cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

cricket news Channel

🥎 It'all about cricket.......... 🥎 you can message about cricket only. 🥎Do not go inbox of members 🥎created on 2022.06.17 🥎OUR GROUP https://t.me/cricketnewsssr1

إظهار المزيد
سري لانكالم يتم تحديد اللغةالرياضة20 444
مشاركات الإعلانات
198
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

මොකක්ද මේ LPL එකේ තියෙන Right to Match ඔප්ෂන් එක?? මේ පාර ලංකා ප්‍රිමියර් ලීගයේදී පළවෙනි වතාවට ක්‍රීඩක වෙන්දේසියක් පැවත්වෙනවා. වෙන්දේසිය ජූනි මස 11 පැවත්වීමට නියමිතයි කියලා තමයි ආරංචි. ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියට කළින් හැම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 3ක් හෝ 4ක් Pre Sign කරන්න අවස්තාව දුන්නා. මේ වෙද්දී කණ්ඩායම් 5ම ක්‍රීඩකයින් 4 ගානේ Pre Sign කරලත් ඉවරයි. ඔය Pre Sign කියන කෑල්ලට කළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ නීති රීති අතරේ Right to Match කියන ඔප්ෂන් එකෙන් ක්‍රීඩකයින් එක්කෙනෙක් හෝ දෙන්නෙක් (Pre Sign කළේ 3යි නම් දෙන්නයි, 4යි නම් එක්කෙනයි) ගන්න පුලුවන් කියලා තිබ්බා. මොකක්ද මේ Right to Match ඔප්ෂන් එකේ හරිම පැහදිලි කිරීම කියලා දැනගන්න ඕනි නිසා මං තරඟාවලි අධ්‍යක්ෂකතුමාගෙන් මේ පිළිබඳව විමසුවා. Right to Match ඔප්ෂන් එක කියන්නේ සරළවම එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 5ක් ස්ථීර කරගන්න තියෙන ඔප්ෂන් එකක්. හැබයී.......... Pre Sign වලදී ඩොලර් 500,000 පර්ස් එක ඉවර උණත්, Right to Match ඔප්ෂන් එක යූස් වෙන්නේ Auction පර්ස් එකෙන් නිසා කිසි කේස් එකක් නැතුව ලොකු චරිත 4ක් Pre Sign එකෙන් අරං තව එක්කෙනෙක් Auction එකෙන් ගන්නත් පුලුවන්. එතකොට ක්‍රීඩකයෝ 5 !! හරි දැන් බැක් ටු පොයින්ට් ! Right to Match ඔප්ෂන් එක තියෙන්නේ ක්‍රීඩක වෙන්දේසියේදී විතරයි. ඕනිම කණ්ඩායමකට පුලුවන් තමන්ගේ කණ්ඩායමේ ගිය අවුරුද්දේ හිටිය කෙනෙක්ව Right to Match ඔප්ෂන් එක යූස් කරලා ඒ ප්ලෙයර්ට වෙන්දේසියේ හම්බුණ වැඩිම ගාණ ගෙවලා තමන්ට ගන්න. උදාහරණයක් විදියට කොළඹට කසුන් රාජිතව ඕනිමනම්, හැබයි පොරව යම්කිසි ගාණකට යාපනය ගත්තනම්, කොළඹට පුලුවන් Right to Match ඔප්ෂන් එක යූස් කරලා යාපනය කිව්ව ගාන දීලා රාජිතව තමන්ගේ ටීම් එකට ගන්න. හැබයි එක ටීම් එකකට Right to Match ඔප්ෂන් එක යූස් කරන්න පුලුවන් එක සැරයක් විතරයි !! මේ ඔප්ෂන් එක නිසා කළින් අවුරුද්දේ කෙනෙක් ටීම් එකේම ඉතුරු වෙන නිසා ෆෑන් බේස් එකට පොඩි හරි සහනයක් තියෙයි. මම හිතන විදියට යාපනය මේකෙන් වෙල්ලව හරි වියස්ව හරි, කොළඹ අසලංකව හරි කසුන්ව හරි, ගාල්ල දුෂ්මන්තව, දඹුල්ල ශෙවෝන්ව හරි ප්‍රමෝද් මධුෂාන්ව හරි ආවොත් නූර්ව හරි, නුවර පැතුම්ව වගේ ගන්න පාවිච්චි කරයි.
إظهار الكل...
Photo unavailableShow in Telegram
Mini Malinga . විස්සයි විස්ස පිතිකරණ ඉනිමක අවසන් භාගය යනු පිතිකරුවන් වේගයෙන් ලකුණු කරා යොමු වන කාල පරිච්ඡේදයක් . එහිදී ඔවුන් පාලනය කිරීම පහසු නැහැ .අද වන විට එය විශේෂ පුහුණුවක් ලද විශේෂ්ඥයින් විසින් සිදු කරන කටයුත්තක් බවට පත්වී අවසන් . Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් වසර දහයකට ආසන්න කාලයක් මෙම වගකීම දැරුවේ Dwayne Bravo . පසුගිය වසරේදී ඔහු IPL පිටියේ ක්‍රීඩක භූමිකාව නිමාවට පත් කලා. ඒ නිසා ඇතිවූ හිඩැස පිරවීම සදහා චෙන්නායි පිලේ තෝරා ගැනීම වුණේ මතීෂ පතිරණයි. මෙවර තරග වාරය තුල ඔහුගේ දක්ෂතා . තරග - 10 . කඩුළු 15. පන්දු වරයක් තුල ලබාදී ඇති ලකුණු ප්‍රමාණය - 7.56. වයසින් , අත්දැකීමෙන් අඩු වුවත් චෙන්නායි කණ්ඩායමේ තෝරා ගැනීම නිවැරදි බව ඔප්පු කිරීමට මතීෂ ට හැකිවී තිබෙනවා . මතීෂ ගේ පන්දු යැවීමේ ඉරියව්ව ලසිත් මාලිංග පිලිබද අතීත මතක යලිත් අපිට සිහි ගන්නනවා. නමුත් මාලිංග අනුකරණය කරන බොහෝ යොවුන් ක්‍රීඩකයින් තුල දක්නට නොලැබෙන වත්කම් දෙකක් මතීෂ තුල තිබෙනවා . එනම් මනා පාලනයක් සහිතව , ඉහල වේගයකින් පන්දු යැවීමේ හැකියාවයි. ඒ නිසා පාසැල් සමයේ සිටම තේරීම් කමිටුවේ නිරන්තර අවධානය ඔහු වෙත යොමු වුණා . 2020 , 2022 යොවුන් ලෝක කුසලාන වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා. එහෙත් කඩුළු දවා ගැනීම අතින් එතරම් සාර්ථක වීමට ඔහුට හැකි වුණේ නැහැ . ( තරගාවලි දෙක තුල තරග හයකදී ඔහු දඩයම් කලේ කඩුළු හතක් පමණයි . ) 2020 යොවුන් ලෝක කුසලානයට පසුව ඔහු බංගලදේශයේ ලීග් තරග ක්‍රීඩා කලා. පාසැල් තරගයකදී ඔහු ඉදිරියේ පිතිකරුවන් අපහසුතාවයට පත් වන කෙටි විඩියෝවක් M.S.Dhoni ගේ නෙත ගැටුණේ ඉතාමත් අහම්බයෙන්. නමුත් ඔහු පිලිබදව විශාල පැහැදීමක් ඇති කර ගැනීමට එම කාලය ප්‍රමාණවත් වුණා . දැල් පන්දු යවන්නෙක් ලෙස චෙන්නායි කණ්ඩායමට එක් වීමට මතීෂ ට ඇරයුම් ලැබුණේ ඒ අනුවයි. 2022 තරග වාරයේදී චෙන්නායි කණ්ඩායමේ සිටි Adam Milne හට ආබාධයක් නිසා තරගාවලිය අහිමි වුණා . එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන සංචිතයේ දොරටුව මතීෂ ට විවර වුණා . නමුත් ඔහුට තරග අවස්ථාවක් හිමි වුණේ දෙවන වටයට සුදුසුකම් ලැබීමේ සිහිනය බොදවී, තරග වාරය තුලින් ලබා ගත හැකි එකම වාසිය අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදුසු ක්‍රීඩකයින් පිලිබදව අවබෝධයක් ලබා ගැනීම පමණක්ම වූ පසුවයි. ලද අවස්ථාව ඔහු අපතේ හැරියේ නැහැ . Gujarat කණ්ඩායමට එරෙහිව පැවති පලමු තරගයේ පලමු පන්දුවෙන්ම ඔහු Shubman Gil දවා ගත්තා . Chennai පිලේ සහයක පුහුණුකරු වන එරික් සිමන්ස් ට අනුව මතීෂ යනු නිරන්තරයෙන් තම ක්‍රීඩාව දියුණු කර ගැනීමට උත්සාහ කරන ක්‍රීඩකයෙක් . පීඩනය යටතේ තීක්ෂණව සිතමින් සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ඔහුගේ ක්‍රීඩාවේ ශක්තියක් . පසුගිය වසර දෙක තුල ශාරීරික යෝග්‍යතාවය අතින් ඔහු සෑහෙන්න ඉදිරියට පැමිණ තිබෙනවා . Dwayne Bravo ගේ සහය ඇතුව වේගය අඩාල කල පන්දුව , යෝකර් පන්දුව වැනි තුරුම්පු ඔහු තම පන්දු යැවීමට එකතු කර ගෙන තිබෙනවා . මේ සියල්ලට ඔහුගේ වේගවත් බව සහ ඔහු සතු අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව එකතු වූ විට ඔහු ඉදිරියේ වේගයෙන් ලකුණු ලබා ගැනීම පිතිකරුවන්ට පහසු නැහැ . IPL සාර්ථකත්වය ලීග් පිටිය තුල අනිවාර්යයෙන්ම ඔහුට ඉහල ඉල්ලුමක් නිර්මාණය කරනවා . දිගින් දිගටම ලීග් තරග ක්‍රීඩා කරන විට ලොව වටා පිතිකරුවන්ට ඔහුගේ පන්දු යැවීමට ඉතාමත් ඉක්මනින් හුරු වීමට පුළුවන් වෙනවා. ලීග් තරගාවලි අතරතුරේදී තම ක්‍රීඩාව දියුණු කර ගැනීමට ,අඩුපාඩු නිවැරදි කර ගැනීමට කාලයක් නොමැති බව බොහෝ ක්‍රීඩකයින් පවසනවා . තම ක්‍රීඩා මට්ටම නිරන්තරයෙන් ඉහල නංවා ගැනීමට අපොහොසත් වීම අතිශය තරගකාරී ලීග් පිටිය තුල ක්‍රීඩකයෙකු ගේ රැදී සිටීම තීරණාත්මක ලෙස කෙටි කරනවා . අනෙක් අතට ඔහුගේ වයස තවමත් අවුරුදු විස්සක් පමණයි . මුදල් , ජනප්‍රියත්වය හමුවේ ක්‍රීඩාව තම ජීවිතයේ ප්‍රමුඛ වගකීම ලෙසින් පවත්වා ගෙන යෑම පිලිබදව නිවැරදි මග පෙන්වීමක් ඔහුට අවශ්‍යයි. ලීග් පිටිය තුල ඔහු දක්වන දක්ෂතා අපේ රටට විශාල ගෞරවයක් රැගෙන එනවා වගේම ආර්ථික වශයෙන් ඔහුව ශක්තිමත් කරනවා .නමුත් වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු දක්වන දායකත්වයයි. රටද , ලීග් පිටියද යන තෝරා ගැනීම ඉදිරියේදී වඩාත් සංකීර්ණ ගැටලුවක් බවට පත් වන බවට වන ඉගි මේ වන විටත් පහල වී අවසන් . නීති දැමීමෙන් පමණක් ක්‍රීඩකයෙක් පාලනය කිරීම ප්‍රායෝගික නැහැ . ඒ නිසා අපගේ ක්‍රිකට් පද්ධතිය තුල ඔහුගේ භූමිකාව පිලිබදව පැහැදිලි අවබෝධයක්, එකගතාවයක් ඔහු සහ ක්‍රිකට් බලධාරීන් අතර ඇති විය යුතුයි.
إظهار الكل...
ක්‍රිකට් ගිලින IPL වල මුල හොයමු Indian Premier League   Cricketainment කියලා අමුතු වචනයක් තියෙනවා. කිව්වට ඉස්සර ඉඳන් තිබුණු වචනයක් නම් නෙවෙයි ඒක. ඇත්තටම පිරිසක් විසින් එකතු වෙලා එහෙම වචනයක් හැදුවා. Cricketainment කියන වචනය හැදෙන්නේ Cricket සහ Entertainment කියන වචන දෙක එකට සම්බන්ධ වෙලා. ක්‍රිකට් වලට මිනිස්සු ආදරය කරනවා, Entertainment කියන්නේ මිනිසුන්ගේ ජීවිත වල එක කොටසක්. මේ වචන දෙක එකට සම්බන්ධ වෙන තැන විශාල රසික ආකර්ෂණයක් ඇති වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේ රසික ආකර්ෂණයක් සමඟ විශාල වාණිජ වටිනාකමක් ලබන්න පුළුවන් බවත් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. Cricketainment වචනය හැදෙන්නේ අන්න ඒ වාණිජමය සාර්ථකත්වය බලාපොරොත්තුවෙන්. මේ වචනයට උපත ලබා දෙන්නේ IPL එහෙම නැත්නම් Indian Premier Leagueය විසින්. IPL තරගාවලිය ආරම්භ වෙන්නේ 2008 වසරේ දී. මේ තරගාවලිය ආරම්භ වීමත් සමඟින් Cricketainment කියන වචනයත් සමාජගත කරන්න තරගාවලි සංවිධායකයින් විසින් සාර්ථක උත්සාහයක් දරනවා. ඉන්දියාව තුල ප්‍රධාන වශයෙන් ම මුල් බැස ගත්තු සංස්කෘති දෙකක් වන ක්‍රිකට් සහ සිනමාව කියන අංශ දෙක මූලික කර ගන්න ගමන් තමයි ඔවුන් IPL තරගාවලිය සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි Cricketainment කියන වචනය නිර්මාණය වෙන්නේ. IPL තරගාවලිය ආරම්භ වෙන්න ප්‍රධාන ම හේතු කිහිපයක් මේ විදිහට පෙළ ගස්සවන්න පුළුවන්. Zee Entertainment ආයතනය විසින් 2007 වසරේ දී ආරම්භ කළ ICL (Indian Cricket League) තරගාවලිය. ඉන්දියාවේ මුලින් ම ආරම්භ වුන ක්‍රිකට් ලීග් තරගාවලිය IPL නෙවෙයි. IPL තරගාවලියේ ආරම්භයට පෙර 2007 වර්ෂයේ දී ඉන්දීය ආයතනයක් වන Zee Entertainment විසින් ICL නමින් විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරනවා. සමහර විට ඔබට මතක ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පවා මේ තරගාවලියට සහභාගී වුන බව. සාපේක්ෂව IPL තරගාවලි ආකෘතියට සමාන විදිහේ තරග ආකෘතියක් සමඟ පැවැත්වුණු මේ තරගාවලිය ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ (BCCI) පිළිගැනීමට පාත්‍ර වෙන්නේ නැහැ. Zee Entertainment අධිපති (Subhash Chandra) සහ BCCI අතර මත ගැටුම් ඇති වෙන්නේ 2000 දශකය ආරම්භයේ දී. ඉන්දීය ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගන්න Subhash විසින් උත්සාහ කරද්දී BCCI ඊට විරුද්ධ වීමෙන් තමයි මේ ගැටලුව ආරම්භ වෙන්නේ. පස්සේ මේ අර්බුදය නිසා ම Subhash විසින් ඉදිරිපත් කරන ICL සංකල්පය BCCI වෙතින් ප්‍රතික්ෂේප වෙනවා. ICL ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රිකට් තහනම් වෙන තැන තෙක් ම මේ අර්බුදය දිග්ගැස්සෙනවා. නමුත් BCCI විසින් ICL ප්‍රතික්ෂේප කළාට, ICL සංකල්පය බැහැර කරන්නේ නැහැ. ඔවුන් ඒ සංකල්පය IPL දක්වා ගෙන එන්න සමත් වෙනවා. 1996 වසරේ පටන් ලලිත් මොඩිගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු අදහසක්. නමුත් IPL තරගාවලියේ ආරම්භක පුරුක එහෙම නැත්නම් IPL නිර්මාතෘ සහ ආරම්භක සභාපති විදිහට ගෞරවය දිනා ගත්ත හිටපු BCCI උප සභාපති කෙනෙක් වන ලලිත් මොඩි නම් පවසන්නේ මේ IPL සංකල්පය 1996 වසරේ පටන් තමන් ගේ ඔළුවේ වැඩ කළ එකක් බව. 1996 වසරේ දී ඇමරිකානු ක්‍රීඩා සංස්කෘතිය දකින Modiට හිතෙනවා ඉන්දියාවේත් මේ වගේ වෙනසක් සිදු කරන්න. ඔහු ඒ වෙනුවෙන් යොදන නම තමයි Indian cricket league කියන්නේ. නමුත් මේක පන්දුවාර 50 තරගාවලියක් විදිහට පවත්වන්න තමයි ඔහු මුලින් ම සැලසුම් සකස් කරන්නේ. ඒ වගේ ම BCCI අනුමැතිය යටතේ ESPN ආයතනයට නිල විකාශන අයිතිය ලබා දෙමින් මේ තරගාවලිය ආරම්භ කරන්න ඔහු සැලසුම් කරනවා. නමුත් BCCI හි එවකට සිටි ඉහළ පෙළේ නිලධාරියෙක් වන Modi ගෙන් මේ හා සම්බන්ධ කටයුත්තකට අල්ලසක් ඉල්ලා සිටීමෙන් පසුව ඔහු තමන්ගේ ව්‍යාපෘතිය හකුළා ගන්න තීරණය කරනවා. නමුත් පසු කාලයක දී ක්‍රිකට් ලෝකය උඩු යටිකුරු කරමින් කරළියට පැමිණි විස්සයි විස්ස ක්‍රීඩාව සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලානය තමන්ගේ සැලසුම් වල යම් වෙනසක් කරන්න හේතු වුනු බව මොඩි විසින් පවසනවා. ඔහු වසර ගණනාවක් තිස්සේ තමන්ගේ ඔළුවේ වැඩ කළ සැලසුමක් 2008 දී යථාර්ථයක් බවට පත් කරන්න සමත් වෙනවා. ඉන්දියාව විසින් 2007 වසරේ පැවැත්වුණු ආරම්භක විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම. විස්සයි විස්ස තරග රටාව ලෝකයට හඳුන්වා දීම සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීම IPL කියන සංකල්පය වෙනුවෙන් හේතුවක් වුනත්, මේ සංකල්පය ඉන්දියානු භූමියේ පැල කරන්න නම් ඊටත් වඩා විශාල ප්‍රස්තුතයක් BCCI සහ Modiට අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ දී තමයි MS Dhoniගේ නායකත්වයෙන් යුතු ව ඉන්දීය කණ්ඩායම මංගල විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ. ඒ වෙද්දී 2007 සීමිත පන්දුවාර ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වෙන්න සිදු වෙලා සිටි ඉන්දීය ක්‍රිකට් වල දැවැන්ත වෙනසකට මුලපුරමින් මේ දිනා ගත්තු ලෝක කුසලානය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ම සෑහෙන්න තරමකට වෙනස් වෙන්න හේතුවක් වෙනවා. මේ ජයග්‍රහණය පෙර සඳහන් කළ ජන මනස වෙනස් කිරීමේ වගකීම ඉටු කරනවා.
إظهار الكل...
මතීෂ පතිරණ ව රතු බෝලේ ට කිට්ටු කරන්නවත් එපා - MSD මතීෂ ව ටෙස්ට් ගස්සන්න ඕනේ කියලයි මං හිතන්නේ - මාලිංග මේ දවස් වල IPL යන අස්සේ ලංකාවේ IPL fans ලා ගේ උණු උණු කැවුම් topic එක මේක... ලංකාවේ කට්ටිය ඉතිං ඕක දිහා දැන් බලන්නේ... මාලිංග ද්‍රෝහියා.. MSD ප්‍රේමියා කරගෙන.... මාලිංග ඉරිසියාකාරයා කරගෙන.. සරල ව කතන්දරේ මෙච්චරයි... IPL වගේ franchise league එකක post match presentation එකේ දී මහේන්ද්‍ර සිං දෝණි ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ට උපදෙසක් දෙනවා... උපදෙසක් ඈ..... "මතීෂ ව රතු බෝලේ ට කිට්ටු කරන්නවත් එපා.. සුදු බෝලේ ත් වැඩිය ගස්සන්න එපා.. major tournament විතරක් ගස්සන්න" පොඩ්ඩක් මෙහෙ ක්‍රිකට් එක දිහා ඇහැක් ඇරලා බැලුවොත් big picture එක පෙනෙයි.... දෝණි කියන දේ තේරෙන සිංහලෙන් කිව්වොත් "උඹලා මේ පොඩි එකා ගස්සන්න එපා.. මට ඌව fresh පිට තියපල්ලා... ඕනේ නං major tournaments විතරක් ගස්සපන්, හැබැයි මාර්තු වෙද්දී ඌව fresh පිට තියපන්".. අපේ දේශප්‍රේමී රංජි ලා ටික මේ දවස් වල ඉන්නේ MSD වන්දනාවේ (අගය කිරීම වෙනයි, වන්දනාව වෙනයි) දෝණි කියන්නේ හොඳ tactics තියෙන ඔළුවක්.. ඌ ඉන්න team එකේ players ලා use කරන්නේ ඒ ඒ ක්‍රිඩකයාගේ weakness එහෙම expose නොවෙන්න.. මතීෂ දම්මන්නේ අන්තිම ටික... එයාට ඉන්නවා උඩින් බෝල අත දාලා දෙන්න Deepak Chahar, Deshpande වගේ pace එකක්.. Maheesh වගේ quick spin එකක් වගේම Jadeja, Ali වගේ thinking cricketers ලා දෙන්නෙක් spin එකට... උඩ එයාලා ඉන්න නිසා යටින් මතීෂ ලස්සනට ගස්සන්න පුළුවන්.. හැබැයි දෝණි දන්නවා ලංකාවට ආවම කොල්ලා වත්ත වටේ හැම එකම ගස්සන්න වෙනවා කියලා... ODI, T 20 අනිවාර්යයෙන් ගස්සන්න වෙනවා..හැබැයි එයාට ගහන්න වෙන්නේ third pace එක විදියට නෙමෙයි.. එහෙම pace තුනක් එක්ක යන්න නං අපිට Dasun Shanaka, Chamika හෝ Angelo ගස්සන්න වෙන්නේ නෑ... එතකොට මතීෂ ට වෙනවා සමහරවිට දෙවෙනි ඕවර් එක දාන්නත්... මතීෂ කියන්නේ 💎💎 මැණිකක්.. ඒකේ කතා දෙකක් නෑ... ඒත් 2007 මාලිංග සහ දැන් ඉන්න මතීෂ සංසන්දනය කළොත් මාලිංග ඉන්නේ ගොඩක් උඩින්.. මාලිංග ට හොඳ දොලනයක් තිබ්බ නිසා එයාට උදේම බෝලේ දෙන්න පුළුවන් කමක් තිබ්බා.. හැබැයි මතීෂ එහෙම තැනක නෑ කියන එකයි මගේ හැඟීම... ඒත් අපිට ඉන්න resources එක්ක එයා ගහනවා නං උදේම දාන්න වෙනවා... දෝණි දන්නවා ලංකාවේ උන්ට සිද්ද වෙනවා කියලා මේ කොල්ලව qualifier ගස්සන්න... ඉස්සරහට එන ODI දිගටම ගස්සන්න... දෝණි ට මේ කොල්ලාව වටිනවා... ඉතිං දෝණි මොකද්ද කරන්නෙ.. SLC එකට advice එකක් දෙනවා.. එයාව ගස්සන්න මං කියන විදියට... මට එයාව fresh පිට තියලා දෙන්න... පුද්ගලිකව මේ කතාවෙයි MI ලා Jofra ට දෙන්න යනවා කියන offer එකෙයි ලොකු වෙනසක් නෑ.. MI ලා එළිපිට genuine ඒක කියනවා (ඒක ඇත්ත news එකක් නං).. දෝණි ඔය කතාව කිව්වම අපි ඔක්කොම පේලියට MSD වන්දනාවේ... සෑ.. වාව්... ඇත්තනේ.... අන්න මිනිස්සු... දෝණි මේ ලංකාවේ ක්‍රිකට් එකට කොල්ලෙක් හදලා දෙන්න ගන්න... මිත්‍රවරුනි, මතක් කරගන්න..., මහේන්ද්‍ර සිං දෝණි යනු සමාජ සේවකයෙක් හෝ Chennai Super Kings යනු Charity Service එකක් නොවන වග..... මාලිංග ගේ කතාවේ එච්චර ගත යුතු දෙයක් නෑ... හේතු... 1. Test format එකේ දැනට Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara ge improvements and performance එක්ක අපිට Matheesha Pathirana එතනට ඔබන්න ඕනේ නෑ.. 2. ලංකාවට තියෙන test match ගානයි, ඒ ඒ ටෙස්ට් වල pace attack එකට තියෙන work load එකයි ගැන හිතුවොත් test format එකේ ලොකු දෙයක් කරන්න නෑ.. හැබැයි net practice ටිකක් වැඩියෙන් රතු බෝලෙන් කරන්න වෙනවා... මං ආයෙත් කියන්නේ අපිට දැනට එහෙම අවශ්‍යතාවයක් නෑ.. හැබැයි මාලිංග ඒ කියපු දේට මං හරි කැමතියි... මොකද කවදාවත් මහේල, සංගක්කාර හෝ මුරලිදරන් විසින් IPL එක යන අතරතුර ම MSD කරපු කතාවට එකහෙළාම විරුද්ධ කතාවක් කරන්නේ නෑ... එහෙම වුණා නං අපි තවම MSD වන්දනාවේ... සරලව කතාව ආයෙ කියන්නම්..... MSD කියන්නේ සමාජ සේවකයෙක් නෙමෙයි.. CSK කියන්නේ Charity Service එකක් නෙමෙයි.. Dhoni අපිට කියන්නේ..අපේ බෝඩ් එකට කියන්නේ ... මේ පොඩි එකා උඹලට වඩා මට වටිනවා... මට වැඩක් ගන්න පුළුවන්... ඒක නිසා මට ඌව fresh පිට තියපන් කියලා .... එන්න... අපි මාලිංග ට බනිමු....
إظهار الكل...
මට ඕනි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න... "මං මතීෂ ගැන දැනගත්තේ 19න් පහළ ලෝක කුසලානයෙන් පසුවයි. මට මහේල කෝල් කරලා කිව්වා 'නුවර කොල්ලෙක් ඉන්නවා මං වගේම බෝල දාන හැබයි එයාව මැච් එකක සෙල්ලම් කරවන්න අමාරුයි, කොල්ලගේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් මදි, මොනාහරි කරන්න පුලුවන්ද' අහලා." ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නමක් වෙන ලසිත් මාලිංග, පොඩි මාලි ඒම නැත්නම් මතීෂ ගැන කතා කරලා තිබ්බේ ලෝක ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPN cricinfo සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරේදීයි. මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන මාලිංග මෙම සාකච්ඡාවේදී කියලා තිබ්බේ මතීෂව කොහොමහරි මාලිංගට වැඩිය පොරක් කරන්න ඕනි කියලයි. මෙම සාකච්ඡාව තුළදී මාලිංග, මතීෂ තමන් සමඟ පුහුණුවීම් කළ ආකාරය පිළිබඳවත් මතක් කර තිබුණා. "මහේල ලෝක කුසලානයෙන් පස්සේ මතීෂව මං ගාවට එව්වා. අපි කෙත්තාරාමයේදී හම්බුණා. කොල්ලට ලොකු අත්දැකීමක් නොතිබ්බට මට තේරුණා මතීෂ 'බය නැති, ශක්තිමත්' ක්‍රීඩකයෙක් කියලා. මං පොඩියට එයා එක්ක වැඩ පටන්ගත්තා. මං එයාට කිව්වා දැන්ම ෆෝමැට් එකක් තෝරගන්න හිතන්න එපා කියලා, ඔයාට ලංකාව වෙනුවෙන් ඕනම වෙලාවක එන්න පුලුවන් වෙන්න ඕනි කියලා මම කිව්වා. ආබාධ උණොත් ෆෝමැට් එකක් තොරගන්න එක වෙනමම් දෙයක් ඒත් මතීෂ පොඩි කාලේ ඉඳන්ම මේ වගේ බෝල දාපු නිසා එහෙම ආබාධ එන එකක් නෑ." කොහොම උණත් මේ සංවාදෙදී මාලිංග කිව්ව තවත් කතාවක් කැපිලා පෙණුනා. ඒ දෝණි කෝම කිව්වත් රතු බෝලෙන් පවා මතීෂ සෙල්ලම් කරන්න ඕනි කියලා මාලිංග කිව්ව කතාව. "දෝණි කියන්නේ මතීෂ මේජර් ටූනමන්ට් වල විතරක් ගැහුවම ඇති කියලා, මං දන්නේ නෑ ඒක විහිලුවටද කිව්වේ කියලා. හැබයි ජාතික කණ්ඩායමක කෙනෙක්ට ඒම කරන්න බෑ. මං හිතන්නේ මතීෂට ටෙස්ට් එපා කියන හුඟක් අය එහෙම කියන්නේ මතීෂ ආබාධ වෙයි කියලා වෙන්නැති. මං මුලින්ම ගැහුවේ ටෙස්ට්, 2004 ඉඳන් 2010 වෙනකන් මම ටෙස්ට් ගැහුවා. කවුරුවත් මට එහෙම කිව්වේ නෑ. මම අවුරුදු 16ක් ක්‍රිකට් ගැහුවා. මම කවදාවත් ආබාධයක් නිසා ෆීල්ඩ් එක නවත්තලා ඇතුළට ගිහිං නෑ. ඒ වගේමයි මම හිතන්නේ නෑ කවුරුවත් මතීෂ ආබාධ වෙයි කියලා හිතන එක හරි කියලා. මම ඒ වගේම බෝල දාපු කෙනෙක්, මම දන්නවා එන අභියෝගයන් මොනාද කියලා. මම කියන්නේ මතීෂ ටෙස්ට් වරම් හිමි කරගන්න ඕනි. සමහරවිට මතීෂ එකක් ක්‍රීඩා කරයි, සමහරවිට 10ක් කවුද දන්නේ සමහරවිට 100ක් වෙන්නත් පුලුවන්. ටෙස්ට් තරඟ කාලයක් සෙල්ලම් කරාම ෆිට්නස් සහ දක්ෂතාවය වර්ධනය වෙනවා ඒ වගේමයි තේරුම් යන්න පටන්ගන්නවා බැටෙක්ව අවුට් කරන්න සෙට් කරගන්නේ කොහොමද කියලා. මේ දේවල් කියලා දෙන්න පුලුවන් දේවල් නෙමෙයි. නිකමට හරි මතීෂ ටෙස්ට් සෙල්ලම් කරද්දී ආබාධයක් වගේ ආවොත් එතකොට පුලුවන් ඒ ගැන තීරණේකට එන්න" මේ දීර්ඝ සංවාදේ අන්තිම අදියරේදී ESPNcricinfo මාධ්‍ය වේදියා මාලිංගගෙන් ඇහුවා මතීෂ කොහොමද ඉදිරියේදී ක්‍රීඩකයෙක් වශයෙන් වර්ධනය වෙන්න ඕනි කියලා. ඒ වෙලාවේ මාලිංග දුන්නේ අපූරු උත්තරයක් ! "මට කෝමහරි ඕනි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න. මං හිතනවා ඊළඟ ටෙස්ට් සංචාරයේදී මතීෂට අවස්තාවක් දුන්නනම් හොඳයි කියලා. ඒ වගේම එක්දින තරඟ ටිකකුත් දූනොත් සෑහෙන්න වටිනවා ඔහුගේ ඉදිරි අනාගතයට"
إظهار الكل...
මට ඕනි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න... "මං මතීෂ ගැන දැනගත්තේ 19න් පහළ ලෝක කුසලානයෙන් පසුවයි. මට මහේල කෝල් කරලා කිව්වා 'නුවර කොල්ලෙක් ඉන්නවා මං වගේම බෝල දාන හැබයි එයාව මැච් එකක සෙල්ලම් කරවන්න අමාරුයි, කොල්ලගේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් මදි, මොනාහරි කරන්න පුලුවන්ද' අහලා." ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නමක් වෙන ලසිත් මාලිංග, පොඩි මාලි ඒම නැත්නම් මතීෂ ගැන කතා කරලා තිබ්බේ ලෝක ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPN cricinfo සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරේදීයි. මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන මාලිංග මෙම සාකච්ඡාවේදී කියලා තිබ්බේ මතීෂව කොහොමහරි මාලිංගට වැඩිය පොරක් කරන්න ඕනි කියලයි. මෙම සාකච්ඡාව තුළදී මාලිංග, මතීෂ තමන් සමඟ පුහුණුවීම් කළ ආකාරය පිළිබඳවත් මතක් කර තිබුණා. "මහේල ලෝක කුසලානයෙන් පස්සේ මතීෂව මං ගාවට එව්වා. අපි කෙත්තාරාමයේදී හම්බුණා. කොල්ලට ලොකු අත්දැකීමක් නොතිබ්බට මට තේරුණා මතීෂ 'බය නැති, ශක්තිමත්' ක්‍රීඩකයෙක් කියලා. මං පොඩියට එයා එක්ක වැඩ පටන්ගත්තා. මං එයාට කිව්වා දැන්ම ෆෝමැට් එකක් තෝරගන්න හිතන්න එපා කියලා, ඔයාට ලංකාව වෙනුවෙන් ඕනම වෙලාවක එන්න පුලුවන් වෙන්න ඕනි කියලා මම කිව්වා. ආබාධ උණොත් ෆෝමැට් එකක් තොරගන්න එක වෙනමම් දෙයක් ඒත් මතීෂ පොඩි කාලේ ඉඳන්ම මේ වගේ බෝල දාපු නිසා එහෙම ආබාධ එන එකක් නෑ." කොහොම උණත් මේ සංවාදෙදී මාලිංග කිව්ව තවත් කතාවක් කැපිලා පෙණුනා. ඒ දෝණි කෝම කිව්වත් රතු බෝලෙන් පවා මතීෂ සෙල්ලම් කරන්න ඕනි කියලා මාලිංග කිව්ව කතාව. "දෝණි කියන්නේ මතීෂ මේජර් ටූනමන්ට් වල විතරක් ගැහුවම ඇති කියලා, මං දන්නේ නෑ ඒක විහිලුවටද කිව්වේ කියලා. හැබයි ජාතික කණ්ඩායමක කෙනෙක්ට ඒම කරන්න බෑ. මං හිතන්නේ මතීෂට ටෙස්ට් එපා කියන හුඟක් අය එහෙම කියන්නේ මතීෂ ආබාධ වෙයි කියලා වෙන්නැති. මං මුලින්ම ගැහුවේ ටෙස්ට්, 2004 ඉඳන් 2010 වෙනකන් මම ටෙස්ට් ගැහුවා. කවුරුවත් මට එහෙම කිව්වේ නෑ. මම අවුරුදු 16ක් ක්‍රිකට් ගැහුවා. මම කවදාවත් ආබාධයක් නිසා ෆීල්ඩ් එක නවත්තලා ඇතුළට ගිහිං නෑ. ඒ වගේමයි මම හිතන්නේ නෑ කවුරුවත් මතීෂ ආබාධ වෙයි කියලා හිතන එක හරි කියලා. මම ඒ වගේම බෝල දාපු කෙනෙක්, මම දන්නවා එන අභියෝගයන් මොනාද කියලා. මම කියන්නේ මතීෂ ටෙස්ට් වරම් හිමි කරගන්න ඕනි. සමහරවිට මතීෂ එකක් ක්‍රීඩා කරයි, සමහරවිට 10ක් කවුද දන්නේ සමහරවිට 100ක් වෙන්නත් පුලුවන්. ටෙස්ට් තරඟ කාලයක් සෙල්ලම් කරාම ෆිට්නස් සහ දක්ෂතාවය වර්ධනය වෙනවා ඒ වගේමයි තේරුම් යන්න පටන්ගන්නවා බැටෙක්ව අවුට් කරන්න සෙට් කරගන්නේ කොහොමද කියලා. මේ දේවල් කියලා දෙන්න පුලුවන් දේවල් නෙමෙයි. නිකමට හරි මතීෂ ටෙස්ට් සෙල්ලම් කරද්දී ආබාධයක් වගේ ආවොත් එතකොට පුලුවන් ඒ ගැන තීරණේකට එන්න" මේ දීර්ඝ සංවාදේ අන්තිම අදියරේදී ESPNcricinfo මාධ්‍ය වේදියා මාලිංගගෙන් ඇහුවා මතීෂ කොහොමද ඉදිරියේදී ක්‍රීඩකයෙක් වශයෙන් වර්ධනය වෙන්න ඕනි කියලා. ඒ වෙලාවේ මාලිංග දුන්නේ අපූරු උත්තරයක් ! "මට කෝමහරි ඕනි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න. මං හිතනවා ඊළඟ ටෙස්ට් සංචාරයේදී මතීෂට අවස්තාවක් දුන්නනම් හොඳයි කියලා. ඒ වගේම එක්දින තරඟ ටිකකුත් දූනොත් සෑහෙන්න වටිනවා ඔහුගේ ඉදිරි අනාගතයට"
إظهار الكل...
Virat Kohli Foundation - VKF විරාත් කෝලි නම් වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා, සුපිරි පිතිකරුවෙකු හා නායකයෙකු මෙන්ම ආවේගශීලි පන්දු රකින්නෙකු ලෙසද අපි ඕනෑතරම් ක්‍රීඩා පිටියේදි දැක ඇත්තෙමු. පිටිය තුලදී ඔහුගේ ආවේගශීලි හැසිරීම නිසාම ඔහු බොහෝ අවස්තා වලදී සමාජ මාද්‍ය තුල දැඩි සේ විවේචනයට ලක්වන පුද්ගලයෙකි. නමුත් ඔහුගේ එවැනි ආකල්පමය හැසිරීම, කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමට ඇති උනන්දුව වැනි ගුණාංග වලට දැඩි සේ ප්‍රිය කරන මා වැන්නවුන් ද නැතුවාම නොවේ.. සෑම අයෙකු තුළම සෑම විටම වෙනස් වූ චරිතයක් ඇත. අපගෙන් බොහෝ දෙනෙක් විශ්වාස නොකරන නමුදු විරාට් කෝලි යනු ඉතාමත් මෘදු හා සංවේදී හදවතක් ඇති අයෙකි. එය ඔහු විසින් පවත්වාගෙන යනු ලබන "විරාට් කෝලි පදනම" ඊට හොදම උදාහරනය යි. අද වන විට මෙකී පදනම හරහා විශේෂ අවශ්‍යතා ඇති සහ දෙමාපිය රැකවරණය අහිමි දරුවන් දස දහසකට අධික ප්‍රමාණයක් රැකබලා ගැනීම සිදුවේ. එපමණක් නොව තවත් වැඩිහිටි නිවාස, අනාත නිවාස විශාල ප්‍රමාණයක් සිය පෞද්ගලික ධනයෙන් නඩත්තු කිරීමට මේ උතුම් හදවතක් ඇති මිනිසා වගබලාගෙන ඇත. වරෙක විරාට් විසින් මෙසේ ප්‍රකාශ කොට ඇත. "ඔබගේ මහලු දෙමාපියන් කිසිවිටකත් වැඩිහිටි නිවාස වලට යවන්න එපා. ඔවුන් මා වෙත එවන්න. මා ඔවුන් ගැන බලාගන්නම්" මෙම ප්‍රකාශය ඔහු තුල වූ සංවේදි බව මනාව පිලිඹිබු කරනු ඇත. එපමණක් නොව, විවිධ කාල වලදී ඇති වන්නා වූ ස්වාභාවික ආපදා හමුවේ අසරණ වන දහස් ගණන් ජාතාවට සහන සැලසීම වැනි විශාල කර්තව්‍යයන් මෙම පදනම හරහා සිදුවේ. ස්පෝර්ට්ස්කීඩා වෙබ් අඩවිය සදහන් කරන පරිදි විරාත් කෝලි විසින් නොයෙකුත් ආර්ථික අපහසුතා ඇති ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට පමණ සිය පදනම හරහා ශිෂ්‍යත්ව ලබා දී තිබේ. ඔවුන් ජාත්‍යන්තර තරග වලට සහභාගි වී ජයග්‍රහණය කොට ඇති අවස්තාද සදහන් වේ. සිය පදනම ට මුදල් ලැබෙන ප්‍රදාන මාර්ගය වන්නේ ඔහු විසින් පෙනීසිටින වෙලද දැන්වීම් ය. නමුත් ඔහු කිසිවිටකත් වස විස සිය ජනතාවට ප්‍රවර්ධනය කර නොමැත. කොකාකෝලා ආයතනය විසින් ඔහුට ඉදිරිපත් කරන ලද ගිවිසුම ඔහු එක හෙලා ප්‍රතික්ශේප කරේ තමා භාවිතයට නොගන්නා ශරීරයට අහිතකර ද්‍රවයක් කිසිවිටෙකත් තමා ජනතාවට පානය කිරීමට නොපවසන බවයි. අපේම ක්‍රීඩකයන් පිලිකා කාරක ප්‍රවර්ධනය කරන අවධියක විරාට්ගේ මෙවැනි ක්‍රියා අගය කල යුතුම ය. ඉතින් මට නම් කෝලි යනූ විශිශ්ඨයෙකි. මොහු විසින් සිදුකරන ලබන මෙම සමාජශීලි කටයුතු කිසිවක් ඔහු මාද්‍ය සංදර්ශන තබා සිදුකරන ඒවා නොවේ. එබැවින් බොහෝදෙනෙකු මේවා දන්නේද නැත. නමුත් එය ඔහුට ප්‍රශ්නයක් නොවේ. ඉන්දියානු රජය විසින් සිදුකලයුතු බොහෝමයක් කටයුතු අද වනවිට විරාට් කෝලි පදනම් විසින් සිදු කරනු ලබයි. මෙවැනි විශිෂ්ටතමයකු ක්‍රීඩා කරන අවධියක තරග නැරඹීමට තරම් අපිද වාසනාවන්තය. අවිවාදයෙන්ම විරාට් කෝලි යනු 21 වන සියවසේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ය. හැකියාව අතින් පමණක් නොව ඔහු සතුව ඇති මනුශ්‍යත්වයේ ගුණාංග ද ඊට මැනවින් සාක්ශි දරයි. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන නොකරන ඕනෑම අයෙකුටම විරාට් කෝලි යනු ආදර්ශයට ගත හැකි චරිතයකි. ක්‍රිකට් වෙනුවෙන් ජීවිතයම කැපකල ඔහු වැන්නකු වර්තමානයේ සොයා ගැනීමට නොහැකි තරම්‍ ය. අදටත් ඔහු මත්පැන් වලින් තොර පුද්ගලයෙකි. ඒ වගේම නිර්මාංශික පුද්ගලයෙකි. ඔහු, ඔහුටම ආවේණික ආහාර රටාවකට අනුගත වූ අයෙකි. ක්‍රීඩාව නිසා සිය ජීවන රටාව වෙනස් කිරීමට තරම් මොහු එයට ඇලුම් කරන්නේය. ඉතින් ඇයි අප තවත් ඔහුට වෛර කරන්නේ.... කැපවීමෙන්, අධිශ්ඨානයෙන් යුතුව අභියෝග මැඩලමින් සාර්තකව සිය ඉලක්ක හඹායන ඔහු වැන්නකු අපට නැති නිසාද ? ඉතින් කාට නැතත් මට නම් විරාට් කෝලි යනු එකෙන්ම අගය කල යුතු පුද්ගලයෙකි
إظهار الكل...
Photo unavailableShow in Telegram
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක්, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත්. ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදා වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙදින පුහුණු තරගය පැවැත්වෙන්නේ මාර්තු 4 හා 5 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී යි. තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.