𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
"Verisign නැවතත් .COM ඩොමේන් වල මිල ඉහළ දමයි.
පොදු මට්ටමේ gtld වසම් සියල්ලම පාහේ නියාමනයක් නොකර ඇති අතර ඒවායේ මිලගණන් වේගයෙන් ඉහල දමමින් පවතී. 2020 දී .org මිල ඉහල දැමීමට තීරණය කල අතර අවසානයේ මහජන විරෝධය හමුවේ ICANN වෙත එම තීරණය හකුලා දැමීමට සිදුවිය.
එහෙත් දැන් .COM හි මිල 7% කින් වසරකට වතාවකින් මිල වැඩිවේ. ICANN සදහා ඩොලර් මිලියන 20 ක් ගෙවීමට Verisign එකගතාවයකට එලබි ඇති අතර මෙම මිළ වැඩිකිරීම හරහා මීලග වසර 10 ඇතුලත Verisign සිය ආදායම ඩොලර් මිලියන 800 කින් ඉහළ නංවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
.com හි මිල වැඩිවීම 2021 අගෝස්තු 31 න් පසුව සිදුවන අතර ඒ අනුව සෑම domain registrar ආයතනයකම මිල 1$-1.5$ මිලකින් ඉහල දමනු ඇත. මෙය වසරින් වසර ඉහල යනු ඇත. අගෝස්තු 31ට පෙර ඔබගේ ඩොමේන් වසර 10 සදහා Renew කිරීමට හැකියාව ඇත්නම් මෙම මිළ වැඩිකිරීම් ඔබට මගහැර දැමිය හැකිය. නැතිනම් ඔබගේ මුදල් ඉතිරිකිරීමට තවත් ක්‍රමයක් ලෙස Cloudflare Registrar වෙත ඩොමේන් Transfer කල හැකිය. Cloudflare කිසිදු ලාභයක් නොගෙන ICANN මිළටම ඩොමේන පවත්වාගන යයි."
කතා කියවන්න.✔️
නිසදැස් විදින්න.〰️
චිත්‍ර ඇතුලේ ජීවත් වෙන්න.🔝
News දැනගන්න.🔜
තව හුගක් දේවල් එක්ක... වෙනම ලෝකයක්🇱🇰
t.me/kathalokaya
Click This Buttons 😊💪👇
"Joker' වෛරසය ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට නැවත පැමිණ ඇත. එයට ඔබේ බැංකු ගිණුම් හිස් කළ හැකිය
News
•
Aug 26, 2021
බෙල්ජියම් පොලීසිය එරට ජනතාවට අනතුරු අගවා ඇත්තේ Joker වෛරසය නැවතත් Andoid දුරකතනවලට පැමිණ ඇති බවයි. මෙම අනිශ්ට මෘදුකාංගයට පරිශීලකයිගේ අනුමැතියකින් තොරව ජංගම දුරකතනයෙන් ගෙවීම් කටයුතු සදහා දායක විය හැකි අතර ඔබ නොදැනුවත්වම බැංකු ගිණුම් හිස්කල හැකිය.
මෙම joker වෛරසය 2017 දී හදුනාගත් අතර Google Play යෙදුම් සමගින් උපාංග වලට ඇතුල් වීම සිදුවේ. මේ හේතුවෙන් යෙදුම් 1700 පමණ Google Play වෙතින් ඉවත්කිරීමට ඔවුන්ට සිදුවීය.
නැවතත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 24 ක ‘ජෝකර්’ වෛරසය 2020 සැප්තැම්බර් මාසයේදී සොයා ගන්නා ලදී. දැන් මෙම තත්වය ලොව පුරා වර්ධන වෙමින් පවතින බව entrepreneur වෙබ් අඩවිය සදහන් කරයි.
ජෝකර් වෛරසය ක්‍රියා කරන්නේ කෙසේද?
සයිබර් ආරක්‍ෂක සමාගමක් වන Quick Heal Security Lab හි පර්යේෂකයින් සදහන් කරන්නේ මෙම වෛරසය ආසාදිත ස්මාර්ට් ජංගම දුරකථන වලට OTP වැනි කෙට් පණිවිඩ ආදිය කියවිය හැකි බවයි. මෙම වෛරසය බොහොවිට කරන්නේ පරිශීලකයා දැනට භාවිතා කරන යෙදුම් වලට ගෙවන ලද අනුවාදයට ( Paid ) යෙදුම් පරිශීලකයා නොදැනුවත්වම Upgrade කිරීමයි.
ජෝකර් වෛරසය දැනට ඇතුල් වී ඇත්තේ කුමන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වලද?
Google Play මෙම යෙදුම් තුල දැනට joker හදුනාගන ඇති අතර ඒවා Google Paly වෙතින් ඉවත්කර ඇත.
Auxiliary Message
Element Scanner
Fast Magic SMS
Free CamScanner
Go Messages
Super Message
Super SMS
Travel Wallpapers
කෙසේ වෙතත් පර්යේෂකයින් සදහන් කරන්නේ මේවන විටත් හදුනා නොගත් යෙදුම් මගින් මිලියන ගණනක් දුරකතන වලට මෙය ආසාදනය වී ඇති බවත් පරිශීලකයින් තමන් දැනටමත් මෙම සයිබර් වංචාවට ගොදුරු වී ඇති බව ඔවුන් නොදන්නා බවයි.
Zscaler සමාගම තවත් සැක සහිත යෙදුම් 16 ක නම් ප්‍රසිද්ධ කර ඇත.
Private SMS
Hummingbird PDF Converter - Photo to PDF
Style Photo Collage
Talent Photo Editor - Blur focus
Paper Doc Scanner
All Good PDF Scanner
Care Message
Part Message
Blue Scanner
Direct Messenger
One Sentence Translator - Multifunctional Translator
Mint Leaf Message-Your Private Message
Unique Keyboard - Fancy Fonts & Free Emoticons
Tangram App Lock
Desire Translate
Meticulous Scanner
මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබට කල හැක්කේ මෙම අණාරක්ෂිත යෙදුම් ඔබගේ දුරකතනයෙන් ඉවත් කිරීමත්. ඔබට අත්‍යාවශ්‍ය නොවන යෙදුම්ද දුරකතනයෙන් ඉවත් කර දමා නිරතුරුව යාවත්කාලීන කිරීමත්ය. ඔබගේ බැංකු කටයුතු වලට ගන්නා දුරකතන සිම්පත් Android නොවන සමන්‍ය කුඩා දුරකතනයකින් භාවිතා කිරීමෙන් මෙම වෛරසය මගින් 100% ආරක්ෂා විය හැකිය."
"Mi වෙළඳ නාමය අතහැර දැමීමට Xiaomi සමාගම තීරණය කරයි
Huawei, Apple සහා Samsung සමාගම ද අභිබවා යමින් මේ වන විට ලොව විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා යන කිරුළ හොබවන Xiaomi සමාගම ඔවුන්ගේ ප්‍රධානතම brand name එක වන Mi වෙළඳ නාමය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.
Xiaomi සමාගමේ ප්‍රධානතම sub-brand වන්නේ Mi, Redmi සහ POCO යන වෙළඳ නාම යුගලය වන අතර, මේ අතරින් ඔවුන්ගේ premium products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Mi වෙළඳ නාමය මේ ආකාරයෙන් අතහැර දැමීමට කටයුතු කෙරෙනවා.
ඒ වෙනුවට ඔවුන්ගේ අනාගත premium නිෂ්පාදනයන් සියල්ල Xiaomi යන නමින් ම වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති නමුත් budget friendly products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Redmi වෙළඳ නාමයට මෙයින් කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ.
Xiaomi සමාගමේ Mi වෙළඳ නාමය යටතේ මුලින්ම නිකුත් වූයේ ජංගම දුරකථනයක් නොව MIUI යන Android custom ROM එක බව ඔබට මතක ඇති. MIUI සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් සමඟින්, 2011 වර්ෂයේදී Mi 1 ජංගම දුරකථනය හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
මේ වන විට MIUI එහි 12.5 වැනි සංස්කරණයට පා තබා ඇති අතර, Mi series එක Mi 11 ජංගම දුරකථනය ද වෙළඳපොලට හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව Redmi, POCO වැනි අනෙකුත් sub-brand හරහා ද ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් සහ පාරිභෝගික ආකර්ශනයක් ලබාගැනීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම rebrand එක අනුව Mi Mix ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය Xiaomi Mix 4 ලෙස නම් කිරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා."
"කාර්ය මණ්ඩලයකින් තොරව යාත්‍රා කළ හැකි ලොව පළමු Fully Electric නෞකාව ලබන වසර අවසන් වීමට පෙර දියත් කිරීමට සූදානම් වෙයි
Autonomous, එහෙම නැතිනම් කාර්ය මණ්ඩලයකින් තොරව ස්වයංක්‍රීයව යාත්‍රා කරන නෞකා පිළිබඳ තොරතුරු දැනටත් වසර කිහිපයක් පැරැණි වුවත්, මෙම හැකියාවෙන් සමන්විත Fully Electric නෞකාවක් පිළිබඳ තොරතුරු පළමු වරට නෝර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙනවා.
Yara Birkeland නමින් හඳුන්වා තිබෙන මෙම යාත්‍රාව නෝවීජියානු සමාගමක් වන Yara International සමාගම විසින් නිෂ්පාදනය කරමින් සිටින අතර, මෙම යාත්‍රාව සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරනවා මෙන්ම, එය Crew-less, එහෙම නැතිනම් නෞකාව තුල සිටින කාර්ය මණ්ඩලයකින් තොරව ස්වයංක්‍රීයව යාත්‍රා කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.
මෙහි නිර්මාණ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුවහොත් ලබන වසර අවසානයට පෙර නොර්වේ රාජ්‍යයේ නගරයන් දෙකක් වන" Herøya" සහ "Brevik" අතර සිය පළමු යාත්‍රා කිරිම සිදු කරනු ඇති අතර, එම ගමනේ සෑම චලනයක්ම Data control centers තුනක් මගින් නිරීක්ෂණය හා පාලනය සිදු කරනු ඇති.
7MWh ක බැටරියකින් බලය සපයන මෙම යාත්‍රාවට 13 knots ක, එනම් පැයට කිලෝමීටර 15ක වේගයෙන් යාත්‍රා කළ හැකි අතර, එක් වරකට බහාලුම් (containers) 60 ක් රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා.
මෙම යාත්‍රාව මඟින් මෙම නගර දෙක අතර වාර්ෂිකව සිදුවන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ලොරි රථ ගමන් වාර 40,000 ක් පමණ ආවරණය කිරීමට සමත්වනු ඇති අතර, එමඟින් Nitrogen Oxides හා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සැලකිය යුතු අගයකින් අඩුකර ගැනීමට අපේක්ෂිතයි.
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (IMO) අනුව ලොව මුළු හරිතාගාර වායු විමෝචනයෙන් 2%-3% ත් අතර ප්‍රමාණයක් නැව් කර්මාන්තය විසින් නිර්මාණය කරන නමුත්, නෞකා ගමනාගමනය ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍ය වෙනවා.
එමෙන්ම වාර්තා වලට අනුව වෙළදාම් කටයුතු වලින් 90% ක් ම මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන අතර, වාර්ෂිකව සමුදුරු තරණය කරන නෞකා ප්‍රමාණය 90,000 ඉක්මවනවා.
2015 පැරිස් දේශගුණික සම්මුතියට නෞකා ගමනාගමනය ඇතුළත් නොවූ නමුත්, IMO සංවිධානයට අනුබද්ධ රටවල් විසින් 2018 දී තීරණය කලේ 2008 ට සාපේක්ෂව, 2050 වන විට නෞකා ගමනාගමනය ආශ්‍රිතව සිදුවන කාබන් විමෝචනය 50% කින් අඩු කිරීමටයි.
එම ඉලක්කය කරා යන ගමනේදී මෙවැනි fully electric vessel සුවිශාල දායකත්වයක් ඉටු කරනු ඇති අතර, Yara International සමාගමට 2022 වන විට Yara Birkeland යාත්‍රාව දියත් කිරීමට හැකියාව ලැබුණොත් එය, සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් බවට පත්වෙනු ඇති."
"Facebook main app එකට නැවතත් voice සහ video calling පහසුකම එකතු කිරීමට Facebook ආයතනය සූදානම් වෙයි
2014 වර්ෂයේදී Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන Facebook app එකෙන් Chat පහසුකම ඉවත් කිරීමට කටයුතු කළ අතර, එය බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වූ බව මතක ඇති.
මේ අනුව සියළුම Facebook පරිශීලකයින් හට messages යැවීම සහ calls ලබාගැනීම සඳහා තවත් app එකක් download කරගැනීමට සිදු වුණා.
කොහොම නමුත් මේ වන විට video සහ voice calling පහසුකම නැවතත් ප්‍රධාන Facebook app එකට අන්තර්ගත කිරීමට කටයුතු කරමින් සිටින අතර, අගෝස්තු මස 31 වැනි දින සිට මෙම පහසුකම තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලබාදී පරීක්ෂා කිරීමට Facebook සමාගම සූදානමින් සිටිනවා.
Messenger යනු වෙනම app එකක් හරහා ලබාදිය යුතු option එකක් නොවන බවත්, එය ප්‍රධාන සේවාවේ ඇතුලත් විය යුතු option එකක් බවත් Facebook සමාගම තේරුම් ගනිමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය පෙන්වාදෙන අතර ඉදිරියේදී Messenger හි තාක්ෂණයන් භාවිතා කරමින් එය Instagram, Oculus වැනි සේවාවන් වලට ද ලබාදීමට කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කරනවා.
මේ හරහා app එකින් එකට මාරු නොවී පහසුවෙන් එකිනෙකා අතර communicate කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Facebook සමාගම අපේක්ෂා කරනවා."
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
⭕️ Only For ආතල් එකේ ඉන්න උන්ට.😏
⭕️හැමදාම funny videos , photos දානවා 😍
⭕Legendslata Special 🔥🌚
ආතල් meme photos / videos බලන්න කැමති අය එකතු වෙන්න පහල Join Now බොත්තමෙන්😍
👇👇👇👇👇👇👇
https://t.me/FunnyJokepost
👆👆👆👆👆👆👆
"Facebook main app එකට නැවතත් voice සහ video calling පහසුකම එකතු කිරීමට Facebook ආයතනය සූදානම් වෙයි
2014 වර්ෂයේදී Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන Facebook app එකෙන් Chat පහසුකම ඉවත් කිරීමට කටයුතු කළ අතර, එය බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වූ බව මතක ඇති.
මේ අනුව සියළුම Facebook පරිශීලකයින් හට messages යැවීම සහ calls ලබාගැනීම සඳහා තවත් app එකක් download කරගැනීමට සිදු වුණා.
කොහොම නමුත් මේ වන විට video සහ voice calling පහසුකම නැවතත් ප්‍රධාන Facebook app එකට අන්තර්ගත කිරීමට කටයුතු කරමින් සිටින අතර, අගෝස්තු මස 31 වැනි දින සිට මෙම පහසුකම තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලබාදී පරීක්ෂා කිරීමට Facebook සමාගම සූදානමින් සිටිනවා.
Messenger යනු වෙනම app එකක් හරහා ලබාදිය යුතු option එකක් නොවන බවත්, එය ප්‍රධාන සේවාවේ ඇතුලත් විය යුතු option එකක් බවත් Facebook සමාගම තේරුම් ගනිමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය පෙන්වාදෙන අතර ඉදිරියේදී Messenger හි තාක්ෂණයන් භාවිතා කරමින් එය Instagram, Oculus වැනි සේවාවන් වලට ද ලබාදීමට කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කරනවා.
මේ හරහා app එකින් එකට මාරු නොවී පහසුවෙන් එකිනෙකා අතර communicate කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Facebook සමාගම අපේක්ෂා කරනවා."
⭕ඔයාලට ඕන කරන ඕනම Movie එකක් Tv Series එකක් ඉක්මනින්ම ලබා ගන්න අපත් සමග එකතු වන්න.
🎭Movies
🎭Tv series
🔰Any Quality
🔰Any Language
⭕Join Now👇
