cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🌍 විශ්ව දැනුමෙන් බිඳක් 🌍

ඔබට මෙම Channel එක මගින් ලෝකයේ, ⭕️ විශ්මිත දේවල්, ⭕️ විශ්මිත ස්ථාන, ⭕️ ශ්‍රේෂ්ඨ මිනිසුන්, ⭕️ විවිධ රටවල්, ⭕️ විවිධ සතුන්, සහ තවත් විශ්මිත දේවල් ගැන විශ්මිත තොරතුරු ලබා ගත හැකියි. මීට අමතරව ඔබට දවසේ වැදගත්කම පිළිබඳව ද තොරතුරු ලබා ගත හැකියි.

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
179
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
“ඇය මිය ගියේ මගේ දෑස් ඉදිරියේ දීයි” – රෂීඩ් ඛාන්

https://t.me/cricketchampionship_NEWS

“මට වස දුන්නත් මම බොනවා” ඔහුගේ මව ලෙඩ ඇඳේ සිට දුර්වල හඬින් කීවාය. ඇයට ලුණු කෑම තහනම් ය. තවත් බොහෝ දෑ තහනම් වූ පසුබිමක ඇය ඉල්ලා සිටියේ වස පානයකි. කොවිඩ්-19 වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්වයේ පසු වූ රෂීඩ්ගේ මව ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ නිවසේ එක්තැන් ව සිටියාය. ආහාර තහනම විසින් ඇගේ මනස වියවුල් කොට තිබුණි. රෂීඩ් උත්සාහ කළේ ඇයට දොඩම් යුෂ පානයකින් සංග්‍රහ කරන්නටයි. එහෙත් ඇය ඉල්ලා සිටියේ වස පානයකි. එය අනෙක් දිනවලට වඩා වෙනස් දිනයකි. ඔහුගේ මව විසින් ඉල්ලා සිටින්නේම තහනම් කෑම බිම ය.…

අපිත් එක්ක group එකට ලිපි හදන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ username @Wishmithadeyak එකට msg එකක් දාන්න
إظهار الكل...
Photo unavailableShow in Telegram
*අයර් මැන් චරිතය හැදුනු හැටි* ස්ටෑන් ලී සහ ලැරී ලයිබර් විසින් නිර්මාණය කරන ලද, ඩොන් හෙක් සහ ජැක් කර්බි විසින් සැලසුම් කරන ලද අයන් මෑන් චරිතය බිහි වන්නේ 1963 වර්ෂයේ දී ය. ඒ අනුව මෙම සුපිරි වීර චරිතයට මේ ගෙවී යන්නේ 52 වැනි අවුරුද්ද යි.අයන් මෑන් චරිතය ආරම්භයේ සිට ම රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ සුපිරි වීරයෙකු වන අතර මෙය රූප මාධ්‍යයට පැමිණීමෙන් අනතුරුව එම ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2008 වසරේ දී තිරගත වූ Iron Man පළමු චිත්‍රපටයේ සාර්ථක්වය නිසා ම ඉන් අනතුරුව 2008 සිට Marvel සමාගම විසින් නිපදවන ලද හා නිපදවීමට නියමිත බොහෝ සිනමාපටවල (Iron Man 2 – 2010, The Avengers -2012, Iron Man 3 – 2013, Avengers: Age of Utron – 2015, Captain America: Civil War -2016, Spider Man: Homecoming – 2017, Avengers Infinity War – 2018) මෙම චරිතය ඇතුළත් වීමෙන් ම ඊට ඇති ජනප්‍රියත්වය මනාව තහවුරු වේ.IGN වෙබ් අඩවිය 2012 දී සිදු කළ සමීක්ෂණයකට අනුව වාර්තා කර තිබුණේ අැවෙන්ජර්ස් කණ්ඩායම් සාමාජිකයන් අතුරින් තෙවන ස්ථානය අයන් මෑන් හට හිමි වන බව ය. *🌍විශ්ව දැනුමෙන් බිඳක්🌍*
إظهار الكل...
*අපේ රටේ ජාතික ක්‍රිඩාව වන වොලිබෝල්* අපගේ රටට ජාතික වැදගත්කමක් ඇති අපේ රටේ අනන්‍යතාවය ලොවට කියාපන විශේෂතාවයන් ලෙස අපේ රටේ ජාතික ගීය, ජාතික ධජය, ජාතික වෘක්ෂය, ජනිත පුෂ්පය මෙන්ම ජාතික ක්‍රීඩාවද හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. අපගේ රටෙහි ජාතික ක්‍රීඩාව ලෙස නම් කර තිබෙන වොලිබෝල් ක්‍රීඩාව විදේශයෙන් ලැබුණ ක්‍රීඩාවක් වුවද​, මෙරට ඇතැම් ප්‍රදේශවල අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාවක් වනවා. වොලිබෝල් යනු කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස එය හදුනා ගැනීමට පුළුවන් වෙනවා. එම කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසු උස දැලකින් වන අතර ප්‍රතිවාදීන්ගේ පිටියේ පන්දුව පතිත වන ලෙස පහරදීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමය වනවා මෙන්ම එය පිළිගත් නීති මාලාවකට අනුව කල යුතු ක්‍රීඩාවක්ද වෙනවා. වොලිබෝල් ක්‍රීඩාව පිලිබදව සලකා බලන විට එහි ඉතිහාසය පිලිබදව සලකා බැලීම වැදගත් වෙනවා. මෙහි ආරම්භය සිදු වන්නේ 1895 වසරේදී වන අතර ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්‍රාන්තයේදියි. එසේම වොලිබෝල් ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ලෙස සලකනු ලබන්නේ විලියම් ජි. මෝගන් (Williyam G. Morgan) මහතායි. එලෙස ආරම්භ වූ මෙම වොලිබෝල් ක්‍රීඩාව මුල්කාලීනව හදුන්වා තිබෙන්නේ මින්ටොනෙට් “mintonette,” යන නමින් වන අතර ඒ.පි.හල්සට් මහතා විසින් එම ක්‍රීඩාවට වොලිබෝල් යන නම තබන ලදී. එසේම 1947 වසරේදී අන්තර්ජාතික වොලිබෝල් එකමුතුව නිර්මාණය වී තිබෙන අතරම අන්තර්ජාතික වොලිබෝල් තරගාවලිය 1949 දී පවත්වා ඇති අතර එහිදී සහභාගී වී ඇත්තේ පිරිමි පාර්ශවය පමණක් වන අතර කාන්තා නියෝජනයද සහිතව අන්තර්ජාතික වොලිබෝල් තරගාවලියක් පවත්වා ඇත්තේ 1952 වසරේදී. එසේම මෙහි වර්ධනියම අවස්ථාවක් ලෙස 1964 වසරේදී වොලිබෝල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද ඇතුලත් ක්‍රීඩාවක් බවට පත් වී තිබෙනවා. මෙම ක්‍රීඩාව අපේ රටට හදුන්වා දී තිබෙන්නේ 1916 වසරේදී. ඒ ඇමරිකානු ජාතික රොබට් වෙල්ටර් මහතා විසින් බවයි සඳහන් වන්නේ. එසේ හදුන්වා දෙනු ලැබූ වොලිබෝල් ක්‍රීඩාව අද වන විට ලංකාවේ ජාතික ක්‍රීඩාව බවටද පත්ව ඇතිවා මෙන්ම අපේ රටේ සැම පළාතකම, සැම ජන කොට්ටාශයක් අතරම ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසද හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. වොලිබෝල් ක්‍රීඩාවේ ඇති වේගවත් බව, ක්ෂණිකව වෙනස්වනසුළු බව, අඩු කාලයක් හා ඉඩ ප්‍රමාණයක් වැය වීම වැනි සාධක එලෙස ජනප්‍රිය වීම සදහා හේතු වී තිබෙනවා. වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට නම් කර ඇත්තේ 1991 වසරේදී. ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික වොලිබෝල් තරගාවලියක් පවත්වා ඇත්තේ 1951 වසරේදී වන අතර ගම්පහ ක්‍රීඩා සමාජය එහි ජයග්‍රහණය හිමිකරගෙන තිබෙන අතරම එය පිරිමි අංශය පමණක් නියෝජනය කල තරගාවලියක් වුණා. කාන්තා කණ්ඩායම් සදහා ප්‍රථම වරට ජාතික තරගාවලියක් පවත්වා ඇත්තේ 1957 වසරේදී වන අතර එහි ජයග්‍රහණය හිමි කරගෙන තිබෙන්නේ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයයි. වොලිබෝල් ක්‍රීඩාවේ මුල්කාලීනව එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් නම දෙනෙකු ඇතුලත් වී තිබෙනවා. නමුත් 1920 පමණ වන විට එය හය දෙනෙකු දක්වා වෙනස් වී තිබෙනවා. එසේම වොලිබෝල් යනු සටන්කාමි ක්‍රීඩාවක් ලෙස හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. වොලිබෝල් ක්‍රීඩාව වියදම් අවම ක්‍රීඩාවක් වෙන අතරම එවැනි බොහෝ වාසි සහගත තත්ත්ව නිසා ආසියාවේ පාසල් අතර බොහෝ සෙයින් ව්‍යාප්ත වී තිබෙනවා. මෙය 1913දි පෙරදිග ක්‍රීඩා උළෙලටද ඇතුලත් වී තිබෙනවා. මෙම ක්‍රීඩාවේදී එක් කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී පීලට පන්දුව පිරිනැමීම සිදු කරන්නේ කණ්ඩායම් දෙක වෙන් කරන දැලට ඉහලින් යන සේ වන අතර එය විරුද්ධ පිලෙහි බිම පතිත වීමෙන් හෝ සිදු වන වෙනත් වැරදි වලට අනුව ලකුණු පිරිනැමීම සිදු වෙනවා. ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන්ට ස්ථානගත වීමට නියමිත ස්ථාන පවතින අතර පසු පෙළෙහි දකුණු පැත්තෙහි සිටින ක්‍රීඩකයා විසින් ප්‍රතිවාදී පිලට පන්දුව යොමු වන සේ පිරිනැමීමෙන් ක්‍රීඩාව ආරම්භ වනවා. මේ ආකාරයට තම පිලට යොමු වූ පන්දුව තෙවරක් ස්පර්ශ කර නැවත ආපසු ප්‍රතිවාදී පිලට යැවිය යුතු වන අතර එක් ක්‍රීඩකයෙකුට එකවර දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමටද නොහැකි වෙනවා. පන්දුව තම පිල තුලම පතිත වීම, නැවත අනෙක් පිලට පන්දුව යැවීමට අපොහොසත් වීම, හෝ වෙනත් වරදක් සිදු වීම ප්‍රතිවාදී පිලට ලකුණු ලබා දීමට හේතු වෙනවා. ලකුණක් ලබා ගන්නා සෑම අවස්ථාවකම එම පිලට පන්දුව යොමු කිරීමේ අවස්ථාව​ ලැබෙන අතරම ලකුණු හිමි කරගත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සෑම අයෙකුම ඔරලෝසුවේ කටු කරකැවෙන දිශාවට අනුකුලව එක් ස්ථානයක් වශයෙන් ගමන් කලයුතු වෙනවා. වොලිබෝල් ක්‍රීඩාව සඳහා දකුණු ආසියාවේ ප්‍රබලම කණ්ඩායම ලෙස සැළකෙන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව බොහෝ අවස්ථාවල ඉන්දියාවට පමණක් දෙවැනි වනු දකින්නට පිළිවන්. මෙය කාන්තා සහ පිරිමි අංශ දෙකටම අදාළ වනවා.
إظهار الكل...
ඔලිම්පික් තරඟාවලිවලදී විවිධ කණ්ඩායම් පිරිමි රන් පදක්කම දිනාගෙන තිබෙනවා. සෝවියට් දේශය බිඳ වැටීමට පෙර එරට තුන් වරක් රන් පදක්කම දිනූ නමුත් එතැන් පටන් කිසිදු අවස්ථාවක රුසියාව හෝ පැරණි සෝවියට් රටක් රන් පදක්කම දිනාගෙන නැහැ. මෑත කාළයේ බ්‍රසීලය තෙවරක් රන් පදක්කම දිනා ගත්තා. කාන්තා අංශයෙන් රන් පදක්කම පැරණි සෝවියට් දේශය​, කියුබාව​, බ්‍රසීලය​, චීනය සහ ජපානය අතර බෙදී ගොස් තිබෙනවා. සෝවියට් දේශය බිඳ වැටුණ පසු රුසියාව හෝ වෙනත් පැරණි සෝවියට් රාජ්‍යයක් කාන්තා රන් පදක්කම ද දිනාගෙන නැහැ. *🌍විශ්ව දැනුමෙන් බිඳක්🌍*
إظهار الكل...
Photo unavailableShow in Telegram
අද දිනයේ වැදගත්කම(මැයි-29) ⏺මාටින් වික්‍රමසිංහ මහතා උපත ලබා ඇත්තේ 1890 වසරේ අද වැනි දිනකය ⏺ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1962 වසරේ අද වැනි දිනකය 🌍විශ්ව දැනුමෙන් බිඳක්🌍
إظهار الكل...
නිවන් සුව මනික🥺......
إظهار الكل...
Photo unavailableShow in Telegram
අද දිනයේ වැදගත්කම(මැයි-28) ⏺️පූජ්‍යපාද රත්මලානේ සිරි ශ්‍රී ධර්මාලෝක හිමියන් උපත ලබා ඇත්තේ 1828 වසරේ අද වැනි දිනකය ⏺️නෙපාලය ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 2008 වසරේ අද වැනි දිනකය 🌍විශ්ව දැනුමෙන් බිඳක්🌍
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.