1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
නිර්වින්දනය (සිහි නැති කිරීම) කිරීමෙ සංකල්පය හොයාගන්න කලින් , ශල්‍යකර්මය මගින් රෝගියාට ඇති වෙන වේදනාව අඩු කරන්න , ඒ කාලෙ වෛද්‍යවරුන් ඉක්මනින් ඒ ඒ ශල්‍යකර්මයන් කිරීමට පෙළඹිලා තියෙනව.
ශල්‍යකර්ම කිරීම සඳහා විශිෂ්ඨ දස්කම් දැක්වූ බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙක් උන "රොබට් ලිස්ටන්" වරක් ඔහු කල ශල්‍යකර්මයක් ඉතාමත් වේගයෙන් කරල තියෙනව. ඒ ඉක්මනින් ශල්‍යකර්මය අවසන් කරන්න.
ඔහුගේ වේගය කොච්චරද කියනව නං , ඔහු රෝගියාගේ කකුලක කැපුමක් ඇති කරන්න ගිහින් , ඔහුගේ සහායකයාගෙ අතේ ඇඟිල්ලක් ඉවත් වෙන්නම කපල.
වේගය කොහොම උනත් , ඒ ශල්‍යකර්මයෙන් පස්සෙ , කෙටි කාලෙකින්ම රෝගියාත් , සහායකයාත් දෙදෙනාම ආසාදනයන් නිසා මිය ගිහින් තියෙනව.
සත්‍යතාව නිවැරදි නැතත් මේ ශල්‍ය කර්මය බලන් හිටපු කෙනෙකුත් ඇති උන තිගැස්මට කම්පනයට පත් වීමකින් මිය ගිහින් තියෙනව.
දැනට වාර්තා වෙන 300% ක මරණ අනුපාතයක් ඇති එකම ශල්‍යකර්මය මේක කියලයි කියන්නෙ.
#History
1 305
පුරුශයෙකු , බියට පත් වූ විටදී හෝ , නොසන්සුන් වූ විටදී හෝ මූත්‍රාශය පිරී තිබේනම් , ඔහුගේ ශිෂ්ණය සෘජු වීම සිදු විය හැක.
ශිෂ්ණය සෘජු වීමට බලපාන්නේ , ලිංගිකත්වයම නොවේ..!
#Sup4Sub #Facts
1 305
🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰
😁ජාතියේ meme සංවිධාණය ජාතියට එකයි😁
😅Meme වාගේම
⭕️Motivation
⭕️Fun Video
⭕️Wallpapers
තියෙනවා😅😁
දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉
Our Group :- @MasterSirSL
1 305
රුසියානු සොල්දාදුවන් තම නිවෙස් වලට යැවීමට ලිපි ලියමින්... ඒ මේ ඔවුන්ගේ අවසන් සටන බව දැනුම් දීමට...😢
- October 1914
#History
1 305
සාමාන්‍යෙන් අපි කියනවා , අතීතය දිහා බලල වැඩක් නෑ කියල. නමුත් , අතීතය දිහා බලල නිර්ණය කරන්න ඕනෙ දේකුත් කියනව.
ඒ තමයි ඔයා කොච්චර දුරක් ඇවිල්ලද කියන එක.
අන්න ඒක ඔයාගෙ අනාගතේ තවත් සාර්ථක කරගන්න ලොකු උත්තේජනයක් වේවි...!
#Life_Tips
1 305
ඔයා නිදාගන්න යනකොට මේස් දෙකක් කකුලට පැළඳගෙන ගියොත් , ඔයාට රෑට නින්ද යන්නැතුව ඇහැරිලා ඉන්න කාලය අඩු වෙනවා.
#Life_Hacks
1 305
තමන්ගෙ සම්බන්ධය ගැන හදවතින්ම සතුටු වෙන අය සාමාන්‍යෙන් ඔවුන්ගේ සම්බන්ධය ගැන සමාජ මාධ්‍ය වල පළ කරන්නෙ නෑ.
අධ්‍යනවලින් පෙන්නල දීල තියෙන විදිහට , නිතරම තමන්ගෙ සහකරු / සහකාරිය ගැන සමාජ මාධ්‍යන් වල කතා කරන සහ පෝස්ට් පළ කරන අය , ඔවුන්ගේ සම්බන්ධතාවයේ අනාරක්ෂිත සහ දුර්වල බවක් දැනෙන නිසයි එහෙම කරන්නෙ.
වඩාත් ආරක්ශිත සහ , ශක්තිමත් සම්බන්ධකම් පවත්වන අය සමාජ මාධ්‍ය වල ඒ ගැන ඔප්පු කරන්න ගත කරන කාලයත් , එකිනෙකා සමග සතුටින් ඉන්න යොදාගන්නවා.
එහෙම අය , අනිත් අයට තමන්ගෙ සම්බන්ධය ගැන ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෑ.
#Facts
1 305
බැටරියක් සහිත ඔරලෝසුවක් මිලට ගැනීමට තරුණයෙක් විසින් කඩයට රුපියල් 1100ක් ගෙවන ලදී.
ඔරලෝසුව පමණක් , බැටරියට වඩා රුපියල් 1000 කින් මිළ වැඩිය.
එවිට බැටරියේ මිළ කීයද?
#Fun
1 305
6. පරිපූර්ණ වෙන්න උත්සාහ කරන්න එපා
ජීවිතය කියන්නෙ ආතතියෙන් සහ බයෙන් පිරුණ තැනක්. ඉතින් යම් දේකට බය වෙන එක සාමාන්‍ය දෙයක්. ඔයා හිතන් ඉන්නව නං බය වෙන එක ඔයාව දුර්වල කරනව කියල , ඔයා ඒ සිතුවිල්ලට ඊටත් වඩා බය වෙනව.
ඒකෙන් තත්වය තවත් දරුණු වෙනව. විභාගයක් ලං වෙනකොට අපිට බයක් එනවනෙ. ඔයාට හිතනව නං ඒකට බය වෙනව කියන්නෙ , ඔයාට විභාගෙ ලියාගන්න බැරි වෙන නිසා කියල , ඔයා තව තවත් කඩා වැටෙනව. ඒ නිසා බය කියන දෙය තරයේ ප්‍රතික්ශේප කරන්න එපා.
7. ප්‍රීතිමත් දෙයක් ගැන හිතන්න.
ධනාත්මක හැඟීම් සහ සතුටුදායක මනස කියන්නෙ බිය දුරලන්න තියෙන හොඳම බෙහෙතක්. ඔයාට යම් දෙයකට බයක් දැනුනොත් , ඒ වෙලාවට ඇහැ පොඩ්ඩක් වහගෙන ලස්සන තැනක් , ලස්සන මතකයක් , ලස්සන දර්ශනයක් සිහි කරගන්න.
මනස සතුටින් තියාගන්න පුලුවන් වෙන දෙයක් මතක් කරගන්න එක තමයි මෙතනදි කරන්න ඕනෙ. අන්න එතකොට ඔයාට ඇතිවුන බය ටිකෙන් ටික අඩු වෙලා යන්න පටන් ගන්නව.
8. කාත් එක්ක හරි ඒ ගැන කතා කරන්න.
අපි දුකක් ඇති උනාම ඒ ගැන කාත් එක්ක හරි කතා කලාට පස්සෙ දුක පොඩ්ඩක් තුනී වෙනව නේද. ඒ වගේම අපිට බයක් ඇති උනාම , ඒ ගැන සැලකිය හැකි කෙනෙක් එක්ක කතාබහ කරන්න.
ඒකෙන් ඔයා හිතේ හිරකරන් ඉන්න ආතතිය සමනය වෙනව වගේම , බයත් අඩු වෙනව.
9. සුපුරුදු දින චර්‍යාවට යොමු වෙන්න.
අපි බයෙන් ඉන්නකොට , ඒ බය නැති කරන්න කියල අපේ සාමාන්‍ය හැසිරීම් වෙනස් කරන්න පටන් ගත්තොත් , ඒ දේ අපිට මානසිකව බලපානව.
ප්‍රශ්නෙක ඉන්න වෙලාවක , මානසික ස්ථාවර්තව බිඳගන්නව කියන්නෙ , ඒක ගොඩක් හානිකර දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා , ඔයා බයකින් ඉන්නකොට හැකි තරම් සාමාන්‍ය දින චර්‍යාවම සිදු කරන්න උත්සාහ කරන්න. වෙනද වගේම කන්න. වෙනද වගේම පොඩ්ඩක් ඇවිදින්න. ආදිය.
10. ඔයා ඔයාටම කෘතවේදී වෙන්න.
මේ ගැටලුව නං හැමෝටම නෑ. ඇත්තටම මේ ප්‍රශ්නය එන්නෙ ආත්ම විශ්වාසය අඩු මිනිසුන්ට. තමන් යම් දෙයකට බය උන ගමන් , ඔවුන් , ඔවුන්වම පහතට දමාගන්නව.
හැම කෙනෙක්ම සුවිශේෂයි කියන සරල අදහස හිතේ තියාගන්න. කලින් කිව්ව වගේම , දෙයකට බය වෙනව කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඒ නිසා එහෙම අවස්ථාවකදි ආත්ම විශ්වාසය ගොඩනගාගෙන , තමන්ට කෘතවේදී වෙන්න.
ඔයාගෙ බය අඩු කරගන්න හෝ නැති කරන්න ඒකත් උදව් වෙනව.
1 • 2
1 305
Direct Question from subscriber
විවිධ දේවල් වලට තියෙන බය නැති කරගන්නෙ කොහොමද?
🧚Answer From @LearnBits -
මිනිස්සු සාමාන්‍යෙන් ගොඩක් දේවල් වලට බයයි. ඒක ඈත අතීතයේ ඉඳන්ම මිනිසාව ආරක්ශා කරන්න , මිනිසා තුළම සිදුවෙන සාමාන්‍ය සංසිද්ධියක්. ඒ උනත් අපි සමහරුන්ට මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. එදිනෙදා ජීවිතය තුළ ගැටලුකාරී තත්වයන් මතු වෙන්න පුලුවන්.
අන්න ඒ නිසා , අපේ බය (පොදුවේ) නැතිකරගන්න පුලුවන් ක්‍රම 10ක් ගැන තමයි මේ කතා කරන්නෙ. මේ හැමදේම ඔයාට වලංගු නොවෙනව වෙන්න පුලුවන්. නමුත් පොදුවේ අපි කතා කරමු.
1. අවශ්‍ය තරමට කාලය අරගන්න.
අපි යම් දේකය බය උනාම මුලින්ම අපිට සිදුවෙන දේ තමයි කිසිම දෙයක් හිතාගන්න බැරි වෙන එක. අපි එතකොට තවත් පීඩනයකට පත් වෙලා තත්වය තවත් දරුණු වෙනවා.
ඉතින් ඒ දේ පාලනය කරන්න ඔයා යම් කාලයක් අරගෙන , ඔයාගෙ ශරීරය සහ , මනස සන්සුන් කරගන්න ඕනෙ. ඒකට තේකක් බොන එක , පොඩ්ඩක් ඇවිදින එක වගේ සරල දේවල් කරන්න පුලුවන්.
2. හොඳින් හුස්ම ගන්න
ඇත්තටම මේ කාරණය කායිකව බලපෑමක් ඇති දෙයක් උනත් ඒක මානසිකවත් සෘජුවම බලපානවා.
අපිට ලොකු බයක් ඇති උනාම අපේ ස්වසන වේගය , හෘද ස්පන්දය සහ රුධිර පීඩනය ඉහළ යනවා. ඔයාටත් ඒ තරම්ම ලොකු බියක් ඇති උනොත් , ඒ වෙලාවට ඔයා ඉන්න තැනම ඉඳල , ඔයාගෙ අතින් ඔයාගෙ පපුව අල්ලන් හොඳ ගැඹුරු හුස්ම කීපයක් ගන්න.
මේකෙ මානසික විද්‍යාත්මක අරමුණකට අනුව සැලකුවොත් අපි සාමාන්‍යෙන් බස් වහරෙ භාවිත කරනව "Let it go.." කියල. ඒ කියන්නෙ ඔයාට ඇති උන හැඟීමට එලියට යන්න ඉඩ දෙන්න කියන එක. ඒක ඔයාට මානසිකව සහනයක් ගෙන දේවි.
3. ඔයාගෙ බයට මුහුණ දෙන්න.
ඔයා , ඔයා බය දෙයක් නිතරම මගහරිනව නං , ඒකෙන් වෙන්නෙ ඒ බය තවත් වර්ධනය වෙන එක. ඒ වෙනුවට ඔයා , ඒ බය දෙයට මුහුණ දීල ඒකත් එක්ක ගැටෙනකොට , පොඩ්ඩ පොඩ්ඩ ඒ බය නැති වෙලා යනව.
හිතන්න ඔයා බව්වොන්ට බයයි. ගොඩක් බයයි. එහෙමයි කියල ඔයා හැමදාම බව්වොන්ව ඈත් කරන් හිටියොත් , ඔයා හැමදාටම එයාලට බය කෙනෙක් වෙනවා. හැබැයි ඒ වෙනුවට ඔයා , පොඩි බලු පැටියෙක් හදන්න ගන්නව කියල. මුල් කාලෙ ඔයාට ඒ හැඟීම් ඒ විදිහටම ඇතිවේවි. ඒත් කාලයත් එක්ක ඔයාට බල්ලොන්ට තියෙන බය නැති වෙලා එයාලට ආදරය කරන්න ගනීවි.
4. සිදුවෙන්න පුලුවන් නරකම දෙය සිතන්න. ᵂᵃʳⁿᶦⁿᵍ
සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ අනුමත නොකරන දෙයක්. ඒ උනාට බය උන වෙලාවකට යොදාගන්න පුලුවන්.
අපි සරල උදාහරණයක් ගමු. හිතන්න ඔයා මහසෝනට බයයි. නැත්තං හොල්මන් වලට බයයි. කලුවරේ යන්නත් බයයි.
ඔයා දැන් මවාගන්න ඔයාට , හොල්මන් වලින් වෙන්න පුලුවන් නරකම දේ. කලුවරේ එයාල ඔයාට කරන්න පුලුවන් නරකම දේ ගැන. ඔයාට හිතෙන්න පුලුවන් ඔයාට හෘදයාබාධයක් ඇති වෙවි කියල.
අන්න දැන් ඔයා වෙනද බය වෙන තරමට වඩා , ඒ වෙලාවෙ ටිකක් වැඩියෙන් බය උනා. දිගටම ඔයාගෙ බය වැඩි කරගන්න. වෙන්න පුලුවන් නරකම දේ හිතන්න. හොල්මනක් ඇවිල්ල ඔයාගෙ ෆෝන් එක අරන් යනව. ඒකෙ තියෙන ඒව බලනව. වෙන්න පුලුවන් නරකම දෙයක්නෙ.
ඔයාගෙ බය , ඔයා හිතින් මවාගන්න දේවල් නිසා වැඩිවෙනකොට , සාමාන්‍ය ජීවිතය තුළදි ඒ දේවල් වලට තියෙන බය අඩු වෙනවා. ඒ කියන්නෙ ඔයාට ඒ පොඩි බය ගානක් නැතුව යනව. ඊට වඩා බය වෙන්න පුලුවන් දෙයක් ඔයා හිතින් මවාගෙනනෙ තියෙන්නෙ.
5. දෙයක් වෙන්න කලින් ඒ ගැන හොයල බලන්න.
මේ කියන දේ වඩාත් හොඳින් තේරෙන්න මම මෙහෙම කියන්නම්. ඔන්න ඔයාගෙ ඉස්සරහට එකපාරටම මෝහිනි එනව ළමයත් වඩාගෙන. ඔයාට කියන්නැතුව එන්නෙ. ඔයා ඒ අනපේක්ෂිත දසුන නිසා බය වෙනවා ගොඩක්.
හැබැයි ඒ මෝහිනී , ඔයාට කලින් කෝල් එකක් දාල කියනව , "මම අද ඔයාට පේන්න එකපාරටම එනව" කියල. දැන් ඔයා දන්නව මේ දේ වෙන්න යනව කියල. ඔයා ඒ ගැන අපේක්ශාවෙන් ඉන්නෙ. ඉතින් එතකොට කලින් වගේම මෝහිනි මතු උනොත් , ඔයා ගැස්සෙයි. හැබැයි වැඩිය බය වෙන්නෑ.
අපි හැමෝම බයයිනෙ පොඩි පොඩි කෘමීන්ට. ඉතින් හොයල බලන්න ඒ කෘමීන් විසින් ඔයාට කරන්න පුලුවන් බලපෑම් මොනවද කියල. ඒකෙන් ඔයාට එයාල ගැන තියෙන බය පොඩ්ඩක් අඩු වේවි.
1 • 2
#LearnBits_Q_A
1 305
#Channel_Log
- 😴, 👨💻, 🤓, 👀, 👻, 🎃, 😭 reactions enable. Use them to react the post.
- LearnBits News Now open !
- Our very own custom images platform is live now !
- Added 3 new hashtags.
> #Sup4Sub
> #Tele_Tips
> #Text_Tips
1 305
Telegram app එක , Update කරල (Original) , @TheForum ගෲප් එකෙන් බලාගන්න Topic පහසුකම භාවිත වෙන විදිහ.
#Tele_Tips
1 305
ලෝකෙ පිහිනුම් වේගය ඉහළම කුරුල්ලා කවුද?
ලෝකෙ වේගවත්ම කුරුල්ලා ලෙස හැඳින්වෙන්නේ , Peregrine උකුස්සව ˢᵉᵉ . හැබැයි ඒ අහසේ පියාසර කිරීමේ වේගය සැලකුවොත්.
ජලය තුළ ඉහළම පිහිනුම් වේගයක් තියෙන කුරුල්ලා තමයි , ගෙන්ටූ පෙන්ගුවින් කියන්නෙ ˢᵉᵉ (Gentoo penguin). මෙයාල ජලය තුළ පැයට කිලෝමීටර් 36ක පමණ වේගයෙන් පිහිනා යනවා.
#Knowledge
