ගැටලුව තියෙන්නෙ. අපේ මනස හැමතිස්සෙම , කරන්නෙ අපේ ජීවිතයේ නැති උන දේවල් ගැන මතක් කර කර ඒකට අපේ අවධානය යොමු කරවන එකයි. අපි ඒ දේවල් වලට අන්ධ වෙලා හිත අසතුටින් ජීවත් වෙනවා. ඒ නිසා ඔයා මුලින්ම ඔයාගෙ මනස වැඩිදියුණු කරගන්න. ඒක පාලනය කරගන්න. ඒක කලාට පස්සෙ ඔයාට දිගටම ඉස්සරහට යන්න පුලුවන් වෙයි! #MidDay_Thoughts ♡ @LearnBits

උඩඟුකම - විනාශ කරන්න ආදරය - අගය කරන්න සිනහව - ළඟින්ම තියාගන්න කටකතා - මගහරින්න සාර්ථකත්වය - ළඟා කරගන්න ඊර්ෂ්‍යාව - ඈත් කරන්න දැනුම - වැඩි කරගන්න විශ්වාසය - විශ්වාස කරන්න #Life_Tips ♡ @LearnBits

ඔබ බලාපොරොත්තු වන්නේ ඔබව මුලු ජීවිත කාලය පුරාම රැජිණක් සේ බලාගන්නා සහ , ඔබට හදවතින්ම ආදරය කරන පෙම්වතෙක් නම් , ඔබත් ඔහුට රජෙකුට සේ සැලකීමට සහ හදවතින්ම ආදරය කළ යුතුය. #Relationship_Tips ♡ @LearnBits

𝐒𝐇𝐀𝐑𝐈𝐍𝐆𝐀𝐍 𝟐𝟎𝟐𝟐 🧸 LearnBits පටන් අරන් මාසයක් ගතවීම නිසා අපි හිතුවා පොඩි Event එකක් තියන්න. 🧸 මෙහෙමයි වෙන්නේ. අප
𝐒𝐇𝐀𝐑𝐈𝐍𝐆𝐀𝐍 𝟐𝟎𝟐𝟐 🧸 LearnBits පටන් අරන් මාසයක් ගතවීම නිසා අපි හිතුවා පොඩි Event එකක් තියන්න. 🧸 මෙහෙමයි වෙන්නේ. අපි සම්පූර්ණ දවසක් පුරාවටම එකම Category එකකින් Post 20ක් පළ කරනවා. පැයකට එක ගානෙ. මේ විදිහට category පහකින් දවස් පහක් තුළ post 100ක් පළ කරනවා. 🧸 කලින් දාපු poll එකට ඔයාල පිළිතුරු දුන්න විදිහට තමයි අපි මේ category 5 තේරුවෙ. ඒ Category 5 තමයි ; - Life Tips - Education - Knowledge - Facts (psycho & normal) - Relationship Tips 🧸 Event එක තියෙන්නේ Sep 10 - Sep 14 අතර. 🧸 ඒ වගේම මේ දවස් පහ ඇතුලත කිසිම Ad එකක් චැනල් එක තුළ පළ වෙන්නෙ නෑ. (Please note that) Event Theme එක Sharingan users.😉 Event shedule එක බලාගන්න මේ Link එකට යන්න. https://learnbitstele.github.io/events #Sharingan2022 ♡ @LearnBits

ඔයාට පාලනය කරගන්න පුලුවන් දේවල් - ඔයාගෙ වචන - ඔයාගෙ ක්‍රියාවන් - ඔයාගෙ ආකල්ප - ඔයාගෙ ඉදිරිදර්ශනය - ඔයාගෙ අවධානය - ඔයාගෙ උත්සාහය - ඔයාගෙ ශක්තිය - ඔයාගෙ මනෝභාවය - ඔයාගෙ කෝපය - ඔයාගෙ මානසිකත්වය - ඔයාගෙ නිහතමානීකම - ඔයාගෙ කෘතඥතාවය - ඔයාගෙ සංවේදීබව අනිත් දේවල් නොසලකා හරින්න. මේ දේවල් පාලනය කරගන්න. #Life_Tips ♡ @LearnBits

මෑතකදී ආදරයෙන් පරාද උන පෙම්වතෙකු , තමන්ගේ දිනපොතේ මෙසේ ලියා තිබුනා.... මම තවදුරටත් ඔයාගෙ අවධානය හෝ මා වෙනුවෙන් කාලය වැය කරන්න යැයි ඉල්ලා නොසිටිමි. ඔයා මාව නොසලකා හරින තරමටම , මම ඒකට මුහුණ දෙන්න පුරුදු වෙන්නම්. ඔයා මට කෝල් ගන්න එක නවත්තනව නම් , මම ඔයාගෙන් කෝල් එකක් එනකං බලන් ඉන්න එක නවත්තනම්. ඔයා මට මැසේජ් දාන එක නවත්තනව නම් , මම ආපහු සැරින් සැරේ දවස පුරාම ෆෝන් එක දිහා බලන එක නවත්තන්නම්. ඔයා මගෙන් ඈතට යනව නම් , මමත් ඔයාගෙන් ඈත් වෙන්නම්. දවසක මම ඔයා නැතුවත් ජීවත් වෙන්න ඉගෙන ගනිවී. අන්න එදාට , මම මගේ ගමන දිගටම යන්නම්. එදාට මම ඔයාව මගෙ ජීවිතෙන් සදහටම අයින් කරනම්. මට කාලය දෙන්න. මට තව කාලය අවශ්‍යයි. මම තාම ඔයා ගැන හිතනවා. #Night_Thoughts ♡ @LearnBits

මේ ඉන්නෙ Penis fish කියල හඳුන්වන මුහුදු පණුවෙක්. සිංහලෙන් කිව්වොත් , "ශිෂ්ණ මාලුවා". මේ පණුවගෙ ක්‍රියාකාරීත්වය සහ හැඩය නිසයි
මේ ඉන්නෙ Penis fish කියල හඳුන්වන මුහුදු පණුවෙක්. සිංහලෙන් කිව්වොත් , "ශිෂ්ණ මාලුවා". මේ පණුවගෙ ක්‍රියාකාරීත්වය සහ හැඩය නිසයි මේ නම ලැබිල තියෙන්නේ. මේ මාලුවගෙ විද්‍යාත්මක නාමය තමයි Urechis unicinctus. ඒ වගේම ඇහුවොත් පුදුම හිතෙයි , මිනිස්සු මේ පණුවව ආහාරයටත් ගන්නවා. ඒ රස නිසා මේ Penis fish ව , ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනව කියල තමයි කියන්නෙ. #Knowledge ♡ @LearnBits

සන්සුන් වෙන්න... ඔයා ගමන් කරන්නෙ ඔයාගෙ මාර්ගයේ මිසක් වෙන කාගෙවත් මාර්ගයක නෙවෙයි... ඔයාගේ මාර්ගයේ , ඔයා ජීවත් වෙන ආකාරය ඔයාම තීරණය කරන්න... ඔයාගෙ මාර්ගයේ සාර්ථකත්වය ගැන හෝ ඒ මාර්ගයේ අඩුපාඩු ගැන වෙනත් අය කියන දේවල් වලට එකඟ වෙන්න යන්න එපා... ඔයා ගමන් කරන මාර්ගය හැමෝටම වෙනස් එකක් විදිහට පෙනේවි... ඒත් ඒක ඔයාගෙ මාර්ගයයි. ඒ නිසා සන්සුන් වෙන්න... සන්සුන්ව ගමන් කරන්න... #Quotes ♡ @LearnBits

යම්කිසි ආරවුලක් හෝ බහින්බස්වීමක් අතරතුර නිශ්ශබ්දව සිටීම සහ සන්සුන්ව සිටීම , ඔබේ ස්වයං පාලනය විදහා දක්වනවා. ඒ වගේම ඒ වැඩෙන් ඔයාගෙ ප්‍රතිවාදීන්ගේ සිත් තුළ , ඔයා ජයග්‍රහණය කරන්න යන බවට හැඟීමක් ඇති කරනවා. ඒ නිසා ගැටුමකදි , කෑ ගහන්නවත් , එකට එක කරන්නවත් යන්න එපා. සාවධානයෙන් සන්සුන්ව ඉන්න. ඒකම ඇති ප්‍රතිවාදියව මෙල්ල කරන්න. #Psycho_Facts ♡ @LearnBits

Direct Question from subscriber Q :- මනෝවිද්‍යාවට අනුව බුද්ධිමතුන් සහ බුද්ධිහීන මිනිසුන්ව හඳුනගන්නෙ කොහොමද? (Part 02) ඒ විදිහට , බුද්ධිමතුන් වගේම බුද්ධිහීන මිනිසුන්වත් හොයාගන්න පුලුවන්. සරල ව්‍යවහාරයේ අපි කියන්නෙ මෝඩයො කියල. සාමාන්‍ය බුද්ධිමට්ටමටත් වඩා අඩු බුද්ධි මට්ටමක් මේ අයට තියෙන්නෙ. 😾 ඔවුන් අනිත් අයගේ හැඟීම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නෑ. මෝඩ මිනිස්සු හිතන්නෙ හරිම පටු විදිහට. වෙන කෙනෙක්ගෙ හැඟීම් ගැන හිතන්න හෝ , ඒ අයව තේරුම් ගන්න මොවුන්ට බැහැ. 😾 ඔවුන් හිතන්න හෝ ඉගෙනගැනීමට වැඩි සැලකිල්ලක් දක්වන්නෑ. බුද්ධිහීන මින්සුන් , අලුත් දෙයක් ඉගෙන ගන්න කිසිම උවමනාවක් දක්වන්නෑ. ඒ වගේම කිසිම දෙයක් ඕනෙවට වඩා හිතන්න යන්නෙත් නෑ. හැබැයි මේ අය , ඉගෙනගන්න කැමති , ගොඩක් හිතන්න කැමති කෙනෙක් දැක්කම ඔවුන්ට හිනා වෙන එක නං කරනවා. 😾 මොවුන් නිතරම ප්‍රශ්න ගැන කියවනවා. මේ වර්ගයේ අය ගොඩක් වෙලාවට , ප්‍රශ්න ගැන කියවන්න උත්සුක වෙනව මිසක් , ඒවට විසඳුම් හොයන්න අංශුමාත්‍රයක අවධානයක් දෙන්නෙ නෑ. 😾 බොහොම සරල දේවල් කරල , තමන් දක්ශයි කියල පෙන්නන්න හදනවා. මේ අය දිගු කාලිනව වැදගත් නොවන සරල කාර්‍යන් කරන්න හරි කැමැතී. ඒ වගේ දේවල් කරලා , තමන් අනිත් අයට වඩා බුද්ධිමත් කියල පෙන්නන්න හදනවා. ඔය පංති වලත් සමහරු ඉන්නේ , ලේසි ගනන් හදල පොත පෙන්නල , සද්දෙට පෑන මේසෙ උඩින් තියල ශෝ එක දැම්මට අමාරු ගානක් දීපු ගමන් සද්ද නැතුව කැපෙන්නෙ. 😾 මේ අය අලුත් දෙයක් කරන විදිහ දැනගත්තම ඒ ගැන පුරසාරම් දොඩනවා. බුද්ධිහීන මිනිසුන් යමක් කරන හැටි දැනගෙන ඒක තේරුම් ගත්තම හිතන්නේ තමන් ගොඩක් දක්ශයි කියලා. ඒ නිසා ඔවුන් ඒ ගැන පුරසාරම් කියවනවා. බුද්ධිමත් මිනිසුන් එහෙම නොකරන්නෙ අලුත් දෙයක් ඉගෙන ගන්න එක ඔවුන්ට තවත් සාමාන්‍ය දෙයක් වෙන නිසා. 😾 ඔවුන් තමන්ගේ සිතුවිලි සහ හැඟීම් ගැන ප්‍රශ්න කරන්නෙ නෑ. සමහර මිනිස්සු ඉන්නෙ , දෙයක් හිතුවොත් ඒක කරලම නවතින. තමන්ගේ සිතුවිලි හෝ හැඟීම් , හරිද වැරදිද කියලවත් මේ අය විමසන්නෙ නෑ. ඒ කියන්නෙ සිතුවිලි සංජානන හැකියාව බොහොම අඩුයි. 😾 ඔවුන් කිසිම සොයාබැලීමක් නැතුව අනිත් අයට ඡෝදනා කරනවා. මේ වගේ මිනිස්සුට වෙන කෙනෙක්ට බනින්න , පිළිගත හැකි හේතු ඕන්නෑ. සමහරවිට කටකතා වෙන්න පුලුවන් , නැත්තං වෙන කවුරු හරි කියපු දෙයක් නිසා වෙන්න පුලුවන් , මේ ඕනෙම දෙයක් නිසා බුද්ධිහීන මිනිසුන් වෙන අයට බැන වදිනවා. කිසිම සාක්ශියක් හෝ පිළිගතහැකි දෙයක් නැතුවත් මේ අය බනිනවා. 😾 ඔවුන් ගොඩක් වෙලාවක මනෝලෝකයක ජීවත් වෙනවා. මේක නිකං හරියට , කැලේ වැටුනු ලී අත්තක් , කුමාරයෙක් ඇවිල්ලා තමන්ව අරන් යනකං බලන් ඉන්නව වගේ වැඩක්. බුද්ධිහීන මිනිසුන් ජීවත් වෙන්න මනෝලෝකයක. සත්‍ය ලෝකයට පරස්පර විරෝධී දේවල් ඔවුන්ගේ හිත්වල තියෙනවා. 😾 ඔවුන් වැඩිය පොත් කියවන්න කැමති නෑ. මේ වගේ අය වැඩිය පොත් පත් කියවන්න කැමති නෑ. දැනුමට යමක් එකතු කරගන්නවට වඩා , ක්ශණික ඇතිවෙලා නැතිවෙලා යන මානසික තෘප්තිය වෙනුවෙන් කටයුතු කරන එක කරන්නෙ. ටික් ටොක් එකේ නොදන්න සිංදුවකට බොරුවට කට හොල්ල හොල්ල ඇඟ වනන එක එහෙම හොඳ උදාහරණයක්. 😾 ඔවුන් හිතන්නෙ අනිත් අය මොඩයො කියල. කෙනෙක් මෝඩයෙක් කියල හොඳාකාරවම දැනගන්න එකයි , කෙනෙක් මෝඩයෙක් කියල අනුමාන කරන එකයි දෙකක්. බුද්ධිහීන අය කරන්නෙ මේ දෙවනි එක. අනිත් අය මෝඩයො කියල සලකගෙන ජීවත් වෙනවා. මේ වගේ කරුණු වලින් තමයි මෝඩ මිනිහෙක්ව හඳුනගන්න පුලුවන් වෙන්නේ. #LearnBits_Q_A ♡ @LearnBits

Repost from N/a
LearnBits One Month Anniversary Hey Bits ; Our one month anniversary is on the 9th of this month. So let's have a small event
LearnBits One Month Anniversary Hey Bits ; Our one month anniversary is on the 9th of this month. So let's have a small event for that. More details will be announced soon. Stay tuned ! #Event ♡ @LearnBits

Direct Question from subscriber Q :- මනෝවිද්‍යාවට අනුව බුද්ධිමතුන් සහ බුද්ධිහීන මිනිසුන්ව හඳුනගන්නෙ කොහොමද? (Part 01) මනෝවිද්‍යාවට අනුව බුද්ධිමත් මිනිසුන්ව හඳුනගන්න පුලුවන් ආකාර කීපයක් තියෙනවා. 😼 ඔවුන් නිතරම ප්‍රශ්න අහනවා. බුද්ධිමත් මිනිසුන් කවදාවත් , "මම ඔක්කොම දන්නවා" කියල හිතන්නෙ නෑ. ඔවුන් දන්නවා ඔවුන් හැමදේම නොදන්න බව. ඉතින් ඒ නිසා ඔවුන් කිසිම පැකිළීමක් නැතුව ප්‍රශ්න අහන්න යොමු වෙනවා. ප්‍රශ්නය යොමු කරන්නේ උනත් , සුදුසුකම් ඇති අයට. සමහර රටවල් වල වගේ , ඩොක්ටර්ස්ලගෙන් අහගෙන කෘෂිකර්මය පාලනය කරනව වගේ වැඩ කරන්නෑ. 😼 ඔවුන් ආශ්‍රය කරන්නෙ බොහොම සීමිත පිරිසක් විතරයි. බුද්ධිමත් මිනිසුන් , තමන් ආශ්‍රයට තෝරාගන්න අය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ගොඩක් හිතල බලල තමයි කෙනෙක්ව තමන්ගෙ සමීපයට ගන්නෙ. "හම්බ කලේ මිනිස්සු" කියන සංකල්පයට වඩා , ඒ අය කැමතී අඩු සමාජ ආශ්‍රයක් තියාගෙන ජීවත් වෙන්න. 😼 ඔවුන් ගැටුම් මගහරිනවා. බුද්ධිමත් මිනිසුන් , හැකි සෑම වෙලාවකම ගැටුම් මගහරින්න උත්සාහ කරනවා. ඒ අනවශ්‍ය විවාදයන් සහ ගැටුම් වෙනුවෙන් වෙහෙස වීම නුසුදුසු ක්‍රියාවක් ලෙස ඔවුන් සලකන නිසා. 😼 ඔවුන් තමන් එක්කම කතා කරනවා බුද්ධිමත් මිනිසුන් ගොඩක් වෙලාවට තමන් එක්කම කතා බහ කරනවා. සැලසුම් කිරීම් වලදී , ගැටලුවකදී වගේ අවස්ථාවන් වල තමයි ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නෙ. තමන්ටම කතා කරගන්න එකෙන් වෙන්නේ , තමන්ගේ සිතුවිලි පෙරීමකට ලක් කරන එක. වියහැකියාවන් සහ සුදුසුම මාර්ගයන් සොයාගන්න එකත් , මේ වැඩෙන් හම්බෙන අමතර ප්‍රතිලාභයක්. 😼 අනිත් අය වැරැද්දක් දකින තැන , ඔවුන් අවස්ථාවන් දකිනවා. අනිත් අය මොකක් හරි දේක වැරදි කිය කිය ඉන්න කොට බුද්ධිමත් මිනිසුන් ඒ වැරදි , ඔවුන්ට ලැබුනු අවස්ථාවක් කරගන්නවා. වැරදි හදාගන්න හම්බුනු චාන්ස් එකක් කියල හිතනවා. 😼 ඔවුන් ඔවුන්ගේ හැකියාවන් යටපත් කරගන්න උත්සාහ කරනවා. ගොඩක් මිනිස්සු තමන්ට තියෙන පුංචි දෙයක් ගැන උනත් මහා ඉහළින් කතා කරනකොට , බුද්ධිමත් මිනිසුන් තමන්ට තියෙන දේවල් පවා යටපත් කරන්න හදනවා. 😼 ඔවුන් තමන්ටම ආදරය කරනවා. බුද්ධිමත් මිනිසුන්ට තනිකම කියන්නෙ , නොසැලකිය හැකි දෙයක්. බාහිර ලෝකෙන් කොච්චර හුදකලා උනත් , ඔවුන්ට තමන්ගේ ආත්මය සමග ජීවත් වෙන්න පුලුවන් කියලා ඔවුන් දන්නවා. 😼 ඔවුන් හදවතින් අදහස් විමසීම සීමිත කරගෙන ඉන්නවා. අපි ගොඩක් වෙලාවට හදවතින් විමසල තීරණ ගත්තත් , බහුතරයක් බුද්ධිමත් මිනිසුන් එහෙම කරන්නෙ නෑ. ඒ එයාල හිතක් පපුවක් නැති නිසා නෙවෙයි. හදවතින් ගන්න තීරණ වලට වඩා තමන්ගෙ බුද්ධියෙන් ගන්න තීරණ වලට පැවැත්මක් තියෙනව කියල ඔවුන් දන්න නිසා. 😼 අකුරු ලිවීමේදී බොහොම කැතට අකුරු ලියන්නෙ. ඒකට හේතුව ඔවුන්ගේ සිතුවිලි වල වේගයයි. ඔවුන් වේගෙන් හිතන නිසා අකුරු ලියන කොට ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ. 😼 කටකතා වලට වඩා විද්‍යාත්මක පදනමකින් යුත් පුවත් ගැන විමසා බලනවා. ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නව කණට ඇහෙන හැමදේම ඉස් මුදුනින් පිළිගන්න. නමුත් බුද්ධිමත් මිනිසුන් එහෙම කටකතා වල තියෙන හැමදේම පිළිගන්නෙ නෑ. මේ වගේ කරුණු වලින් පුලුවන් , බුද්ධිමත් මිනිසුන්ව හඳුනගන්න. Part 02 >>>> On the way... #LearnBits_Q_A ♡ @LearnBits

ඔයාල දන්න දේවල් සමූහය එක්ක බෙදාගන්න. සහ නොදන්න දේවල් දැනගන්න. @LearnBits_Lounge දැන් විවෘතයි ! #Notice

#Channel_Log - We just got a major Update. - New logo symbols - LearnBits is now a community - Added 2 new channels And 1 group     > Rules     > Community     > LearnBits Lounge - You can now share your knowledge with others - You can Read full Details in here (Read the first comment)

පේරු රාජ්‍යයේ අමුතු සිරිතක් තියෙනවා. මේ අය හැම අවුරුද්දෙම දෙසැම්බර් 25 වෙනිදා , පසුගිය අවුරුද්ද පුරාවටම , හිතේ තරහක් තියන් හි
පේරු රාජ්‍යයේ අමුතු සිරිතක් තියෙනවා. මේ අය හැම අවුරුද්දෙම දෙසැම්බර් 25 වෙනිදා , පසුගිය අවුරුද්ද පුරාවටම , හිතේ තරහක් තියන් හිටපු කෙනෙක් එක්ක ගහගන්නවා. අතින් විතරයි හැබැයි. ඊට පස්සෙ ගහගත්ත හැමෝම හොඳට බියර් බීලා වේදනාව නැති කරගෙන , අලුත් අවුරුද්දට සැරසෙනවා. මේ අමුතු සිරිතට ඒ අය කියන්නෙ Takanakuy කියලා. #Knowledge ♡ @LearnBits

පසුතැවිලි වීම ඔයාගෙ අතීතය වෙනස් කරන්නෑ. අධික පීඩනයකට පත් වීම ඔයාගෙ අනාගතය වෙනස් කරන්නෙත් නෑ. ක්‍රියාව තුළින් විතරයි හැමදේම වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ. ඒ නිසා පසුතැවිලි වෙවී ඉන්න වෙලාවෙ අදාළ ක්‍රියාමාර්ග ගන්න උනන්දු වෙන්න. ගැඹුරට හිත හිත පීඩනයකට පත් වෙන වෙලාවෙ අදාළ ක්‍රියාමාර්ග ගන්න දැනගන්න. #Life_Tips ♡ @LearnBits

Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා 😎 Match එක වෙලාවට Chat එකක් දාන්න අදහස් හුවමාරු කරගන්න Join වෙලාම බලන්න 😉 ▪️
Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා 😎 Match එක වෙලාවට Chat එකක් දාන්න අදහස් හුවමාරු කරගන්න Join වෙලාම බලන්න 😉 ▪️ Live Scores ▪️ News Updates ▪️ Videos ▪️ Cricket Quiz ▪️ Fantasy XI ▪️ Memes ආදී සියලුම දේ එකම සමූහයෙන්! රැල්ලට පටන් ගත්ත තවත් එක් Cricket Group එකක් නොවන බව සලකන්න 😏