cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

⚜️ උසස් පෙළ - ගණිතය ⚜️

▫️️ Combined Maths ▫️️ Physics ▫ Chemistry https://t.me/joinchat/z_TtvdfzRqUyNmZl

Більше
Шрі-ЛанкаМова не вказанаМедицина19 744
Рекламні дописи
196
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

🔴විශේෂ නිවේදනයයි ! අප පහත දක්වා ඇති දුරකථන අංකය මගින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට හැකියාව ඇති අතර චතුර ලෙස කතා කිරීමට හැකියාව ඇති අය පමණක් දුරකථන ඇමතුම් ලබාදී අපට සිදුව ඇති අසාධාරණය සහ මුහුණපා ඇති ගැටළුව පැහැදිලි කොට උසස් පෙළ විභාගයට සූදානම් වීමට සාධාරණ කාලයක් ඉල්ලා සිටින්න... Number - 0777486123 ඔබගේ පෞද්ගලික ප්‍රශ්න නොව සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පොදුවේ මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය වටහා දෙන්න... දැනට ළමුන් තිදෙනෙක් දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට කඩිනම් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ඔවුන්ට පවසා ඇත ! 🔺පෞද්ගලික ප්‍රශ්න,දුක කියන්න නෙමෙයි සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් කතා කරන්න
Показати все...
Фото недоступне
සමහර අවස්ථාවලදී එම ප්‍රතිකාර සමහර රෝගීන්ට ඵලදායී වූවායැයි සිතෙන ප්‍රතිඵල ලැබුණි. නමුත් රෝගයේ සමහරක් අවස්ථා ඉබේ සුවවෙන නිසා මේ සම්බන්ධව පැහැදිලි ප්‍රතිකාරයන් ග්ඩනැගීමට නොහැකිවිය. මෙම රසදිය රෝග චිකිත්සාව භාවිතය විසිවන(20) සියවසේ මුල්භාගය දක්වාම පැවතුණා.  ☢️ රසදිය සහ ෆෙල්ට් තොප්පි කර්මාන්තය ____. ෆෙල්ට් තොප්පි කර්මාන්තය 17වන සියවසේ මැද භාගයේදී ප්‍රංශයේදී ආරම්භවූ අතර 1830 දී එය එංගලන්තයට හඳුන්වාදුනි.ෆෙල්ට් තොප්පි සැකසීමේදි ෆෙල්ට් රෙද්ද සැකසුනේ තුර්කි ඔටුවන්ගේ ලෝමවලින්. මෙම ලෝමවල සිනිඳුබව වැඩිකිරීමට මුල්කාලයේ ඒවා ඔටුමුත්‍රා වලින් තෙත් කොට තබන ලදී. පසුව ප්‍රංශයේදී කම්කරුවන් මේ සඳහා තමන්ගේම මුත්‍රා භාවිතා කළා. එහිදී එක් සේවකයෙක්ගේ මුත්‍රාවලින් තෙත්කළ ලෝම වඩාත් සිනිදු සහ උසස් තත්වයෙන් යුතුවුණා. පසුව සොයාබැලීමේදී ඔහු සිෆිලිස් සඳහා රසදිය ප්‍රතිකාර ලබාගෙන තිබුණා. මේ අනුව රසදිය භාවිතයෙන් තන්තුවල ගුණාත්මක බව ඉහළනැංවිය හැකිබව සොයාගනු ලැබුවා. මින් පසුව මර්කියුරික් නයිට්‍රේට් ද්‍රාවණ භාවිතය ෆෙල්ට් කර්මාන්තයේ ප්‍රචලිත වූ අතර ඒ සමගම රසදිය විෂවීම් වාර්තාවීමත් ඉහළගියා. 1960 පමණ කාලයේදී පිරිමින්ගේ ෆෙල්ට් තොප්පි විලාසිතාව කරලියෙන් බැසයන තුරුම මෙම රසදිය භාවිතය සිදුවුණා. ප්‍රධාන මර්මස්ථානයක් වූ කනෙක්ටිකට්හි ඩැන්බරි කර්මාන්තශාලාව අධික ලෙසම රසදිය ද්‍රාවණ භාවිතා කළ අතර 'Danbury Shakes' නමින් රෝග මාලාවක්ද ව්‍යාප්ත වුණා.  සොබාදහමේ රසදිය ආකාර කිහිපයකින් සොයාගත හැක. ස්වාභාවික ක්‍රියාවලීන් නිසාවෙන් රසදිය එක් ආකාරයකින් තවත් ආකාරයකට පරිවර්තනය විය හැකියි. උදාහරණයක් ලෙස - ගල් අඟුරු දහන බලාගාරවලින් සහ අපද්‍රව්‍ය දහන යන්ත්‍රවලින් විමෝචනය වෙන මූලද්‍රව්‍යමය රසදිය අංශු විල්, ඇළදොළ මත තැන්පත් වීමෙන් පසු ක්ෂුද්‍රජීවීන් විසින් ඒවා අකාබනික රසදිය බවටත් පසුව කාබනික රසදිය ආකාරයන් බවටත් පරිවර්තනය වීමට හැක. මෙසේ සෑදෙන සමහර රසදිය සංයෝග වර්ග ප්‍රබල විෂවර්ගයන් වේ.  ☢️ මිනමාටා ඛේදවාචකය 1958දී ජපානයේ කියුෂු දූපතේ මිනමාටා බොක්ක අවට ප්‍රදේශයේදී සුවිශේෂී රෝගී තත්වයක් හඳුනාගත්ත. මෙම රෝගී තත්වයන් නිසා පුද්ගලයන් 68 දෙනෙකු මියගිය අතර තවත් 397 දෙනෙකු ස්නායු ආබාධවලට ගොදුරුවිය. මෙම රෝගී තත්වයන්ට ගොදුරු වූ අයගෙන් බහුතරය මිනමාටා බොක්ක ආශ්‍රිත ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් වල අයයි.  අවසානයේ අනාවරනය වූ පරිදි මිනමාටා බොක්ක ආශ්‍රිතව පවතින කර්මාන්තශාලා වලින් බැහැර කරන රසායනික අපද්‍රව්‍ය මුහුදු ජායට එකතු වෙනවා. මේ අපද්‍රව්‍ය තුල රසදිය සහ රසදිය සංයෝග ඇතුලත් වුණා. ජලයේ ජීවත් වන සහ මුහුදු පතුලේ පවතින අවශේෂ සං‍යෝගයන් මත වාසය කරන නිර්වායු බැක්ටීරියාවන් විසින් මෙසේ එක්වන අකාබනික රසදිය, මෙතිල් මර්කරි නම් විෂ සහිත කාබනික සං‍යෝගය බවට පත්කරනු ලබනවා. මෙම මෙතිල් මර්කරි ඉතා පහසුවෙන් ස්වාභාවික ආහාර මාර්ගයන් තුලට ජලය හරහා එකතුවුණා. මනුෂ්‍ය පරිභාජනයට ගන්නා මාළු සහ බෙල්ලන් තුලට මෙම රසදිය සං‍යෝග අධික වශයෙන් ආහාර හරහා එකතුවුණා. ආහාර දාමයන්ගේ ඉහලපුරුක් වෙත යනවිට ශරීරයට එකතුවන රසදිය ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගොස් තිබුණා.   මූලික වසයෙන් රසදිය බලපෑම් එල්ල කලේ මධ්‍යම ස්නායු පද්ධතියටයි. අංශභාගය, Tunnel vision, අන්ධබව ඇතුළු රෝගාබාධ මේ අනුව හටගන්නවා. මෙම රසදිය ලවණ සං‍යෝගයන් සඳහා බලපෑම් එල්ල කළ හැකි තරම් ඵලදායී සං‍යෝගයන් නොපැවතීම ඉතා අවාසනාවන්ත තත්වයක්. ගර්භාෂය තුල වැඩෙන කලලයන්ටත් මේ මෙතිල් මර්කරි මාරාන්තික ලෙස බලපානවා. කලලය විනාශ වීමට හෝ බිහිවන දරුවාට සුවකල නොහැකි මෂ්තිෂ්ක පිළිකාවන් සහ අංශභාග තත්වයන් වැළදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. එසේම මේ මෙතිල් මර්කරි DNA - ජාන විකෘතිතා ඇතිවීමට බලපාන බවද පරීක්ෂණාත්මකව ඔප්පු වී තිබෙනවා.  ජපානයේ ජනතාව දේශීය සහ එම ප්‍රදේශයෙන්ම අල්ලාගන්න මත්ස්‍යයන් ආහාරයට ගත් බැවින් මිනමාටා රසදිය ගැටලුව කෙටි ප්‍රදේශයකට පමණක් සීමා වුනා.එසේම කඩිනමින් මේ පිළිබදව එළිදරව් වුනා. ප්‍රදේශයේ ජනතාව ඉහල මට්ටම්වල රසදිය සාන්ද්‍රණයන්ගේ බලපෑමට මුහුණ දුන් නමුත් කලාපයෙන් ඔබ්බට මේවා පැතිරගොස් තිබුනේ නැහැ.ජපන් බලධාරීන් මේ පිලිබඳව කතාකිරීමට මැලිකමක් දැක්වුවත් ඒ පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වුනා.  1965දී ජපානයේ හොන්ෂු දූපතේ නිගාටා - Nigata ප්‍රදේශයෙන්ද මෙවැනිම රසදිය විෂවීම් සිද්ධි දාමයක් වාර්තා වූ අතර එහිදී 13 දෙනෙකු මියගොස් 330 දෙනෙකු ආබාධ වලට මුහුණ දී තිබුණා.   ජලයට එක්වන රසදිය නිසා විෂසහිත වී යැයි සැකකළ හැකි මසුන් අනුභව කරන ජනකොට්ඨාශයන් ලෝකයෙ බොහෝ තැන්වල ජීවත් වනවා. කැනඩාවේ නැගෙනහිර ක්විබෙක් ප්‍රදේශයේ වාසය කරන ක්‍රී සහ ඉනුයිට් වැනි ස්වදේශික ඇමරිකානු ආදිවාසීන් මීට කදිම නිදසුනක්. මෙම විෂවීම් වලට දැවැන්ත ජලවිදුලි බල ව්‍යාපෘති හේතුවන බව ඔබ දන්නවාද ?
Показати все...
එසේම අධ්‍යයන වලින් පෙනී යන අන්දමට මේන් සහ නිව් හැම්ප්ෂයර් ප්‍රදේශ වල මේ විසවීම් නිසාවෙන් ප්‍රජනන පද්ධතියේ සහ ප්‍රතිශක්තීකරන පද්ධතියේ ගැටලු බහුල ලෙස වාර්තා වී තිබෙනවා.  1972 - 72 කාලවකවානුවේ ඉරාකයේ විශාල වසංගතයක් ඇතිවූ අතර 6530 දෙනෙක් රෝහල් ගතකළ අතර 500කට ආසන්න සංඛ්‍යාවක් මියයන ලදී. මෙයට හේතුවූ රසදිය මාරයා පැමිනියේ කිසිවෙකුත් නොසිතූ අන්දමටයි. ඉරාකය මුහුණ දුන් සාගත තත්වයට සහන සැපයීමේ මානුෂීය චේතනාවෙන් ජාතීන් කිහිපයක්ම ඉරාකයට බීජමය තිරිඟු තොග කිහිපයක් නැව් මාර්ගයෙන් එවන ලදී. මෙම බීජ වගාකොට අස්වැන්න ලෙස ලබෙන ධාන්‍ය අනුභව කිරීම අනතුරු දායක නොවීය. ඒවායේ විස රසදිය අන්තර්ගත නොවේ. නමුත් ඉරාක පවුල් කුසගින්න නිසාවෙන් මේ විෂ තිරිඟු සෝදා පිටිවලට අඹරා පාන් සාදා අනුභව කළහ. මේ නිසාවෙන් ඇතිවූ රසදිය විෂවීම් වසංගත මාලාව 500 දෙනෙකුට මරුකැදවන ලදී.  වර්තමානයේදී ලොව බොහෝ රටවල් මෙතිල්මර්කරි අඩංගු දිලීර නාශක භාවිතය සහ නිපදවීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. නමුත් තවමත් පරිසරයේ පවතින රසදිය සං‍යෝග බැක්‍ටීරියා මගින් මෙතිලීකරණය වීම නිසා විෂ සහිත මෙට්ජිල් මර්කරි සොබාදහමේ පැවතීමට ඉඩ පවතිනවා.   කෙසේ වෙතත්, 1970 සහ 80 ගණන්වලදී, ඇමරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයේ පොල්ටනිහි Staco උෂ්ණත්වමාන කම්හලේ කම්කරුවන්ට පොදු සෞඛ්‍ය ගැටලු මාලාවක් - හිසරදය, ලේ ගැලීම හෝ උගුරේ අමාරුව, ආහාර ජීර්ණ පද්ධතියේ සංකූලතා සහ සංවේදන ගැටළු නිරීක්ෂණය වීමට පටන් ගත්තා. විමර්ශනය කිරීමේදී කම්කරුවන්ගේ නිවෙස්වල වාතයේ, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩවල සහ වඩාත් ඛේදජනක ලෙස බොහෝ සේවකයින්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ශරීරවල රසදිය අනාවරණය වුණා. රසදිය කර්මාන්තයේ නියුතු සේවකයින්ගේ දරුවන් පීඩාවට පත් වූ බව ඔප්පු වූ පළමු අවස්ථාව මෙයයි.  රසදිය මාරයා ගැන ලිපියේ අවසාන කතාව 1997 දී නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ හැනෝවර් නගරයෙන්. ඩාර්ට්මූත් - Dartmouth විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය කැරන් ඊ වෙටර්හාන් ගේ කතාව ලොවේම කතාබහට ලක්වූයේ වයස අවුරුදු 48 දී රසදිය විෂ වීමෙන් ඇගේ ජීවිතය නැති වූ විට ය. විෂ සහිත ලෝහ පිළිබඳ විශේෂඥවරියක් වූ වෙටර්හාන් ඇගේ රසායනාගාරයේදී අහම්බෙන් ඇගේ ආරක්ෂිත අත්වැසුම විනිවිද ගිය දුර්ලභ, අතිශයින් විෂ සහිත ඩයිමෙතිල්මර්කරි සංයෝගයේ බිංදු කිහිපයක් හේතුවෙන් ජීවිතයට සමුදුන්නා. අවර්ණ ද්‍රවයක් වන ඩයිමෙතිල්මර්කරි යනු විශේෂිත රසායනික විශ්ලේෂණයන් සඳහා භාවිතා කරන කෘතිම සංයෝගයක්. වෙටර්හාන් කැඩ්මියම්වල විෂ සහිත ගුණාංග විමර්ශනය කරමින් සිටි අතර, ඇගේ උපකරණ වල තවරුණු කැඩ්මියම් වල විෂසහිත බව පරීක්ෂා කිරීමට ඩයිමෙතිල්මර්කරි භාවිතා කළා. 1996 අගෝස්තු මාසයේදී මෙම සිදුවීම සිදු වූ අතර, ඇගේ රසදිය විෂ වීමේ රෝග ලක්ෂණ මාස හයක් පමණ යනතුරුම අනාවරණය වුනේ නැහැ. වෙටර්හාන් 1997 ජනවාරි මාසයේදී හදිසියේ රෝගාතුර වූ අතර රෝහල් ගත කල ඇය වේගයෙන් කෝමා තත්ත්වයට පත් වූ අතර එම වසරේ ජුනි මාසයේදී ඇය මෙළොව හැර ගියාය.  මේ ලිපිය අවසානයේදී රසදිය ලෝහයේ භයානක කම පිළිබඳව ඔබට නැවත නැවතත් පුන පුනා කීම අවශ්‍ය නොවන බව මා සිතනවා. මෑතකදී මාධ්‍ය හරහා පැතිරී ගිය ව්‍යාජ රසදිය විදුලි නිෂ්පාදන උපකරණය ඉතාමත් භයානක යෙදවුමක් බව කිවයුතුමයි. නියමිත ප්‍රමිතියකින් තොරව අපරික්ෂාකාරීව රසදිය භාවිතය අනතුරුදායක වෙනවා වගේම මේ රසදිය ස්වාභවික ජලප්‍රවාහයන්ට එකතුවුනොත් මෙතිල් මර්කරි නිර්මාණය වී මිනිසුන් සියගණනක් මියයාමට පවා ඉඩකඩ පවතිනවා. එනිසාවෙන් විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස පාඨක ඔබෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා. 🙂 සටහනේ සියලු ගෞරවය නුවන් සංජය කිරිල්ලවල (ප්‍රොමී)ට හිමිවිය යුතු අතර උපුටා පලකිරීමකි.ස්තූතියි..! #Fantasia #mythologyworld #mwf කවරය : Dilshan Weerasena
Показати все...
රසදිය - මිත්‍යාව,ඉතිහසය,විද්‍යාත්මක පසුබිම සහ ඛේදවාචක July 7, 2022 මර්කරි එහෙම නැත්නම් රසදිය ගැන කතාබහක් කරලියට ඇවිත් තියෙන නිසා රසදිය සම්බන්ධ මිත්‍යාවන්, ඉතිහාසය, විද්‍යාත්මක පසුබිම වගේම රසදිය නිසා සිදුවුණු ඛේදවාචක කිහිපයක් ගැනත් මේ ලිපියෙන් කතාකරන්න අදහස් කරනවා. කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින රිදී පැහැති මේ අපූරු ලෝහය ගැන පුරාණ ග්‍රීක, රෝම, චීන සහ හින්දු වැසියන් දැනගෙන හිටියා. මේ සෑම ශිෂ්ටාචාරයකටම රසදිය සම්බන්ධ වුණු තම තමන්ගේ ජනප්‍රවාදයන් පැවතුණා. ඒවගේම ඖෂධයේ සිට ඉන්ද්‍රජාලික වස්තූන් (Thalisman) දක්වාම ඔවුන් රසදිය භාවිතා කළා.  රසදිය - ම'කරි වල රසායනික සංකේතය වන 'Hg', 'ද්‍රව රිදී - Liquid Silver' අදහස ඇති ග්‍රීක වචනයක් වන Hydrargyrum යන්නෙන් නිර්මාණය වූවක්. එසේම රසදිය එහි සචලතාව සහ ගලායන වේගය නිසා Quicksilver ලෙසත් හඳුන්වනු ලබනවා.  වේගය යන ගුණාංගය රෝමානු දෙවියන්ගේ පණිවිඩකරු වූ මර්කරි සතුවූ ලක්ෂණයක්. ඒ නිසාම රසදියට - මර්කරි - Mercury නම ලැබී තිබෙනවා. මර්කරි දෙවියා ග්‍රීක විශ්වාසයන්වල එන හර්මීස්ගේ රෝමානු ස්වරූපයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් නම් කිරීමට රෝමානු දෙවිවරුන්ගේ නම් භාවිතා කිරීමේදී සූර්‍යයාට ලඟින්ම සිටින වේගවත්ම බුධ ග්‍රහයා හැදින්වීමටත් මර්කරි - Mercury නම යොදාගත්තා. නවීන නාමකරණය සහ මූලද්‍රව්‍ය අංකනය හඳුන්වාදීමට පෙර ආදි රසායන විද්‍යාවේදී ඇල්කෙමිස්ට්වරුන් විසින් රසදිය නිරූපණය කිරීමට බුධ ග්‍රහයාගේ සංකේතය (☿) භාවිතා කරනු ලැබුවා.  ආදි මිනිසාගේ මනස තුල රසදිය නම් මේ අද්භූත ලෝහය බලය පිළිබදව සංකල්පයන් නිර්මාණය කළත් ඔවුන් රසදිය විෂසහිත බව දැනසිටියා. පතල් කැණීම් වලදි හමුවූ රසදිය මිනිසාගේ නොයෙකුත් රෝගවලට -වෙව්ලීමේ සිට දරුණු මානසික සංකූලතා දක්වා- හේතුකාරක විය හැකිබවට පැරැන්නන් අවබෝධ කරගත්තා.  රසදිය ස්වභාවයේ වැඩිවශයෙන්ම හමුවන්නේ සිනබාර් වශයෙනුයි. සිනබාර් යනු රසදිය මිශ්‍ර ලෝපස්. සිනබාර් නිධි ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ බහුලවම දක්නට ලැබෙනවා. රසදිය සහ සල්ෆර් අඩංගු මේ රතු පැහැති සිනබාර් ඛනිජය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම වර්ණකයක් ලෙස භාවිතා කොට තිබෙනවා. ක්‍රි.පූ. 500 දී භාවිතා වූ සිනබාර් පිළිබඳව සාක්ෂි ග්වාතමාලාවේ මායා නට්ඹුන් වලින් හමුවී තිබෙනවා. එසේම සිනබාර් වලින් පින්තාරු කළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් හිස්කබල් ඉතාලියෙන් සොයාගෙන තිබෙනවා.  රෝම ශිෂ්ටාචාරය රසදිය භාවිතයට තරමක් ප්‍රකට වූවක්. රෝමන්වරු අපරාධකරුවන්ට, වහලුන්ට සහ සිරකරුවන්ට දඬුවම් ලබාදෙන ස්ථාන ලෙස රසදිය පතල් භාවිතා කොට තිබෙනවා. මුරකරුවන් පමණක් ආරක්ෂිත ක්‍රියාමර්ග ගෙන සිටි අතර සිරකරුවන්ට විෂ රසදිය ශරීරගතවීමේ වැඩි සම්භාවිතාවක් පැවතියා. එසේ විෂවන රසදිය ප්‍රබල සහ මාරාන්තික ස්නායුමය විෂවර්ගයක් වූ අතර වෙව්ලීම, අධික සහ ක්ෂණික මනෝභාවයේ වෙනස්වීම්, ශ්‍රවණාබාධ, දෘෂ්‍යාබාධ ආදිය බහුලව ඇතිවුණා. එසේම ඇතැම් විෂවීම් අක්මාවට සහ වකුගඩුවලටද හානි සිදුකළා. මේ නිසාවෙන් සිරකරුවන්ගේ මෙන්ම පතල් කම්කරුවන්ගේද ආයුකාලය ඛේදජනක ලෙස කෙටිවූ අතරම නිතරම රෝග වලින් ඔවුන් පෙළුණා.  ☢️ රසදියෙන් රත්‍රන් ලබාගැනීම ____ . තුන්වැනි සියවස අගභාගයේදී රෝම අධිරාජ්‍යයා වූ ඩයොක්ලෙටියන් ඇල්කෙමි කලාව සම්බන්ධව වූ සියලුම ලිඛිත තීන් විනාශ කරන ලෙස ආඥාවක් නිකුත් කර සිටියා. මෙයට හේතුව වූයේ කෘත්‍රිමව රත්‍රන් නිර්මාණය කිරීමට සමත් වුවහොත් එම රත්‍රන් රෝම මුදල් ඒකකයේ අගය පහල හෙලනු ඇති බවට සහ ඇල්කෙමිස්ට්වරුන්ට නිලධාරීන්ට අල්ලස් දී අධිරාජ්‍යයා පහකොට බලය ලබාගැනීමට අවශ්‍යතරම් ධනස්කන්ධයක් රැස්කර ගැනීමට ඉඩ ඇතැයි ඩයොක්ලෙටියන් බිය වීමයි. ඇල්කෙමිය සහ වෛද්‍ය විද්‍යාව අතර සම්බන්ධ රේඛාව සැමවිටම පැහැදිලි වුණේ නැහැ. දෙවෙනි සියවසේ චීනයේ, ඇල්කෙමිය - රසදිය පිළිබඳව අධ්‍යනය කේන්ද්‍රගත වුණේ දීර්ඝායුෂ හෝ අමරණීයබව ලබාදෙන ජීව අමෘතයක් සෙවීම මතයි.  හතරවන සියවසේ චීනයේ ජීවත් වූ Ko Hung නම් ඇල්කෙමිස්ට්වරයා විශ්වාස කළේ 'මිනිසා යනු ඔහු අනුභව කරන දේය' යන්නයි. සරලවම කනදෙයින් තමා මනුස්සයව හැදෙන්නෙ. එසේනම් රන් අනුභව කිරීමෙන් පරිපූර්ණත්වය ලබාගත හැකිබවයි. නමුත් ඔහුට අනුව දුප්පත් වැසියන්ට පරිපූර්ණත්වයට පත්වීමට රන් නොමැති නිසා ආදේශකයක් අවශ්‍ය විය. ඒ සඳහා සිනබාර් භාවිතයෙන් රසදියෙන් රත්‍රන් සෑදීමට අවධානය යොමුවුණා. එසේම ඔහුට අනුව රසදිය පාදවල ආලේපකිරීමෙන් පුද්ගලයෙක්ට ජලය මත ඇවිදීමටත් සොරුන්ගෙන් බේරීමට රසදිය දොරේ රඳවා තැබීමටත් වැඩිහිටි පිරිමින්ට ඔවුන්ට දාව පිරිමි දරුවන් ලැබීමට උදව්වන රාස්බෙරි යුෂ සමඟ මිශ්‍රකල රසදිය ඖෂධයක් තැනීමටත් රසදිය භාවිතා කළ හැකියයි මතයක් පැවතියා.  ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර ලිංගිකව සම්ප්‍රේෂණය වූ රෝග සියල්ලක්ම පාහේ මාරාන්තික විය. සමහර විද්වතුන් විශ්වාස කරන අන්දමට දහසයවන(16) වන සියවසේ මුල්භාගයේ ඇතිවූ බරපතලම වෛද්‍ය ගැටලුව සිෆිලිස් බවයි. ප්‍රතිකාරයක් සොයාකළ විවිධ පරීක්ෂණ වලදී රසදිය ප්‍රධානවම භාවිතා විය.
Показати все...
5_6287321973718517364.pdf6.44 KB
Фото недоступне
*2024 Theory - Applied* නව පන්ති ආරම්භය ජුනි 06 සඳුදා ප.ව. 1.30 ට _සිප්යානා - මාතර_
Показати все...
5_6118187570351310182.mp410.71 MB
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
*සංයුක්ත ගණිතය* බල 3 ක සමතුලිතතාව.(සුමට දෘඪ වස්තු වල සමතුලිතතාව) 👇
Показати все...