ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97
-4230
帖子存档
𝐌𝐎𝐎𝐃𝐘🍓💌 𝘸𝘢𝘭𝘭𝘱𝘢𝘱𝘦𝘳𝘴,𝘲𝘶𝘰𝘵𝘦𝘴,𝘮𝘦𝘮𝘦𝘴,𝘴𝘵𝘢𝘵𝘶𝘴 𝘷𝘪𝘥𝘦𝘰𝘴... ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ɪꜱ ᴏɴ ᴏᴜʀ ᴄʜᴀɴɴʀʟ👽✨🤎 @M
𝐌𝐎𝐎𝐃𝐘🍓💌 𝘸𝘢𝘭𝘭𝘱𝘢𝘱𝘦𝘳𝘴,𝘲𝘶𝘰𝘵𝘦𝘴,𝘮𝘦𝘮𝘦𝘴,𝘴𝘵𝘢𝘵𝘶𝘴 𝘷𝘪𝘥𝘦𝘰𝘴... ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ɪꜱ ᴏɴ ᴏᴜʀ ᴄʜᴀɴɴʀʟ👽✨🤎 @M_ooDychannEl💗 . . 𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 ♡🍃🕸️

"උපන්දින" කියන්නෙ අපේ මානසික සෞඛ්‍යයට වගේම භෞතික සෞඛ්‍යයටත් ගොඩක් හොඳ දෙයක්. 2016 වසරෙදි කරපු එක්තරා පර්යේෂණයකින් හෙලිවෙලා තියෙන්නෙ, වැඩි "උපන්දින" සංඛ්‍යාවක් තියෙන පුද්ගලයන් වැඩි කාලයක් ජීවත් වෙන බවයි. #Fun | @LearnBits

ඔයා යමක් ආහාරයට ගන්නකොට කටේ එක පැත්තකින් විතරක් හපන්න පුරුදු වෙලා ඉන්නව නං වහාම ඒ පුරුද්ද අයින් කරගෙන, කටේ දෙපැත්තෙන්ම හපන්න පටන් ගන්න. මොකද ඔයා එක පැත්තකින් විතරක් හපනව නං, කාලයත් එක්ක ඔයාගෙ මූණෙ අසමමිතියක් ඇති වීම, සංවේදීතා ගැටළු හට ගැනීම වගේම හකු අගුලු වැටීම සහ හකු ආශ්‍රිත වේදනා ඇති කරන TMD (temporomandibular disorders) තත්වයන් පවා ඇතිවෙන්න පුලුවන්. #Life_Hacks | @LearnBits

පියවර තුනක් ඉදිරියට හිතන්න "Calculate", එහෙමත් නැත්තං "ගණනය කරනව" කියන්නෙ, ගණිතමය ක්‍රම වලින් තීරණ ගැනීම හෝ යමක් තහවුරු කිරීම
පියවර තුනක් ඉදිරියට හිතන්න "Calculate", එහෙමත් නැත්තං "ගණනය කරනව" කියන්නෙ, ගණිතමය ක්‍රම වලින් තීරණ ගැනීම හෝ යමක් තහවුරු කිරීම කියන අදහසට. අපිට මේ අදහස, ගණිතමය පථයෙන් බැහැර කරල, තවත් ආකාරයකට යොදාගන්න පුලුවන්. අරමුණක් සැලසුම් කිරීමට හෝ නිශ්චිත අනාගතයකට අනුවර්තනය වීමට පුද්ගලයෙකුට හැකි හැකියාව, කියන්නෙ අන්න ඒ අනිත් අදහසටයි. ජීවිතයේ අපි ගෙවන හැම මොහොතක්ම, යම්කිසි ගණනය කිරීමක ප්‍රථිඵලයක්. ඉතින් අපේ ජීවිතයට සම්බන්ධ ඕනෙම තත්වයක් අවම වශයෙන් පියවර තුනක් ඉදිරියට ගණනය කරනව කියන්නෙ, ඒක ගොඩක් වාසිදායක පුරුද්දක්. මේ හැකියාව වර්ධනය කරගන්න අපිට පුලුවන් විවිධ තාර්කික ක්‍රීඩා වල නිරත වෙන්න. උදාහරණයකට චෙස් කියන්නෙ, විවිධ උපාය මාර්ගයන් ඔස්සේ, කැපකිරීම් එක්ක ජයග්‍රහණය කළ යුතු ක්‍රීඩාවක්. ඉතින් ඔයාටත් ඔයාගෙ ජීවිතේ මතුවෙන්න පුලුවන් අප්‍රසන්න අවස්ථා අවම කරගන්න ඕනෙ නම්, දැන් ඉඳලම පියවර තුනක්වත් ඉදිරියට හිතල වැඩ කරන්න. #Psycho_Facts | @LearnBits

පිළිකා සඳහා තියෙන ප්‍රතිකාරක මොනවද? පිළිකාවකට අදාළ ප්‍රතිකාරකය තීරණය වෙන්නෙ, පිළිකාවේ වර්ගය අනුවයි. සමහර පිළිකා රෝගීන්ට එක වර්ගයක ප්‍රතිකාර පමණක් සෑහෙනව. නමුත් සමහර රෝගීන්ට විවිධ ප්‍රතිකාර කීපයක එකතුව ලබාදෙනව. පිළිකා ප්‍රතිකාර සඳහා වන ජෛව සලකුණු පරීක්ෂාව මේකට Biomarker Testing for Cancer Treatment කියලත් කියනව. මේ පරීක්ෂාව සිදුකරන්නෙ, අදාළ පිළිකා රෝගියට ලබා දිය යුතු ප්‍රතිකාරය තීරණය කරන්න. ඒ කියන්නෙ පිළිකා රෝගියගෙ, පිළිකාව සම්බන්ධ ජාන, ප්‍රෝටීන සහ අනෙකුත් ද්‍රව්‍ය සොයාබලල, පිළිකාවේ වර්ගය හඳුනගන්න එකයි. පහළින් තියෙන්නෙ විවිධ ප්‍රතිකාර වල සරල හැඳින්වීම් කීපයක්. 1) Chemotherapy (රසායනික චිකිත්සාව) "කීමොතෙරපි" කියන්නෙ පිළිකා සෛල විනාශ කිරීමට රසායනික ඖෂධ භාවිත කරන ප්‍රතිකාර ක්‍රමයක්. Learn More » 2) Hormone Therapy (හෝමෝන චිකිත්සාව) හෝමෝන චිකිත්සාවෙදි කරන්නෙ, පියයුරු හෝ පුරස්ථි ග්‍රන්ථියේ වර්ධනය වන පිළිකාවල, වර්ධනය නතර කිරීමට සහ මන්දගාමී කිරීමට හෝමෝනම ඖෂධ ලබාදෙන එකයි. Learn More » 3) Hyperthermia (හයිපතර්මියා) මේකෙදි කරන්නෙ, පිළිකා සෛල විනාශ කිරීමට හෝ පිළිකා සෛල වලට හානි කිරීමට, ආසන්න පටකවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 113ක් දක්වා ඉහළ නංවන එකයි. මේ ප්‍රතිකාරයේදී පිළිකාවට ආසන්න සාමාන්‍යය සෛල වලට සිදුවෙන හානිය ඉතාමත් අවමයි. හෝ හානියක් නොවෙන තරම්. Learn More » 4) Immunotherapy (ප්‍රතිශක්තිකරණ චිකිත්සාව) මේ ප්‍රතිකාරයෙන් සෘජුවම පිළිකා සෛල වලට බලපෑමක් කරන්නෑ. හැබැයි මේ ප්‍රතිකාරය, අපේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලවා පිළිකාවට එරෙහිව සටන් කරන්න උපකාර කරනව. Learn More » 5) Photodynamic therapy (ඡායාරූප ගතික චිකිත්සාව) පිළිකා සෛල සහ අනෙකුත් අසාමාන්‍ය සෛල විනාශ කරන්න, ආලෝකය මගින් සක්‍රීය වෙන ඖෂධයක් ලබාදීම තමා මේ ප්‍රතිකාරයේ සිදු කරන්නෙ. Learn More » 6) Radiation therapy (විකිරණ චිකිත්සාව) විකිරණ චිකිත්සාව කියන්නෙ, පිළිකා සෛල විනාශ කිරීමට සහ පිළිකාවේ ප්‍රමාණය අඩු කරන්න, ඉහළ විකිරණ මාත්‍රාවක් භාවිත කරන පිළිකා ප්‍රතිකාර වර්ගයක්. මේ ක්‍රමයේදී සුලබ අතුරුආබාධ දකින්න පුලුවන්. Learn More » 7) Stem cell transplants (ප්‍රාථමික සෛල බද්ධ කිරීම) ප්‍රාථමික සෛල කියන්නෙ, පරිණත නොවූ නමුත් අවශ්‍ය විටෙක රුධිර සෛල බවට පත් වෙන්න පුලුවන් නොමේරූ සෛල වලට. ඉතින් මේ ප්‍රතිකාරයේ කරන්නෙ, රසායනික චිකිත්සාවෙදි හෝ විකිරණ චිකිත්සාවෙදි විනාශ උන රුධිර සෛල වල අඩුව පුරවන්න, ඒ වෙනුවට ප්‍රාථමික සෛල යොදන එකයි. Learn More » මේ තියෙන්නෙ මූලිකම ආකාරයේ ප්‍රතිකාර කීපයක්. #Knowledge | @LearnBits

විවිධ පිළිකා වර්ග මොනවද? පිළිකා ආකාර 100කට වඩා දැනට හඳුනගෙන නම්කරල තියෙනව. සාමාන්‍යයෙන් ඒ ඒ පිළිකා ආකාරයේ නම සඳහන් කරන්නෙ අදාළ පිළිකාව හටගත් අවයවය ආශ්‍රිතවයි. උදාහරණයකට, පෙනහළු වල ඇතිවෙන පිළිකා, 'පෙනහළු පිළිකා' , මුඛය ආශ්‍රිත පිළිකා 'මුඛ පිළිකා' යනාදී ලෙසට. ඒත් සමහර වෙලාවට, පිළිකාවක් බවට පත් උන සෛලයේ ආකාරය අනුවත්, පිළිකාවක් නම් කිරීම සිදු කරනවා. ඔයාට සියළුම වර්ගයේ පිළිකා ගැන අධ්‍යනය කරන්න අවශ්‍ය නම් cancer.net වෙබ් අඩවියේ තියෙන A-Z list of cancers කියන පිටුව බලන්න. වැදගත් දෙයක් ඉගෙන ගත්ත නම් රිඇක්ශන් එකක් ලබාදෙන්න. ශෙයාර් කරනව නං LearnBits කතෘ අයිතිය ඇතුව ශෙයාර් කරන්න.

පටක තුළ ඇතිවෙන පිළිකාමය නොවන වෙනස්කම් ශරීරයේ පටක වල ඇති වෙන හැම වෙනස්කමක්ම පිළිකාවක් හැටියට සලකන්නෑ. කොහොම උනත් මුල් අවධිවලම ප්‍රතිකාර නොකරපු එවැනි සමහර වෙනස්කම් පිළිකා තත්ව දක්වා වර්ධනය වෙන්න පුලුවන්. අනාගතයේ පිළිකා බවට පත් වෙන්න පුලුවන් එවැනි පටක වෙනස්වීම් ආකාර වලට උදාහරණ කීපයක් සලකමු. 1. හිතන්න පටකයක සෛල සාමාන්‍යය වේගයට වඩා දෙගුණයක් වේගෙන් ගුණනය වෙනව කියල. ඒක පිළිකාමය තත්වයක් නෙවෙයි. සහ අන්වීක්ෂයක් යටතේ අදාළ සෛල සාමාන්‍යය ආකාරයටම පේනව. හැබැයි අදාළ පටකය හෝ අවයවය පමණට වඩා විශාල වීම සිදුවෙනව. මේ තත්වයට කියන්නෙ hyperplasia කියල. සහ ඒක පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. 2. තවත් රෝගී තත්වයක් තියෙනව Dysplasia කියල. ඒකෙදි වෙන්නෙත් අතිරේක සෛල වර්ධනය වෙන එකමයි. හැබැයි මේ තත්වය hyperplasia ට වඩා දියුණු රෝගී තත්වයක්. ඒ කියන්නෙ Dysplasia තත්වයේදී ඇතිවෙන සෛල අසාමාන්‍ය ලෙස දිස්වෙනවා. සහ පටක සංවිධානය වෙලා තියෙන ආකෘතිය වෙනස් වෙනව. පොදුවේ, මේ රෝගී තත්වය නිසා සෛලවල සහ පටකවල වෙන වෙනස්කම් වැඩිවෙන තරමට, ඒක පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න තියෙන අවධානම වැඩි වෙනවා. 3. Carcinoma in situ - මේ තියෙන්නෙ පිළිකා තත්වයට වඩාත්ම ආසන්න උන දියුණු රෝගි තත්වයක්. මේ තත්වයට පිළිකාවේ 0 වෙනි මට්ටම කියලත් කියනව. මේක ඇත්තටම පිළිකාවක් නොවෙන්නෙ, මේ අසාමාන්‍ය සෛල පිඬ, ආසන්න පටක ආක්‍රමණය කරන්නැති නිසයි. නමුත් සමහර වෙලාවට එහෙම වෙන්න පුලුවන් නිසා, හඳුනාගත් වහාම මේ සෛල ගොණු ඉවත් කිරීම සිදු කරනවා.

පිළිකාවක් දේහය පුරා පැතිරී යාම සම්බන්ධ කරුණු ශරීරයේ එක තැනක හටගෙන, තවත් තැනකට විහිදිලා යන හෝ පැතිරෙන පිළිකාවකට කියන්නෙ මෙටාස්ටැටික් පිළිකාවක් (metastatic cancer) කියල. මෙටාස්ටැටික් පිළිකාවක් දේහයේ කොතනක පැතිරුණත් ඒකට භාවිත කරන්නෙ ප්‍රාථමික ලක්ෂ්‍යයේ හටගත් පිළිකාවේ නමමයි. සහ ඒ පිළිකාව පැතිරෙන හැමතැනම හටගන්නෙත්, මුල් ලක්ෂ්‍යයේ පිළිකාවේදි හටගැනුන සෛල වර්ගයමයි. උදාහරණයකට, හිතන්න කෙනෙක්ට පියයුරේ පිළිකාවක් හැදෙනව කියල. එතකොට අපි ඒකට කියන්නෙ පියයුරු පිළිකාවක් කියල. දැන් ඒ පිළිකාව, පෙනහළු දක්වා ව්‍යාප්ත වෙනව කියල හිතන්න. එතකොට ඒකට පෙනහළු පිළිකාවක් කියල කියන්නෙ නෑ. ඒකට කියන්නෙත් පියයුරු පිළිකාවක් කියලමයි. අන්වීක්ෂයක් යටතේ, මෙටාස්ටැටික් පිළිකාවක් (ශරීරයේ වෙනත් තැනකට පැතිරුණ පිළිකාවක්) නිරීක්ෂණය කළොත්, ඒ පිළිකා සෛල මුල්ම ලක්ෂ්‍යයේ ඇති උන පිළිකා සෛල වලට සමාන බව නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ වගේම මේ වගේ පිළිකා සෛල දෙකක, එකම ආකාරයේ වර්ණදේහ වෙනස්කම් පවා හමුවෙනවා. සමහර අවස්ථාවලදි, මෙටාස්ටැටික් පිළිකාවක් තියෙන පුද්ගලයන්ගෙ ආයු කාලය දීර්ඝ කරන්න විවිධ ප්‍රතිකාර වලට හැකියාවක් තියෙනව. අනෙක් අවස්ථාවලදි ප්‍රතිකාර වල මූලිකම පරමාර්ථය වෙන්නෙ මෙටාස්ටැටික් පිළිකාවක් තවදුරටත් වර්ධනය වෙන එක වළක්වන එක. හෝ ඉන් ඇතිවෙන ආබාධ අවම කරන එක. මෙටාස්ටැටික් පිළිකාවක්, සාමාන්‍යය දේහ යාන්ත්‍රණ වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ නිසයි පිළිකා නිසා මියයන රෝගින්ගෙන් බහුතරයක් මේ වගේ පැතිරෙන සුළු පිළිකා නොහොත් මෙටාස්ටැටික් පිළිකා ඇති රෝගීන් වෙන්නෙ.

පිළිකා ඇතිවෙන්නෙ මොන වගේ ජානවල සිදුවෙන වෙනස්කම් නිසාද? පිළිකා ඇතිකරන්න දායක වෙන ජානමය වෙනස්කම්, ප්‍රධාන ජාන වර්ග තුනකට බලපානව. 1. සාමාන්‍යය සෛල වර්ධනය සඳහා බලපාන ජාන (proto-oncogenes) 2. සෛලයක් බෙදීමේදී, එම සෛලය නියාමනය කරමින් අනවශ්‍ය ලෙස බෙදීම වළක්වන ජාන (පිළිකා මර්ධන ජාන නොහොත් tumor suppressor genes) 3. DNA අළුත්වැඩියා ජාන (DNA repair genes) proto-oncogenes කියන්නෙ සාමාන්‍යය සෛල වර්ධනය සහ බෙදීම සම්බන්ධ ජාන වලට. මේ වගේ ජානයක් යම් යම් ක්‍රමවලින් වෙනස්කම් වලට භාජනය උනොත් හෝ සාමාන්‍යය ප්‍රමාණයට වඩා ක්‍රියාකාරී උනොත් ඒව පිළිකා සඳහා හේතු වෙන ජාන බවට පත් වෙනව. පිළිකා මර්ධන ජානවලටත් ඉහත ආකාරයටම වෙනස්කම් උනොත්, සෛල ගුණනය වීම වළක්වගන්න බැරි වෙනව. එතකොට සෛලයක් අනවශ්‍ය ලෙසට ගුණනය වෙලා පිළිකාවක් බවට පත් වෙනව. DNA අලුත්වැඩියා ජාන හානියට පත් උනොත් හෝ වෙනස්කම් වලට භාජනය උනොත්, ඒක බලපාන්නෙ හානි වූ DNA පිළිසකර කිරීමේ ක්‍රියාවලියටයි. මේ වගේ ජානයක් වෙනස්කමකට බඳුන් උනොත්, ඒ ජාන වලින් අනෙකුත් ජාන වලත් විකෘති ඇතිකරල වර්ණදේහ කොටස් වෙනස් කිරීම සහ මකා දැමීම සිදු කරනවා. මේ විකෘති සියල්ලම එකතු වෙලා, අදාළ සෛලය පිළිකා සෛලයක් බවත් පත් වෙන්න හැකියාවක් තියෙනව. වර්තමානයේ මේ වගේ අණුක මට්ටමේ වෙනස්වීම් ගැන විද්‍යාඥයන් ගොඩක් තොරතුරු හොයාගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේ වගේ ජාන විකෘති ඉලක්ක කරන පිළිකා ප්‍රතිකාරක ගොඩක් දැන් තියෙනව.

පිළිකාවක් ඇතිවෙන්නෙ කොහොමද? පිළිකා කියන්නෙ ජාන ආශ්‍රිත වියවුල් තත්ව නිසා ඇතිවෙන රෝගයක්. සාමාන්‍යයෙන් සෛලයක වර්ධනය වීම සහ ගුණනය වීම පාලනය වෙන්නෙ සෛලයේ තියෙන ජාන නිසා. මේ ජාන වෙනස්වීම් වලට භාජනය උනොත් සෛලයක සාමාන්‍යය ක්‍රියාකාරීත්වය වෙනස් වෙනව. අන්න එතකොට ඒ සෛලය පිළිකා සෛලයක් බවට පත් වෙන්න පුලුවන්. පිළිකා වලට හේතුවෙන ජානමය වෙනස්කම්, වෙන්න පුලුවන් ආකාර කීපයක් තියෙනව. 1. සෛලයක් විභාජනයට ලක් වීමේදී (බෙදීමේදී) ඇතිවෙන දෝෂ. 2. සිගරට් දුම වැනි දුම්කොළ දහනයෙන් ඇතිවෙන දුමාරයේ අන්තර්ගත රසායන ද්‍රව්‍ය. 3. සූර්යයාගේ පාරජම්බුල කිරණ වැනි පරිසරයෙන් ඇතිවන හානිකර තත්ව. 4. දෙමාපියන්ගෙන් උරුම වූ විකෘති සහිත ජාන. අපි හැමෝගෙම ඇඟේ මේ වගේ පිළිකාකාරක සෛල ඇතිවෙන්න පුලුවන්. නමුත් එවැනි හානියට පත් හෝ විකෘති සහිත ජාන ඇතුළත් සෛල, පිළිකා සෛලයක් වෙන්න කලින් දේහය විසින් විනාශ කරල දානව. ඒත් අපි වයසට යනකොට අපේ ශරීරයට, ඒ වගේ සෛල විනාශ කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. වයස්ගත පුද්ගලයන්ට පිළිකා අවදානම වැඩිවෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. ඒ වගේම එකම පිළිකා සෛල ගොණුවක තියෙන සෛල අතර උනත්, ජාන සංකලන අධිකව වෙනස් වෙන්න පුලුවන් කමක් තියෙනව.

සාමාන්‍යය සෛල සහ පිළිකා සෛල අතර තියෙන වෙනස්කම් මොනවද? පිළිකා සෛලයක් සාමාන්‍යය සෛලයකට වඩා ගොඩක් වෙනස්. පහළින් තියෙන්නෙ ඒ වගේ වෙනස්කම් කීපයක්. 1. සාමාන්‍යය සෛලයක් වර්ධනය වෙන්නෙ, ඊට අවශ්‍ය සංඥා දේහයෙන් ලැබුනොත් විතරයි. නමුත් පිළිකා සෛල, එම සංඥා ලැබුණත් නැතත් වර්ධනය වෙනවා. 2. සාමාන්‍යය සෛල, ගුණනය නැවැත්වීම සහ මිය යාම සඳහා ලැබෙන සංඥා වලට ප්‍රතිචාර දක්වමින් තවත් ගුණනය වෙන එක නවත්තනවා. හෝ මිය යනවා. නමුත් පිළිකා සෛල එවැනි සංඥා නොසලකා හරිමින් තව තවත් ගුණනය වෙනවා. 3. සාමාන්‍යය සෛල ශරීරය පුරාම විහිදෙන්නෑ. සහ වෙනත් ආකාරයේ සෛල හමු උනොත් වර්ධනය වෙන එක නවත්තනවා. නමුත් පිළිකා සෛල කොහේ කොතනක උනත් දිගටම වර්ධනය වෙනවා. (යම් පටකයක් හැදෙන්නෙ සෛල වර්ග එකකින් හෝ කීපෙකින්. සෑම පටකයකටම ඊට අනන්‍ය උන සෛල ආකෘතියක් තියෙනව. අපේ ශරීරයේ තියෙන සාමාන්‍යය සෛල වලට පුලුවන් මේ ආකෘතිය හඳුගන්න. අන්න ඒ නිසයි ඔවුන් තමන් අයත් පටකයෙන් පිටතට ගියොත් වර්ධනය වෙන එක නවත්තල දාන්නෙ) 4. පිළිකා සෛල ගොණු වලින්, රුධිර නාලිකා වලට තමන් දෙසට වර්ධනය වීමට සංඥා නිකුත් කරනවා. එතකොට පිළිකා සෛල, ඒ රුධිර නාලිකා ඔස්සේ ඔක්සිජන් සහ පෝෂක ලබාගැනීමත්, අපද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදුකරනවා. 5. සාමාන්‍යයෙන් සෛලයක් හානි උනොත් හෝ අසාමාන්‍ය ලක්ෂණ පෙන්වන්න ගත්තොත්, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඒ සෛල විනාශ කරල දානව. නමුත් පිළිකා සෛල වලට හැකියාවක් තියෙනව දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහු නොවී සැඟවිලා ඉන්න, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රවට්ටල, පිළිකා සෛල වල වර්ධනයට අවශ්‍ය සහයෝගය සහ ආරක්ශාව ලබාගන්න. 6. සමහර පිළිකා සෛල වල, සාමාන්‍යය සෛලයක තියෙන්න ඕනෙ වර්ණදේහ සංඛ්‍යාව මෙන් දෙගුණයක වර්ණදේහ තියෙනව. 7. පිළිකා සෛල, සාමාන්‍යය සෛලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලට වඩා වෙනස් ආකාරවල පෝෂ්‍ය පදාර්ථ මත රඳා පවතිනවා. ඒ වගේම ඒ පෝෂ්‍ය පදාර්ථ මගින් සාමාන්‍යය සෛලයකට වඩා වෙනස් ආකාරයකට ශක්තිය නිපදවනවා. ගොඩක් වෙලාවට පිළිකා සෛලයක පැවැත්ම මේ වගේ වෙනස් ආකාරයේ හැසිරීම් මත දැඩි ලෙස රඳා පවතිනවා. වෛද්‍ය විද්‍යාවෙදි මෙන්න මේ දේ වාසියක් කරගෙන, පිළිකා සෛලවල අසාමාන්‍යය ලක්ෂණ ඉලක්ක කරගත් ප්‍රතිකාර ක්‍රම දියුණු කරල තියෙනව. උදාහරණයකට, සමහර පිළිකා ප්‍රතිකාරක වලින් කරන්නෙ, රුධිර නාලිකා පිළිකා සෛල ගොනු දෙසට වර්ධනය වෙන එක වළක්වන එකයි. එතකොට අදාළ පිළිකා සෛල ගොණුවට අවශ්‍ය පෝෂණය නොලැබීම නිසා පිළිකා සෛල ගොණුව මියයනවා.

මොකක්ද මේ පිළිකාවක් කියන්නෙ? පිළිකාවක් කියන්නෙ, අසාමාන්‍ය හෝ හානි වූ දේහ සෛල පාලනයකින් තොරව වර්ධනය වී සහ ගුණනය වී, ශරීරයේ අනිත් කොටස් වලටත් පැතිරෙන රෝගී තත්වයක්. අපේ ශරීරය හැදිල තියෙන්නෙ විවිධ වූ සෛල ට්‍රිලියන ගණනකින්. මේ සෛල වයසට ගියාම හෝ හානි උනාම ඒව මියයනව. එතකොට ඒ මියගිය සෛල වල අඩුව පුරවන්න ඕනෙ නිසා "සෛල විභාජනය" (සෛල බෙදීම) නම් ක්‍රියාවලිය ඔස්සේ නව සෛල නිපදවනවා. කලින් මියගිය පැරණි සෛල මේ අලුත් සෛල වලින් ප්‍රතිස්ථාපනය වෙනව. මේක ඇත්තටම බොහොම ස්ථායී ක්‍රියාවලියක්. ඒත් සමහර වෙලාවට මේ ක්‍රියාවලිය බිඳවැටිලා, හානියට පත් හෝ අසාමාන්‍ය සෛලත් වර්ධනය වෙලා ගුණනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැදුන සෛල ගොණු ලෙස විවිධ පටක තුළ සකස් වෙලා ගැටිති නිර්මාණය කරනවා. මේ ගැටිති පිළිකාමය හෝ පිළිකාමය නොවෙන්න පුලුවන්. පිළිකාමය සෛල ගොණු එක තැන ඉන්නැතුව පැතිරෙනවා. හෝ ආසන්න පටක ආක්‍රමණය කරල ශරීරය පුරාම විහිදෙනවා. එහෙම විහිදිලා ශරීරයේ විවිධ තැන් වල කලින් වගේම නව සෛල ගොණු නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් පිළිකා කියල හඳුන්වන්නෙ මේ වගේ අසාමාන්‍ය සෛල ගොණු වලට. ඒත් ලියුකේමියා වැනි රුධිරයේ ඇති වෙන පිළිකා තත්ව වලදි, එහෙම සෛල ගොණු සෑදීමක් සිදු වෙන්නෑ. පිළිකාමය නොවන සෛල ගොණු/ගැටිති අවට පටක ආක්‍රමණය හෝ පැතිරීම සිදුවෙන්නෑ. ඒ වගේම එහෙම සෛල ගොණු හෝ ගැටිති ඉවත් කලාට පස්සෙ ආපහු වර්ධන වීම සිදු වෙන්නෙත් නෑ. නමුත් පිළිකාමය සෛල ගොණු, ඉවත් කළයින් පසුවත් නැවත නැවත වර්ධනය වෙන්න පුලුවන්. සාමාන්‍ය පිළිගැනීම තමයි, පිළිකාමය නොවන සෛල ගොණු අපිට ලොකු තර්ජනයක් ඇති කරන්නෑ කියන එක. ඒත් මේ වගේ පිළිකාමය නොවන සෛල ගොණු, ඉතාමත් විශාල ලෙස වර්ධනය උනොත් හෝ මොළය තුළ හටගත්තොත් ඒක ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. #Knowledge | @LearnBits

🌀හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.... 🔻 සුපිරි Memes 🔺 සුපිරි Videos 🔘දැන්ම ඇවිත් සකරබයිස් වෙන්න.. ❗️❗️❗️❗️ALERT❗️❗️❗️
🌀හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.... 🔻 සුපිරි Memes 🔺 සුපිරි Videos 🔘දැන්ම ඇවිත් සකරබයිස් වෙන්න.. ❗️❗️❗️❗️ALERT❗️❗️❗️❗️ ආතල් එකේ ඉන්න ඕන නම් විතරක් එන්න Contact Owner :- @Senath_Dinsara

ඔයා පිළිකා සහ පිළිකා සෛල ගැන ගොඩක් දේවල් දන්නවද?
Anonymous voting

අමතකවීමේ වක්‍රය අමතකවීමේ වක්‍රය කියන්නෙ, 1885 වසරේදි Hermann Ebbinghaus විසින්, කාලයත් එක්ක සිදුවෙන අපේ මතකයේ පරිහානිය පෙන්වන
අමතකවීමේ වක්‍රය අමතකවීමේ වක්‍රය කියන්නෙ, 1885 වසරේදි Hermann Ebbinghaus විසින්, කාලයත් එක්ක සිදුවෙන අපේ මතකයේ පරිහානිය පෙන්වන්න නිර්මාණය කරපු ප්‍රස්ථාරමය සටහනකට. ඒ කියන්නෙ, අපි යම් කිසි මතකයක් රඳවාගන්න උත්සාහ කරන්නෙ නැතිනං, ඒ මතකය කාලයත් එක්ක නැති වෙලා යන ආකාරය පෙන්වන්න නිර්මාණය කරපු සටහනක්. මොළයට ඇතුල් කරගත්ත යම් මතකයක් දින කිහිපයක් තුළ නැවත නැවත සමාලෝචනය කළේ නැතිනං, ඒ මතකය ක්‍රමයෙන් හානියට පත් වෙලා යන බව පෙන්වීමට ඔහු කරපු පරීක්ෂණයක ප්‍රථිඵල ඔස්සේ තමයි ඔහු මේ වක්‍රය නිර්මාණය කරල තියෙන්නෙ. මේ පරීක්ෂණය, ඔහු ඔහුටම සිදු කරගත්ත පරීක්ෂණයක්. #Knowledge | @LearnBits

Giga Chad ව දන්නවද ? 🗿 Chad post බලන්න ⁣අපිත් එක්ක Set වෙන්න 🗿🍷 Chad කෙනෙක් වෙන්න 😌😈 යාළුවොන්ව tiper වෙන Chad Post තියෙන
Giga Chad ව දන්නවද ? 🗿 Chad post බලන්න ⁣අපිත් එක්ක Set වෙන්න 🗿🍷 Chad කෙනෙක් වෙන්න 😌😈 යාළුවොන්ව tiper වෙන Chad Post තියෙනවා අපි ගාව 😈 ආතල් එකේ Post එකක් කියවන්න 💀😁 Join වෙන්න - @chad_group Our official Bot - @ChadFeedback_bot Owner - @x_Didu

හොඳම ගුරුවරයා සොබාදහමයි... ස්වභාවධර්මයේ එක නීතියක් තියෙනව ශක්තිවන්තයන් පමණක් නොනැසී සිටිය යුතුයි කියල. අපේ ජීවිත වලටත් මේ කරු
හොඳම ගුරුවරයා සොබාදහමයි... ස්වභාවධර්මයේ එක නීතියක් තියෙනව ශක්තිවන්තයන් පමණක් නොනැසී සිටිය යුතුයි කියල. අපේ ජීවිත වලටත් මේ කරුණ මේ විදිහටම බලපාන බව කිව්වොත් ඔයා පුදුම වෙන එකක් නෑ. හිතන්න... අප්‍රිකානු කැලයේ ඉන්න ගෝනෙක්, උදේ අවදි උන මොහොතෙ ඉඳලම තමන්ගෙ ජීවිතය වෙනුවෙන් දුවනවා. නිකංම ඔහේ දුවනව නෙවෙයි. සිංහයෙකුට වඩා වේගයෙන් දිවිය යුතුයි කියල දැනගෙන දුවන්නෙ. ඒ වගේම ඒ කැළේම ඉන්න සිංහයෙක්, තමන්ගෙ ආහාරය උන ගෝනාව අල්ලගන්න ඕනෙ නිසා ඒ ගෝනාට වඩා වේගෙන් දුවන්න උත්සාහ කරනව. අවසානයට ශක්තිමත්ම පාද සහිත වේගවත්ම සතා ජයග්‍රහණය කරනව. අපි සමහරුන්ගෙ මනසෙ තියෙනව එක්තරා මිත්‍යා විශ්වාසයක්. "තව ටිකක් වෙලා ඉඳල රෙස්ට් කරලම, ගැම්මෙන් වැඩ කරන්න පටන් ගන්නව" කියල. ඉතින්... ඔයාට ඒ ගැම්ම හම්බුනාද? නැත්තං ඔයා තාමත් රෙස්ට් කරනවද? ස්වභාවධර්මයෙන් ඉගෙන ගන්න. පැය ගණන් හිත හිත ඉන්න කාලයක් නෑ. එක ක්ශණිකව සිතුවිලි ක්‍රියාත්මක කරල වැඩ පටන් ගන්න පුරුදු වෙන්න. තවත් හිත හිත ඉන්න එපා. දුවන්න පටන් ගන්න. ශක්තිමත්ම අය විතරක් මේ ගමනෙ ඉතිරි වේවි... #Psycho_Facts | @LearnBits

photo content

"ඔයා ඉන්න තැනින් පටන් ගන්න. ඔයා ළඟ තියෙන දේවල් භාවිත කරන්න. ඔයාට හැකි දේවල් කරන්න." - Arthur Ashe #Saying | @LearnBits

ඉන්ධන ලෙස හයිඩ්‍රජන් භාවිත කිරීම සරලවම, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු ඒකාබද්ධ කිරීමෙන් විදුලිය නිපදවනවා. මේවට අපි කියන්නෙ "හයිඩ්‍රජන් ඉන්ධන සෛල" ˢᵉᵉ කියල. මේ ක්‍රියාවෙ එකම භෞතික අතුරුඵලය වෙන්නෙ ජලයයි. අන්න ඒ නිසයි මේ යානය පරිසර හිතකාමී ආදේශකයක් වෙන්නෙ. සහ හයිඩ්‍රජන් කියන්නෙ අනාගතයේ දිගු කලක් භාවිත කරන්න පුලුවන් වෙන බහුල ඉන්ධනයක්. ඉන්ධන ලෙස හයිඩ්‍රජන් භාවිත කිරීමේ අරමුණ, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධන වලට වඩා වැඩි බලයක් අත් කරගැනීමට ඇති හැකියාවයි. (ස්කන්ධය අනුව) මිනිසුන් රහිත යානය Destinus 3 යානයට ගුවන් නියමුවෙක් අවශ්‍ය වෙන්නෑ. ඒ වෙනුවට මේ යානය පාලනය වෙන්නෙ, අධි තාක්ෂණික සන්නිවේදන පද්ධති සහ සංචලන පද්ධති මගිනුයි. ඒ නිසා Destinus 3 යානය හැසිරවීමෙදී මානව දෝෂ වලින් වෙන බලපෑම ඉතාමත් අවම තත්වයේ තියෙන්නෙ. සහ යානයේ කාර්යක්ෂමතාවත් ඒ නිසා වැඩි වෙනව. යානයේ සැහැල්ලු බව, ඉඩ හැසිරවීම වගේ දේවල් මතත්, මේ කරුණ බලපානව. Destinus 3 යානයේ යෙදවීම් Destinus 3 යානය මිලිටරි කටයුතු වල සිට, සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් දක්වාම යොදාගන්න පුලුවන්. ඒ වගේම සුපර්සොනික් වේගය සහ රේඩාර් පද්ධති වලට පහසුවෙන් හසු නොවීමේ ගුණය, හමුදා කටයුතු වලටත් ගොඩක් වැදගත් වෙනව. වාණිජ අංශය තුළ මේ යානය අධිවේගී භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න පුලුවන්. බෙදාහැරීම් කාලය වගේම ඉන්ධන කාර්යක්ෂමතාවත් වැඩි නිසා, ඒකත් වාණිජමය වාසියක් හැටියට සැලකෙනව.