A/level ප්රතිපල එහෙම ඇවිල්ල ගොඩක් අය කැම්පස් වල විවිධ පාඨමාලා ගැන හොයන කාලයක් තමා මේක.ඉතින් අපි බලමු මොකක්ද මේ NDT කියන්නෙ කියල.NDT කියන්නෙ National Diploma in Technology කියල එක.මේක මොරටුව විශ්වවිද්යාලයට අනුබද්ධ දියගම තාක්ෂණ පීඨයෙන් ප්රදානය කරන Higher Diploma එකක්.අපිට NDT එකේ තියෙන ප්රධානතම වාසිය තමා ඩිප්ලෝමාව ඉවර කරල top up එකක් එහෙමත් නැත්තම් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරන්න අවස්ථාව උදා වෙලා තියෙන එක.ඉතින් මේ NDT පාඨමාලාව කරන්න උසස් පෙළ ගණිත අංශයෙන් හදාරල තිබෙන එක අනිවාර්යයි.
NDT යටතෙ Civil engineering , mechanical engineering ,textile & clothing engineering , Electronic & telecommunication engineering , electrical engineering , information tecnology , polymer technology , Chemical engineering වගේම Marine engineering සහ Nautical studies කියන පාඨමාලා අපිට හදාරන්න අවස්ථාව උදා කරල දීල තියෙනව.NDT කියන්නෙ තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක්.මේකෙ තියෙන විශේෂත්වය තමා අපිට පළමු අවුරුදු දෙක academic වශයෙනුත් තුන්වන අවුරුද්ද training කාලයක් වශයෙනුත් තමයි පාඨමාලාව සකස් කරල තියෙන්නෙ.
ගණිත අංශයෙන් උසස් පෙළ හදාරල සමත් ඕනෑම කෙනෙකුට මේකට අයදුම්පත් යොමු කරන්න පුලුවන් වුණත් NDT එකට තෝරාගන්නෙ යෝග්යතා පරීක්ෂණයකුත් තියල.ඒකට අදාළ පසුගිය ප්රශ්න ඔයාලට අපේ වෙබ් අඩවිය මගින් ලබාගන්න පුලුවන්.
නමුත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ සමහර අය ඉන්නව ගොඩක් හොඳ z අගයක් තියාගෙන Jaffna engineering සහ ඇතැම් හොඳ උපාධි පාඨමාලා අතහැරල කාගෙහරි කීමකට හෝ වැරදි මතයක් නිසා NDT වලට එන්න හිතාගත්ත අය,ඉතින් ඒ වගේ තීරණ ගන්න කලින් නම් ඔයාල දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහල දැනගෙන දෙපාරක් හිතන එක ගොඩක් හොඳයි.ඒ වගේම රාජ්ය විශ්වවිද්යාල වල IT degree අතෑරල NDT IT දාන අයත් ඉන්න පුලුවන්.නමුත් NDT IT මගින් ඔයාට ලැබෙන්නෙ IT Higher diploma එකක් පමණයි.ඒක නිසා IT B.Sc degree එකක් අතෑරල NDT IT එන එක ගැනත් දෙපාරක් හිතන්න.NDT IT හොඳ නෑ කියල නෙවෙයි මේ
කියන්නෙ.B.sc IT Degree එකක් අතෑරල ඒකට එන එක ගැන අදහස් කළේ.නමුත් ඔය පිළිගැනීමක් නොමැති විවිධ ආයතන වලින් IT පාඨමාලා වලට වඩා මේක හොඳයි.
නමුත් ඔයාගෙ fashion එක ඉංජිනේරුවෙක් වෙන්න නම් ඒකට
B.sc Engineering degree වලට අවශ්ය z අගය ඔයාලට මදි නම් NDT කියන්නෙ ඔයාලගෙ ඉංජිනේරු සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න පුලුවන් තවත් ඉතා හොඳ පාඨමාලාවක් කියල කියන්න පුලුවන්.
සටහන - සසිරු අංජන