𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
අපි පහුගිය lesson එකෙන් Hacking කියන්නේ මොකක්ද සහ Hacker වරුන්ගේ වර්ගීකරණය පිලිබඳ ඉගෙනගත්තා.. අද අපි බලමු Cybercrime සහ Ethical Hacking කියන්නේ මොකක්ද කියලා..
Cyber crimes කියන්නේ මොකක්ද
පරිගණක පද්ධති සහ Network hack කරමින් වෛරසයන් පැතිරවීම, දත්ත සොරා ගැනීම, බැංකු ගිණුම් වලින් මුදල් සොරකම් කිරීම මෙම Cybercrimes ලෙස නම් කරනු ලබනවා.. බොහෝ cyber crimes සිදුවන්නේ chat apps සහ දුරකථන හරහා වේ. Cybercrimes වර්ග කීපයක් තිබෙනවා,
Computer Fraud: පරිගණක පද්ධති බාවිතයෙන් පුද්ගලික වාසි ලබා ගැනීම සඳහා හිතාමතා රැවටීම.
Privacy Violation: පුද්ගලික email, Mobile number, පුද්ගලික ගිණුම් දත්ත සමාජ මාධ්ය තුල සහ වෙබ් අඩවි තුල ප්රචාරය කිරීම.
Identity Theft: යමෙකුගේ පුද්ගලික තොරතුරු සොරා ගනිමින් එම පුද්ගලයා ලෙස පෙනී සිටීම.
Sharing Copyrighted Files/Information: Copy Right Contents බෙදා හැරීම. උදාරහරණයක් ලෙස පරිගණක වැඩ සටහන්, Copyright Files ආදිය හුවමාරු කරගැනීම.
Electronic Funds Transfer: පරිගණක බැංකු ජාල වල හොරෙන් ඇතුළු වී එහි මුදල් තම පුද්ගලික ගිණුව වලට රහසේ හුවමාරු කර ගැනීම.
Denial of Service Attacks: සේවාදායකයන් වසා දැමීමේ අදහසින් විවිධ ස්ථානවල පරිගණක භාවිතා කර සයිබර් ප්රහාර එල්ල කිරීම මෙයට සම්බන්ධ වේ.
Spams: අනවසර ඊමේල් යැවීම. මෙම ඊමේල් වල සාමාන්යයෙන් දැන්වීම් අඩංගු වේ.
Ethical Hacking කියන්නේ මොකක්ද ?
අවසරයෙන් පරිගණක පද්ධති හෝ පරිගණක ජාලවලට ඇතුළුවී එහි ඇති දුර්වලතා හඳුනා ගැනීම සහ දුර්වලතා ආරක්ෂා කරන පිළියම් යෙදීම Ethical Hacking ලෙසින් හඳුන්වනු ලැබේ.
Ethical හැකර්වරු පහත සඳහන් නීති රීති පිළිපැදිය යුතුය.
ඇතුළුවීමට පෙර පරිගණක පද්ධතියේ හෝ පරිගණක ජාලයේ හිමිකරුගෙන් ලිඛිත අවසරයක් ලබා ගැනීම.
සංවිධානයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.
පරිගණක පද්ධතියේ හඳුනාගෙන ඇති සියලුම දුර්වලතා විනිවිදභාවයෙන් ආයතනයට වාර්තා කිරීම.
හඳුනාගත් දුර්වලතා පිළිබඳ දෘඩාංග හා මෘදුකාංග අයිතිකරුවන්ට දැන්විය යුතුයි.
දත්ත යනු ආයතනයකට හෝ පුදගලයෙකුට වැදගත්ම කරුණු ගොන්නක් වේ.. ඉතින් මේම දත්ත Hack නොවී ආරක්ෂා කරගැනීමට White Hat Hackers ලොකු පිටුවහලක් වී තිබෙනවා.. ඒ හැකර්වරු පරිගනක පද්ධති සහ ජාල වල අදාල දුර්වලතා හඳුනාගනිමින් එවාට පිලියම් යොදා අවදානම අඩු කර ඇති නිසාය. ඉතින් එම නිසා අදාල සමාගම් වලට ලොකු මුදලක් ඉතිරි කරගත හැකි වේ.
Ethical Hacking සඳහා නීතිමය අවසර
ඉහත සඳහක් කර ඇති නීති උපදෙස් අකුරමට පිලිපදින්නේ නම් International Council of E-Commerce Consultants ආයතන මෙහෙයවන ලද පරීක්ෂණයකට පෙනි සිට ඔබ එයින් සමත් උනොත් පමණක් ඔවුන් ඔබට නීතිමය අවසර සහිත සහතිකයක් ලබා දෙනු ලබනවා.
ඉතින් අද අපි කතා කලේ Cyber Crimes සහ Ethical Hacking පිලිබඳවයි.
Coming soon next letter..............
අද ලිපියෙන් මම කතාකරන්න යන්නේ අපි කවුරුත් පාවිච්චි කරන Whatsapp එකට තියන Moded applications ගැන.මුලින්ම බලමු මොකක්ද මේ Moded Application එකක් කියන්නේ කියලා.
අපි PC වල අපි පාවිච්චි කරන Microsoft Office, Adobe Collection වගේ අපිට නැතුවම බැරි වෙලා තියන Software සල්ලි දීල ගන්න වත්කමකුත් නැති නිසා Crack එකක් දාලා පාවිච්චි කරනවානේ.මේ Crack එකේදි කරන්නේ Offcial Software එකේ දාලා තියන Lock එකක් කඩලා අපිට Software එක සල්ලි ගෙවන්නේ නැතුව පාවිච්චි කරන්න අවස්තාව අරන් දෙන එක.
ඉතින් මෙන්න මේ වගේම දෙයක් තමා Android වල Moded APK එහෙම නැත්තන් Moded Applications කියන්නේ.Official App එකේ දෙන්නේ නැති එහෙම නැත්තන් සල්ලි දීලා විතරක් පාවිච්චි කරන්න පුලුවන් Features එහෙම නැතුව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට App එක වෙනස් කරාම එහෙමත් නැත්තන් Mod කරාම ඒකට අපි කියනවා Modded Application එකක් කියලා.
එතකොට Whatsapp ගැන කතා කරද්දී මේක Free app එකක්නේ.මේකේ මොනවද අයේ Crack කරන්න තියෙන්නේ කියල හිතනවා ඇති.ඒත් මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ Official Whatsapp App එකේ නැති Features ටිකක් දාලා Whatsapp Modded App හදලා තියනවා.
1.ඔයාගේ යාලුවෝ ඩිලීට් කරපු Status, Whatsapp Messages Delete කරාට පස්සෙත් බලන්න පුලුවන්.
2.Private Chats හදන්න පුලුවන්..මේකෙන් ඔයාට සාමාන්ය Whatsapp app එක open කරත් ඒකෙ පෙන්නන්නේ නැති විදිහට Chat එකක් හන්ගන්න පුලුවන්..Private chats වලට යන්නනම් Pattern එකක් වගේ Method එකකින් ලොක් එක ඇරගන්න වෙනවා.
3.Groups වලින්, Chats එන Media Files (Audio,Video, Images,Documents) phone එකේ gallery එකේ පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුලුවන්.
4.Last Seen, Blue Tick වගේ දේවල් ඔයාට ඕන විදිහට හදාගන්න පුලුවන්.ඒ කිව්වේ ඔයා Message read කරත් අනිත් කෙනාට Blue Tick එකක් පේන්නනේ නැති වෙන්න වගේ.
5.යාලුවන්ගේ Status එයාලට හොරෙන් බලන්න පුලුවන්..ඒ කිව්වේ ඔයා එයාලගේ status බැලුවත් ඒක එයාලට පේන්නේ නෑ.
6.Pattern,Fingerprint වගේ method එකකින් Whatsapp Lock කරන්න පුලුවන්.
7.තත්පර 30ට වැඩි වීඩියෝ Automatically තත්පර 30 ඒවට කැඩිලා එන විදිහට Status දාන්න පුලුවන්.
8.වෙන වෙනම Contacts වලට Group වලට වෙනම Privacy Settings හදන්න පුලුවන්.
9.ඒ වගේම තමා Whatsapp UI එක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන්.ඒත් එක්කම මේ Mod apps එක්ක Themes ගොඩක් එනවා ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්.
10.Airplane Mod එක තියනවා..ඒ කිව්වේ මේ phone එකේ airplane mod on කරාම වගේ whatsapp තාවකාලිකව ක්රියාවිරහිත කරන්න පුලුවන්.
ඔන්න ඔය වගේ Features ගොඩක් එකතු කරලා Whatsapp app එකේ Modded apps නිර්මානය කරලා තියනවා.මෙතන මම කිව්වේ ප්රදාන features ටිකක් විතරයි.මේ Modded Apps ගැන කතා කරොත් මීට ටික කාලෙකට කලින් Whatsapp Plus, GB Whatsapp, Yo Whatsapp වගේ එක එක නම් වලින් මේ Modded Applications ආවා.ඒකට හේතු උනේ එක එක පුද්ගලයෝ එක එක නම් වලින් මේ Modded Apps හදපු එක.
ඒ කොහොම උනත් දැන් ටික කාලෙක ඉදන් Whatsapp එකෙන් මේ Modded Apps Ban කරන්න පටන් ගත්තා.ඒ කිව්වේ කවුරු හරි මේ Modded whatsapp App එකක් දාගත්තොත් තාවකාලිකව එයාගේ Phone number එක Whatsapp වලින් Ban කරනවා.ඒ හින්දා අර කලින් කියපු Modded Apps වලින් ගොඩක් දැන් වෙද්දි පාවිච්චි කරන්න බෑ.ඒ කොහොම උනත් එහෙම වෙද්දිත් Ban නොවෙන විදිහට අහු වෙන්නේ නැති වෙන්න Modded Apps develop වෙන එකනම් නවත්තන්න Whatsapp එකට බැරි උනා.
Yo Whatsapp වගේ Modded Apps එක දිගටම Update වෙන නිසා Ban වෙන එක අඩු වෙලා තියනවා මේ වෙද්දී.මේ Apps Yo whatsapp, Fauld Whatsapp,Gold Whastapp වගේ නම් වලින් එනවා.මේවා Official විදිහට එන ඒවා නොවෙන හින්දා Developer මාරු වෙද්දී හිටපු ගමන් නම වෙනස් වෙනවා ඒ වගේම Updates එන්න පරක්කු වෙනවා වගේ අවුල් සමහර වෙලාවට වෙනවා.
Modded App එකක් පාවිච්චි කරන එක ආරක්ශිතද?
ආරක්ශිත නෑ.Modded App එකක් පාවිච්චි කරනවා කියන්නේ ඔයාගෙ Privacy එකට හානියක් වෙන්න පුලුවන්.මොකද අපි දන්නවා අපි Crack කරලා පාවිච්චි කරන Software අස්සේ ලේසියෙන්ම Virus එකක් හෝ වෙන Malicious Code එකක් හන්ගලා එවන්න පුලුවන්.ඒ වගේම තමා මේ Modded App කියන්නෙත් කවුරුහරි භාහිර පුද්ගලයෙක් වෙනස් කරලා හදපු app එකක්.ඒක ඇතුලේ මොනවා වෙනවද කියන එක කවුරුත් සහතික කරන්නේ නෑ.
Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්.
Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වුණ සේවාවක් වන නමුත් මෙය වඩාත් ජනප්රියත්වයට පත් වූනේ පසුගිය වසරේ මැයි 25වෙනිදා පොලිස් අත්අඩංගුවේදී කළු ජාතිකයෙකු වූ George Floyd ඝාතනය වීමේ සිදුවීම සමගයි.
මේ ඝාතනය නිසාවෙන් ඇමරිකාව ඇතුලු ලෝකය පුරා වර්ණ භේදය පිළිබඳ විරෝධතා පැන නැඟුණා. Signal app එක ආරක්ෂිත එහෙම නැතිනම් private messaging system නිසා බොහෝ විරෝධතාකරුවන් වෙනත් සන්නිවේදන ක්රමවලට වඩා මෙම යෙදුම මගින් පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙලඹුණා.
කොහොම නමුත් අද වන විට, තාක්ෂණික දැවැන්තයින්, සයිබර් ආරක්ෂණ විශේෂඥයින්, මාධ්යවේදීන්, රජයේ නිලධාරීන් සහ තවත් බොහෝ අයගේ ප්රසාදය හිමි කර ගැනීමටද මෙම Signal app එක සමත්ව තිබෙනවා.
Signal app එක Android, iOS, Windows, Mac වගේම Linux සඳහා free app එකක් ලෙස ලබා ගන්න පුලුවන්. ඒ වගේම chrome ඇතුලු browser සඳහාත් මේ සේවාව නොමිලයේ ලබාගන්න හැකියාව තිබෙනවා.
මේ app එක අද වන විට අතිශය ජනප්රියත්වයට පත් වෙන්නේ මේ සේවාව හරහා පරිශීලකයන්ට ලැබෙන Extra security protocols හේතුවෙනුයි.
ඒ වගේම ඔබට අවශ්ය සියලුම මූලික messaging tools (read receipts, emoji support, group chats, voice හා video calls) එයට ඇතුළත් වීමත් එයට තවත් හේතුවක්. WhatsApp මෙන්ම, ඔබේ contacts වෙත ඔබව identify කර ගැනීමට Signal යෙදුම ඔබේ ජංගම දුරකථන අංකය භාවිතා කරනු ලබන බැවින් මතක තබා ගැනීමට තවත් usernames හෝ passwords එකතු වීමක් වෙන්නෙ නම් නෑ.
Android හි සාමාන්ය කෙටි පණිවුඩ (SMS) සහ MMS පණිවිඩ යැවීමට ද Signal භාවිතා කළ හැකි වීම සුවිශේෂීත්වයක්. කොහොම නමුත් මේ පහසුකම් ලෝකයේ පරිශීලකයින් විශාල ප්රමාණයක් භාවිතා කරන Google message app එක වෙතත් Chat feature එකක් ලෙස ලබා දෙන්න Google සමාගම තීරණය කර තිබෙනවා.
මේ නිසා Signal app එකට ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙන්න නුදුරු අනාගතයේ සිදුවේවි.
සාමාන්යයෙන් app එකක setup process එක වගේම ඔබගේ අනන්යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය භාවිතා වෙනවා. අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔබගේ අනන්යතාවය තහවුරු කර ගැනීම සඳහා code එකක් ඔබගේ දුරකථන අංකයට පණිවුඩයක් ලෙසින් ලැබීම සිදු වෙනවා.
ඉන් අනතුරුව තවදුරටත් security verification සදහා ඉලක්කම් හතරක pin අංකයක් ඔබ විසින් ඇතුලත් කල යුතු වෙනවා.
මෙම messaging app එකෙහි හි සුවිශේෂී ලක්ෂණ අතර නියමිත වේලාවකට පසු තනි සංවාද (Conversation) delete වීමට setting සැකසීමට ඇති හැකියාව කැපී පෙනෙනවා. මෙම feature එක enable කිරීම සඳහා, user profile එක මත click කර “Disappearing Messages” feature එක toggle කිරීම සිදුකළ යුතුයි.
end-to-end encryption" ක්රියාවලිය ඇති නිසා බොහෝ අයට Signal වඩාත් ආරක්ෂිත යෙදුමක් ලෙස හඳුන්වන්න පුලුවන්. කෙසේ වෙතත්, Signal මගින් යවන පණිවිඩ ආරක්ෂිත වන්නේ යවන්නා සහ ලබන්නා යන දෙදෙනාම එම යෙදුම භාවිතා කරන්නේ නම් පමණි.
ඔබ Signal හරහා සන්නිවේදනය කිරීමට කැමති නම්, මෙය download කිරීමට යමෙකුට ආරාධනා කිරීම ද මේ මගින් කල හැකි වෙනවා. තවද මෙම යෙදුම හරහා පහසුවෙන් යමෙකුගේ contact එකක් block කිරීමට හැකියාව පවතිනවා.
ඔබගේ දුරකථනයෙන් යමෙකු Signal app එකට ප්රවේශ වීම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, වඩා ආරක්ෂිත ක්රියාමාර්ගයක් ලෙස සාමාන්යයෙන් ඔබගේ දුරකථනය lock කිරීමට භාවිතා කරන passcode හෝ fingerprint මඟින්ද මෙම app එක lock කිරීමේ හැකියාව පවතිනවා.
______________________________________
මේ app එක හැම කෙනෙකුගේම විශ්වාසය දිනාගන්න තවත් එක හේතුවක් විදිහට මෙය opensource ලෙස නිර්මාණය කර තිබීම පෙන්වා දෙන්න පුලුවන්. මේ නිසාම මේකේ තියෙන ආරක්ෂක දුර්වලතා හැමදෙයක්ම ඉතාමත් වේගයෙන් fix වෙනවා.
ඒ වගේම මේක කිසිම ලොකු තාක්ෂණික සමාගමකට, ඒ කියන්නේ Google, Facebook හෝ Twitter වගේ සමාගමකට අයිති නෑ වගේම, non-profit organization එකක් විදිහට තමයි පිහිටුවලා තියෙන්නේ.
ඒ නිසාම මේකට ආදායමක් ලබන්න, එහෙමත් නැත්නම් ලාභ ලබන්න තමන්ගේ පරිශීලකයින්ගේ දත්ත අලෙවි කරන්නවත්, ඒවා targetted advertising සඳහා භාවිතා කරන්නවත් අවශ්යය වෙන්නේ නැහැ.
මේ හේතුව නිසා Edward Snowden වගේ privacy එක ගැන ගොඩක් උනන්දු වෙන අය වගේම ලෝකේ පුරාම ඉන්න නළු නිළියන්ගේ සිට රාජ්යය සේවකයින් දක්වා අය මේ පිළිබඳව තම විශ්වාසය තබන්නට කටයුතු කරලා තියෙනවා.
මෙය play store එකෙන් සුලු MB ප්රමාණයකට download කරගත
හැකියි
පරිගණක පද්ධතියක හෝ නෙට්වර්ක් එකක දුර්වලතා සොයා ගනිමින් ඒ හරහා එම අදාල පද්ධතියට අනවසරයෙන් ප්රවේශ වීම හැක් කිරීමක් ලෙස සඳහන් කළ හැක. උදාහරණයක් ලෙස යම් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සඳහා එහි පාස්වර්ඩ් එක බිඳ දැමීම හැක් කිරීමක් වේ.. Personal Data, Business Data, Security Data, ආදිය හොරකම් කිරීම මෙම Hack කිරීමෙහි මූලික පරමාර්ථය ලෙස සඳහන් කල හැක. මෙම සයිබර් අවකාශයේ අපරාද සඳහා ලොව පුරා සංවිධාන බොහෝමයක් වසරකට මිලියන ගණනින් වියදම් කරනු ලබනවා.
කවුද මේ හැකර් කෙනෙක් කියන්නේ….
හැකර් යනු පරිගණක පද්ධති සහ / හෝ ජාල වල ඇති දුර්වලතාවය සොයාගෙන ප්රවේශය ලබා ගන්නා පුද්ගලයෙකි. හැකර්වරු සාමාන්යයෙන් පරිගණක ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති අති දක්ෂ computer programmers වේ. හැකර්වරුන් ඔවුන්ගේ ක්රියාවන්ගේ අභිප්රාය අනුව 6ය ආකාරයකට වර්ගීකරණය කර ඇත.
Ethical Hacker (White hat):
අවසරයක් ඇතුව පරිගණක පද්ධති හා Network තුළ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ අදහසින් Hacking වල නිරතවන්නෙකු වේ.. බෝහෝ පරිගණක පද්ධති තුල දුර්වලතා සහ එවා යතාතත්වය පත් කිරීම සඳහා මොවුන් කැපවී සිටියි.
Cracker ( Black hat ):
පුද්ගලික වාසි සඳහා පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන හැකර්වරයෙක් වේ. පුද්ගලික සහ ආයතනික දත්ත සොරකම් කිරීම , බැංකු වලින් මුදල් හුවමාරුව වැනි පුද්ගලික ඉටු කරගැනීම මොවුන්ගේ මූලික අරමුණයි.
Grey hat:
මොහු White hat & Black hat Hacket වරුන් අතර සිටින්නෙකි. මොහුගේ රාජකාරිය වනුයේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති දුර්වලතා පිළිබඳ පරිගණක පද්ධතියේ හිමිකරු දැනුවත් කිරීමයි.
Script kiddies:
Hack කිරීම සඳහා සාදන ලද මෙවලම් භාවිතයෙන් පරිගණක පද්ධති වෙත ප්රවේශය ලබා ගන්නා දක්ෂ නොවන පුද්ගලයෙක්.
Hacktivist:
සමාජ, ආගමික සහ දේශපාලනික පණිවිඩ යැවීමට හැකර් භාවිතා කරන හැකර්වරයෙක් මේ ලෙස හඳුන්වයි. මෙහිදී සාමාන්යයෙන්සි දු කරනුයේ වෙබ් අඩවි කොල්ලකෑම සහ එම පැහැරගත් වෙබ් අඩවියේ පණිවිඩය තැබීමෙනි. අපි කවුරුත් දන්න Anonymousලා අයිතිවන්නේ මෙන්න මේ කාණ්ඩයටයි.
Phreaker:
පරිගණක වෙනුවට දුරකථනවල ඇති දුර්වලතා හඳුනාගෙන සූරාකන හැකර්වරයෙක් ලෙස මොවුන්ව හඳුන්වනු ලබනවා.
Hacking ගැන් තවත් දේවල් ඉදිරියට බලාපොරොත්තු වන්න.....
*සිත් ඇදගන්නා සුළු නව විශේෂාංග සමඟ Chrome සමඟ සටනට එන Microsoft Edge ගැන දැනගනිමු*
1.Microsoft Edge browser එක අද වන විට බොහෝමයක් දෙනා අතර ජනප්රියත්වයට පත් වෙමින් පවතින අතර එය දෙවැනි වෙන්නේ Google Chrome වලට විතරක් වීම විශේෂත්වයක් වෙනවා.
2.Microsoft සමාගම විසින් මුලින්ම Edge browser එක windows 10 සඳහා 2015 වර්ෂයේදී හඳුන්වාදීමට කටයුතු කර තිබුණා. එය Internet Explorer web browser එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් වූ අතර එහි අරමුණ වි තිබුනේ පරීශිලකයන් හට වැඩි දියුණු කළ සහ සැහැල්ලු internet browsing experience එකක් ලබාදීමයි.
3.කෙසේ වෙතත්, Microsoft සමාගම බලාපොරොත්තු වූ පරිදි එම browser එකට එතරම් පිළිගැනීමක් නොලැබුණු නිසා, එම සමාගම විසින් පසුගිය වසරේදී Edge සඳහා Chromium පාදක කරගත් නව සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
4.Microsoft සමාගම විසින් 2015 වර්ෂයේදි හඳුන්වාදුන් Edge browser එක මෙන් නොව, මෙම නව Chromium පාදක කරගත් Edge browser එක බෙහෙවින් ජනප්රිය වීමට පටන්ගත් නිසාවෙන් මේ අලුත් browser එක සඳහා Microsoft සමාගම විසින් නව විශේෂාංග හඳුන්වාදීමට නිරන්තරයෙන් කටයුතු කරනවා.
5.Microsoft ආයතනය විසින් මේ වන විට Edge හි 86 වන සංස්කරණය හඳුන්වාදී ඇති අතර මෙහිදී නව features රැසක් Edge පරීශිලයන් හට ලබාදීමට කටයුතු කරලා තියෙනවා.
6.මේ වන විට වාර්තා වන අන්දමට, Microsoft Edge Browser එකේ RAM භාවිතය අවම කිරීම සඳහා Sleeping Tabs නම් වූ නව විශේෂාංගයක් එකතු කිරීමට Microsoft ආයතනය කටයුතු කරන බවට පෙනී යනවා.
7.තවද, Windows 10 මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා වූ Automatic Profile Switching feature එක Edge හි 86 වන සංස්කරණය නිකුත් කිරීමත් සමග Windows 7, 8 සහ 8.1 සඳහාත් සහය දක්වන ලෙස සැකසීමට Microsoft ආයතනය විසින් මේ වෙද්දී කටයුතු කරලා තියෙනවා.
8.Microsoft Edge හි ඇති InPrivate windows, එහෙමත් නැත්නම් Incognito Mode එක භාවිතා කරන විට ඔබගේ browsing history, cookies, site data, passwords, addresses හා form data ආදිය delete කරන නමුත්, InPrivate මගින් malicious websites වලින් හෝ ad blocking වලින් ඔබගේ browser එක ආරක්ෂා කරන්නේ නැහැ.
9.Web Browser එකේ තිබෙන Incognito Mode එක හරහා ලැබෙන ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් මිට පෙර අවස්ථාවකදී අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති.
10.එමෙන්ම Edge පරිශීලකයන් විසින් Edge add-ons site වල search query එකක් type කිරීමේදී Edge මගින් autocomplete suggestions පෙන්වන නිසා පරිශීලකයන්ගේ කාලය හා ශ්රමය ඉතිරි කර ගන්නත් හැකියාව තියෙනවා.
11.ඊට අමතරව ඔබ Edge browser එකෙහි save කරලා තියෙන password එකක් යම්කිසි ආකාරයකින් breache වීමකට ලක්වී ඇත්නම් browser එක හරහා ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලබනවා.
12.Bing Rebates දීමනා මගින් මේ වනවිට search results වලින් ලබා ගත හැකි අතර, විවිධ වෙබ් අඩවි හරහා cashback offers ලබා ගැනීමේදී ගතවන කාලය ඉතිරි කිරීමටද එමගින් හැකියව පවතිනවා.
13.ඉදිරියේදී vertical tab navigation අත්දැකීම Microsoft Edge browser එකට ලබාදීමට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින අතර එවිට Microsoft Edge browser එක vertical tab navigation පහසුකම ලබා දෙන ලොව එකම/ප්රථම browser එක බවටද පත් වෙනවා.
14.එමෙන්ම Microsoft Edge browser එක Windows, macOS, iOS සහ Android පරිශීලකයන් සඳහා නොමිලේ භාවිතා කිරීමට හැකියාව පවතිනවා.
කාටවත් ලේසියෙන් හැක් කරන්න
බැරි g mail එකක් හදා ගමු.....
1.අපි g mail එකක් නිර්මාණය කරද්දි
යොදන password එක ඉතා ශක්තිම
විය යුතුය....
2.අපි නිර්මාණය කරන g mail එකේ
Characters අනුව g mail එකේ ශක්ති
මත බාවය තීරනය වේ
3.අප නිර්මාණය කරන g mail adrees
Charecter අනුව hack කිරීමට ගත වන කාලය වෙනස් වේ.
4.අපි එහෙනම් බලමු charecter අනුව හැක් කිරීමට ගතවන කාලය
( 8) ~ මිනිත්තු විසිනමයයි
(9) ~ පැය පහයි
(10) ~දවස් පහයි
(11) ~මාස හතරයි
(12) ~ අවුරුදු 100
අපි නිර්මාණය කරන ලද ga mail එක
Google browser එකේ g mail එක නිරමානය කරනවිට එය save කරගත හැකිය...
5.අප හදන g mail එකට තමන්ගේ සමිපය අයගෙ නම් සුරතලාගේ නම
යාලුවන්ගේ නම් යෙදීම නොකල යුතුය.
Eg= #56#efS4+3wXR#
උදාහරණයක් ලෙස ඉහත සදහන්
Password එක උදාහරණයට ගත හැකිය...
මම මේ සමග photo එකකුත් ලිපිය සමග එවන්නම්.....
