ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

关闭频道

plz judge me

显示更多
未指定国家未指定类别
518
订阅者
无数据24 小时
-67 天
-1630 天
帖子存档
🔶 තාප භෞතිකය - Thermal Physics පාඩමෙන් හොඳ රචනා ප්‍රශ්නයක් 🌝❤️
උෂ්ණත්වමිතිය - Thermometry තාප ප්‍රසාරණය - Thermal Expansion වායු නියම - Laws Of Gases තාපමිතිය - Calorimetry තාපගති විද්‍යාව - Thermodynamics අවස්ථා විපර්යාස - Change Of States තාප සංක්‍රාමණය - Heat Transfer
 👉 Get Marking - Click Here  ☝️ මේ කොටස් ආශ්‍රිතව හදපු ලස්සන ප්‍රශ්නයක් 🤍 පුළුවන් අය Try කරල බලන්න. ප.ලි : මං හදපු එකක් , ටිකක් දිග වැඩී a/l වලට මෙච්චර දිග ප්‍රශ්න එන්නෙ නෑ. ( corrections thibunoth dnnm )

වායුවක් මගින් කිසිදා සම්පීඩනයක් සිදු නොකර ගන්නා අතර ප්‍රසාරණයක් පමණක් සිදුවිය හැකිය.
• මේ ප්‍රකාශය ගැන මොකද හිතන්නේ ? ( කැමති එකක් තෝරන්න , Correct Answer Select කරල නෑ , කට්ටිය Vote කරාම උත්තරේ කියන්නම් )

Maths set ekt 😁 ( C අභිමත නියතයකි. )
Maths set ekt 😁 ( C අභිමත නියතයකි. )

🔶 කෝණික චලිතය - Angular Motion
🔥 මේ PDF එකේ කෝණික චලිතයෙන් අහන්න පුළුවන් හොඳම MCQ ප්‍රශ්න 20ක් තියෙනවා. රචනා ප්‍රශ්නයකුත් තියෙනවා. කැමති අය Try කරන්න. සමහර ප්‍රශ්න ගොඩක් අමාරු වෙයි. සාමාන්‍යෙන් A/L වල අහන ප්‍රශ්න මේකෙ අඩුයි. ඒත් ලස්සන ප්‍රශ්න තියෙනවා. Marking එකකුත් දෙනවා. ඔයාලට මේකෙ ඕනම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් Quiz Discussion එකට දාන්න. Print එකක් අරගෙන කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මේක ඔයාලගෙ යාලුවන්ටත් Share කරන්න... ❤️
 👉 MCQ Answer Key - Not Updated Yet ⚡️ Join Now - @Synchrotron1 ⚡️ Join Quiz Discussion - Click Here #physics

අද කෝණික චලිතය pdf එක දෙන්නම් 😊 mcq 20 , essay 1

Answer ?
Anonymous voting

ධ්වනිමානයක් මැදින් පෙළීමෙන් දෙවන උපරිතානයෙන් කම්පනය කරයි. ඉන් අනුනාද වූ සරසුලක් මගින් කෙළවරක් වැසූ නළයක් ද එම උපරිතානයෙන්ම අනුනාද කරයි. ධ්වනිමාන කම්බි දිග හා නළයේ දිග සමාන වන අතර වාතයේ ධ්වනි වේගය , තන්තුවේ තීර්යක් තරංග වේගයට දරන අනුපාතය 3:2 නම් ආන්ත දෝශය , නළයේ දිගට දරන අනුපාතය කොපමණද ?

Answer ?
Anonymous voting

From 2026 A/L SP Final Term Test ☝️
From 2026 A/L SP Final Term Test ☝️

Lamaii....ada Apee channel owner ge birthday eka 😁 🤗🥳🥳 Happy Birthday @deltasa16x 🤭🤭

• නළ තුළ අන්වායාම තරංග කම්පන... මේක දන්නව ඇති හැමෝම වගේ... නළ තුළ අන්වායාම තරංග කම්පන වල කෙටි සූත්‍ර දෙක. හැබැයි අමතක වුණොත්
• නළ තුළ අන්වායාම තරංග කම්පන...
මේක දන්නව ඇති හැමෝම වගේ... නළ තුළ අන්වායාම තරංග කම්පන වල කෙටි සූත්‍ර දෙක. හැබැයි අමතක වුණොත් ව්‍යුත්පන්න කරන්නත් පොඩි මතකයක් තියාගන්න. Mcq වලදි ගොඩක්ම ඕනෙ වෙනවා. පහළ තරංගයක් ඇඳල පෙන්නල තියෙන්නෙ නිශ්පන්ද , ප්‍රශ්පන්ද & තරංග ආයාමය අතර link එක. එක් කෙළවරක් වැසූ නළයක ඇතිවෙන්නේ ඔත්තේ ප්‍රසංවාද විතරයි ඒකත් ඔලුවෙ තියාගන්න. P කියන්නෙ ප්‍රසංවාද අංකය.. ප්‍රසංවාද අංකය කියන්නේ මූලිකතානයේ හැඩයට අනුරූප ආකෘතිය කී ගුණයක් සලකන ලද අනුනාද දිගේ අන්තර්ගතද කියන එක... උදා. කෙළවරක් වැසූ නලයක මූලිකතානයේ තරංග ආයාමය/4 කොටස් එකයි තියෙන්නෙ. දෙවනි උපරිතානයෙ ඒවගේ කොටස් 3යි. ඒනිසා ඒක තෙවන ප්‍රසංවාදය. දෙකෙළවරම විවෘත නලයක මූලිකතානයේ තරංග ආයාමය/4 කොටස් දෙකයි තියෙන්නෙ. දෙවනි උපරිතානයෙ ඒවගේ කොටස් 2යි. ඒනිසා ඒක දෙවන ප්‍රසංවාදය. V කියන්නේ ධ්වනි තරංග වේගය...
( note ek athin liyl geminit dmme.. podi mistakes athi loku case ekk nh )

Answer ?
Anonymous voting

From 2026 A/L SP Final Term Test ☝️
From 2026 A/L SP Final Term Test ☝️

Answer ?
Anonymous voting

ඝර්ෂණයෙන් වාසි එකක් 🌝🤍 🤍 Join - @synchrotron1 🤍 Join Quiz Discussion
ඝර්ෂණයෙන් වාසි එකක් 🌝🤍
🤍 Join - @synchrotron1 🤍 Join Quiz Discussion

Physics Resource Book 01 ( Page 125 ) ...Exam ekedi ahuwoth monw krnnd kiyl dnne na ithin , aththa seen eka newei resource bo
Physics Resource Book 01 ( Page 125 )
...Exam ekedi ahuwoth monw krnnd kiyl dnne na ithin , aththa seen eka newei resource book eke thiyenne 😒

අනාකූල & අනවරත වීම ගැන 🌝👆

දුස්ස්‍රාවී බව නොසලකන අසම්පීඩ්‍ය තරලයක් අනාකූල වීමෙන් ඒක අනවරත වෙනවා කියන එක කියන්න පුළුවන්ද ? ගොඩක් පොත් වලට අනුව නම් බෑ. සමහර පොත්වල ඔව් කියලත් තියෙනවා හැබැයි 🥲 මේක ගැන syllabus එකේ විශේෂ සඳහනක් කරලත් නෑ. තරලයක් අනවරත වෙනවා නම් ඒක අනාකූලයි ඒකෙ ප්‍රශ්නයක් නෑ. For reference අනවරත ( steady ) කියන්නෙ කාලයේ විචලනය එක්ක තරල ප්‍රවාහයේ නියත ලක්ෂ්‍යයක් පසු කරන අංශුවක ප්‍රවේගය නියතව පැවතීමට. අනවරත තරල ප්‍රවාහයක අනිවාරෙන්ම laminar flow එකක් තිබුණට අනවරත / අනවරත නොවන laminar flows පවතින්න පුළුවන්. 🥹 මේ Point එක papers වල ප්‍රශ්න කරනවා අඩුයි , මටත් යාළුවෙක් දාපු ප්‍රශ්නෙක මේක තිබුණ නිසා මන් මේක දාන්නෙ. 2015 paper එකෙත් 33 ප්‍රශ්නෙ මේ point එක අහුවෙලා තියෙනව. Prof. රෝසාගේ විවරණයෙත් මේක ගැන ලොකුවටම තිබුණා. බහුතර එකඟතාවය අනාකූල වීමෙන් අනවරත වීම අත්‍යවශ්‍ය නෑ කියන එක. හරියටම පොදු එකඟතාවක් තියෙද කියල මට හොයාගන්න බැරි වුණා. මේක ගැන වැඩිදුරට හොයපු කෙනෙක් හෝ දන්න කෙනෙක් ඉන්නවනම් මේකට reply එකක් දාන්න. පුළුවන් අය ඔයාලගෙ අදහසත් දාන්න... 🌝❤️