cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Ven.Kirulapana Dhammawijaya Thero

إظهار المزيد
مشاركات الإعلانات
756
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

දැන් ඔබට ධර්ම පුස්තකාලයක් බඳු සුජාත පුත්‍ර වෙබ් අඩවිය සඳහා Vote කළ හැකි ය. https://vote.bestweb.lk යොමුවට ගොස් පහත PDF එකේ පෙන්වා ඇති උපදෙස් අනුව කටයුතු කර ඔබේ Vote එක පල කරන්න.. එක් අයෙකුට මනාප දෙකක් පල කළ හැකි ය. තෙරුවන් සරණයි..
إظهار الكل...

Best Web Vote.pdf9.42 KB
සුජාත පුත්‍ර වස්සාන පින්කම් මාලාව 2024 01. වස්සාන සමයේ උපස්ථාන සිදු කිරීම.. ස්වාමින් වහන්සේලාට වස් වැසීමට ආරාධනා කිරීම එන ඇසල පොහොය දින සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එදිනට වස් කාල සීමාව සඳහා ස්වාමින් වහන්සේලාට වස් කාලයට අවශ්‍ය සිවුපසයට අදාල ප්‍රත්‍යයන් සහ වස්සාන සළු මෙන් ම වෙනත් වස්සාන සමයේ ධර්ම දානමය කටයුතු වලට අවශ්‍ය කැමරා වැනි විද්‍යුත් උපකරණ ආදී අත්‍යාවශ්‍ය ගරු පුජා ද්‍රව්‍යය පූජා කරමින් ආරාධනා කිරීම භාරකාර මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු වේ. ඒ ප්‍රත්‍යයන් මිල දී ගැනීම සඳහා ඔබට දායක විය හැකි අතර දායක වන සියලු දෙනා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සිදු කරන මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකයන් බවට පත් වේ. මෙවර වස්සාන සමය ද අපගේ ලොකු ස්වාමින් වහන්සේ ගේ මූලිකත්වයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ගත කිරීමට අප සූදානම්ව සිටින අතර‍, වස්සාන සමය පුරා සිදු කරන නව සමථ භාවනා වැඩසටහන්‍, ධර්ම සාකච්ඡා වැනි වැඩසටහන් රාශියක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් ඇත. මේ සියලු කටයුතු සඳහා වස්සාන ආරාධනාවට දායක වෙමින් මෙවර සුජාත පුතුන් ගේ කඨින පින්කමට දායක වීමට ඔබට දැන් අවස්ථාව ඇති අතර‍, ඔබ ගේ ශක්ති ප්‍ර⁣මාණයෙන් පින්කමට වන සම්බන්ධ වීම අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු. මේ සදහා සැදැහැති ශාසන මාමක ඔබේ දායකත්ව මුදල‍, Ven.Kirulapana Dhammawijaya Thero 8006622646 Commercial Bank Thambuththegama යන ගිණුම වෙත යොමු කළ හැකි අතර‍, එසේ මුදල් යොමු කොට මුදල් යොමු කල රිසිට් පත යොමු කළ කාරණාව ද සඳහන් කොට 070 342 10 82 යන දුරකථන අංකය වෙත Whatsapp කිරීමට කාරුණික වන්න.. මීට අමතරව අප විසින් වස්සාන සමයේ සාංඝිකව පූජා කරන දාන කිහිපයකට ඔබට අවස්ථාව දීමට කටයුතු සූදානම් කරන අතර‍, ඒ ගැන ඉදිරියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන්නෙමු. මෙයට‍, සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය..
إظهار الكل...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
‼️ විශේෂ දැනුවත් කිරීමයි.. ජූනි මස 30 වෙනි දින පැවැත් වීමට නියමිතව තිබූ මාසික භාවනා වැඩසටහන මෙම මාසයේ නො පැවැත්වෙන බව දැනුවත් කරමු.. තෙරුවන් සරණයි..
إظهار الكل...
2024 වර්ෂයේ පැවති උපසම්පදා පුණ්‍ය කර්මයේ පුණ්‍යානුමෝදනාව.. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැමදෙනෙක්ටම.. 2024 වර්ෂයේ පැවති පොඩි ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා පින්කම හරිම ලස්සනට අපිට සිද්ධ කරන්න පුලුවන් කම ලැබුණා.. ඒ අපේ සුජාත පුත්‍ර ශ්‍රාවක පින්වතුන්ගේ උපකාර ඇතිව.. ඉතින් ඔබට බොහොම පින්.. අලුතින් උපසම්පදා වෙච්ච සුජාත පුතුන් වහන්සේලා හය නමක් වෙත ඔබ පරිත්‍යාග කරපු මුදල් වලින් පරිෂ්කාර පූජා කරන්නට යෙදුණා.. ස්වාමීන් වහන්සේලාට අඩුවක්ව පවතින ඕනෑ ම දෙයක් ගන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය ස්වාමීන් වහන්සේලා වෙත කැප ආකාරයට ලැබෙන්නට සැලස්සුවා.. උපසම්පදාව තිබ්බේ මාතර නිසා, තඹුත්තේගම ඉඳන් අරිසිමලයටත් (ත්‍රිකුණාමලයට), එතැන් පටන් මාතටත් ස්වාමීන් වහන්සේලා ගමන් ගත් නිසා, ඒ අතර මගට අවශ්‍ය සියලු වියදම් ඔබේ දායකත්ව වලින් පියවන්නට අපට හැකි වුණා.. එපමණක් නෙවෙයි, ලොකු ස්වාමීන් වහන්සේ ව වන්දනා කොට බලන්නට යෑමට ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත්, නැවත උපසම්පදා කර්මය දැඩි කරමින් එන මස සිදු කරන දළ්හි කර්මයටත් අවශ්‍ය මුදල් ප්‍රමාණය එයින් වෙන් කරන්නට අපට පුලුවන් කම ලැබුණා.. මම නිතර පින් දෙන කෙනෙක් නෙවෙයි නමුත් කෘතගුණ හැඟීමක් ආවාම මේ ටික නොලියා ඉන්න පුලුවන් කමක් නැහැ.. ඉතින් ඔබට බොහෝ ම ස්තූතියි.. අපි පරපටිබද්ධ ජීවිතයක් ගෙවන ස්වාමීන් වහන්සේලා.. අපිට අපේ පැවිදි ජීවිතය පහසු කරගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නෙ ඔය පින්වතුන් අප වෙත කරුණා සිතින්, දාන සිතින් දක්වන අනුග්‍රහයන් නිසා.. ඒ නිසා මේ අප ගේ පැවිදි කිස සාර්ථක කරගන්නට ඔබ විසින් දක්වන සියලු අනුග්‍රහන් හේතුවෙන් අප ගේ පැවිදි කිස වගේ ම අපෙන් ඔබට විය යුතු ධර්ම යාගයත් නො පිරිහෙලා ඉටු කරන්නට අපට තවමත් හැකි වෙලා තියෙනවා.. දාන වළඳනකොට පින්තූර ගහලා බෙදා ගන්නට අවශ්‍ය තරම් අඩු නුවණකින් පින්කම් කරන දායකයන් අප අතර නැති නිසා, එයට ව්‍යායාම කරන්නේ නැහැ.. එ වෙනුවට ඔබට පුණ්‍යානුමෝදනා කරනවා.. ඔබ නමින් මියගිය සියළු ඥාතීන්ටත්, සුජීවත් වන ඔබ ගේ දූ දරු ස්වාමී භාර්යා ඇතුළු ප්‍රිය, අප්‍රිය, මැදිහත් සියලු ම ඥාතී වර්ගයාටත්, දායකත්වය ගත් ඔබ සැමටත්, මේ කණ්ඩායම් වල සිට මේ පින්කම අනුමෝදන් වූ ඔබ සැමටත්, ඔබ දායකත්වය ගත් ස්වාමීන් වහන්සේලා ගුණ පුරනවා සේ ම ගුණ පිළිවෙත් පුරාගන්නට ඔබට අවශ්‍ය පාරමී සම්පාදනය වේවා.. නිවන් මග වැඩේවා, නිවන් සම්පත් ලැබේවා.. නිවන් දකින තුරු කළණ මිතුරන් ගේ සුව පහසු ඇසුරක් පවතීවා.. සියලු දෙවියන් මෙපින් දැක සතුටුව දිව්‍ය තලයේම, බඹුන් බ්‍රහ්ම තලයේ ම සැනසී නිවන් මග උදා කරගනිත්වා.. ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධය ලැබේවා යි මෙති සිතින් පතන මම, ඔබේ කළ්‍යාණ මිත්‍ර, ස්වාමීන් වහන්සේ..
إظهار الكل...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
මෙවර පොසොන් පොහොය දින සීල සමාදාන වැඩසටහන.. පොහොය දින උදෑසන 06.20 සිට..
إظهار الكل...
2024 වර්ෂයේ සුජාත පුතුන් වහන්සේලාගේ උපසම්පදා පුණ්‍ය කර්මය මේ වර්ෂයේ දී අපගේ ⁣සුජාත පුත්‍ර භූමියේ වැඩ වසන සාමණේර ස්වාමින් වහන්සේලා 06 නමක් උපසම්පදා භූමියට පත් වේ. ඒ අති උතුම් උපසම්පදා පින්කම අද දිනයේ සිදු වන අතර උන්වහන්සේලා මෙවර තඹුත්තේගම සුජාත පුත්‍ර භූමියේ වස් වැසීම සිදු කරනු ඇත. මේ උතුම් පින්කම සඳහා වියදම් වන මූලික වියදම් සඳහා ද‍, උන්වහන්සේලාට අවශ්‍ය චීවරාදී පරිෂ්කාර පූජා කිරීමට ද‍, උසස් සීලයකින් සම්පූර්ණයෙන් යුක්තව සෙනසුනට වඩින පළමු දිනයේ ම උන්වහන්සේලා වෙනුවෙන් ඒ පිරිසිදු සීලය ආවර්ජනා කොට සාංඝික දානයක් පූජා කිරීමට ද අප සැලසුම් ⁣කර ඇති බැවින්‍ ඒ සඳහා ද දැන් ඔබට දායකත්ව ගෙන පුණ්‍ය කර්මයට දායක වීමට ගැනීමට අවකාශ ඇත. ඔබේ දායකත්ව මුදල‍, Ven.Kirulapana Dhammawijaya Thero 8006622646 Commercial Bank Thambuththegama යන ගිණුම වෙත යොමු කළ හැකි අතර‍, එසේ මුදල් යොමු කරන්නේනම්‍, 👉 ඒ ගමන් වියදම් සඳහා ද‍, 👉 පරිෂ්කාර සඳහා ද‍, 👉 දානය සඳහා ද 👉 සුදුසු පරිද්දෙන් යොදා ගැනීමට ද යන බව සටහන් කොට මුදල් යොමු කල රිසිට් පත 070 342 10 82 යන දුරකථන අංකය වෙත Whatsapp කිරීමට කාරුණික වන්න.. (දානය සහ පරිෂ්කාර පූජාව සෙනසුනේ වැඩ වසන සියලු ස්වාමින් වහන්සේලා උදෙසා බව කාරුණිකව සිහිපත් කර සිටිමි) මෙයට‍, සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය..
إظهار الكل...
Photo unavailableShow in Telegram
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.