𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
අරුම පුදුම විශ්මිත දේ සොයා යන්න
කම්මැලිකම නැති වෙන්න දැනුම බෙදාගන්න
එන්න අපේ ලෝක සවාරියට
යාලුවන්වත් එකතුකරගන්න..අමුතු ලෝකෙ වටේ ගෙදර ඉදන් සවාරි යන්න ✈️🛶
"Google Photos වෙනුවට ආරක්ෂිතව භාවිතාකර හැකි වෙනත් ආදේශක
Articles
•
Nov 13, 2020
ගූගල් ජායාරූප සේවාව තවදුරටත් නොමිලේ අසීමිතව භාවිතා කිරීමට ඔබට අවස්ථාවක් නැහැ.මොකද ඔවුන් පසුගිය දිනක නිවේදනය කරා තවදුරටත් එය පරිශීලකයින්ට නොමිලේ ලබා නොදෙන බව.එම නිසා බොහෝ පරිශීලකයන් මේ මොහොත වන විට වෙනත් සේවාවන් වෙතට යොමුවීමට වැඩි කැමැත්තකින් පසුවන බව අපට පෙනී යනවා.
ඇයි ඔබ google photos භාවිතා කිරීමෙන් වැලකිය යුත්තේ ?
ඔවුන් පෞද්ගලිකත්වයට මුල් තැන දෙන බව දන්නවා සිටියත් ඇත්ත වශයෙන්ම ඔවුන් දැන්වීම් සදහා ඔබගේ ඡායාරූප නිරීක්ශණය කිරීම සිදුකරනවා.සරලවම කිවහොත් google photos යනු පෞද්ගලික දත්ත ගබඩාවක් නෙවෙයි !
ඔබ Nike සපත්තු පැලදගෙන ඡායාරූපයක් ගූගල් ඉමේජ් වෙත උඩුගත කලබව සිතන්න.ඔවුන් එම ඡායාරූප ස්වයංක්‍රීය Google AI එකක් මගින් නිරීක්ශණය කිරීමෙන් පසු ඔබ nike නිශ්පාදන ලෝලියෙක් බවට ඔබගේ පැතිකඩ තුල තැම්පත් කරයි. එතැන්සිට අන්තර්ජාලයේ ඔබට දක්නට ලැබෙන්නේ nike දැන්වීම් පමණි. මෙලෙස විශාල ලෙස පරිශීලක දත්ත ගූගල් සේවාවන් තුලින් ලීක් වීමක් සිදුවේ. මෙවැනි දත්ත සූරාකෑමේ ක්‍රියාපිළිවෙත නිසාවෙන් දිනකට විශාල පිරිසක් ගූගල් වෙතින් ඉවත්ව ආරක්ෂාව තකා වෙනත් ආරක්ෂිත සේවාවන් පරිශීලනයට යොමුවෙයි.
පහත දක්වා ඇති ආදේශකයන් google photos වලට වඩා ආරක්ෂාවක් සහ විශේෂාංග ඔබට ලබා දෙනු ඇත.සංස්කරණය,බෙදාගැනීම හා කළමණාකරණය කිරීම හා ආරක්ශිත කේතනය කිරීම වැනි පහසුකම් වලින් සමන්විත යෙදුම් කිහිපයක් අපි ඔබට හදුන්වාදෙනවා.
Piwigo
Piwigo යනු වෘත්තීමය ඡායාරූප ශිල්පීන් හා ව්‍යාපාර පවා භාවිතා කරන විශිෂ්ට ඡායාරූප කළමකණාකරණය කරන යෙදුමකි. digiKam, Shotwell, Lightroom හා ජංගම යෙදුම මගින් සෘජුවම ඡායාරූප උඩුගත කිරීම සිදුකල හැකිය.එමෙන්ම ටැග් භාවිතා කිරීම හා කණ්ඩායමක් ලෙස භාවිතා කිරීම වැනි පහසුකම් රැසක් මෙමගින් ලබාදේ. self-hosted මෘදුකාංගයකි.
Slidebox
ඉමේජ් දහස්ගණනක් එකවර කළමණාකරණය කිරීමට,ඡායාරූප ඇල්බම් බවට පරිවර්ථනය කිරීම වැනි දේ පහසුවෙන් සිදුකිරීමට මෙම සේවාව වැඩිවශයෙන් භාවිතා කරනු ලබයි.ඔබ ඡායාරූපයක් මකා දැමුවහොත් එය ඉක්මනින් ඉවත්නොවේ. recovey කිරීමට කාලයක් ලබාදේ.iOS and Android සදහා ලබාගත හැකිය.
Zyl
පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන පරිශීලකයින්ට වඩාත් සුදුසුම සේවාවකි.පරිශීලනයට ඉතාමත් පහසු සරල ලෙස හදුන්වාදී ඇති ජංගමයෙදුමකින් සමන්විතය.GDPR නීතීන් වලට අනුකූලවන ලෙස ලබාදෙන සේවාවකි.
Piktures
ගූගල්ට සමානම පෙනුමක් සහිත සේවාවක් සොයන අයෙකුට මෙම යෙදුම වඩාත් සුදුසුය.අලංකාර අතුරු මුහුණතක් සහිත භාවිතා කිරීමට පහසු මෙම යෙදුම මගින් ඔබ මාසයක් තුල උඩුගත කරන ඡායාරූප ගණන කැලැන්ඩරයක් මගින් දර්ශණය කරයි. photo මෙන්ම video,gif සදහාත් මෙය සහය දක්වයි.නොමිලේ මෙන්ම මුදල් ගෙවා උවත් භාවිතා කර හැකි අතර ගෙවා භාවිතාකරන අයට Dropbox syncing සේවාව භාවිතා කල හැකිය.
Flickr
පොදුවේ මෙන්ම පෞද්ගලිකවද භාවිතා කර හැකි Flickr ෙවබ් අඩවිය කිසිදු සීමාකිරීමක් නොමැතිවම ඡායාරූප ගබඩා කිරීමට භාවිතා කල හැකිය.සංස්කරණය කිරීමේ පහසුකමක්ද වෙබ් අඩවියට මෑතකදී හදුන්වාදෙනු ලැබීය.වෙනත් ඡායාරූප ශිල්පීන් follow කිරීම හා ඡායාරූප ප්‍රසිද්ද කිරීම වැනිදේද මෙම වෙබ් අඩවිය මගින් සිදුකල හැක.
Cluster
ජායාරූප හුවමාරු කිරීමේ සමාජ ජාලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.ඔබට ජායාරූප උඩුගත කර ඒවා බැලීමට පරිශිලකයින්ට ආරාධනා කල හැක. එමෙන්ම පරිශීලකයින්ට ඡායාරූප සදහා comment කිරීම උවත් සිදුකල හැකිය.
cloud storage භාවිතා කිරීම
මීට අමතරව ඔබගේ ඡායාරූප හා ගොනු පොදුවේ ගබඩාකිරීම සදහා ආරක්ශිත cloud storage භාවිතා කල හැකිය. Yandex Disk , Mega NZ , Dropbox , pCloud, Icedrive ,OneDrive, Degoo වැනි සේවාවන් ඒ අතර වේ."
ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා IPL,LPL,CPL,PSL,BBL,HUNDRED වැනි ලීග වල සියලුම තොරතුරු අප සමූහය විසින් ඔබට ලබා ගත හැක.
🇦🇫🇧🇩🇦🇺🇰🇪🇮🇪🇱🇰🇵🇰🇵🇬🇳🇿🏴🇿🇼🇿🇦🇸🇩🇳🇱🇮🇳
🔆 ඉහත සදහන් සියලුම රටවල ක්‍රිකට් පිළිබඳ සියලුම තොරතුරු ඔබට අප සමූහය විසින් ලබා ගත හැක
.
🔆 කරිකට් තොරතුරු ලද සැනින්.
🔆කරිකට් post දමනු ලැබේ
🔆 කරිකට් පමණයි.
🔆 යාලුවන් Add කිරීම👆
🔆 Whatsapp Status වලට අවශ්‍ය Post, Video,Tik Tok දමනු ලැබේ.
🔆කරිකට් සම්බන්ධ තොරතුරු ඔබට මෙම සමූහය ඔස්සේ යහලුවන් අතර හුවමාරු කර ගත හැක .
සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න වෙබ්සයිට් ගානෙයි ඇඩ් වලටයි පීචන් වෙන්නේ නැතුව සින්දුවේ නම ගහපු සැණින් සින්දු ගන්න කැමතිද🤤 එහෙනම් ඇඩ් වෙන්න මගේ ගෲප් එකට සින්දු විතරක්ම නෙමේ හොදේ ඒත් එක්කම (ෆිල්ම්,නිව්ස්,අධ්‍යාපනික පෝස්ට්) සියල්ලක්ම එකම තැනකින් ගන්න ඕනෙනම් එන්න මගේ ගෲප් එකට😎🤏
"WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Facebook සමාගම සතු WhatsApp යෙදුම ලොව වැඩිම පිරිසක් භාවිතාකරන පණිවිඩ යෙදුම වේ.නිරතුරුවම නව යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට ලබාදෙන WhatsApp සදහා ශ්‍රී ලංකාව වැනි පරිගණක ශාක්ෂරතාව අඩු රටවල්වල ඉහල ඉල්ලුමක් පවතී.මෙයට සැබෑ හේතුව වී ඇත්තේ Privacy ගැන අඩු සැලකිල්ලක් දැක්වීමයි.එහෙත් ලොව සෑම පුද්ගලයෙක්ම එසේ නොවේ Privacy ගැන විශාල සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකු හට මෙම ආදේශක සමග පණිවිඩ යැවිය හැකිය.ඔබ පෞද්ගලිකත්වයේ වටිනාකම තේරුම්ගත් දිනයක මෙම යෙදුම් ඔබට වැදගත් වනු ඇත.
Telegram
WhatsApp සදහා ආදේශකල හැකි හොදම ආදේශකය Telegram ලෙස හැදින්වීමට බොහෝ දෙනෙකු නොපැකිලෙයි. WhatsApp භාවිතය අතහැර පරිශීලකයින් දහස්ගණක් Telegram වටා එක්වෙයි.රාජ්‍ය බුද්ධි අංශවලට පවා ඇතුල්වීමට නොදෙන පරිශීලක දත්ත ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය මෙයට ප්‍රධාන හේතුවයි. 100,000 ක් දක්වා වූ කණ්ඩායම්, පොදු නාලිකා, පරිශීලක නාම, 1.5 GB දක්වා ගොනු හුවමාරු කිරීමේ හැකියාව Telegram නොමිලේ ලබාදේ. එමෙන්ම WhatsApp මෙන් නොව Telegram එකවර උපාංග කිහිපයක පහසුවෙන් භාවිතා කල හැකිය.ඇන්ඩ්‍රොයිඩ්, iOS, වින්ඩෝස් දුරකථන, වින්ඩෝස්, මැක්, ලිනක්ස්, වෙබ් යෙදුම් වල භාවිතා කල හැකිය.
Signal Private Messenger
WhatsApp සහ Messenger හි භාවිතාවන End - End encryption තාක්ෂණය ලබාදෙන Signal Foundation විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේම යෙදුමක් වන Signal , Whatsapp සමග සසඳන විට ආරක්ෂක ප්‍රතිලාභ ගණනාවක් ඔබට ලබාදේ. self-destructing messages, screen security සහ තවත් පහසුකම් රැසක් සපයයි.මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය යෙදුමක් ලෙස Signal හැදින්වේ.
Bridgefy
Whatsapp යෙදුම භාවිතය සදහා ඔබට අන්තර්ජාලය අනිවාර්යයෙන් අවශ්‍යය.ඔබ වනාන්තරයක කදවුරු බැද සිටින්නේ නම් ඔබට SMS පහසුකම පවා අහිමිවී යනු ඇත. එවැනි අවස්ථාවකදී Bridgefy යෙදුම අත්‍යාවශ්‍ය වේ. Bluetooth සහ wifi මගින් ජාලයක් ගොඩ නැගීමේ හැකියාව මෙම යෙදුමට පවතී. එමගින් අවට සිටින ඔබේ මිතුරන්ට පහසුවෙන් පණිවිඩ යැවිය හැකිය. Chat සහ Broadcast ලෙස ආකාර දෙකක් පවතී එකවර කණ්ඩායමකට හෝ පුද්ගයයෙකුට පණිවිඩ යැවීම සිදුකල හැකිය.
KIK
Kik යනු අංකය භාවිතා කරමින් පණිවිඩ යැවීමට අකමැති පුද්ගලයින් සදහා භාවිතා කල හැකි යෙදුමකි.Email මගින් පිවිසිය හැකි මෙම යෙදුම text messages, emojis, stickers, Gifs, photo sharing, video sharing සහ Group සදහා සහය දක්වයි.Bot සදහා සහය දක්වන බැවින් ඔබට පුවත්, play quizzes, fashion tips සේවාවන් Bot මගින් ලබාගත හැක.
Keybase
මෙය විවෘත කේත යෙදුමකි.ඒ නිසා මේ පිටුපස සමාගමක් නොමැත.එමෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වාම කේතනය කර ඇති නිසා සුපිරි ආරක්ෂාවක් පණිවිඩ සදහා ලබාදේ.මෙය ව්‍යාපාර සදහා සහය නොදක්වන අතර Slack ලෙස ක්‍රියාත්මක වේ.මෙම යෙදුම භාවිතා කිරීමට ඔබට දුරකතඅංකය හෝ Email අවශ්‍ය නැත.එමෙන්ම මෙය දුරකතන සදහා පමණක් නොව ඔනෑම පරිගණකයක් සදහා සහය දක්වයි.
Threema
Threema යනු seriously secure යෙදුමකි.හවුලේ ලිපිගොනු හුවමාරු කිරීමේ හැකියාව ඇතත් Voice සහ Video ඇමතුම් සදහා සහය නොදක්වයි. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වාම උසස් ගුප්තකේතනයක් ලබාදේ.Threema විවෘත මූලාශ්‍ර යෙදුමක් උවත් විනිවිද පෙනෙන රහස්‍යතා ප්‍රතිපත්තියක් ඔවුන් සතුය.Whatsapp වලට සමාන අතුරු මුහුණතක් ලබාදේ . නිර්ණාමිකව උවත් භාවිතාකල හැකිය.
Line
ඔබට ආරක්ෂිතව භාවිතාකල හැකි WhatsApp සදහා හොදම සහ ජනප්‍රියම යෙදුමකි.එමෙන්ම දැවැන්ත විශේෂාංග එකතුවකින් සමන්විත යෙදුමකි.ගුප්තකේතනය මගින් voice සහ video ඇමතුම් ලබා ගැනීම හා Line ජාලයෙන් පිටත පරිශීකයින්ට ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතී. passcode lock, filter messages සහ Line PAY සේවාවන් ලබාගත හැකි line යනු Whatsapp යෙදුමට වඩා ඉහල පහසුුුුකම් ඇති යෙදුමකි."
Comment 🌝
ඔවගේ අදහස් comment කරන්න 😌
"
දත්තවල පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හේතුවෙන් WhatsApp වෙත $266ක දඩයක්
Facebook සතු Whatsapp යෙදුමට යුරෝපීය සංගමයේ දත්ත ආරක්ෂණ රෙගුලාසි යටතේ (GDPR) “පුද්ගලික තොරතුරු හැසිරවූ ආකාරය පිළිබඳව විනිවිදභාවයකින් කටයුතු කිරීමට අපොහොසත් වීම” වෙනුවෙන් ඩොලර් මිලියන 266 ක දඩයක් ගෙවීමට නියෝග කර තිබේ. Whatsapp වෙතට යුරෝපීය සංගමය දඩ මුදලක් නියම කරන ලද පළමු අවස්ථාව මෙයයි.
අයර්ලන්ත දත්ත ආරක්‍ෂක කොමිෂන් සභාව විසින් මෙම දඩ මුදල නියම කර ඇති අතර එහිදී හෙලිවී ඇති කරුණු වලට අනුව වට්ස් ඇප් විසින් පරිගීලක දත්තවල විනිවිද භාවයට හානිකර ඇත. නිවේදනයක් නිකුත් කරමින් වට්ස්ඇප් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
WhatsApp පරිගීලක දත්ත උල්ලංගනය කිරීම බොහෝ කාලයක සිට සිදුකරන බව ලෝකයටම නොරහසකි. ජනවාරි මාසයේදී නව රහස්‍යතා හදුන්වා දුන්නත් පරිශීලක විරෝධය නිසා ඒවා යටපත් විය."
iOS වලට සිට Samsung ජංගම දුරකථන වලට WhatsApp chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරයි
WhatsApp පරිශීලකයින් iOS වල සිට Android වලට හෝ, Android වල සිට iOS වලට මාරු වන විට තම chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීම කෙරෙහි WhatsApp සමාගමේ අවධානය යොමු වී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ වන විට මෙහි පියවරක් ලෙස iOS පරිශීලකයින් හට Samsung ජංගම දුරකථනයක් වෙත chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා.
මෙම option එක භාවිතා කරීමට නම් iPhone එකකට අමතරව Android 10 හෝ 11 වලින් බළගැන්වෙන Samsung ජංගම දුරකථයක් තිබීම අත්‍යාවශ්‍යය වෙනවා.
එමෙන්ම WhatsApp ආයතනය ප්‍රකාශ කරන්නෙ මෙම සම්පූර්ණ process එකම අතරතුර කිසිඳු අවස්ථාවකදී පරිශීලකයාගේ voice messages, photos, සහ videos ඇතුළු සියළුම messages WhatsApp servers වෙත upload කරගැනීමක් සිදු නොකරන බවයි.
ඔබට ඉතාම පහසුවෙන් පියවර කීපයක් ඔස්සේ ඔබේ පැරණි iPhone එකේ තිබෙන WhatsApp data, ඔබේ අලුත් Samsung device එකට මාරු කිරීම සිදු කළ හැකි වෙනවා.
මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන්නේ මොන විදිහේ දේවල් ද කියලා අපි විමසා බලමු.
දැන් මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පියවරෙන් පියවර විමසා බලමු.
මුලින්ම ඔබේ අලූත්ම Samsung device එක Turn On කර, USB-C to Lightning cable එක මඟින් Samsung device එක හා iPhone එක connect කරන්න.
අනතුරුව, USB device connect කළ යුත්තේ කුමන App එකෙන් ද යන්න ඔබේ අලුත් Samsung device එක මත විමසනු ඇති අතර, එම App අතුරින් SmartSwith App එක තෝරා ගන්න.
App එක තෝරාගත් පසු, Connecting process එක ආරම්භ වන අතර, iPhone එක මත විමසන "Trust connection " යන්න " Yes" ලෙස click කිරීම කල යුතුයි.
මෙහිදී Samsung දුරකථනය විසින් iPhone එකේ transfer කළ යුතු සියලුම data පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම දත්ත Call, Messages, App, Video, Images ආදී ලෙස list එකක් ලෙස ඔබේ Samsung දුරකථනයෙන් පෙන්වන අතර, මෙම step එකේ දී ඔබට transfer කළ නොහැකි දත්ත මොනවාද යන්නත් දැක ගත හැකියි.
අනතුරුව Transfer click කල යුතු අතර, මෙහිදී Samsung දුරකථනය මත Install කලයුතු App කිහිපයක් පෙන්වන අතර, එම App අතර WhatsApp ද දැක ගත හැකියි.
පසුව, Samsung දුරකථනය මත පෙන්වන Install යන්න Click කල පසු QR Code එකක් පෙන්වන අතර, ඔබේ iPhone එකේ Camera App එක On කර Samsung දුරකථනය මත පෙන්වන එම QR code එක Scan කිරීම කළ යුතු වෙනවා.
එම QR code එක Scan කල පසු iPhone එක මත පෙන්වන පරිදි "WhatsApp open" කලයුතු අතර, iPhone එක " Move Chats to Android " යන Step එක දැකගත හැකියි.
අනතුරුව iPhone එක මත " Start" යන්න click කලපසු ඔබේ WhatsApp chat history එක Samsung දුරකතනය වෙත transfer වීම ආරම්භ වෙනවා.
මෙම ක්‍රියාවලියට මිනිත්තු කීපයක් ගත වෙන අතර, ක්‍රියාවලිය 100% සම්පූර්ණ වූ පසුව, Samsung දුරකථනය මඟින් iPhone එක මඟින් Transfer කරගත් දත්ත Organize කර ගැනීම සඳහා තවත් මිනිත්තු කිහිපයක් වැය කරනවා දැක ගත හැකියි.
අනතුරුව Samsung දුරකථනය WhatsApp එක අලුත්ම App එකක් ලෙසින් install වී තිබෙනවා දැකගත හැකි අතර ඔබට, ඔබේ පැරණි iPhone එකේ WhatsApp සඳහා භාවිතා කල ජංගම දුරකථන අංකයම ඔබේ අලුත් Samsung දුරකථනයට ලබා දීම කළ යුතු වෙනවා.
එතැන් සිට, WhatsApp App එක සමාන්‍ය පරිදි install වීමේ ක්‍රියාවලිය සිදුවන අතර, එම ක්‍රියාවලියෙන් පසුව ඔබට, ඔබේ iPhone එකේ තිබූ WhatsApp history එක, ඒ ආකාරයෙන්ම ඔබේ අලුත් Samsung device එකේ දැකගත හැකිවෙනු ඇති.
මෙම ක්‍රියාවලිය අතරතුර USB-C to Lightning cable එක ගලවා ඉවත් නොකිරීම වගබලා ගැනීම වැදගත් වන කරුණක් වෙනවා.
එමෙන්ම WhatsApp සඳහා එකම ජංගම දුරකථන අංකයක් භාවිතා කිරීම කළ යුතුයි.
ඒ වගේම දුරකතනයේ battery level එක, 80% ක් හෝ ඊට ඉහළ අගයක් තිබෙනවා ද යන්න පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.
මෙම පහසුකම භාවිතා කිරීමට නම්, Android දුරකථනය අනිවාර්යයෙන්ම samsung එකක් විය යුතු අතර, එය Factory Data Reset කර හෝ Brand New අවස්ථාව (අලුත් Android දුරකථනයක් Setup කිරීමේ අවස්ථාව) විය යුතුයි.
ඒ වගේම WhatsApp call history එක හා ඔබේ WhatsApp Name එක Transfer වීම සිදු වන්නේ නැහැ.
පසු සටහන
ඉතින් මේ ඉහතින් දක්වා තිබෙන්නේ Samsung දුරකතනයකට iPhone එකේ තිබෙන WhatsApp history එක Transfer කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි.
මෙම option එක හඳුන්වාදීමේදී WhatsApp සමාගම පෙන්වා දුන්නේ මෙය ආරම්භයක් පමණක් බවත්, සෑම අයෙකුටම ආරක්ෂිතව තම WhatsApp දත්ත OS අතර මාරු කර භාවිතා කිරීමේ හැකියාව ලබාදීම සිය සමාගමේ අපේක්ෂාව බවයි.
ඒ අනුව ඉදිරියේ දී iOS වලට සිට අනෙක් Android ජංගම දුරකථන වලටත්, ඒ වගේම Android වල සිට iPhone වලටත් WhatsApp history එක transfer කරන්න හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කළ හැකියි
Coppied 🌝
