ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
"මොකක්ද මේ (MANA) Decentraland කියන්නේ ? Decentraland කියන්නේ Ethereum Blockchain එක මත ලියැවුණු Virtual ලෝකයක් මත පදනම් වුනු Application එකක්. මෙම ලෝකය ඇතුළතදී ඔබට භාණ්ඩ මිලදී ගැනීමට, විකිණීමට සහ Virtual Reality Games ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. Welcome to Decentraland Create, explore and trade in the first-ever virtual world owned by its users. පරිශීලකයන් හට virtual ඉඩම් මිලදී ගැනීමටත් එම ඉඩම් නැවත විකිණීමටත් ඒ ඒ ඉඩම් මත තමන්ට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් මෙහිදී පුළුවන්. මේ අතර විශේෂ ම කාරණයක් නම් මෙහිදී මෙම application එක run වෙන ප්‍රධාන server එකක් නැතහොත් තනි අයිතිකාරයෙක් නැති වීමයි. Ethereum blockchain එක මත මෙම MANA application එක ලියවී තිබෙන නිසා මෙහි අයිතිය සෑම විටම භාවිතා කරන පුද්ගලයන්හට අයිති වෙනවා. කොහොමද Decentraland වැඩ කරන්න‌ේ? 2015 දී Ari Meilich සහ Esteban Ordano විසින් නිමැවුණ මෙය ඒ වන විට දක්නට තිබුණේ ඉතා සරල pixel සහිත grid එකක් සහ එක් එක් පුද්ගලයන් හට අයිතිය ලබා ගැනීමේ proof-of-work algorithm එකක් ලෙසයි. පසුව ටික ටික දියුණු වී 3D උපාංග සහිත Crypto Currency වර්ග දෙකකින් භාවිතාවන ලෝකයක් බවට මෙය පත්වුණා. මෙහි $LAND සහ $MANA Token නම් Crypto Currency වර්ග භාවිතා වෙනවා. මෙම ලෝකයෙහි ඇති VIRTUAL ඉඩම් (LAND) වල කුඩාම මිනුම් ඒකකය PARCEL වන අතර එම PARCEL මිලදී ගැනීමට නම් MANA භාවිතා කිරීමට සිදුවෙනවා. එම LAND Tokens Ethereum ERC-721 NFT Token ලෙසත්, MANA Tokens ERC 20 tokens ලෙසත් සාදා ඇති අතර තමන්ට අයිති LAND වල ඉදිකෙරෙන එක් එක් නිර්මාණ වලින් තමන්ට මුදල් උපයා ගැනීමේ හැකියාවද තිබෙනවා. ‌LAND නිකුත් කිරීම Decentraland platform එක 2017 අගෝස්තු වන විට දී ඇමෙරිකානු ඩොලර් මිලියන විසි හතරක් වටිනා මුදලක් එම Project එක සඳහා එකතු කරගත් අතර MANA token නිකුත් කිරීම පහත පරිදි ආකාර කිහිපයකින් සිදු වුණා. 40% ක් වූ MANA ප්‍රථම නිකුත් කිරීමේදී ත් 20% ක් ඔවුන්ගේ පරිශීලකයන් සහ හවුල්කරුවන් අතරෙ ත් 20% ක් නිර්මාතෘ කණ්ඩායම අතරේ බෙදාහැරීමට කටයුතු සිදු විය. LAND මිලදී ගැනීමේ අවස්ථා දෙකක් 2017 සහ 2018 වසර වලදී සිදු වුන අතර "DUTCH AUCTION" ලෙස එම විකිණීමේ කටයුත්ත සිදු වුණා. How will the LAND auction work? An explanation of Dutch auctions, and why we’re using one to distribute remaining unowned LAND Decentraland Decentraland LAND එකක් හෝ කිහිපයක් මිලදී ගත්විට ඒ සඳහා වියදම් කරන ලද MANA නැවත භාවිතයට ගත නොහැකි වන ලෙස BURN කිරීම හෝ ඒවා EMPTY කිරීම සිදු වෙනවා. මුල් මිලදී ගැනීමෙන් පසුව, LAND එක අයිති පුද්ගයන් හට තමන් කැමති මුදලකට ඒවා නැවත විකිණීමේ හැකියාව පවතිනවා. Decentraland එක Decentealized , Blockchain මත පදනම් වුණු application එකක් නිසා කිසි විටෙකත් කිසිවෙකුටත් මේවායේ දත්ත වෙනස් කිරීමට හෝ hack කිරීමට හැකියාවක් නම් නොලැබෙන තරම්. PUBG, Fortnite වැනි පරිගණක ක්‍රීඩා වුණත් බැලූ බැල්මට මෙයට සමාන වුවත් ඒවා කිසිවක් decentralized යන සංකල්පයට අදාළ වෙන්නේ නැහැ. එහි සම්පූර්ණ අයිතිය ඒ ඒ අදාල සමාගම් වලට පවතින බව මෙහි ඇති විශේෂම වෙනසයි. Decentraland හිදී servers සහ ගනුදෙනු පරිශීලකයන් මත පමණක් රඳා පවතිනවා. මූල්‍යමය පසුබිම MANA TOKENS ඕනෑම ERC-20 ගබඩා කළ හැකි Wallet එකකට දැමිය අතර මුදල් වශයෙන් ගතහොත් මේ වන විට MANA එකක අගය 1$ කට සමාන අගයක පවතී. ඉල්ලුම වැඩිවීමත් සමග මෙහි අගය ඉහළ යෑමට වැඩි ප්‍රවණතාවක් තිබෙන අතර උපරිම MANA සැපයුම වන්නේ MANA 2,644,403,343 කි.‌‌මෙම සෑම ගනුදෙනුවක්ම ETHERUM SMART CONTRACT හරහා සිදුවන බවද අමතක නොකළ යුතු කරුණක්."

⭕ගොඩක් අය මේ Massage එක කියවලා දැක්කෙ නෑ වගේ යයි...සමහරු Massage එක කියවන්නෙවත් නැතිවෙයි.. අපේ owner හැමදාම ඔයාලා වෙනුවෙන් එයාලගෙ Data කපාගෙන ඔයාලා වෙනුවෙන් Post දානවා. 😇 ඒත් එයාලට හම්බෙන දෙයකුත් නෑ..ඔයාලගෙ සතුට වෙනුවෙන්නෙ..මේ ඔක්කොම දේවල් කරන්නෙ.. ඒත් ඔයාලා අපිට පොඩි උදව්වක්වත් කරන්නෙ නෑනේ Channel එක දියුණු කරන්න... අපි කියනවද කවදාවත් අපිට සල්ලි දෙන්න කියලා අපි Post දානවට ..නෑනේ ..නෑනේ... Channel එකේ Membersla වැඩි වෙන එක විතරයි අපේ එක්ම සතුට.. අනන ඒක නිසා ඔයාලට පුලුවන්තරම් කට්ටියව Group එකට Add කරන්න...එතකොට එයාලා Channel එකට Join වෙයිනේ.. මේ අහින්සක ඉල්ලීම අහක දාන්න එපා❤️🙏..

"Grand Theft Auto III, Vice City සහ San Andreas යන game ත්‍රිත්වය remaster කර නැවත නිකුත් කිරීමට Rockstar ආයතනය සූදානම් වෙයි Rockstar සමාගමේ Grand Theft Auto series එක ගැන මේ වෙනකොට නොදන්න gamer කෙනෙක් හොයාගන්න බැරි තරම්. මේ වන විට ලොව පුරා ඉන්න GTA ලෝලීන් GTA 6 පිළිබඳව තොරතුරු වාර්තා වෙන තුරු නොයිවසිල්ලෙන් බලාසිටින අතරම, Grand Theft Auto III, Grand Theft Auto: Vice City, සහ Grand Theft Auto: San Andreas කියන game ත්‍රිත්වය remaster කිරීමට Rockstar සමාගම විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙලෙස remaster කරන ලද games ත්‍රිත්වය මීළඟ ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වන විට PS4, PS5, Xbox One, Xbox Series X සහ S, Switch, PC, Stadia, සහ mobile phones වලට ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව Rockstar ආයතනය විසින් තවමත් නිළ වශයෙන් නිවේදනය කර නොමැති නමුත් Kotaku වෙබ් අඩවිය ප්‍රකාශ කරන අන්දමට Rockstar Dundee studio එක හරහා මෙම remaster කිරීම සිදු කරනු ලබනවා. එමෙන්ම ‍මෙම games ත්‍රිත්වයම එක් bundle එකක් ලෙස digitally අලෙවි කිරීමට කටයුතු කරනු ඇති අතර, මෙහි අලෙවිය සළකාබැලීමෙන් අනතුරුව එය සාර්ථක වන්නේ නම් Red Dead Redemption වැනි අනෙකුත් පරණ games ද remaster කිරීමට Rockstar ආයතනය සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා."

Dear Telegram, There are many lessons you have taught the world, many times you have fought for our users, many times you hav
Dear Telegram, There are many lessons you have taught the world, many times you have fought for our users, many times you have sacrificed your valuables to protect us. Yes, the 8th birthday is here. Happy Birthday Telegram! 🎊

▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃ ☣️ ❥ chanel එක හොදනම් link eka share❤️ කරන්න යාලුවනේ𒈞 😘 OWNER🤭 ▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃

Mod whatsapp users ල වෙතටයි 🌝 ඇත්තටම කිව්වොත් mod whatsapp කියන්නෙ whatsapp සමාගමේ අවසරයකිම් තොරව whatsapp app එකේ සිදුකරන වෙනස් කමක්. normal whatsapp වල නැති ගොඩක් දේවල් ඒකෙ තියනවා. අමුතුවෙන් ඒ මොනවද කියන්න ඕනි නෑනෙ. ඇත්තටම මමත් කැමතියි mod whatsapp වලට. ඒත් ගැටලු කිහිපයක් තියෙනවා. ඔයාලා දන්නවා ඇතිනෙ whatsapp එකේ encryption කියලා එකක් තියේ කියලා 🌝 (ඒ මොකක්ද දන්නැත්තං youtube එකේ ගහලා බලන්න.) encryption නිසා අපේ calls messages තුන්වන පාර්ශවයකට බලන්න බැරි වෙනවා. network traffic capcher කරත් key එක නැතුව බලන්න බෑ (මේක ගැන වැඩිය හිතන්න එපා දන්නෙ නැති අය) mod whatsapp එකේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වගේම ඒක හදන අයට ඕනිනම් අපේ message බලන්න පුළුවන් වෙන්නත් හදන්නත් පුළුවන් . දැං ඔයාලා හිතනවා ඇති ඔයාලට එහෙම බැලුවට ගානක් නෑනෙ කියලා. ඒ උනාට ඔයාලගෙ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන් . හරි දැං ඔයාලා හිතනවා ඇති ඉතිම් ඒ උනාට මුකුත් වෙන්නෑනෙ කියලා. එහෙම හිතන්න එපා, මොකද එයාලට ඔයාගෙ ඔය විස්තර වලිං ඔයාව හිරේට යවන්න උනත් පුළුවන් . පරිගනක අපරාදයකට ඔයාව අහුවුනොත් කොහොමට තියෙයිද? මුකුත් නොදැන ආසාවට whatsapp mod දාගෙන නිකම් කෙලවගන්න ඕන්නෑනෙ. තව දෙයක් තමා හැම whatsapp app එකට අනිවාරෙන් storage permission තියේ. ඒක නිසා ඒ mod developer ඒකට trojan එකක් වගේ එකක් add කරලා තිබ්බොත් ඔයාගෙ phone එකේ photos , videos වගේ තියෙන ඔක්කොම ගන්න පුළුවන් . මම කියන්නෑ mod whatsapp එකක් දාගත්ත පලියට මෙහෙම වෙනවා කියලා. ඒ උනාට එහෙම වෙන්න ලොකු සම්බාවිතාවක් තියෙනවා. ගොඩක් අයට දැනටමත් ඔය ටික වෙලා ඇති. එහෙම උනා කියලා දන්නෙවත් නැතුව ඇති. මමනම් recommend කරන්නෙ නෑ mod whatsapp බාවිතා කරන එක. whatsapp සමාගමෙනුත් කියලා තියෙනවා mod whatsapp use කරන අයගේ whatsapp numbers සම්පූර්නයෙන්ම තහනම් කරනවා කියලා. තීරනය ඔබ සතුයි . දැනුවත් කරන්න දැම්මෙ 🌝 Mod whatsapp පාවිච්චි කරන අයට දෙවි පිහිටයි 😶 අදහස් comment කරන්න 😌

" Home Games MAFIA Definitive Edition Story GAMESTECH NEWS MAFIA Definitive Edition Story 30 දශකය යනු ඇමරිකාව Mafia කල්ලි විසින් පාලනය කළ දශකයක් ලෙස කිවහොත් නිවැරදිය. Story එක ආරම්භ වන්නේ 1930 වසරේදීය. මෙකල ඇමරිකාවේ Prohibition නම් නීතිය ක්‍රියාත්මක විය. එනම් මත්පැන් නිෂ්පාදනය , ආනයනය , ප්‍රවාහනය හා විකිණීම තහනම් විය. 1920 –  1933 කාලයේ පැවති මෙම Prohibition නීතිය නොසලකා විවිධ Mafia කල්ලි රජයට හොරෙන් මත්පැන් ජාවාරම්වල නිරත වෙමින් ‌‌‌බොහෝ ලාභ ඉපයූහ. Missions 20කින් සමන්විත මෙම ක්‍රීඩාවේදී අපට අපගේ කථා නායකයා වන Tommy Angelo පොලිස් නිලධාරියෙකු සමග තම අතීත මතක ආවර්ජනය කරනු දැකිය හැකිය. එනම්  flashbacks ලෙස මෙම missions 20 ක්‍රීඩා කිරීමට ඇත. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating Story එක ආරම්භ වන්නේ මෙසේය (no spoilers) ………. එදින 1930 වසරේ එක්තරා රාත්‍රියක් විය. වෘත්තියෙන්  taxi driver කෙනෙකු වන අපේ කථා නායකයා  Tommy Angeloගේ නෙත ගැටෙන්නේ ඔහු දෙසට කලබලයෙන් දුවගෙන එන Paulie හා Samය. ඹවුන් නගරයේ ප්‍රධාන Mafia කල්ලි 2න් 1ක් වූ Salieriගේ කල්ලියේ සාමාජිකයන් විය. ඔවුන්ගේ අණ පරිදි පරිදි ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටි enemy කල්ලිය වන Morello  කල්ලියෙන් ඔවුන්ව Tommy විසින් ආරක්ෂිතව Salieriගේ අවන්හල අසලට ගෙනයන ලදී. මෙම උපකාරය ගැන පැහැදීමට පත් Salieri විසින් Tommyට ඔීනෑම අවස්ථාවක ඔීනෑම උදව්වක් ඉල්ලන ලෙස පවසා ඔහුට මුදල් දී නික්ම යයි. පසු දින Tommyට මුහුණදීමට සිදුවන්නේ විශාල කරදරයකටය. ඔහුව සොයා ආ Morello  කල්ලියේ සාමාජිකයන් ඔහුට පහරදෙන අතර ඔහුගේ රථයටද අලාභ හානි සිදුකරයි. දාමරිකයන්ගෙන් බේරී පලායන Tommy ආරක්ෂාව පතා නවතින්නේ Salieri ළඟය. කලින් කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස Tommyට ආරක්ෂාව සලසන Salieri , ඔහුට එම කල්ලියට join වන ලෙස ආරාධනා කරයි. Taxi driver කෙනෙකු වී බියෙන් ජීවත් වනවාට වඩා ආරක්ෂාවක් යටතේ ජීවත්වීම තෝරාගත් ඔහු ඊට එකඟවෙයි. මින්පසු කුමක් සිදුවේවිද? Tommyගේ අනාගතය කෙසේ වෙයිද? ඔහුට අත්වන ඉරණම කුමක්ද? Morello කල්ලියට කුමක් වෙයිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ක්‍රීඩකයා වන ඔබට භාරය. 2002 වසරේ නිකුත් වූ Mafia ක්‍රීඩාවේ remake එකක් ලෙස 2020 වසරේ release වූ Mafia Definitive Edition, graphics අතින් පොහොසත්ය. සිත් ගන්නා සුළු පරිසරය මෙන්ම කුතුහලය දනවන missions මෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. සමස්ථයක් ලෙස ගත්කළ ඉතා හොඳ  ක්‍රීඩාවක් වන මෙමගින් 30 දශකයේ Chicago නගරය ආශ්‍රිත ජන සමාජය පිළිබඳවද අවබෝධයක් ලබාගත හැකිය. සියලු gamersලා  විසින් ක්‍රීඩා කළයුතුම ක්‍රීඩාවක් වන මෙහි minimum හා recommended requirements පහතින් සඳහන් කරමි."

https://youtu.be/xBg_APqJvZ0 කැමති අය බලන්න 🥺 ලයික් Comment Share 😇 🥺

Spyware ලෝකයේ රජු Pegasus පසුගිය කාලයේ ලංකාවෙ කතාබහට ලක්වුන දෙයක් තමා රජය ඔත්තු බලන්න විදේශයකින් නිශ්පාදිත විවිධ software භාවිතා කරන්න යනව කියන එක. ඒ විදිහට පාවිච්චි කරන්න යන එක tool එකක් විදිහට ප්‍රසිද්ද උනා Pegasus කියන spyware එක. මේක ගැන ඇත්ත නැත්ත මොනව උනත් Pegasus කියන්නෙනම් ඇත්තටම තියන ප්‍රබල spyware එකක්. ඉතින් අද ඒක ගැන අපි විස්තර ටිකක් හොයල බලමු. අපි මුලින්ම බලමු මේ spyware එකක් කියන්නෙ මොකක්ද කියල. spyware එකක් විදිහට සරලවම කියන්න පුලුවන් අපේ පරිගණක පද්ධතියකට ඇතුල් වෙලා අවසරයකින් තොරව ඒ පරිගණක පද්ධතිය සහ ඒක පාවිච්චි කරන අය ගැන ඔත්තු බලන සහ ඒ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබාදෙන විශේෂ malware වලට තමා spyware කියන්නෙ. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating Pegasus මොකක් හරි ක්‍රමයකින් ඔයාලගෙ දුරකථනයට ඇතුල් උනොත් ඒ දුරකථනය පැය 24ම ක්‍රියාත්මක වෙන ඔත්තු බලන උපකරණයක් බවට පත් කරන්න මේ spyware එකට හැකියාව ලැබෙනවා. ඒකට පුලුවන් තමන් යවන හෝ ලැබෙන පණිවිඩ copy කරගන්න, ඒ වගේම තමන්ගෙ දුරකථනයේ තියෙන photos, recordings වගේ ඕනම දේකට access ගන්නත් පුලුවන්. රහසේ දුරකතනයේ කැමරාව සහ mic එක on කරල කරන කියන දේවල් රහසේ record කරන්නත් මේකට හැකියාව තියනවා, ඒ වගේම තමන් ඉන්න තැන වගේම ගියපු තැන් ගැනත් විස්තර මේ tool එකට ලබාගන්න පුලුවන් කියලයි වාර්තා වෙන්නේ. Pegasus සංවර්ධනය කරන්නෙ NSO කියන ඊශ්‍රායලයේ පෞද්ගලික සමාගමක් මගින්, ඒ සමාගම ලෝකය පුරා තියන රජයන්ට මේක එයාලගෙ අවශ්‍යතාවය අනුව අලෙවි කරනවා. මේකට ලෝකය පුරා තින Android සහ iOS devices බිලියන ගණනකට වුනත් ඇතුලු වෙන්න හැකියාව තියනවා. මේ Pegasus spyware එක මුලින්ම හොයාගත්තෙ 2016දි පර්‍යේෂකයින් පිරිසක් විසින්, ඒ දුරකථනවලට පැමිණෙන text messages සහ email හරහා ලැබෙන phishing links වලින් Pegasus ආසාදනය වෙන බව සොයා ගැනීමෙන්. මේ කාලය ඇතුලත Pegasus වල හැකියාව ඉතාමත් වැඩි වෙලා තියනවා. වාර්තා වෙන විදිහට මේ වෙද්දි spyware එකට “zero-click” attack පවා සිදු කරන්න හැකියාව තියෙනවා, ඒ කියන්නෙ user ගෙ කිසිම ක්‍රියාකාරකමක් නොමැතිව සාර්ථකව දුරකථන වලට ආසාදනය වෙන්න Pegasus වලට හැකියාව තියනව කියන එකයි. නිශ්පාදකයා දන්නෙ නැති “zero-day” vulnerabilities වලිනුත් ප්‍රයෝජනය අරන් දුරකතන වලට ආසාදනය වෙන්න Pegasus වලට පුලුවන්. 2019 වර්ශයෙ WhatsApp ආයතනය එලිකරා NSO ආයතනයේ software මගින් දුරකථන 1400කට අධික ප්‍රමාණයකට zero-day vulnerability එකක් පාවිච්චි කරල malware පැතිරූ බව. ඒක සිදු කරේ නිකන්ම WhatsApp call එකක් target device එකට ලබාදීමෙන්, ඒ call එක answer කරේ නැතත් Pegasus code එක දුරකථනයේ ස්ථාපනය වෙනවා. මෑතකදි NSO ආයතනය Apple iMessage වල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවගෙන් මිලියන ගණනක් වූ iPhone වලට backdoor access ලබාගන්න හැකියාව හඳුනාගත්තා. Apple සමාගමනම් කියන්නෙ මේ වගේ දුර්වලතා ඉතා ඉක්මනින් ලබාදෙන security updates මගින් ඉවත් කරන බවයි. පසුගිය දවසක NSO සමාගමට විශාල චෝදනාවක් එල්ල වුනා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක් ඉලක්ක කරගෙන Pegasus ඔවුන්ගෙ දුරකථන වල ස්ථාපනය කිරීම ගැන. මේක විශේෂ සිදුවීමක් වෙන්නෙ සාමාන්‍යයෙන් මේ විදිහට Pegasus මගින් ඉලක්ක කෙරෙන්නෙ ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් වීම නිසයි. තොරතුරු අන්තර්ජාලයෙනි- Pcguide .lk @t_k_s_chanel_bot

Spyware ලෝකයේ රජු Pegasus පසුගිය කාලයේ ලංකාවෙ කතාබහට ලක්වුන දෙයක් තමා රජය ඔත්තු බලන්න විදේශයකින් නිශ්පාදිත විවිධ software භාවිතා කරන්න යනව කියන එක. ඒ විදිහට පාවිච්චි කරන්න යන එක tool එකක් විදිහට ප්‍රසිද්ද උනා Pegasus කියන spyware එක. මේක ගැන ඇත්ත නැත්ත මොනව උනත් Pegasus කියන්නෙනම් ඇත්තටම තියන ප්‍රබල spyware එකක්. ඉතින් අද ඒක ගැන අපි විස්තර ටිකක් හොයල බලමු. අපි මුලින්ම බලමු මේ spyware එකක් කියන්නෙ මොකක්ද කියල. spyware එකක් විදිහට සරලවම කියන්න පුලුවන් අපේ පරිගණක පද්ධතියකට ඇතුල් වෙලා අවසරයකින් තොරව ඒ පරිගණක පද්ධතිය සහ ඒක පාවිච්චි කරන අය ගැන ඔත්තු බලන සහ ඒ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබාදෙන විශේෂ malware වලට තමා spyware කියන්නෙ. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating Pegasus මොකක් හරි ක්‍රමයකින් ඔයාලගෙ දුරකථනයට ඇතුල් උනොත් ඒ දුරකථනය පැය 24ම ක්‍රියාත්මක වෙන ඔත්තු බලන උපකරණයක් බවට පත් කරන්න මේ spyware එකට හැකියාව ලැබෙනවා. ඒකට පුලුවන් තමන් යවන හෝ ලැබෙන පණිවිඩ copy කරගන්න, ඒ වගේම තමන්ගෙ දුරකථනයේ තියෙන photos, recordings වගේ ඕනම දේකට access ගන්නත් පුලුවන්. රහසේ දුරකතනයේ කැමරාව සහ mic එක on කරල කරන කියන දේවල් රහසේ record කරන්නත් මේකට හැකියාව තියනවා, ඒ වගේම තමන් ඉන්න තැන වගේම ගියපු තැන් ගැනත් විස්තර මේ tool එකට ලබාගන්න පුලුවන් කියලයි වාර්තා වෙන්නේ. Pegasus සංවර්ධනය කරන්නෙ NSO කියන ඊශ්‍රායලයේ පෞද්ගලික සමාගමක් මගින්, ඒ සමාගම ලෝකය පුරා තියන රජයන්ට මේක එයාලගෙ අවශ්‍යතාවය අනුව අලෙවි කරනවා. මේකට ලෝකය පුරා තින Android සහ iOS devices බිලියන ගණනකට වුනත් ඇතුලු වෙන්න හැකියාව තියනවා. මේ Pegasus spyware එක මුලින්ම හොයාගත්තෙ 2016දි පර්‍යේෂකයින් පිරිසක් විසින්, ඒ දුරකථනවලට පැමිණෙන text messages සහ email හරහා ලැබෙන phishing links වලින් Pegasus ආසාදනය වෙන බව සොයා ගැනීමෙන්. මේ කාලය ඇතුලත Pegasus වල හැකියාව ඉතාමත් වැඩි වෙලා තියනවා. වාර්තා වෙන විදිහට මේ වෙද්දි spyware එකට “zero-click” attack පවා සිදු කරන්න හැකියාව තියෙනවා, ඒ කියන්නෙ user ගෙ කිසිම ක්‍රියාකාරකමක් නොමැතිව සාර්ථකව දුරකථන වලට ආසාදනය වෙන්න Pegasus වලට හැකියාව තියනව කියන එකයි. නිශ්පාදකයා දන්නෙ නැති “zero-day” vulnerabilities වලිනුත් ප්‍රයෝජනය අරන් දුරකතන වලට ආසාදනය වෙන්න Pegasus වලට පුලුවන්. 2019 වර්ශයෙ WhatsApp ආයතනය එලිකරා NSO ආයතනයේ software මගින් දුරකථන 1400කට අධික ප්‍රමාණයකට zero-day vulnerability එකක් පාවිච්චි කරල malware පැතිරූ බව. ඒක සිදු කරේ නිකන්ම WhatsApp call එකක් target device එකට ලබාදීමෙන්, ඒ call එක answer කරේ නැතත් Pegasus code එක දුරකථනයේ ස්ථාපනය වෙනවා. මෑතකදි NSO ආයතනය Apple iMessage වල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවගෙන් මිලියන ගණනක් වූ iPhone වලට backdoor access ලබාගන්න හැකියාව හඳුනාගත්තා. Apple සමාගමනම් කියන්නෙ මේ වගේ දුර්වලතා ඉතා ඉක්මනින් ලබාදෙන security updates මගින් ඉවත් කරන බවයි. පසුගිය දවසක NSO සමාගමට විශාල චෝදනාවක් එල්ල වුනා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක් ඉලක්ක කරගෙන Pegasus ඔවුන්ගෙ දුරකථන වල ස්ථාපනය කිරීම ගැන. මේක විශේෂ සිදුවීමක් වෙන්නෙ සාමාන්‍යයෙන් මේ විදිහට Pegasus මගින් ඉලක්ක කෙරෙන්නෙ ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් වීම නිසයි.