ch
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

前往频道在 Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

显示更多
3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Fastly CDN එකේ ගැටළුවක් හේතුවෙන් අන්තර්ජාලයේ දැවැන්ත වෙබ් අඩවි ගණනාවක් පැයක පමණ කාලයක් තිස්සේ අකර්මන්‍යය වෙයි අද දින පැයකට අධික කාලයක් තිස්සේ Amazon, Reddit, Stackoverflow, GitHub, PayPal, Spotify ඇතුළු ලොව ප්‍රසිද්ධතම වෙබ් අඩවි ගණනාවක් අකර්මන්‍යය වී ඇති බව ලොව පුරා  අන්තර්ජාල පරිශීලකයින් විසින් වාර්තා කරනු ලැබුවා. විශේෂයෙන්ම BBC, CNN, New York Times, The Verge වැනි news වෙබ් අඩවි බොහෝමයක් ද මෙලෙස down වී තිබුණු අතර මීට හේතුව වී තිබුණේ ප්‍රසිද්ධ edge CDN එකක් වන Fastly සමාගමේ සිදුවූ සේවා බිඳවැටීමක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ වන විට එම සමාගම විසින් අදාල ගැටළුව නිරාකරණය කර තම ස‍ේවාවන් යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර, දැනටමත් සියළුම වෙබ් අඩවි පාහේ යථා තත්ත්වයට පත්ව ඇති බව දැකගත හැකි වෙනවා. මෙම Public වෙබ් අඩවි වලට අමතරව එකසත් රාජධානියේ රාජ්‍යය වෙබ් අඩවිය මෙන්ම passport renew කිරීමේ පද්ධතිය, tax allowances සඳහා apply කිරීමේ තොරතුරු පද්ධතිය, driving license නිකුත් කිරීමේ තොරතුරු පද්ධතිය ඇතුළ පද්ධති රැසක් ද මෙම කාලය තුලදී අකර්මන්‍යය වී තිබුණු බව වාර්තා වෙනවා. පසුගිය වසරේ ජුලි මාසයේදී ද මෙවැනිම edge CDN එකක් වූ Cloudflare සේවාවේ ඇති වූ ගැටළුවක් නිසාවෙන් මේ ආකාරයෙන්ම වෙබ් අඩවි දැවැන්ත ප්‍රමාණයක් අකර්මන්‍යය වූ බව මතක ඇති. Cloudflare සේවාවේ බිඳවැටීමක් නිසාවෙන් Discord ඇතුළු වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වෙයි මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විටලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා. Cloudflare යනු මූලිකව Content Delivery Network මෙහිදී අපි CDN එකක්, එහෙමත් නැතිනම් Content Delivery Network එකක් යනු කුමක් ද යන්න කෙටියෙන් පැහැදිළි කළ අතර, මේ දක්වා වාර්තා වන තොරතුරු අනුව මෙම සිදුවීම ද මීට සමාන ආකාරයකින් සිදුවී තිබෙනවා. කෙසේ නමුත් Fastly සේවාව බිඳවැටීමට හේතු වූ මූලික සිදුවීම පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට තවමත් Fastly ආයතනය කටයුතු කර නොමැති අතර, ඒ පිළිබදව තොරතුරු ලද සැනින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපි බළාපොරොත්තු වෙනවා.

ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledg
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledge 🔴Positive Thinking 🔴Sexual Education 🔴Education 🔴Story ආදී බොහෝ දෑ එකම තැනකින්❤💞 පල්ලෙහා තියෙන බටන් වලින් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලත් 😊🙈 ඔයාලගෙ දැනුම අපිත් එක්ක ශෙයා කරගන්න😎. (හොදයි නම් යාලුවො අතරෙත් ශෙයා කරන්න එයාලවත් එකතු කරගන්න🙃)

Intel CPU වල Model Number එකේ අග තිබෙන අකුරු එහෙමත් නැතිනම් Suffix වල තේරුම දැනගනිමු බොහෝ වෙලාවට අපි Laptop පරිගණකයක් හෝ සාමාන්‍යය Desktop පරිගණකයක් මිලදීගැනීමේදී සැළකිලිමත් වන දේවල් වලින් එහි තිබෙන Processor එක, එහෙමත් නැතිනම් CPU එකට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. ඉතින් මේ CPU එකක් තෝරාගැනීමේදී ප්‍රධාන වශයෙන්ම වැඩි දෙනෙකුගේ තේරීම වෙන්නේ Intel Processor එකක් වන නමුත් තමන් මිලදීගැනීමට සූදානම් වන processor එක හරියටම තමන් කරන්න යන වැඩත් එක්ක ගැලපෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීමට නම්, processor model එකේ අගින් තිබෙන අකුරු පිළිබඳව සැළකිලිමත් වෙන්න අපිට සිදු වෙනවා. මේ model number එකේ අග තිබෙන අකුරු අහඹු ලෙස එයට එකතු කරනු ලැබූ අකුරු නොවන අතර මේ අකුරු වලින් අදාල processor එක ගැන තොරතුරු රැසක් නිරූපණය කිරීමට Intel සමාගම කටයුතු කරනවා. Intel Core i3, i5 සහ i7 වැනි මාදිලි වලින් වටිනාකමින් වැඩි ඉලක්කම හිමි මාදිලිය වැඩියෙන් powerful කියලා හිතාගෙන හිටියත්, model number එකේ අවසානයට තිබෙන අකුර අනුව එය බොහෝ වෙලාවට වෙනස් වෙනවා. Suffix K ඔයා තෝරගන්න CPU එකේ model number එකේ අගට K අකුර ඇතුලත් වෙලා තිබෙනවා නම්, එහි තේරුම මේ processor එක Unlocked, එහෙමත් නැතිනම් over-clock කිරීම සඳහා හැකියාව ලබා දී තිබෙන බවයි. අනෙකුත් processor ද over-clock කිරීමේ හැකියාව තිබෙන නමුත්, ඒවා overclock කළ හැකි ප්‍රමාණය ඉතාමත් සීමා සහිත වන නමුත් මෙම processor එක එවැනි සීමාවන්ගෙන් තොර වෙනවා. Suffix H & Q මේ H කියන අකුර ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ Q කියන අකුරත් එක්කමයි. ඒත් H කියන්නේ High Performance Graphic තිබෙන බව වගේම මේ වෙනුවෙන් power එක භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම Q කියන අකුරින් අදහස් වෙන්නේ Quad Core කියන අදහසයි. ඒ වගේම මේ වර්ගයේ processors ටිකක් මිලෙන් වැඩියි. (ඔයා මේ Q suffix එක තිබෙන i7 processor එකක් මිලදී ගන්නවා නම්, එහි අන්තර්ගත වෙන්නේ CPU cores 4ක් පමණක් බව දැකගතහැකි වේවි.) මීට අමතරව Intel සමාගම විසින් M අකුර භාවිතා කර තිබෙන්නේ ඔවුන්ගේ Mobile processors හැඳින්වීමට වන අතර සමහර අවස්ථා වලදී Intel i7-4700MQ වැනි මාදිලි වලදී M අකුරින් Mobile යන්නත්, Q අකුරින් Quad Core යන්නත් නිරූපණය වෙනවා. Suffix U & Y මේ U අකුරින් අදහස් වන්නේ Ultra Low Power වන අතර Y අකුරින් නිරූපණය වන්නේ Extremely Low Power කියන අදහසයි (Y වෙනුවට E යොදාගෙන නැති හේතුව ගැන සිතනවා නම්, E යොදාගෙන තිබෙන්නේ ECC Memory සඳහා සහාය දක්වන CPU නිරූපණය කිරීමටයි). මේ U සහ Y අකුරු සහිත CPU මාදිලි වැඩි වශයෙන්ම performance වලට වඩා, battery saving ගැන focus කරමින් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් මේ processors අඩංගු devices වල performance අඩු වුණත්, battery එක බහින්නේ ඉතාමත් අඩුවෙනුයි. Suffix T මේ T කියන suffix එක සහිත CPU මාදිලි පැරණි LGA socket වලට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති අතර මේවා සාමාන්‍යය desktop CPU වලට වඩා අඩු විදුලි බලයක් භාවිතා කරන ලෙස සකස් කර තිබෙනවා. මේ ආකාරයේ CPU බොහෝ වෙලාවට  All In One PC වැනි devices වල දැකගැනීමේ හැකියාව ලැබෙනවා. Suffix P P කියන suffix එක අන්තර්ගත වන CPU මාදිලි වල Integrated graphics, එහෙමත් නැතිනම් on-board graphics කියන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන පහසුකම අන්තර්ගත වන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි මොන processor එක ගත්තත්, GPU එකක් වෙනම සවි කරනවා නම් Integrated graphics වලින් වැඩක් නෑ වගේම මේ හරහා ඊට අදාල මුදල ඉතිරි කරගැනීමටත් අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අගට G suffix එක එකතු වෙනවා නම්, මේ processor එකත් සමඟ AMD Radeon graphic chip එකක් එයට අන්තර්ගත වෙනවා. Suffix XE Intel සමාගම විසින් සාමාන්‍යය පරිගණක සඳහා මෙතෙක් නිෂ්පාදනය කෙරුණු, හොඳම processor මාදිලි වල දකින්නට ලැබෙන මේ X suffix එක මගින් නිරූපණය වන්නේ අදාල CPU එක Extreme Edition එකක් බවයි. (මෙහි අන්තර්ගත වන E අකුරින් ECC Memory එක ගැන අදහසක් නිරූපණය නොවේ.) ඉතින් ඔයා පරිගණකයක් මිලදීගැනීමට සූදානම් වෙනවා නම් හෝ තමන්ගේ පරිගණකයේ ඇතුලත් වන CPU එක වඩාත්ම සුදුසු වන්නේ මොන වගේ tasks සිදු කරගැනීමට ද යන්න අවබෝධ කරගැනීමට අවශ්‍යය නම්, අනිවාර්යයෙන්ම මේ model number එක අවසානයේ ඇති අකුරු ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ark.intel.com එකට ගිහින් එකේ තිබෙන Search පහසුකම භාවිතා කර, තමන් මිලදීගැනීමට සූදානම් වන CPU එකේ තිබෙන Cores ගණන, Threads ගණන, Cache Memory එක වගේම මේ Processor එකට අදාලව Turbo Boost වැනි පහසුකම් තිබෙනවාද යන්න ගැන පරීක්ෂා කිරීමට අමතක කරන්න එපා. මේ ලිපියේ හොද නරක ගැන comment එකක් දාන්න...😏

අමතක වෙන දේවල් ලේසියෙන්ම මතක තියාගන්න උදව් කරන Google Keep ගැන දැනගනිමු පාසලේදි, campus එකේදි අපට දෙන note එකක් හරි, කඩේට ගෙනියන බඩු list එකක් හරි මතක තියාගන්න ඕන වුණාම අපි ඉස්සර නම් කරන්නෙ පොඩි කොළ කෑල්ලක ලියාගන්නවා එහෙමත් නැතිනම් ජංගම දුරකථනයෙ SMS එකක් විදියට draft කරගන්නවා. ඒත් smartphone භාවිතයට ආවට පසුව අපි ගොඩක් දෙනෙක් මේ සඳහා App එකක් භාවිතා කරන්න පුරුදු වුණා. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය app එකක් තමයි Evernote කියන්නේ. නමුත් Evernote භාවිතා කරද්දි අපිට එන ප්‍රශ්න වලින් ප්‍රධාන එකක් තමයි මේ app එක mid-range phone වලදි එහෙමත් නැතිනම් performance අඩු phone එකකදී ටිකක් slow වෙන එක. ඉතින් ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් පහසුකම් අතින් වගේම performance අතිනුත් ගොඩක් හොඳ app එකක් වෙන Google Keep ගැන තමයි අද අපි කතා කරන්න බළාපොරොත්තු වෙන්නේ. මේ Google Keep කියන්නේ Google සමාගම විසින් 2013 වර්ෂයේ හඳුන්වා දෙන්න කටයුතු කළ සරළ නමුත් බොහොම ප්‍රයෝජනවත් Note ගන්න app එකක්. මේකේ තිබෙන ප්‍රධානම වාසිය තමයි මේ app එක ඕනම පොඩි smartphone එකකම වගේ slow වෙන්නේ නැතිව වැඩ කරන එක. ඒ වගේම මේ app එක Android, iOS වලට වගේම Chrome සඳහා extension එකක් වශයෙන් ද Gmail web app එක හරහා ද භාවිතා කරන්න අවස්ථාව තිබෙන අතර මේ හරහා text, image, voice වගේ විවිධ විදිහේ notes තියාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. Text Notes ඔයාට note එකක් ලියන්න ඕන නම් කරන්න තියෙන්නේ Take a note... කියන තැන tap කරලා ඕන කරන දේ type කරන එක. ඔයාට අවශ්‍යය දේ ලියලා ඉවර වුණාම අමුතුවෙන් save කරන්න අවශ්‍යයතාවයක් නැහැ. ඒක auto save වෙන නිසා ආපහු back button එක press කරලා එයින් ඉවත් වුණාම මේ ප්‍රධාන screen එකේ ඔයා type කරපු දේ තියන අලුත් note එකක් විදිහට ඒක එකතු වෙනවා. Checklists ඒ වගේම ඔයාට shopping list එකක් හර, ඊළඟට කරන්න තියන වැඩ list එකක් හරි එහෙමත් නැතිනම් meeting එකකදි, presentation එකකදී කතා කරන්න ඕන කරන points ටික හරි note එකක් දාගන්න ඕන නම් ඊළඟට තිබෙන checkbox icon එක මත tap කරලා ඒක කරගන්න පුළුවන්. Note with drawing ඒ වගේම ඉන් පසුව තිබෙන pencil icon එක tap කිරීම මගින් ඔයාට ඕන අවස්ථාවක දළ සටහනක් ඇඳගන්න වගේ මොනවාහරි දෙයක් අඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ අඳින අවස්ථාවේදී ඔයාට වැඩියෙන් ඉඩ ඕන නම් ඇඟිලි දෙකකින් ඉහළට swipe කිරීම මගින් තවත් ඉඩ ලබාගන්නත් පුළුවන්. Voice notes Mic එකක් icon එක tap කලොත් ඔයාට voice record එකක් save කරගන්න අවස්ථාව ලැබෙන අතර ඔයා කියන දේ ඒ වෙලාවෙම text වලට convert වෙලා audio එකත් එකක්ම text transcript එකකුත් ඔයාට ලබාගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා. Notes with image අන්තිමට තිබෙන image එකක icon එක tap කරලා ඔයාගේ phone එකේ තිබෙන image එකක් හරි, camera එක භාවිතා කරලා ඕනම විදිහේ photo එකක් හරි අරගෙන ඒක note එකක් විදිහට save කරගන්නත් අවස්ථාව තිබෙනවා. හිතන්න ඔයා whiteboard එකක තිබෙන Note එකක් photo එකක් ගත්තා කියලා. අපිට ඕන ඒ image එකේ තිබෙන text එක අපේ note එකට ගන්න. අන්න ඒ පහසුකමත් මෙහි තිබෙන Grab image text කියන පහසුකම හරහා ලබාගන්න පුළුවන්. මීට අමතරව මේ ගන්න හැම note එකක්ම අපිට ඕන color එකකින් tag කරලා තියාගන්න, කාටහරි යවන්න (Sharing), Reminder එකක් set කරන්න වගේම කාත් එක්කහරි එකතු වෙලා එකම note එකකට කරුණු එකතු කරන්න (Collaboration) සහ තවත් විවිධ විදිහේ පහසුකම් රැසකින් මේ app එක සමන්විත වෙනවා. ඕන නම් මේ note එකක් කෙලින්ම Google Docs වලට transfer කරන්නත් පුළුවන් වගේම note එක භාවිතා කරලා ඉවරයි නම් ඒක archive කරන්නත්, ඒක ඕනම නැත්තම් delete කරලා දාන්නත් ඔයාට මේ හරහා අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔයා මේ app එක තාමත් භාවිතා කරලා නැත්නම් අදම Google Play Store එක හරහා හෝ Apple App Store එක හරහා download කරගන්න. ඒ වගේම මේ app එක හරහා ඔයා save කරගන්න notes, keep.google.com කියන web app එක හරහා ඔයා PC එක භාවිතා කරන වෙලාවට access කරන්නත් පුළුවන්.

HOW to speed pc ( technology knowledge store chanel ) විශේෂයෙන්ම windows පරිගනකයක් භාවිතයේදී තියන ලොකුම ගැටළුවක් තමයි ටික කලක් යද්දී පරිගණකය slow වීම. පරිගණකය සකස් කල හෝ මිලදී ගත් අලුත තිබුන වේගය එක්ක ගනිද්දී ගොඩක්ම අඩු වේගයක් ලැබීම බොහෝ windows පරිශීලකයින් අසතුටට පත් කරනවා කියන දේ නොරහසක්. ඉතින් මේ ලිපියෙන් අද අපි කතා කරමු කොහොමද windows නැවතත් වේගවත් කරන්නේ වගේම slow නොවී භාවිත කරන්නේ කියන එක. (1) Start-up Apps Startup apps යනු පරිගණක on වනවාත් සමග automatically open වෙන applications. මේ වගේ apps හැකිතාක් අවම කරන්න. මොකද පරිගණකයේ ලොකු ram ධාරිතාවයකට මේ apps වගකියනවා. (2) Installed Softwares පරිගණකයේ වැඩ කරගන්න අපි නොයෙකුත් මෘදුකාංග භාවිතා කරනවා. හැබැයි මේවයින් සමහරක් අපි install කරලා තිබ්බට කවදාවත් අඩුම open වත් කරන්නේ නැහැ . ඉතින් මේ app අයින් කරලා දාල ලොකු ram එකේ ඉඩක් ඉතුරු කරගන්න පුළුවන්. control panel > Program and features > Uninstall (3) Disk Defragment This PC එකේ ඕනෑම drive එකක් right click කරලා properties ගිහින් එකේ tools වල තියන Optimize and defragment drive කියන එකට යන්න . මේකෙන් storage devices optimize කරන්න පුළුවන් . මොකද මේවගේ file access වේගය සෑහෙන්න බලපානවා පරිගණකයේ වේගයට. (4) Virus & Malware Virus සහ මැල්වෙයා වර්ග පරිගනයකට ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා පැමිණෙන්න පුළුවන්. මේවා මගින් පරිගණකය slow වෙන්න පුළුවන්. ඒ නිසා update විච්ච බරින් අඩු virus guard එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. ඒ වගේම කලාතුරකින් malware scanner එකකින් පරිගණකය scan කරලා දාන්න. (5) Drivers සම්බන්ද ගැටළු වැඩිය නොහිතන කාරනාවක් වුනත් drivers නිසා පරිගණකය slow වෙන්න පුළුවන්. විශේෂයෙන්ම graphic drivers වගේ හරියට update නොවී තිබුනොත්. ඒ නිසා හැම වෙලේම හරි drivers හරි විදියට දාගෙන තියාගන්න එක වැදගත්. (6) SSD SSD එහෙම නැත්නම් Solid State Drive කියන්නේ තවත් පරිගනකයක තිබිය යුතුම දෙයක්. SSD ගනිද්දී සාමාන්යෙන් අපි පාවිච්චි කරන HDD වලට වඩා සරලවම ඔයාගේ පරිගණකයේ සාමාන්‍ය hard එකට වඩා ගොඩක් වේගවත්. හැබැයි SSD මිලින් වැඩි. ඉතින් ඔයාගේ ලොකු main hard එක තියෙද්දීම අඩුම 120GB හෝ 240GB වගේ SSD එකක් පරිගණකයට ගහල ඒක C (System Driver) එක විදියට තියල windows දැම්මනම් ප්‍රශ්නය හරි.

Tab vs laptop ( online class) මේ දවස් වල Online meetings කියන්නේ හැමෝටම පොදු දෙයක්. Zoom, Miscrosoft teams ගැන අහල තිබුණු නැති අය පවා මේ වෙද්දී දිනපතා පාවිච්චි කරන්න පටන් අරන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි එක පාරටම මේවට අවශ්‍ය devices හොයාගන්නේ කියන එක. ඒ කියන්නේ සමහර විට එකම නිවසේ කිහිප දෙනෙක් එක වර zoom පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉතින් මෙතැනදී අනිවාර්යෙන්ම එක phone එකක් තිබ්බත් මේක මදි වෙන්න පුළුවන්. ඉතින් තව device එකකට යනවනම් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද ? ඒ ගැන අද අපි මේ ලිපියෙන් කතා කරමු. Tab සහ Laptop කියන දෙක portability අතින් ගනිද්දී පැහැදිලිවම දෙකම සමස්තයක් ලෙස ඉස්සරහින් ඉන්නවා. පහසුවෙන් ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්. හැබැයි එත් Tab එකක් ගෙනියන එක ඒ දෙකෙනුත් ගොඩක්ම ලේසි. Tab එක සාපේක්ෂව පොඩි සහ නිතරම Plug කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි 2nd Hand වගේ lap එකකට ගියොත් සමහර විට battery එකේ ගැටළු තියෙන්න පුළුවන් නිසා නිතරම plug කරලා තියන්න සිද්ද වෙන්න පුළුවන්. හැබැයි tab එකේ එහෙම අවුලක් තිබ්බත් power bank එකක් හරි use කරන්න පුළුවන්. මේ වෙද්දී ISP ලා (අන්තර්ජාල සේවා සපයන්නන්) සියල්ලම පාහේ Zoom / MS Teams / Youtube / Social Media සඳහා සාධාරණ මුදලකට Unlimited Plans දෙන නිසා tab එකකට Sim එකක් දාගත්තොත් ගොඩක් ලේසියෙන් internet යන්න පුළුවන්. හැබැයි Laptop එකකදී නම් router එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කල් පැවැත්ම, ලෙඩ, ප්‍රශ්න අතින් Laptops වලට වඩා tablets හොඳයි . හැබැයි හැම කතාවකම දෙපැත්තක් තියනවා. Laptops වල වාසි කිහිපයක් තියනවා. අපිට ලේසියෙන්ම printer එකක් connect කරලා print out ගන්න පුළුවන්. files ලස්සනට organize කරලා තියාගෙන tab එකේ නැති apps පවා පාවිච්චි කරන්න පුළුවන් . ඉතින් ඒ වගේ අවශ්‍යතා තියනවනම් Laptop හොඳයි , නැත්නම් desktop එකකට යන්න. තව දෙයක් ! බොහොමයක් දෙනෙක් මිල ගැන හොයනවා . Used tab සාමාන්යෙන් 5,000 ඉඳන් වගේ තියනවා . හැබැයි සමහර ඒවා පරණයි. මේ පරණ නිසා මේවගේ තියෙන්නේ පරණ android version එකක් . ඒ නිසා Zoom වගේ ගොඩක් apps වැඩ කරන්නේ නැති වෙනවා. ඒ වගේම තමයි Laptops. ගොඩක් අඩු specifications තියන ඒවා ගත්තත් මේ ප්‍රශ්නේ එනවා. ඉතින් ඒවා ගැනත් ගොඩක් පරිස්සමින්. ඔයාලා online class ඉන්නේ ලැප් එකෙන්ද ටැබ් , phone එකෙන්ද කියලා comment එකක් දාන්න.😉

ඔන්න අද කියන්න හදන දේ උඩ තියෙන මාතෘකාව දැක්කහම තෙර්නවා ඇති ,හරි කමක් නැහැ අද ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Desktop ට mobile ෆෝන් එකට wallpaper ගන් පුළුවන් සුපිරි වෙබ්සයිට් කිහිපයක ගැන.   pexels මේ site එකෙන් ඔයාලට සුපිරි 4K  wallpapers ඔයාලට ගන්න පුළුවන් ඒ වගේම mini type වීඩියෝ ලබාගන්නත් පුළුවන්. unsplash ටික ලොකු පරාසය wallpapers අපිට බලාගන්න පුළුවන්.   hdwallpapers 3D වැනි wallpapers බලාගන්න පුළුවන්. zedge දැනට mobile ෆෝන් වල සුපිරිම wallpapers බලාගන්න පුළුවන් වගේම රිගින් ටොන් නුත් බලාගන්න පුළුවන් ඔයාලට. ඔයාල තව වෙන වෙබ්සයිඩ් වලින් Download කරනවානම් එ වෙබ්සයිඩ් එකේ නම යටින් comment එකක් දාන්න....😉😉😉😉

ඔයාලා දන්නවද පැහැදිලි wallpaper download කරගන්න පුලුවන් website ගැන?
Anonymous voting

ජනාධිපතිවරයාගේ Tweet එකක් abusive behavior policy එක යටතේ මකා දැමීමෙන් පසු නයිජීරියාව තුළ Twitter තහනම් කිරීමට කටයුතු කරයි මේ වන විට නයිජීරියාව තුල Twitter සේවාව දින නියමයක් නොමැතිව සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා. මෙයට හේතුව වී තිබෙන්නේ නයිජීරියාවේ ජනාධිපතිවරයා වන Muhammadu Buhari විසින් පළ කරනු ලැබූ tweet එකක්, Twitter සේවාවේ abusive behavior policy එක උල්ලංඝනය වීම නිසා ඉවත් කිරීමට කටයුතු කර තිබීම බව වාර්තා වෙනවා. මෙලෙම Twitter සේවාව තම රට පුරා තහනම් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව, VPN වැනි නොයෙකුත් ක්‍රම හරහා Twitter භාවිතා කිරීමට පෙළඹෙන පුද්ගලයින් සොයා ඔවුන් හට දඬුවම් ලබාදීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව ද එරට නීතිපති සහ අධිකරණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති Buhari ගේ මකාදැමූ tweet එකෙහි එරට සිටින බෙදුම්වාදීන්ට දඬුවම් කරනු ලබන බව සඳහන් වී ඇති අතර, එරට පැවති Biafra යුද්ධයෙන් මිලියනයකට අධික පිරිසක් මිය ගිය බවත්, එම යුධ සමයේ Buhari, major general කෙනෙකු ලෙස සේවය කළ බවත් The Verge අඩවිය සඳහන් කරනවා. ඔයාලය හිතන දේ comment එකක් දාන්න.......😉😉😉😉